Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකය පාලනය කරන illuminati

අප ජීවත් වන ලෝකය බොහෝ රහස්වලින් පිරුණු තැනක්. ලෝකයේ රහස් ගැන කතාබහ කරද්දි අපට නිරන්තරයෙන් ම හමුවන මාතෘකාවක් තමයි ඉලුමිනාටි සංවිධානය කියන්නෙ. ලෝකයේ අතිශය ප්‍රබල සහ බලවත් ම පුද්ගලයින් රැසක් මේ සංගමයේ සාමාජිකත්වය දරන බව තමයි බොහෝ දෙනෙකුගේ මතය. One Earth Government කියන සංකල්පය මුල් කරගෙන තමයි මේ සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ. සංවිධානයේ ආරම්භය සිදු වූ බවට සැලකෙන්නේ 1776 වසරේ දී යි. “The Order of Illuminati” යන නමින් ජර්මන් ජාතික මහාචාර්යවරයෙකු වූ ඇඩම් වෙයිශ්හෆ්ට් (Adam Weishaupt) මහතා විසින් මේ රහසිගත සංවිධානය ආරම්භ කළ බවට යි පිළිගැනෙන්නේ. ඔහු ඉතා ම විප්ලවවාදී අදහස් ඇති අයෙකු ලෙස හැඳින්වෙන්නේ. ඔහු එම සංවිධානය ආරම්භ කළේ රෝමානු කතෝලික අදහස් අභියෝගයට ලක් කරමින් මිනිසුන්ට සැබෑ ම සත්‍ය කුමක්ද යන්න වටහා දීමට යි. දේව වාදය ප්‍රතික්ෂේප කරමින් විද්‍යාත්මක මතය සමාජගත කිරීම එකල එහි ප්‍රධානතම අරමුණ වුණා. මුලින් සාමාජිකයින් ඉතා ම කුඩා ප්‍රමාණයකින් ආරම්භ වූ මෙම සංවිධානය, ක්‍රමාණුකූල ව තම සාමාජිකයින් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට සමත් වෙනවා. සාමාජිකයින් සංඛ්‍යාව වර්ධනය වීමත් සමග ම, විවිධ මතධාරීන් ද  සංවිධානය තුළ සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් සංවිධානය ඇතුළත විවිධ අභ්‍යන්තර ගැටුම් ඇති වීමට හේතු වුණා. 1784 වන විට ඉලුමිනාටි සංවිධානය තුළ සාමාජිකයින් 2500කට අධික සංඛ්‍යාවක් සිටි බවට විශ්වාස කෙරෙනවා.

1785 දී පල්ලියේ බලපෑම් හේතුවෙන් මෙම සංවිධානය තහනම් වූවත්, අද ඉලුමිනාටි සංවිධානය රහසින් ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් පවතිනවා. අද වන විට ඉලුමිනාටි හි අරමුණ වී ඇත්තේ නව ලෝක ආඥාව නැති නම්, ‘‘The New World Order” ක්‍රියාත්මක කිරීම බව සංවිධානයේ පැවැත්ම විශ්වාස කරනවුන්ගේ මතය යි. The New World Order යනු ලෝකය පාලනය කිරීම යි. එනම්, එක ආණ්ඩුවක් යටතේ ලෝකයේ සෑම රටක් ම, තමන්ගේ පාලනයට යටත් කර ගැනීම යි. ඇතැමුන්ගේ පිළිගැනීමට අනුව, ප්‍රංශ විප්ලවය පවා ඇති වන්නේ මේ සංවිධානයෙහි මූලිකත්වයෙන් බව යි පැවසෙන්නේ. 1785න් පසු සංවිධානයේ පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව ක්‍රමවත් තොරතුරු නොවුණ ද, එහි පැවැත්ම පිළිගන්නා බොහෝ දෙනෙකු විශ්වාස කරන ප්‍රබල මතයන් කිහිපයක් ම තිබෙනවා.

ලෝකයේ බලවත් ම රටක් වන ඇමරිකාවේ ජනාධිපතිවරු පවා පත් වන්නේ   ඉලුමිනාටි සංවිධානයේ කැමැත්තට අනුව බව සමහරු විශ්වාස කරනවා. සංවිධානයේ එක් ප්‍රධාන සංකේතයක් වන ‘ඇසෙන්’ අදහස් කරන්නේ “all seeing eye” හෙවත් සියල්ල දකින ඇස යි. මේ සලකුණට සමාන සලකුණක් ඇමරිකානු මුදල් නෝට්ටුවල දැකගන්න හැකි වීම නිසා, ඇමරිකාව තුළ ඉලුමිනාටි සංවිධානය තවමත් ක්‍රියාත්මක බවට ප්‍රබල මතයක් පවතිනවා. සිරියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල්වල ප්‍රධාන බැංකු මේ සංවිධානය යටතේ පාලනය වන අතර ඔවුන්ගේ අරමුණ තුන්වන ලෝක යුද්ධය ආරම්භය බවත්, එහි පළමු පියවර ලෙස අැමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත් කිරීම බවටත් මතයක් මේ ඉලුමිනාටි සංවිධානය විස්වාස කරන්නන් අතර පවතිනවා.

ඩොලරයේ නොට්ටුවේ ඉලුමිනාටි සලකුණු- imgur.com

තවත් පිරිසකගේ විශ්වාසයට අනුව, මෙම සංගමයට සම්බන්ධ සියලු ලෝක නායකයින් සහ ජනප්‍රිය චරිත වෙස්මාරු කර ගෙන සාමාන්‍ය මිනිසුන් ලෙස පෙනී සිටින උරගයින් කොටසක් වන අතර, ඔවුන් මිනිසුන්ගෙන් පෝෂණය වන බවත් පිළිගැනෙනවා. මෙම උරගයින්ගේ අරමුණු බවට ඔවුන් පිළිගන්නේ, සියලු ජනප්‍රිය චරිත සහ ජන නායකයින් ලෙස තමන්ගේ උරගයින් වෙස් ගන්වා මනුෂ්‍යයන්ගේ පාලනය ඔවුන්ගේ යටතට ගැනීම බව යි. මෙම මානවරූපී උරග වර්ගය මිනිස් ලේ රැගෙන බිලි පූජා පවත්වන බව ඇතැමුන්ගේ මතය යි. නමුත් මෙම මතය නම් ඉලුමිනාටි සංවිධානයේ පැවැත්ම විශ්වාස කරන බහුතරයක් අවඥාවෙන් බැහැර  කරන මතයක්.

මිනිසුන් ලෙස පෙනී සිටින උරගයින්- laweekly.com

තවත් සමහරකගේ පිළිගැනීමට අනුව මෙම ඉලුමිනාටි සංවිධානය හෙවත් යක්ෂයාගේ අනුප්‍රාප්තිකයන් හා භක්තිකයින්ගෙන් සැදුම් ලද්දක්. ඔවුන්ට අනුව  ඉලුමිනාටි සංවිධානයේ අරමුණ වී ඇත්තේ ලෝකයේ සියලු දෙනා ම සාතන්ගේ අනුගාමිකයින් බවට හැරවීම යි. නමුත් සමහරකගේ පිළිගැනීමට අනුව, මෙම යක්ෂ ප්‍රතිරූපය ඉලුමිනාටි සංවිධානයට ලැබී ඇත්තේ එකල පල්ලියට සහ පල්ලියේ අන්තගාමී මතවාදයන්ට විරුද්ධ ව කටයුතු කිරීම නිසාවෙනුයි. කෙසේ වෙතත්,   ඉලුමිනාටි සංවිධානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව පවතින ප්‍රබල ම මතය වන්නේ, ඔවුන් ජනප්‍රිය/ සුප්‍රකට චරිත ඔවුන්ගේ යටතට නතු කර ගැනීම සඳහා Human Cloning තාක්ෂණය භාවිතා කිරීම යි. මේ හරහා ඔවුන් ජනප්‍රිය තරු, ගායකයින් ඝාතනය කරමින් ඒ වෙනුවට ඔවුන්ගේ ක්ලෝන ප්‍රතිස්ථාපනය කරන බව යි කියැවෙන්නේ. මේ මතය පිළිබඳ ව බොහෝ දෙනෙක්, බොහෝ මතිමතාන්තර පළ කර ඇති අතර, මෙලෙස ක්ලෝන වී ඇති බවට චෝදනා එල්ල වන ජනප්‍රිය තරු අතර Lady gaga, Rihanna, Madonna, Katy Perry Beyonce, හා Eminemගේ නම් දැක ගන්න පුළුවන්. තවත් සමහර මතයන්ට අනුව මෙලෙස ඝාතනයට සහ ප්‍රතිස්ථාපනයට පත් වෙන්නේ ඉලුමිනාටි සංවිධානයට විරුද්ධ ව කටයුතු කරන ප්‍රසිද්ධ තරු පමණයි.

ඉලුමිනාටි සංවිධානය හෙවත් යක්ෂයාගේ අනුප්‍රාප්තිකයන්- indiatimes.com

ක්ලෝනිකරණය සිදු ව ඇති බවට පිළිගැනෙන ප්‍රධාන තරුවක් ලෙස එමිනෙම්ගේ නම බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධියක් උසුලනවා. Marshall Bruce Mathers III හෙවත් EMINEM 2005 දී සුළු අනතුරකට ලක්විමත් සමග රෝහල් ගත කෙරෙනවා. ඉන්පසු ව එමිනෙම් වෙනුවට මිනිස් ක්ලෝනයක් ප්‍රතිස්ථාපනය කර ඇති බව තමයි ඇතැමුන්ගේ විශ්වාසය. නමුත් විද්‍යාඥයින්ට අනුව ක්ලෝනීකරණය සිදුකිරීම කළ හැකි වුණත්, සියයට සියයක් වැඩුණු මිනිසෙකු ලෙස ක්ලෝන නිපදවීමට  හැකියාවක් නැහැ. නමුත් ඉලුමිනාටි විශ්වාස කරන්නන් පවසන්නේ, ලෝකයේ මෙතෙක් සොයා ගෙන ඇති තාක්ෂණයට වඩා වැඩි තාක්ෂණයක් ඉලුමිනාටි සංවිධානය සතු බව යි.

ක්ලෝනිකරණය වී ඇති හෝ එසේ නොමැති නම්, ඉලුමිනාටි සංවිධානයේ සාමාජිකත්වය දරන තරු, ඉලුමිනාටි සංවිධානයේ ප්‍රධාන සලකුණු ලෙස හඳුන්වන  ත්‍රිකෝණය සහ ඇස විවිධ අවස්ථාවන් හි ප්‍රදර්ශනය කිරීම මෙම මතය ප්‍රචලිත කිරිමට හේතු වී තිබෙනවා.

ක්ලෝනිකරණය වී ඇති බවට සැලකෙන එමිනෙම්- gizmodo.com

ඉලුමිනාටි සංවිධානයේ වර්තමාන පැවැත්ම තහවුරු කිරීමට තරම් ප්‍රබල සාක්ෂ්‍යයක් තවමත් ලැබී නොතිබුණත්, එය හුදෙක් මිත්‍යාවක් ලෙස හෝ නොපවතින්නක් ලෙස ඉතා ම ලේසියෙන් බැහැර කිරීමට නම් අපහසු යි.

Related Articles