Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාලයට Leak වුණු Google Pixel 7 තොරතුරු 

Google Pixel  කියන්නේ ලෝකයේ ප්‍රමුඛත ම දුරකථන සන්නාමයක්. සෑම වසරක ම පාහේ මේ පික්සල් දුරකථන නවත ම දේවල් බොහෝමයක් සමඟ ම වෙළෙඳපොළට නිකුත් වෙනවා. ලෝකය පුරා තාක්ෂණයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ දුරකතනය ගැන ඉහළ බලාපොරොත්තු තබා ගන්නවා. විවිධ ආයතන ඔවුන්ගේ නවතම දුරකථන, නිකුත් වෙන දවස වෙනතෙක් රහසිගත ව තබාගන්නට විශාල පරිශ්‍රමයක් දරනවා.

ඒත් ඇතැම්විට මේවායේ තොරතුරු කෙසේ හෝ එළි දකිනවා. එළඹෙන වසර ඉලක්ක ගත කර නිකුත් වෙන්නට නියමිත Google Pixel 7 දුරකථන පිළිබඳ විස්තරත් ඒ අයුරින් අන්තර්ජාලයට නිකුත් ව තිබෙනවා. මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ ගැන යි. 

කේත නාම

Google සමාගම පසුගිය දා නිකුත් කළ උපාංග දෙකක් වුණු Pixel 6 සහ Pixel 6 Pro සමඟින් තාක්ෂණික ලෝකය කළඹන්නට සමත් වුණා. පෙර වසරවලට වඩා ඔවුන්ගේ නව චිපය නිසා ම මේ උපාංග පිළිබඳ කවුරුත් හිටියේ ලොකු සැලකිල්ලකින්. පෙර වතාවල දී Google සමාගම ඔවුන්ගේ දුරකථනවලට භාවිත කළේ ලෝකයේ සුප්‍රකට chips නිර්මාණකරුවකු වන Qualcomm සමාගමේ Snapdragon chip set පෙළ යි.

කොහොම නමුත් මේ වතාවේ තම Pixel  දුරකථන පෙළ වෙත Google Tensor chip නම් ඔවුන්ගේ ම චිපයක් (Tensor GS101 processor ) හඳුන්වා දෙන්නට Google කටයුතු කළා. දැනට Pixel 7 සහ Pixel 7 Pro පිළිබඳ ව අන්තර්ජාලයට නිකුත් ව ඇති කරුණු අනුව ඔවුන් මේ චිප් එකේ ඊළඟ Version එකට නොයා අලුත් ම පරම්පරාවක චිපයක් එම දුරකතනවලට හඳුන්වා දෙන්න නියමිතව ඉන්න බවයි ආරංචි. දැනට මේ නව චිපයට GS102 යන නම භාවිත වන අතර එයට යොදා තිබෙන බවට සැළ වන කේත නාමය වෙන්නේ Cloudripper යි.

 under-screen camera සහිත නව පික්සල් දුරකතනයේ පරිගණක රෙන්ඩර් එකක් – letsgodigital.org

 

තවමත් පිටත ලෝකයට රහසක් ව තබා ගන්නට උත්සාහ කරන මේ නව උපාංගවලට දැනට යොදා තිබෙන කේත නාම වෙන්නේ Cheetah’ සහ ‘Panther. පසුගිය උපාංගවල නිෂ්පාදන අදියරේ කේත නාම වුණේ Oriole සහ Raven. දැන් පෙනෙන අන්දමට ඔවුන් සෑම නව Pixel දුරකථනයක් සමඟ ම වාගේ කේත නාම යොදන ආකාරය වෙනස් කරමින් ඉන්නවා. 

Pixel 6 සහ Pixel 6 Pro දුරකථනවලට පෙර පික්සල් උපාංග සඳහා ඔවුන් භාවිත කළේ මුහුදු ජීවීන්ගේ නම්. එයට  ලොකු හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් පික්සල් උපාංගවලට කෝඩ් නාම භාවිත කරන්නේ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට වෙනස් වෙන ආකාරයට යි. නව Pixel 6න් පරම්පරාවක අවසානයත්  Pixel 7න් නව පරම්පරාවක  ආරම්භයක් සනිටුහන් වීම කියවෙනවා කියලා අපට අනුමාන කරන්න පුළුවන්.


ඔබට මතක ඇති Google සමාගම ඔවුන්ගේ නව Android මෙහෙයුම් පද්ධතියේ සංස්කරණයක් අන්තර්ජාලය වෙත නිකුත් කළා. මේ සංස්කරණය තුළිනුත් නව උපාංග පිළිබඳ ව යම් යම් තොරතුරු අනාවරණය කරගන්න අන්තර්ජාලයට හැකි වෙලා තියෙනවා. Google Pixel උපාංග තුළ ඇති මොඩම් (modem) බොහෝ විට නිර්මාණය කරන්නේ Samsung සමාගම යි.

නව Android 13 මෙහෙයුම් පද්ධතියේ Samsung Exynos Modem 5300 එකට සහාය දක්වන බව සඳහන් ව තිබෙන බව දැනගන්නට ලැබෙනවා. හැබැයි Samsung සමාගම තවමත් නිල වශයෙන් මේ මොඩම් එක හඳුන්වා දී නැහැ. අන්තර්ජාලයේ දැකගන්නට ලැබෙන කරුණු අනුව බොහෝ විට මේ නවතම මොඩම් එක අපිට නව පික්සල් උපාංග සමඟ බලා ගන්නට හැකි වේවි.  නමුත් මේ මොඩමය කොයි වගේ ක්‍රියාකාරිත්වයක් නව GS102 චිපය සමග දක්වාවිද?, මේ චිපයේ ක්‍රියාකාරිත්වයන් සහ performance කොයි වගේ වේවිද කියන එක අපිට දැනගන්න නම දුරකථනය නිකුත් වෙන තෙක් ම ඉන්න වෙනවා. තවමත් මේ පිළිබඳව 9to5google.com පමණයි විස්තර අනාවරණය වෙන්නේ.

දැනට අනාවරණය ව ඇති කරුණු සහ Google සමාගම අයදුම් කර ඇති පේටන්ට් බලපත්‍ර අනුව විවිධ සමාගම් දැනටමත් නිකුත් වීමට නියමිත පික්සල් උපාංග ගැන කරුණු අනුමාන කරන්න පටන් අරගෙන. බොහෝ දෙනකු ගේ බලාපොරොත්තුව වෙන්නේ Under Display Camera එකක් සහිත ව එන නව පික්සල් දුරකථන දැක බලා ගැනීම යි. දැනටමත් විවිධ සමාගම් මේ තාක්ෂණය අත්හදා බැලුවත් එතරම් සාර්ථක වූ බවක් අපිට දැකගන්නට ලැබෙන්නේ නැහැ. MI 9T / Pro වැනි උපාංග සමඟ popup කැමරා වැනි නව සංකල්ප සමාගම් අත් හදා බැලුවත් ඒවා දිගින් දිගටම වෙළෙඳපොළ වෙත නම් නිකුත් වුණේ නැහැ.  නව පික්සල්වල කැමරා එන්නේ Under Display නම් නුදුරු අනාගතයේ දී ම අපිට අනෙක් සමාගම්වලිනුත් වඩාත් ඉහළ ගුණාංගයකින් යුතු Under Display කැමරා දැකගන්නට හැකි වේවි. 

 under-screen camera සංකල්පයේ භාවිතය – letsgodigital.org

 

කොහොම වුණත් මේ ලිපිය ලියවෙන්නේ සම්පුර්ණයෙන් ම වගේ දැනට අන්තර්ජාලයේ තිබෙන ආරංචිමාර්ග අනුව යි. මේවා සමහර විට සියයට සියයක් ම නිවැරදි නොවෙන්නත් පුළුවන්.  සමහර සමාගම් තම තරගකරුවන් නොමඟ යවන්න සහ අවසානයේ පාරිභෝගිකයන් සහ තාක්ෂණික ලෝකය කළඹන්න අවශ්‍ය නිසා ම වැරදි තොරතුරුත් අන්තර්ජාලය වෙත ලීක් වෙන දත්ත විදිහට නිකුත් කරපු අවස්ථා අපිට අහන්න දකින්න ලබුණා.

හැබැයි google සමාගම නම් මේ විදිහට හරි උපාංගවල තොරතුරු ලීක් කරගන්න සුප්‍රකට බවක් උසුලනවා. කොහොම වුණත් තව වැඩි කාලයක් නොයා අපිට මේ උපාංගවල වැඩි විස්තර දැනගන්නට ලැබේවි. එතකොට ඒ පිළිබඳවත් ලිපියකින් අපි ඔබට විස්තර අරගෙන එන්නම්. 

මේ හා සබැඳි තවත් ලිපි පහත සබැඳිවලින් කියවන්න.

Pixel 6 සහ Pixel 6 Pro පෙරළිකාර ජංගම දුරකථන

Android 12න් 13ට පනී!

තාක්ෂණික ලෝකය කැලඹූ ඔක්තෝබරයේ Apple Event 

කවරයේ ඡායාරූපය - Google Pixel 7 - Forbes.com

මූලාශ්‍ර:

forbes.com

letsgodigital.org

9to5google.com

Related Articles