Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්ස්ටග්‍රෑම් ගැන කට්ටිය කියන මිථ්‍යා කථා සහ ඒවායේ ඇත්ත නැත්ත

ඡායාරූප සහ වීඩියෝ පළ කිරීම් සඳහා Instagram හොඳ සමාජ මාධ්‍යයක් බවට දැන් පත් ව තිබෙනවා. මෑතක දී IGTV හඳුන්වා දී වැඩි කාලයක වීඩියෝ එහි පළ කිරීමට අවස්ථාව ලබාදුන් නිසා, දැන් වැඩිපුර ම ඡායාරූප හරහා ඉන්ස්ටග්‍රෑම් වෙන් වූවා. මේ දේවල් අතරේ ඉන්ස්ටග්‍රෑම් සේවාව ගැන විවිධ අයගේ විවිධ බොරු කතා අහන්න දකින්න ලැබෙනවා. මේ ලිපිය කියෙවූවා ම ඒවා කොයිතරම් ඇත්ත ද, නැති ද කියන එක ඔබට ම තාර්කික ව දැන ගන්නට අවස්ථාව ලැබෙනවා.

කමෙන්ට් නැති වුණා ම බ්ලොක් වෙනවා

මෙහෙම ඒවා දැකලා තියෙනවා නේද? (නිර්මාණිත ඡායාරුවකි) (Roar/@thambaru)

Instagram පාවිච්චි කරන අයගේ දකින්න ලැබෙන දෙයක් තමයි, ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ගේ postsවලට ලැබෙන Comments ප්‍රමාණය අඩු වුණා ම බ්ලොක් වෙනවා කියන එක. Block කරන බව හෝ නොකියා Instagram විසින් ඔබේ post බාහිර අයට (public) පෙනීම නවත්වනු ලබනවා. මේකට කියන්නේ Shadow banning හෙවත් හොරෙන් අවහිර කිරීම කියා යි. එවිට hash tag තුළ, search එකේ මෙන්ම Explore වැනි feedවල තමන්ගේ ඡායාරූප නොපෙන්වන බව කියමින් ඔවුන් ළතැවෙනවා. අවසානයේ “Comment පුළුවන් තරම් දාන්න යාළුවනේ, බ්ලොක් වෙලා” වැනි දේවල් දකින්නට ලැබෙනවා.

නමුත් තම ඇල්ගොරිතමය පැහැදිලි කරමින් ඔවුන් දක්වා සිටින්නේ එවැන්නක් ඔවුන් සිදු නොකරන බව යි. යම් කෙනෙක්ගේ post වැඩිපුර නොපෙනෙන්නේ නිසි ආකාර ව hashtag, keyword පාවිච්චි නොකිරීම වැනි හේතූන් බව යි පෙන්වා දෙන්නේ.

Hashtag එකක් අයිති තමන්ට විතරයි

එකල කී කොටු සලකුණ යන වචනය නූතනයේ හෑෂ්ටැග් වූ වග යි (mumbrella.com.au)

තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් හෝ පෞද්ගලික හේතුවක් මත අරඹන ලද hashtag එකක් වෙනත් කිසිවකුත් පාවිච්චි නොකළ යුතුයැ යි ඇතැමුන් සිතනවා. කිසියම් event එකක්, නිෂ්පාදනයක්, ආයතනයක නමක්, තමන්ගේ නම වැනි දේවල් තමන්ට පමණක් අයිතිවාසිකම් කිව හැකි දෙයක් බව කියනවා. වෙනත් කෙනෙක්ට ඒවාට Posts දාන්න, Commentsවල පාවිච්චි කරන්නට හෝ Instagram එකෙන් බාහිර තැනක පාවිච්චි කිරීම වැරදි වැඩක් වගේ ම, තමන් පටන් ගත්තු දෙයක් නිසා වෙන අයට එහි අයිතියක් නැතැ යි සමාජ ජාල පුරා පැදුරු තරම් post දමමින් බැණ ගනිමින් කල් ගෙවනවා.

Hashtag එකකට අයිතිවාසිකම් කිව හැකි එකම ක්‍රමය, එය ලියාපදිංචි වෙළඳනාමයක් බවට පත් කර ගැනීමෙන් පමණයි. අනෙකුත් සෑම අවස්ථාවක දී ම ඒවා පොදු දේපළක් වශයෙන් ඕනෑම කෙනෙක්ට පාවිච්චි කිරීමේ අවස්ථාව Instagram වෙතින් සලසන නිසා ඒ වෙනුවෙන් කළ හැකි අන් යමක් නැහැ.

දාපු පෝස්ට් එක ටිකකින් නැතිවෙනවා

තවදුරටත් වේලාව මත පදනම් වූ feed එකක් නැහැ (pcdn.co)

Feed එක තුළ අපි පළ කරපු photo එකක් හෝ video එකක් විනාඩි කිහිපයකින් නොපෙනී යනවා. Publish කළ මොහොතේ එය දකින්නට තිබුණත් ටික වෙලාවකින් ආයෙත් feed එකේ පහළට යද්දී එය දකින්නට නැහැ. ලැබෙන Likes, comments ප්‍ර‍මාණයත් ඉස්සරට වඩා අඩු යි. එලෙස සිදුවෙන්නේ Instagram විසින් ඕනෑකමින් අපි දාන ඒවා සඟවන නිසා යි.

වැඩිදුර කියැවීමට: ඉන්ස්ටග්‍රෑම්වලින් හරියට ඡායාරූප ඉදිරිපත් කරන හැටි

ඇත්තම කතාව, දැන් ඉස්සර වගේ Instagram feed එක post එකක් දාපු වේලාව අනුව අනුපිළිවෙල නොපෙන්වීම යි. මුල් කාලයේ ෆේස්බුක් හෝ ට්විටර් මතක නම්, ඒවායේත් පළ කරන ලද වේලාව අනුව post අනුපිළිවෙල සැකසුණත්, ඒවායේත් දැන් පුද්ගලානුරූප ව, කැමැත්ත මත (interest-based) පදනම් වූ feed එකකුයි පෙන්වන්නේ. ඉන්ස්ටග්‍රෑම්නුත් දැන් ඒ පාරේ යනවා.

බිස්නස් ගිණුමක් හැදුවා ම Like අඩුවෙනවා

Business profile හරහා post ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් (kinstacdn.com)

Business profile නම් ජීවිතේට හදන්න හොඳ නැහැ. ඒවායෙන් අපිට දැනට එන like ටිකත් අඩු වෙනවා, followersලා ආයෙත් හොයන්න ඕන නේ. ඒ නිසා තියෙන account එකෙන් ම බිස්නස් එකේ දේවල්නුත් දාන එක තමයි හොඳම වැඩේ. මෙහෙම හිතපු අය ඒ කාලෙත් හිටපු නිසා තමයි Businessවලින් අපිට Facebook request ආවේ.

ඉන්ස්ටග්‍රෑම් දැන් Facebook pages ආකාරයට ම ආයතන සඳහා ගිණුම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙනවා. මෙම Business profile නිසා තමන්ගේ පෞද්ගලික ගිණුමේ තිබෙන පෞද්ගලික ඡායාරූප, වීඩියෝ ආදිය සමග ව්‍යාපාරයට අදාළ දේවල් පටලවා ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. එසේ කවලමේ පළ කිරීමෙන් සිදුවන්නේ අපිට ඉන්න followersලාට අපව එපා වීම යි. Business profile එකක් පාවිච්චි කළා ම metrics analytics පිටුවකුත් ලැබෙන නිසා අපේ පෝස්ට් කී දෙනෙක් නැරඹුවා ද, කොතරම් ඒවා සමග interact කළා ද වගේ දේවල් ගොඩක් දත්ත ලබා ගන්න ඉන්ස්ටග්‍රෑම් අවස්ථාව සලසනවා.

Followersලා මිල දී ගන්න පුළුවන්

මිල දී ගෙන රැවටෙනවාට වඩා හොඳ post දාන එකයි වැදගත් (pxhere.com)

මෙච්චර ගාණක් ගෙව්වොත්, මෙච්චර followers ප්‍රමාණයක් දෙන බව කියමින් වෙබ් අඩවි ඕනෑ තරම් තිබෙනවා. ඇතැම්වායේ ඔබ විසින් ඔවුන් දෙන ලද postවලට like කිරීම්, follow කිරීම් යුතු අතර, ඊට ලැබෙන ලකුණු ප්‍රමාණයට සාපේක්ෂ ව ඔබේ ගිණුමට followersලා ලැබෙනවා. ඔවුන් එහි දී කරන්නේ followersලා හුවමාරු කිරීමක්. ඔබ වගේ ම එම වෙබ් සේවාව පාවිච්චි කරන අය ඔවුන්ට ලකුණු ලබා ගැනීමට යි ඔබ ව follow කරන්නේ. එනිසා මුදලක් ගෙවා පමණක් නොව මෙලෙස නොමිලේ වුවත් follower අංක ලොකු අගයකට ගේන්න පුළුවන්.

වැඩිදුර කියැවීමට: ඉන්ස්ටග්‍රෑම් post සිත්ගන්නාසුලු විධියට දාන්න tricks කීපයක්

ක්‍රමවේදය කුමක් වුවත්, මේවායෙන් ස්ථිර, කල් පවතින follower ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. බොහෝ ඒවා fake ගිණුම් නිසා ඒවා block වී යාමෙන් ඔබේ මුදල්/ කාලය අපතේ යනවා. එසේ ම මෙලෙස ලැබෙන්නේ ඔබේ postවලට ඇත්තට ම කැමති පිරිසක් නොවන නිසා ලොකු ‘followers’ අංකයක් තිබුණාට ඔබේ ගිණුමට ලැබෙන සත්‍යරූපී වටිනාකමක් නැහැ. සිත්ගන්නාසුලු post දානවා නම් ඉබේ ම ඇත්ත ම fan base එකක් හැදෙනවා.

කවරය: mshcdn.com

Related Articles