Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තා ඔබේ තරුණ පෙනුම රැක ගන්න ක්‍රම 8 ක්

තරුණ පෙනුම රැක ගැනීම කෙරෙහි  පෝෂ්‍යදායි ආහාරපාන, ව්‍යායාම මෙන්ම අවම වශයෙන් පැය හත අටක වත් නින්ද ලැබීම, සහ හොඳින් ජලය පානය කිරීම ආදී කරුණු බලපාන බව අපි හැමෝම දන්නවා. සමාජයේ එදිනෙදා කටයුතුවල දී තරුණ පෙනුම ඉස්මතු කර පෙන්වන සහ  දීර්ඝ කාලයක් තරුණ පෙනුම රැක දෙන රහස් කිහිපයක් අද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.

1. ස්නානය කිරීමේදී රළු රෙදි කැබැල්ලකින් මුළු සිරුරම සම්බාහනය කිරීම.

newhealthadvisor.com

ස්නානය කිරීමේදී රළු රෙදි කැබැල්ලකින් මුළු සිරුරම සම්බාහනය කිරීම මඟින් සිරුරේ රැදී තිබෙන කුණු දුහුවිලි සහ මැරුණු සම ඉවත් කර සිනිඳු  දීප්තිමත් සමක් ලබා දෙනවා.

2. දෑත්වල සුන්දරත්වය රැක ගැනීම

pexels.com

ඔබේ මුහුණට වඩා දෑත්වලින් ඔබේ වයස ගැන බොහෝ දේ කිව හැකියි. එම නිසා තරුණ කාලයේ සිටම ඔබේ දෑත් වල සුන්දරත්වය රැක ගැනීම අත්‍යවශ්‍යයි. නිවසින් බැහැරට යන අවස්ථා වලදී මුහුණේ මෙන්ම දෑත්වල ද හිරු එළියෙන් සම ආරක්ෂා කෙරෙන ‘සන්’ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. ඒ වගේම අතේ තෙතමනය සුරකින moisturiser වර්ගයක් දිනපතා ආලේප කරන්නත් අමතක කරන්න එපා. පිඟන් සෝදන අවස්ථාවල දී හෝ ගෙදර වැඩ කරන අවස්ථා වල දී හැම විටම අත් පළඳනාවක් භාවිතා කරන්න. මේ අයුරින් ඔබේ දෑත් දීර්ඝ කාලයක් සුන්දරව තබා ගත හැකි වේවි.

3. දිනකට වර්ණ තුන හතරකින් යුත් එළවළු සහ පලතුරු ආහාරයට ගන්න.

drelaine.com

සෞඛ්‍ය සම්පන්න තරුණ සහ සුන්දර සමක් ලබා ගැනීම සඳහා මෙය ඉතා වැදගත්. වර්ණ තුන හතරකින් යුත්  එළවළු සහ පලතුරු එක් කර ගැනීමෙන් ඔබේ ආහාර වේල සමතුලිත කරන අතර පෝෂ්‍යදායි බව ද නොඅඩුව ලබා දීමෙන් පුදුමාකාර දීප්තිමත් ප්‍රාණවත් සමක් ඔබට ලබාදෙයි.

4. පමණට වඩා දිගින් යුතු නියපොතු වවන්න එපා.

apollonailsandspa.com

අනවශ්‍ය ලෙස දිගු නිය වැවීමෙන් ඔබේ ආකර්ෂණය නැතිව යන අතරම එය පැරණි බවක් ගෙන දේවි. එම නිසා ඔබේ ඇඟිලි තුඩු වලට වඩා මි.මී. 4 ක දිගින් යුතුව නියපොතු තබා ගැනීමට උත්සාහ කිරීම මගින් ස්වභාවික පෙනුමක් මෙන්ම අලංකාරයක්  එක් කරාවි.

5. හිරු එළියේ දී අව් කණ්ණාඩි පලඳින්න

walldevil.com

හිරු එළිය ඍජුව මුහුණට වැටීම වියපත් පෙනුමක් ලබා දෙන්න හේතු වෙනවා. නිතරම අව් කන්නාඩියක් පැළඳීම මගින් ඇස් වටා සම රැලි වැටීම සහ නළලේ රැලි ගැන්වීම වලක්වාලනු ලබනවා.

6. ආතතියෙන් මිදෙන්න සරල උපක්‍රම අනුගමනය කරන්න.

cliffsidemalibu.com

දීර්ඝ කාලයක් තරුණ පෙනුම රැක ගෙන සිටින්නට නම් වයසත් සමඟ ඇතිවන ආතතියෙන් මිදීම අවශ්‍යයි. ආතහියෙන් මිදෙන්න හැකි හැම විටකම මනස සැහැල්ලු කරන ක්‍රම භාවිත කරන්න.

දවස පුරාම ගැඹුරු හුස්ම ගැනීම සහ පිට කිරීම පුරුදු  කර ගත හොත් එමගින් වඩා සන්සුන් සහ සාමකාමී බවක් අත් කරගන්න පුළුවන්.

7. Lip Gloss වර්ගයක් ආලේප කිරීම

qph.ec.quoracdn.net

තොල් ආලේපන සමග Lip Gloss වර්ගයක් තොල් වල ආලේප කිරීම මගින්ද තරුණ පෙනුම වැඩි කර පෙන්විය හැකියි. නිතරම matt lipstik භාවිතයෙන් වැළකී දෙතොල් දිප්තිමත් කරන lip gloss එකක් භාවිතා කරන්න

8. තරුණ බව පෙන්වන විලාසිතා එක කරගන්න.

googleusercontent.com

හැම විටම තරුණ පෙනුම රැක දෙන විලාසිතා එක් කර ගන්න. V කර සහිත උඩු කය ඇඳුම් හැම විටම අඳින්න. එමඟින් සිරුරේ සිහින් බව වැඩි කර පෙන්වන අතර තරුණ බවක් ද පෙන්වයි.

Cover Image -dentistryinencinitas.com

source:

www.beautyandtips.com

Related Articles