Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව උසම ගොඩනැගිල්ල – බර්ජ් කලීෆා

ලෝකයේ බොහෝ රටවල්වලින් අරුම පුදුම දේවල් වාර්තා වෙනවා. මේ අරුම පුදුම දේවල් ස්වාභාවිකව පොළෝ තලය මත පිහිටි දේවල් වගේම නවීන තාක්ෂණය අද්විතීය හැකියාවන් ප්‍රමුඛ කොට ගෙන මිනිසා විසින් නිර්මාණය කළ එ්වා ද විය හැකියි. මේ කුමක් වුවද ලෝකයේ කුමන හෝ රටක් කුමන හෝ දෙයකට ප්‍රසිද්ධියක් උසුලනවා. මෙහි යටි පරමාර්ථය වන්නේ ලෝකයේ අනිකුත් රටවලින් තම රට ඔසවා තබා ගැනීමක් විය හැකියි.

මෙවැනි ලොව පුදුම කරවන සුළු අපුරු නිර්මාණයක් ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ, ඒ ලොව දැනට පවතින උසම ගොඩනැගිල්ල ගැනයි. එය පිහිටා අැත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි.

එම රටේ පාලකයා වන මොහොමඩ් බින් ට අවශ්‍ය වුණේ තම රටේ නාමය ලෝක තලයේ තැබීමටයි. ඒ අනුව එම අරමුණ ඉටු කර ගැනීමට ලොව විශාලතම ගොඩනැගිල්ල ඉදි කිරීමට කටයුතු කරනු ලැබුවා.

ගොඩනැගිල්ල නිර්මාණය

ඇතුලත දසුනක් (pinterest.com)

මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ එවකට ස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ ඒඩ්රියන් ස්මිත් නමැති වාස්තු විද්‍යාඥයාටයයි. හයිඩර් කන්සල්ටින් සමාගම විසින් ගොඩනැගිල්ලේ අධීක්ෂණ ඉංජිනේරු කාර්ය කල බවත් දැක්වෙනවා. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ වර්ග මීටර් 309, 473 පිහිටා තිබෙනවා. ඒ වගේම මෙම වාස්තු විද්‍යාඥයාගේ දායකත්වය ලබා දුන් අනිකුත් නිර්මාණ අතර විල්ස් කුලුන හා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයද වන බව දැක්වෙනවා.

මෙම ගොඩනැගිල්ලේ තිබෙන විශේෂත්වයක් වන්නේ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගැනීම හා රටේ සංස්කෘතිය හා කලාව රැකෙන අයුරින් කටයුතු කිරීමයි.

ඉදිකිරිම සඳහා පාදක වූ කරුණු

මෙම ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ ඩුබායි නගරයේ. ඒ අනුව ඩුබායි නගරයේ මෙම ගොඩනැගිල්ල ඉදි කරන්න ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙන්නේ ලෝකයේ ස්වභාවික තෙල් සම්පත ඔවුන් සතු නිසා එය තවත් දියුණු කර ගැනීමට වගේම ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටයි. මෙම අදහස ඉටු කර ගැනීමට මූලික වී ඇත්තේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිව සිටි කලීෆා බින් සයාර්ඩ් අල් නයා මහතා යි. ඒ වගේම මෙම ජනාධිපති තුමාගේ නමේ කොටසක් වන කලීෆා කියා ගොඩනැගිල්ලට යොදා ගෙන තියෙන්නේ එතුමාට දක්වන ගෞරවයක් ලෙස කියලත් අන්තර්ජාලය වාර්තා කරනවා. නමුත් එය විවෘත කිරීමට පෙර බර්ජ් ඩුබායි ලෙස හඳුන්වපු බවත් දැක්වෙනවා.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු

ඉදිකිරීම් අතරතුර (Adventuresofgoodman.com)

ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ 2004 වසරේ ජනවාරි මස 4 වන දින බව සඳහන් වෙනවා. ඒ වගේම වැඩ කටයුතු අවසන් කරන ලද්දේ 2009 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දිනයි.

මෙම ගොඩනැගිල්ල අවට වර්ග කිලෝමීටර් දෙකක පමණ භුමි ප්‍රමාණයක සංවර්ධිත ප්‍රදේශයක් නිර්මාණය කර තිබෙනවා. එම ප්‍රදේශය ඩවුන් ටවුන් ඩුබායි කියලයි හඳුන්වන්නේ.

බර්ජ් කලීෆා නිර්මාණය කිරීම සඳහා වීදුරු, වානේ, ඇලුමිනියම් මෙන්ම කොන්ක්‍රීට් යොදා ගෙන තියනවා. ඒ වගේම අන්තර්ජාල ලිපි වල සඳහන් වන ආකාරයට මේ සඳහා කොන්ක්‍රීට් ටොන් 110,000 කුත්, වානේ ටොන් 55,000 කුත් වැය වී තිබෙනවා.  ගොඩනැගිල්ලේ මධ්‍ය ආධාරකය යොදා ගෙන තිබෙන්නේ ගොඩනැගිල්ලේ ශක්තිමත් භාවයට රුකුලක් ආකාරයෙන්.

විශේෂත්වයන්

බර්ජ් කලිෆාහි තටාකය (worldalldetails.com)

බර්ජ් කලීෆා  ගොඩනැගිල්ල එවැනි හැඩයකට නිර්මාණය කිරීමට හේතුව ලෙස දැක්වෙන්නේ හෝටලයක් මෙන්ම මිනිසුන්ට පදිංචිව සිටීමට නිවාස සංකීර්ණයක් ලෙසත්, කාර්යාල සංකීර්ණයක් ලෙසත් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නිසායි.  ගොඩනැගිල්ලේ උස අඩි 2,716.5 ක් හෙවත් මීටර් 829.8 පමණ වෙනවා.

ලෝකයේ උසම නිරීක්ෂණාගාරය පිහිටා තිබෙන්නේ මෙම ගොඩනැගිල්ලේ යි. එය මීටර් 555.7 පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. ඒ වගේම එතැන සිට කිලෝමීටර් 95ක් පමණ දුරකට අවට ප්‍රදේශය සුන්දරව දැක ගැනීමටත් හැකියාව උදා වනවා. බර්ජ් කලීෆා හි බාහිර ආවරණය නිර්මාණය කර තිබෙන්නේ ඩුබායි නගරයේ ගිම්හාන ඍතුවේ පවතින අධික උෂ්ණත්වයේ වුවත් අැතුළත උණුසුම සෞම්‍යව පවතින පරිදියි.

බර්ජ් කලීෆා හි තට්ටු 163 ක් තිබෙන අතර, එමගින් 154 ක් මහජන පරිහරණය සඳහා යොදා ගන්නා බව කියවෙනවා. මෙය රථ ගාල් දෙකකින් හා විදුලි සෝපාන 57කින් යුක්ත වීමද විශේෂයි. අවශ්‍යතා ගණනාවක් එකම ගොඩනැගිල්ලකින් සපුරා ගත හැකි පරිදි නිර්මාණය කරන ලද මෙය නිවාස 30,000 ක්, හෝටල් 9ක්, අක්කර 7.4ක උයන් බිමක්, පාම් ගස්වලින් යුත් මංතීරු, අලංකාර වතුර මල්, සුපිරි වෙළෙඳ සංකීර්ණ වැනි අතිරේක පහසුකම් ගණනාවකින්ම සමන්විතයි. එමෙන්ම බර්ජ් කලිෆාහි දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් වන්නේ අක්කර 12 ක පැතිරෙන කෘත්‍රීම බර්ජ් කලීෆා තටාකයයි. මෙහි කටයුතු නිසියාකාරව සිදු කිරීමට විශාල සේවක මණ්ඩලයක්ද අනුයුක්ත කර අැති බවත් දැක්වෙනවා.

සම්මානවලින් පිදුම් ලැබීම්

වසර 8කටත් වැඩි කාලයක් තිස්සේ ලොව උසම ඉදි කිරීම මෙන්ම උසම ගොඩනැගිල්ල ද වන්නේ ඩුබායි හි බර්ජ් කලීෆා වන අතර මේ සඳහා සම්මාන කිහිපයක් හිමිව තිබෙනවා. ලෝකයේ උසම එළිමහන් නිරික්ෂණාගාරයට හිමි වන්නා වූ සම්මානය, ලෝකයේ උසම නිදහස් ආධාරක ආකෘතිය යනාදී වාර්තා 6 කට හිමිකම් කීමට මෙයට භාග්‍ය ලැබී තිබෙනවා.

බර්ජ් කලීෆා ඉදිකිරීමට පෙර ලොව පැවති උසම ඉදි කිරීම් සියල්ලම පාහේ පැවැතුණේ කුළුණු ලෙසයි. කුළුණක් සහ ගොඩනැගිල්ලක් අතර ප්‍රධාන වෙනස වන්නේ යම් ඉදිකිරීමක් ගොඩනැගිල්ලක් ලෙස හැඳින්වීමට එහි විශාල කොටසක මහජනයාට පදිංචි ව සිටීමට හැකියාව පැවතිය යුතු වීමයි. ලොව උසම ඉදිකිරීම් බොහොමයක් නිර්මාණය කරන ලද්දේ සන්නිවේදනය වැනි තාක්ෂණික කටයුතු සඳහා නිසාවෙන් මහජනයාට පදිංචිව සිටිය හැකි ප්‍රදේශ තිබුණේ අල්පවයි. මේ නිසා ඒ සියල්ල කුළුණු ලෙස හැඳින්වූවා. කෙසේ නමුත් බර්ජ් කලීෆා මුල සිටම සැලසුම් කෙරුණේ මහජනයාට පදිංචිව සිටිය හැකි ගොඩනැගිල්ලක් ආකාරයටයි.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ලේ විශේෂත්වය අද ඩුබායි පැමිණෙන සංචාරකයන් කාටත් අමතක නොවන මං සලකුණක් වී හමාරයි.

කවරයේ පින්තුරය: tripadvisor.com

Related Articles