Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දන්නා තේ වල නොදන්නා භාවිතයන්

ලාංකිකයන් සැමදෙනා අතර ඉතා ජනප්‍රිය පානයක් ලෙස හැඳින්වීමට හැකි තේ අප රටේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැවත එන ප්‍රධාන විදේශ අපනයන බෝගයකි. ලාංකික තේ වලට විදේශ වෙළඳපළේ වැඩි ඉල්ලුමක් පවතින්නේ ඒවාගේ ඇති ගුණාත්මක තත්වය හා රස නිසාවෙනි. දුප්පතාගේ පැළේ පටන් ධනවතාගේ නිවස තෙක් සියල්ලෝම පානය කරන තේ විවධ ආකාර වලට සකසා ගත හැක. කහට තේ, කිරි තේ, ඉඟුරු තේ, අයිස් තේ ආදී ලෙස තමාගේ කැමැත්ත අනුව තේ පානයන් තෝරා ගත හැක. පානයක් ලෙස භාවිත කරනවාට අමතරව තේ වල අප නොදත් වෙනත් ප්‍රයෝජන රාශියක් පවතී. මේ ලිපිය තුළින් පානයක් ලෙස භාවිත කරනවාට අමතරව තේ වල ඇති අනෙකුත් ප්‍රයෝජනය පිළිබඳව සාකච්චා කිරීම අපගේ බලාපොරොත්තුවයි.

හිසකෙස් සඳහා

greencurly.com

තේ ඔබේ හිසකෙස් වල දීප්තිය වැඩි කර ගැනීමට හා හිස් කබල හා හිසකෙස් වල වියළි බව නැති කිරීමටද උපකාරී වේ. හොඳින් නටන වතුරේ සාදාගත් ගත් තේ නිමෙන්නට හැර ඔබේ හිස කෙස් වල ගැලවීම සිදු කළ හැක. මෙහිදී තේ වලට සිනි එක් කිරීමක් සිදු නොකරයි. ප්‍රථමයෙන් ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා හොඳින් හිසකෙස් සෝදාගන්න. අවසාන හිසකෙස් සේදුමට සකසා නිවා ගත් තේ භාවිත කරන්න. ඉන්පසු ඉක්මනින් ඔබේ හිසකෙස් පරණ රෙදි කැබැල්ලකින් එතීම කළ යුතුය. තේ කහට රෙදි මත තැවරීම නිසා සිදු වන හානිය වැලැක්වීම සදහා සෑම විටම පරණ රෙදි කැබැල්ලක් භාවිත කරන්න.

මේ ප්‍රතිකර්මය කරන දිනයේදී තුවායෙන් ඔබේ හිසකෙස් පිස දැමීමෙන් වැලකි සිටිය යුතුය. මෙය තුවායේ පැල්ලම් ඇති වීම වැලැක්විමටත් තේ වලින් හිසකෙස් වටා සැකසුනු ආරක්ෂක වළල්ල තුවායේ තද කපු මගින් හානි වීම වැලක්වීමටත් උපකාරී වේ.

විවිධ පිරිසිදු කිරීම් වලට

wikimedia.org

කාපට් පිරිසිදු කිරීමට තේ යොදාගත හැක. භාවිත කර ඉවත් කරන තේ කොළ කාපට් මත ඉසින්න. විනාඩි 10ක් පමණ ඒවා කාපට් එක මත රැදෙන්නට තබා ඉවත්  කිරීම කරන්න. එවිට කාපට් වලට අලුත් හා පිරිසිදු බවක් ලැබේ.

තේ කොළ වලින් ලී යොදා සැකසු බිම ඔපවත් කර ගත හැක. ඔබ දිනපතා යොදන පිරිසිදුකාරකය වෙනුවට නටන ජලයෙන් සකසා සිසිල් කර ගත් තේ පොළවට යොදන්න. නමුත් විශාල තේ දියර ප්‍රමාණයක් පොලව මත ඉසීමෙන් වලකින්න. එය සුළගින් වේලීමට ඉඩහරින්න. ඔබගේ පොළවට පෙරට වඩා දීප්තියක් මේ තුළින් ලබාගත හැක.

homesogood.com

තේ යොදා ගත හැකි තවත් අවස්ථාවක් වන්නේ ගෘහභාණ්ඩ පිරිසිදු කිරීමයි. හොඳින් තැම්බෙන ජලයට දැමූ තේ ස්වල්පයක් සිසිල් වූ පසු රෙදි කැබැල්ලකට වක්කරගන්න. ඉන් පසු එම රෙදි කැබැල්ලෙන් මේස පුටු ආදිය පිරිසිදු කිරීම කළ හැක.

කණ්නාඩි ජනේල විදුරු මත ඇති පැල්ලම් ඉවත් කිරීම සඳහා තේ යොදාගත හැක. මදක් උණුසුම් තේ මණ්ඩි ස්වල්පයක් කපු රෙදි කැබැල්ලක ඔතා එය ආධාර කරගෙන විදුරු පිරිසිදු කරීම කළ හැක. නැති නම් ඉවතලන තේ බෑග් මේ සදහා යොදාගත හැක. මෙමගින් විදුරු වලට හොඳ දීප්තියක් ලැබේ.

දුගඳ නැති කිරීමට

womenwithwingsblogs.blogspot.com

තේ කොළවල දැඩි උරාගැනීමේ ශක්තියක් පවතී. මේ නිසා විවිධ දුර්ගන්ධයන් නැති කිරීමට තේ කොළ භාවිත කර හැක. ඔබගේ ශීතකරණය තුල ඉතිරි වූ එළවලළු හා පළතුරු නිසා අප්‍රසන්න දුගඳක් ඇති විය හැක. භාවිත කළ තේ බැග් කීපයක් ශීතකරණයේ තැබීමෙන් ඒ දුගඳ නැති කර ගත හැක.

ඔබ පූසන් ඇති කරන්නෙක් නම් නිතරම පූසන්ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සිදුවේ. එයින් ඇති වන දුගඳ නැති කිරීමට එම අප ද්‍රව්‍ය සමග තේ බෑග් කීපයක් යොදන්න. කාන්තාවන් නිතරම මුළුතැන්ගේ ඉවුම් පිහුම් කිරීමේදී ඔවුන්ට සුදුඵෑණු, ඵෑණු, මාළු ආදිය ඇල්ලීමට සිදුවේ. මේ නිසා තමාගේ අතේ ඇති දුගඳ ඉවත් කර ගැනීමට ඉතිරි වූ තේ මණ්ඩි ස්වල්පයකින් අත් සෝදා ගත හැක.

ඔබ රැකියාවට යාමේදී සපත්තු භාවිත කරන පුද්ගලයෙක් නම් ඒවාගෙන් හමන දුගඳ නැති කිරීමට භාවිත කළ නැවත හොදින් වේලී ඇති තේ බෑග් කීපයක් එම සපත්තු තුලට දමන්න. සපත්තු දුගඳ ඉන් නැති කරගත හැක. කාලයක් තිස්සේ සපත්තු භාවිතය නිසා ඔබගේ දෙපා දුගඳ වී ඇති නම් ඔබගේ දෙපා උණු තේ වතුරෙන් සෝදන්න. මෙමගින් දුගඳ ඉවත් කිරීමට අමතරව දෙපා වල විඩාව නිවා සම සිනිදු කරයි.

වගාවන් සදහා

තේ කොළ මල් පැළ සඳහා කදිම පොහොරකි. මල් ගස් වටා භාවිත කළ තේ කොළ වැළලිමෙන් ඒවා ශාකයට පොහොර වන අතර තෙතමනය ලබාදේ.

රූපලාවන්‍ය​ කටයුතු සඳහා

coconutandquinoa.com

සීනි නොදා සකසා ගත් කහට තේ එකක් නිවුණු පසු ශරීරය පුරාම අලේප කිරීමෙන් ඔබට බොහෝ වාසි ලබාගත හැක. මෙය ගල්වා විනාඩි 15වකට පමණ පසු සෝදා හැරීමෙන් අව්වේ ගොස් පිලිස්සුණු සම යථා තත්වයට පත්කර ගත හැක. මිට අමතරව සුළු චර්ම රෝග, රේසරය භාවිතයෙන් ඇති වන කැසීම් හා දැවිල්ල වැනි තත්වයන් මින් මගහරවා ගත හැක.

තෙත තේ බෑග් ඔබගේ වෙහෙසට පත් වූ ඇස් මත තැබීමෙන් ඇස් වල විඩාබර ගතිය නැති කරගත හැක. මෙම තේ බෑග් ශිතකරනයේ දමා සිසිල් කර ඇස් වල තැබීමෙන් ඇස්  වටා ඇති කලුවිම් ඉවත් කරගත හැක.

කවරයේ පින්තුරය – ceylonblacktea.com

අමතර මුලාශ්‍ර

දියණිය පුවත්පත, 05 වන කාණ්ඩය 12  වැනි පත්‍රය, වර්ෂ 2017 ජනවාරි මස 18 වැනි බදාදා

Related Articles