Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ SEO හෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය?

SEO යන්නෙහි දිගු අර්ථය Search Engine Optimization යන්නයි. මින් අදහස් වෙන්නේ, කිසියම් වෙබ් අඩවියක් Search Engine එකක (Google, Bing වැනි සෙවුම් යන්ත්‍රයක) ලැබෙන ප්‍රතිඵලවල මුල් ස්ථානවලට ලබා ගැනීම යි. තවත් ආකාරයකට කිවහොත්, වෙබ් අඩවිය වෙත Search Engine හරහා පැමිණෙන පිරිස ඉහළ නැංවීම යි. මෙය ප්‍රධාන ආකාර තුනකට බෙදා වෙන් කර දක්වයි. එනම් On-page SEO, Off-Page SEO, Technical SEO යනාදී වශයෙනු යි. 

On-page SEO – වෙබ් අඩවියේ අන්තර්ගතය සෙවුම් යන්ත්‍රවලට පහසුවෙන් ලබා ගත හැකි ආකාරයෙන් සැකසීම.

Off-Page SEO – පරිශීලකයින් සහ සෙවුම් යන්ත්‍ර යන දෙපාර්ශවයට ම ඔබේ වෙබ් අඩවියේ විශ්වසනීයත්වය, අධිකාරිය, ජනප්‍රියතාව සහ අදාළත්වය වැඩි දියුණු කරදීම.

Technical SEO – වෙබ් අඩවියක් නවීන සෙවුම් යන්ත්‍ර වල තාක්‍ෂණික අවශ්‍යතා සපුරාලන බවට සහතික කිරීමේ ක්‍රියාවලිය යි.

seotoolz.org වැනි නොමිල සේවා – seotoolz.org

 SEOවලදී බහුල ව භාවිත වන වචන

SEO යනු ඉතා විශාල ප්‍රදේශයක පැතිරී ඇති මාතෘකාවකි. මෙහිදී අපට මූලිකව ම හමුවන වචන පිළිබඳ ව අවධානය යොමු කරමු.

Keyword – Keyword හෝ Keyphrase ලෙස හඳුන්වනුයේ අප search engine එකක් භාවිත කර යම්කිසි තොරතුරු සොයා ගැනීමට භාවිත කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ වේ. මෙම keyword හරියාකාර ව ගවේෂණය කර වෙබ් අඩවි අන්තර්ගතය සකස් කර ගැනීම Keyword Research ලෙස හඳුන්වන අතර ඒ සදහා මුදල් ගෙවා භාවිත කළ හැකි Research Tool එකක් භාවිත කළ හැකි අතර එසේ නොමැති නම් seotoolz.org වැනි නොමිල සේවා ලබාදෙන Keyword Research tool එකක් භාවිත කිරීමට හැකියාව ඇත.

Backlinks – ඔබගේ වෙබ් අඩවියට වෙනත් වෙබ් අඩවිවලින් ලැබෙන Links backlinks ලෙස හඳුන්වයි. මේවා Do-follow සහ No-follow ලෙස ආකාර දෙකකින් යුක්ත වේ. ඒ අතරින් Do-follow යනු හොඳ තත්ත්වයේ backlinks වන අතර Nofollow යනු සාමාන්‍ය තත්ත්වයේ backlink වේ. Backlink යනු වෙබ් අඩවියකට යොමු කරන වෙබ් පිටුවක සබැඳියක් වේ.

Keyword Research tool එකක් – websiteplanet.com 

 

White Hat SEO – මෙලෙස හඳුන්වනුයේ කිසිදු ආකාරයක වංචාවක් සිදු නොකර SEO කිරීම යි. මෙමගින් ප්‍රතිපල ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වේ.

Black Hat SEO – මෙය ඉතා ඉක්මනින් වෙබ් අඩවි rank කිරීම සඳහා භාවිත කරන අහිතකර ප්‍රතිපල ලැබිය හැකි ක්‍රමවේදයකි.

SERP – Search Engine Ranking Position හෙවත් SERP ලෙස හඳුන්වනුයේ ඔබගේ වෙබ් අඩවිය Search Engine එකකින් ලද ප්‍රතිපල ලැයිස්තුවක පවතින ස්ථානය යි.

SEO පිළිබඳ දැනුම භාවිත කළ හැකි ස්ථාන –  mediaquotientinc.com 

 

SEO පිළිබඳ දැනුම භාවිත කළ හැකි ස්ථාන

අප මෙම සඳහන් කළ SEO පිළිබඳ දැනුම ඔබට භාවිත කළ හැකි ස්ථාන පිළිබඳ ව අපි විමසා බලමු.

වෙබ්/බ්ලොග් අඩවි සඳහා – ඔබ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කරගෙන යනු ලබන කෙනෙක් නම් වැඩි පිරිසක් වෙබ් අඩවිය වෙත ගෙන්වාගැනීමට SEO කිරීම අවශ්‍ය වේ. එවිට එහි ඇති භාණ්ඩ/සේවා අලෙවිය වැඩි කරගැනීමට හෝ ලිපි/වීඩියෝ බලන අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයෙන් මුදල් උපයා ගැනීමට හැකිවේ.

Freelancing වෙබ් අඩවිවල Gigs සඳහා – Fiverr වැනි වෙබ් අඩවියක ඔබ ‌ඔබේ සේවය ලබා දෙනු ලබන කෙනෙක් නම් ඒ සදහාද ඔබට මෙම SEO ක්‍රම භාවිත කළ හැකි වේ. එවිට එම වෙබ් අඩවි ලැයිස්තුවල ඔබගේ Gig එක ඉහළටම ගෙන වැඩිපුර ආදායම් ලද හැකි වේ.

අන්තර්ජාල වෙළඳසල් සඳහා – ඔබ Amazon හෝ eBay හි භාණ්ඩ අලෙවි කිරීමක් සිදු කරන්නේ යැයි සලකන්න. එවිට ඔබට ඔබගේ භාණ්ඩ ඉතා ඉක්මනින් අලෙවි කරගැනීමට, ඒවායේ Search ලැයිස්තුවල ඉහළට භාණ්ඩ ගෙන ඒමට මෙම SEO ක්‍රමවේද භාවිත කළ හැකියි.

YouTube චැනල් සඳහා – යූටියුබ් හරහා ආදායමක් ලැබීමට එය නරඹන පිරිස වැඩි කරගැනීම හෙවත් Views ගණන වැඩි කරගැනීම ද වැදගත් කාරණයකි. එබැවින් වීඩියෝව එහි මාතෘකාව (title), විස්තරය (description), සහ අනෙකුත් keywords ක්‍රම භාවිතයෙන් SEO කර ගැනීම අවශ්‍ය වේ.

SEO කිරීමේදී ඇතිවන ගැටලු – searchenginejournal.com 

 

SEO කිරීමේදී ඇතිවන ගැටලු

ඔබ සතු වෙබ් අඩවියක්, YouTube චැනලයක් වැනි දෑ SEO කරගනිද්දී විවිධ ගැටලු පැන නැඟිය හැකි ය. නිතර ඇතිවිය හැකි එවන් ගැටලු කිහිපයකි මේ.

අප වෙබ් අඩවියක ඇති on-page SEO ගැටලු සොයා ගත හැක්කේ කෙසේද?‍

ඔබට ඒ සඳහා විවිධ online tools වර්ග භාවිත කළ හැකි අතර seoreportgen.com seositecheckup.com/tools වැනි වෙබ් අඩවි ඊට උදාහරණ ලෙස දැක්විය හැක. ඒවා භාවිතයෙන් නොමිලයේ ම ඔබගේ වෙබ් අඩවියෙහි පවතින On-page SEO ගැටලු ‌සොයා ගෙන ඒවාට පිළියම් යෙදිය හැක.

Keyword Research එකක් කරනුයේ කෙසේද?

මේ සදහා අප ඉහතින් දක්වා ඇති seotoolz.org වැනි වෙබ් අඩවියක් භාවිත කළ හැකි අතර එය භාවිතයෙන් මුලින් ම Keyword එකක් සොයාගත යුතු වේ. එහිදී ඔබ CPC එක හෙවත් cost per click පිළිබඳ ව සැලකිළිමත් විය යුතු අතර ම එහි Difficulty එක ‌සහ volume එක පිළිබඳව ද සැලකිල්ලක් දැක්විය යුතු ය. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අපි Keyword Research එකක් කරන්නේ මෙහෙමයි ලිපියෙන් ගෙන ආවා.

වෙබ් අඩවි අන්තර්ගතය නිවැරදි ව ලිවිය යුත්තේ කෙසේද?

වෙබ් අඩවියේ ඇති කුඩා ඡේද හෝ ලිපි ලිවීමට පෙර keyword research කර, Search Engineවලට හසුවන ආකාරයෙන් ඒවා සකසා ගැනීම වැදගත් ය. මෙය විශාල ලිපි, කොටස් ලෙස වෙන්කර ගෙන අනුමාතෘකා ලෙස ලිවිය හැකි ය.

SEO කිරීමේ වැදගත්කම – universalbusinesscouncil.org 

 

SEO කිරීමේ වැදගත්කම කුමක්ද?

SEO කිරීම බෙහෙවින් ම වැදගත් වනුයේ ඔබ විසින් වෙබ් අඩවියක් මගින් මුදල් සෙවීමට හෝ ඔබගේ වෙළඳ භාණ්ඩයක් විකිණීමට අදහස් කරගෙන සිටිනවානම් ය. එවිට Adsense වැනි Ad සේවාවකින් හෝ ඔබ ම සොයාගත් අනුග්‍රාහක දැන්වීම් පෙන්වීමට, භාණ්ඩ විකිණුම් වෙබ් අඩවියක් නම් අලෙවිය වැඩි කරගැනීමට, YouTube චැනලයක් නම් Views වැඩි කරගැනීමට SEOවලින් ප්‍රබල පිටිවහලක් ලැබේ.

කවරයේ ඡායාරූපය - www.business2community.com 

මූලාශ්‍ර:

senawa.com
seotoolz.org/blog
 si.eyewated.com

Related Articles