Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනපති රනිල් පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ මොනවා ද?

‘’රටක ජනාධිපතිවරයා ජනතාවට ඉහළින් වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැහැ. ජනපති පුරවැසියන් ගෙන් ම කෙනකු වන අතර ඔහු වෙනම ගරු සම්මානවලින් පූජනීයත්වයට පත් කළ යුතු නැහැ.’’ යි නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

තමා පාර්ලිමේන්තුව අමතන්නේ සෑම ශ්‍රී ලාංකිකයකුගේ ම ජනාධිපතිවරයා ලෙස බව ද ඔහු පවසා සිටියේ ය. ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ පැවසීය. මේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රනාශයේ සාරාංශය යි.

සර්ව පාක්ෂික ආණ්ඩුව:

Design credit: Roar Media/Jamie Alphonsus

‘’සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්වන ලෙස මා යළිත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පවත්වන සාකච්ඡා මා දැනටමත් ආරම්භ කර තියෙනවා.’’

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය:

‘’මේ වන විට විදුලිය කප්පාදුව අවම කර ගැනීමට අපට හැකි වී තියෙනවා. වගා කටයුතු සඳහා ඉදිරියේදී අවශ්‍ය වන පොහොර ගෙන්වා ගැනීමේ වැඩ කටයුතු දැන් සිදු කෙරෙමින් පවතිනවා. ගෑස් හිඟය සම්පුර්ණයෙන්ම පාහේ නිම වෙමින් පවතිනවා. පෝලිම්වල රස්තියාදු නොවී සාමාන්‍ය පරිදි ගෑස් ලබා ගැනීමට තව ටික දිනකින් හැමෝට ම පුළුවන් වෙනවා. ආහාර හිඟයක් ඇති නොවීම සඳහා ආරක්ෂිත පියවර ගෙන තියෙනවා. රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම ආරම්භ කර තියෙනවා.’’

Design credit: Roar Media/Jamie Alphonsus

 

ඉන්දියාව:

‘’යළි නැඟී සිටිමේ උත්සාහයේ දී අපේ අසල්වැසි ඉන්දියාව ලබා දුන් සහාය පිළිබඳ ව මා විශේෂයෙන් සඳහන් කරන්නට කැමැතියි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රධාන ඉන්දීය රජය අපට ලබා දුන්නේ ජිවන හුස්මක්.’’

Design credit: Roar Media/Jamie Alphonsus

 

ඉන්ධන හිඟය :

‘’අප ඉදිරියේ අද ඇති කෙටි කාලීන ප්‍රධාන ගැටලුව වෙන්නේ ඉන්ධන හිඟය යි. ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය අපි අවසන් කළ යුතුයි.

ඒ නිසා අපේ රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් අප ආරම්භ කරනවා. ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරා ගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්නත් සිදුවෙනවා.’’

Design credit: Roar Media/Jamie Alphonsus

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල:

‘’යළි නැඟී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. මේ මාසයේ සිට අප ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා. මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.’’

ණය ප්‍රතිව්‍යූහගත කිරීම:

‘’ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ප්‍රතිව්‍යූහගත කරලීමේ සැලසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැලැස්ම නොබෝ දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා.’’

Design credit: Roar Media/Jamie Alphonsus

 

සංචාරක ව්‍යාපාරය:

‘’මෙරටට සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.’’

ආර්ථික ප්‍රතිපත්තිය:

‘’ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් සහ ව්‍යවසායකයන් දිරිමත් කරමින් නිර්මාණය කරන සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම සකස් කරනවා.’’

Design credit: Roar Media/Jamie Alphonsus

 

රාජ්‍ය ණය:

“දැනට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140 ක්. 2032 වසර වන විට මෙය 100% ට වඩා අඩු මට්ටමකට ගෙන ඒම අපගේ සැලසුමයි.”

අරගලය:

‘’මා ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ. නමුත් අහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම මා පිළිගන්නවා.’’

Design credit: Roar Media/Jamie Alphonsus

 

විධායක ජනාධිපති ධූරය:

‘’රටක ජනාධිපතිවරයා ජනතාවට ඉහළින් වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැහැ. ජනපති පුරවැසියන් ගෙන් ම කෙනකු වන අතර ඔහු වෙනම ගරු සම්මානවලින් පූජනීයත්වයට පත් කළ යුතු නැහැ.’’

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය:

‘’දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 වන සංශෝධනයේ තිබු සියලුම සාධනීය අංග ද අන්තර්ගත කොට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය සියලු දේ 22 වැනි සංශෝධනය මගින් ඉෂ්ඨ කර ගන්න බැරි වේවි. එය අපේ ප්‍රතිසංස්කරණ මාලාවේ මුලික පදනමක්. ‘’

Design credit: Roar Media/Jamie Alphonsus

 

මහ ජනසභාව:

‘’සිදු කළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේදැයි තීරණය කිරීම උදෙසා මහ ජනසභාවක් ස්ථාපිත කිරීමට මා පියවර ගන්නවා. දේශපාලන පක්ෂ විවිධ සංවිධාන සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුද්ගලයන්ගේ අදහස් විමසීමේ යාන්ත්‍රණයක් ජන සභාව ඔස්සේ සකස් කරනවා.

මේ සඳහා අදහස් ලබා දෙන මෙන් අරගලයට සම්බන්ධ වුණ තරුණ පරපුරටත්, සම්බන්ධ නොවුණු තරුණ පරපුරටත් මා විශේෂයෙන් ආරාධනා කරනවා.’’

Design credit: Roar Media/Jamie Alphonsus

Graphic Design credits: Roar Media/Jamie Alphonsus

Related Articles