Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේරු රාජ්‍යයේ ඉන්කා ශිෂ්ටාචාරය

ඉන්කාවරුන් යනු දකුණු ඇමරිකානු ඉන්දියන්වරු කොට්ටාශයකි. 1532 ස්පාඤ්ඤ ආක්‍රමණය කාලයේ මොවුන් පැසිපික් වෙරළ තීරය හා ඇන්ඩිස් උස්බිම් වල තම රාජධානි පිහිටුවාගෙන සිට ඇත. පසුව මොවුන් සටන් කිරීම මඟින් තම රාජධානිය විශාල කර ගැනීමේ යෙදෙන ලදී. මෙලෙස ආරම්භ වී වර්ධනය වූ ඉන්කා ශිෂ්ටාචාරය පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වෙනවා.

ආරම්භය හා ඉතිහාසය

embassyofperu.org

ඉන්කාවන්ගේ ආරම්භය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසයි. මොවුන් බිහි වී ඇත්තේ ඇන්ඩිස් කඳුකරය ආශ්‍රිතව ඇති පීරු ප්‍රදේශය මුල් කරගෙනයි. ඉන්කාවරුන්ගේ ආරම්භය පිලිබඳ පුරාවෘත්තයක් පවතී. ඔවුනට අනුව සියල්ලම නිර්මාණය කර ඇත්තේ විරකොචා නමැති දෙවි කෙනෙක් විසිනි. එම දෙවියන් ශාන්තිකර සාගරයේ සිට පීරු වල ඇති ටිටිකා විලට පැමිණ හිරු ඇතුළු සියලු ගොත්‍රිකයින් මවා තිබේ. පසුව මෙම දෙවියන් විසින්ම සියලුම ගෝත්‍ර වළ දමා ඇත. පසුව හිරු දෙවි ඉන්ටි විසින් ඉන්කාවරුන් නැවත ගොඩගෙන ජීවය ලබා දී ඇත. පුරාවෘත්ත වලට අනුව පළමු ඉන්කා පාලකයා ලෙස දැක්වෙන්නේ ඉන්ටිගේ පුතු මන්කෝ බපක්ය.

ඉන්කාවරුන් තම රාජ්‍ය පුළුල් කිරීම ආරම්භ කරන ලද්දේ ඔවුන්ගේ හතරවන අධිරාජ්‍යයා වන Mayta Capac ගේ කාලය තුළයි. නමුත් අට වන අධිරාජ්‍යයා වන Viracocha inca  ගේ  කාලය දක්වා ඔවුන්ගේ බලය එතරම් ව්‍යාප්ත කිරීමට හැකි වූයේ නැත. මොහු අයර්මකා (Ayarmaca) රාජ්‍ය පරාජය කරමින් උරුබම්බා(Urubamba) නිම්නයේ බලය අල්ලා ගන්නා ලදී.

ravenseniors.wikispaces.com

මෙම අධිරාජ්‍යයාගේ පුතා වූයේ Yupanqui ය. මොහු ඉන්කාවේ සිටි බලවත්ම නායකයෙක් ලෙස හැඳින්වේ. මොහුට අනුව සාර්ථක නායකයින් අලුත් භුමි අල්ලාගෙන තම රාජ්‍ය තර කර ගැනීමටත් තම රාජ්‍යයේ ධනය වර්ධනය කර ගැනීමටත් කටයුතු කළ යුතු වේ. Yupanqui අධිරාජ්‍යයාගෙන් සිදුවූ තවත් සේවාවක් වන්නේ රාජ්‍යයේ අගනගරය වන Cusco නගරය සංවර්ධනය කිරීමයි. නගරය තුල විශාල ජලසම්පාදන පද්ධතියක් ඉදි කළ මොහු ඉන්කාවරුන්ගේ පාලනය ඉතා හොඳින් සිදු කරන ලදී.

පාලන තන්ත්‍රය

ඉන්කාවරුන්ගේ රාජ්‍යයේ පාලනය ගෙන යන ලද්දේ රජවරුන් විසිනි. මෙම රජවරුන්ගේ රැජිනියන්ටද සැලකිය යුතු බලයක් හිමි වී තිබුණි. පාලන තන්ත්‍රයේ ඉහළින්ම රජු හා වංශ දහයකට අයත්  වංශවතුන් පිරිසක්ද සිටියහ. මොවුන් Panaqa ලෙසින් හැඳින්වේ.  පාලන තන්ත්‍රයේ දෙවනුවට සිටින්නේ රජුට දුරින් නෑදෑ වන වංශ 10කට අයත් ජන සමූහයකි. තුන්වනුවට සිටි ප්‍රභූ පන්තිය ඉන්කාවරුන්ගේ ලේ ඥාතින් නොවේ. ඔවුන් වරප්‍රසාද යටතේ ඉන්කාවරුන් බවට පත් වූ අය වේ. පාලන තන්ත්‍රයේ පහළින්ම සිටියේ අලුතින් බඳවා ගත් ප්‍රාදේශීය පරිපාලකයන් වේ. මොවුන් තම වැඩකටයුතු පළාත්බද පරිපාලකයන්ට වාර්තා කළ අතර පළාත්බද පරිපාලකයන් වාර්තා කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රදේශය බාරව සිටින ආණ්ඩුකාරවරයා වෙතයි.

pinterest.com

ඉන්කාවරුන්ට ආවේණික මුදල් වර්ගයක් තිබුනේ නැත. මේ නිසා ජනතාව බදු ගෙවීම් සිදු කරන ලද්දේ අහාර ද්‍රවය, ලෝහ වර්ග, රෙදි පිළි, රන්කුඩු, සායම් ආදියෙනි. ඔවුන්ගේ ගොවි බිම් කොටස් තුනකට බෙදා තිබුණි. ඒවා නම් රාජ්‍යයේ ආගම සඳහා නිෂ්පාදනය, ඉන්කා පාලකයා සඳහා නිෂ්පාදනය හා ගොවීන්ගේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය ලෙසයි.

ආගම

ඉන්කාවරුන් බහුදේවවාදීන් විය. ඔවුන්ගේ ප්‍රධාන දෙවියන් වුයේ ඉන්ටි හෙවත් හිරු දෙවියන්ය. ඉන්කා සමාජයේ ඉහළ හා පහළ සමාජ පැලැන්තින් එක් කරන ප්‍රධාන සාධකය බවට ආගම පත් විය. ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සවය වූයේ වාර්ෂික සූර්ය සැමරුමයි. මෙහිදී ඔවුන්ගේ අස්වැන්න ලබා දීම පිලිබඳ හිරුට ස්තුතීවන්ත වන අතර ඊළඟ වසරේ පෙරට වඩා හොඳ අස්වැන්නක් ඉල්ලා සිටි. ස්පාඤ්ඤ ආක්‍රමණ වලින් පසු ඉන්කාවරුන්ගේ ආගම හා එහි චාරිත්‍ර ක්‍රමයෙන් විනාශ විය.

ගෘහනිර්මාණ ශිල්පය

insightguides.com

ඉන්කාවරුන් විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි, තාප්ප ආදිය නිර්මාණය කිරීමට සමතුන් විය. මෙම ප්‍රදේශ වලට නිරන්තරයෙන් බලපෑ භූ කම්පන වලට ඔරොත්තු දෙන ආකාරයට මෙම ගොඩනැගිලි නිර්මාණය කරන ලදී. මොවුන් ලී කැටයම් හා ලෝහ කර්මාතයට දක්ෂ වූ නිසා විශිෂ්ට කලා නිර්මාණ ඔවුන් අතින් බිහි විය.

විවාහය

ඉන්කා කාන්තාවන් වයස අවුරුදු 16 වන විට විවාහ ජීවිතයට ඇතුළු වන ලදී. ඉන්කා සමාජයේ පහළ ස්ථරවල සිටි පිරිමින්ට තබා ගත හැකි වූයේ එක් භාර්යාවක් පමණි. නමුත් ඉහළ පැලැන්තියේ පිරිමින්ට භාර්යාවන් කීප දෙනෙක් තබා ගැනීමට අවසර තිබුණි. ඔවුන්ගේ විවාහ සිදු වූයේ එකම සමාජ පන්තිය තුළයි. වෙනස් කුල අතර විවාහ සිදු වූයේ ඉතාම කලාතුරකිනි. ඉහළ සමාජ පසුබිමක් ඇති පුරුෂයෙකු විසින් පහළ සමාජ පසුබිමක් ඇති කාන්තාවක් විවාහ කර ගැනීමෙන් ඇයත් ඉහළ පැලැන්තියේ කාන්තාවක් බවට පත් වේ.

අධ්‍යාපනය

picquery.com

ඉන්කාවරුන්ගේ අධ්‍යාපනය කොටස් දෙකකි. එම කොටස් දෙක වෘත්තීය අධ්‍යාපනය හා විධිමත් පුහුණු කරවීම ලෙස දැක්විය හැක. වෘත්තීය අධ්‍යාපනය පොදුවේ සියලුම ඉන්කාවරුන්ට ලබා දුන් අතර විධිමත් පුහුණු කරවීම ලබා දෙන ලද්දේ ප්‍රභූ පන්තිය සඳහාය. ඉන්කාවරුන් ගණනය කිරීම් වලට යොදා ගන්නා ලද්දේ ගැට ගසන ලද නූල් වර්ගයකි. මේවා කුයිපු ලෙස හැඳින්වේ. ඉන්කාවරුන්ගේ සංස්කෘතිය රැක ගැනීමේ එක් ක්‍රමයක් ලෙස ඔවුන් මුඛ්‍ය සන්නිවේදනය භාවිත කරන ලදී.

පරිහානිය

ඉන්කා රාජ්‍ය විනාශ වීමට වඩාත් ප්‍රබල සාධකය වූයේ ස්පාඤ්ඤ ආක්‍රමණයි. මීට අමතරව යුරෝපික ජාතිකයින්ද වසූරිය වැනි විවිධ ලෙඩ රෝග ඉන්කා රාජ්‍යට ගෙන එන ලදී. මෙයින් ඉන්කාවරුන්ගෙන් 65% – 90% අතර ප්‍රමාණයක් මරණයට පත්වන ලදී. මිට අමතරව ඉන්කා රාජ්‍ය මෙහෙය වූ සිවිල් යුද්ධ නිසාත් තවත් ඉන්කාවරුන් පිරිසක් මිය යන ලදි. වසූරිය පැතිරීම හා සිවිල් යුද්ධ වල වාසිය ලබා ගත් ආක්‍රමණිකයෝ ඉන්කා ශිෂ්ටාචාරය විනාශ කර දමන ලදි.

කවරයේ පින්තුරය – media.gadventures.com

Related Articles