
රූමත් කෙනෙකු අපගේ නෙත ගැටුණු විට ඔහු හෝ ඇය දෙස දෙවරක් හැරී බැලීම සාමාන්‍ය දෙයකි. මෙයට හේතුව නම් දැකුම්කලු දෙයට අප සැම දෙනාම ඇල්මක් දැක්වීමයි. තමාගේ රුපය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන කොට්ඨාශයක් ලෙස කාන්තාවන් හැඳින්වීමට පුළුවනි. වර්තමානයේ වෙළදපළ තුල නොයෙකුත් කෘතීම ආලේපන වර්ග දක්නට ලැබේ. නමුත් මේවා අාලේප කිරීමෙන් ඇතැම්විට හානිදායක අතුරු ඵල ලැබීමට ඉඩ ඇත.මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් නිවසේදීම සාදාගන්නා ආලේපන මගින් නිරෝගීමත් පැහැපත් සමක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
මුහුණ රෝගී වීමට හේතු
දිලීර වර්ග නිසා ඇතිවන ලප

fashiontrendspk.com
යම් යම් අවස්ථා වලදී මුහුණේ තැන් තැන් වල නොයෙකුත් ආකාරයේ ලප ඇතිවේ. අව්වට පිළිස්සීම, හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස් වීම, දරුණු රෝග සදහා ලබාගන්න ඖෂධ, රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම වැනි හේතු නිසා දිලිර වර්ග සම මතුපිට ඇතිවීමෙන් මුහුණේ විවිධ ලප ඇති විය හැක.
කළු හා සුදු ලප
නියම ආකාරයට මුහුණ පිරිසිදු නොකළ විට සමෙන් උඩට මතුවන තෙල් වලට දුහුවිල්ල එකතුවී එම කොටස් ඝන වී රෝම කූප වල සිරවීම නිසා ඇතිවන කළු පැහැයෙන් යුතු කුඩා තිත් කළු ලප ලෙස හදුන්වයි. රෝම කූප මගින් එලියට මතුවූ තෙල් රෝමකුප අතර ඝන වූ විට ඒවා සුදු ලප ලෙස හඳුන්වයි. නියමාකාරයෙන් මුහුණ පිරිසිදු නොකිරීම නිසා කළු හා සුදු ලප යන දෙවර්ගයම ඇතිවේ.
කුරුලෑ

stylecraze.com
පහත හේතු නිසා කුරුලෑ ඇතිවිය හැක.
- අහිතකර ආලේපන භාවිතය
- නිසි ලෙස මුහුණ පිරිසිදු නොකිරීම
- ඉස්හොරි
- නියමිත ලෙස මලපහ නොවීම
- ලේවල අධික ආම්ලික තාවය
- මානසික පීඩනය
රෝගී මුහුණ නිරෝගී කිරීමට ආලේපන තෝරා ගැනීම
මුහුණට ගලවන ආලේපන විවිධාකාර වේ. ක්ලේන්සර්, මොයිචරිසර්, සන් ක්‍රීම්, ටෝනර් ෆේෂ් වොෂ් ආදිය මුහුණට යොදන ආලේපන කීපයක් වේ. තමන්ගේ සමට ගැලපෙන අාලේපනයක් තෝරා ගැනීමට ඔබ වගබලා ගත යුතුය. මේ සෑම අාලේපනයක්ම සාදා ඇත්තේ එක් එක් සමේ වර්ගයට ගැලපෙන ආකාරයටය. වියළි සමට, තෙල් සහිත සමට, සාමාන්‍ය සමට හා කුරුලෑ සහිත සමට ආදී වශයෙන් සමේ වර්ගයට ගැලපෙන ආකාරයට ආලේපන තෝරාගත් පසු ඒවා අලේප කිරීමට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර ගත යුතුය.
මුහුණට ගැලවීමට ස්වභාවික ද්‍රව්‍ය වලින් නිවසේදීම සකසා ගත හැකි ආලේපන
කැරට් වලින් සකසා ගත හැකි ආලේපන

almanac.com
සම පැහැපත් කිරීමේ විශේෂ ගුණයක් කැරට් වල ඇත. කැරට් යුෂ ස්වල්පයකට තක්කාලි හා දෙහි යුෂ සමාන ප්‍රමාණයෙන් ගෙන අාලේප කිරීමෙන් මුහුණේ පැහැපත් බවක් ලබා ගත හැක. කැරට් තම්බා තලපයක් සේ සාදා මුහුණේ ආලේප කිරීමෙන්ද සම පැහැපත් වේ.
අර්තාපල් වලින් සකසා ගත හැකි ආලේපන

harvesttotable.com
අර්තාපල් අල ක්ලේන්සර් එකක් ලෙස භාවිත කළ හැක. අල යුෂ ස්වල්පයක් ගෙන එයට ඇපල් හා දෙහි යුෂ ස්වල්පයක් දමා හොඳින් කලවම් කර ආලේප කරන්න. මෙයින් සම හොඳින් පිරිසිදු වේ. මෙය පැක් එකක් ලෙසත් ක්‍රියාකරයි. අල යුෂ ස්වල්පයකට කිරි බින්දු කීපයක් එකතු කිරීමෙන් ඇස් වටා ගලවන අාලේපනයක් සකසා ගත හැක.
රෝස මල් වලින් සකසා ගත හැකි ආලේපන

wildernesspost.com
රෝස වතුර වලට අයිස් මිශ්‍ර කිරීමෙන් ටෝනර් එකක් සකසා ගත හැක. අලුතින් පිපුණු රෝස මලක් කඩා පෙති එකින් එක ගලවා වතුර වීදුරුවකට දමන්න. එයට සීනි තේ හැඳි ¼ මිශ්‍ර කර රැයක් වසා තබන්න. ඉන්පසු එය පෙරා ග්ලිසරින් බින්දු 2ක් හෝ 3ක් ඊට එක් කරන්න. මෙය රෝස වතුර ලෙස භාවිත කළ හැක.
ගස්ලබු වලින් සකසා ගත හැකි ආලේපන

julesmarket.com
හොඳින් ඉදුණු ගස්ලබු මදය ක්ලේන්සර් එකක් ලෙස භාවිතා කළ හැක. ගස්ලබු අාලේප කිරීමෙන් සම සිනිඳු වේ. මුහුණේ ආලේප කිරීමට හොඳින් ඉදුණු ගස්ලබු මද තෝරාගැනීම වැදගත් වේ. එසේ නොවුණහොත් ගස්ලබු කිරි තැවරීමෙන් සමට හානි විය හැක.
දොඩම් වලින් සකසා ගත හැකි ආලේපන

pngimg.com
විටමින් “සී” බහුල නිසා සමට වඩාත් ගුණදායක වේ. දොඩම් යුෂ ස්වල්පයකට මී පැණි ස්වල්පයක් කළවම් කර ආලේප කර විනාඩි 10-15ක් පමණ තබා සෝදාහරින්න. දොඩම් ලෙලි හොඳින් අව්වේ වියළා කුඩු කර එයට බිත්තර හා කිරි කළවම් කර අලේප කිරීමෙන් සමේ පැහැපත් බවක් ඇතිකර ගත හැකි වේ.
කෝමාරිකා වලින් සකසා ගත හැකි ආලේපන
කෝමාරිකා වඩාත් හොඳ මොයිස්ච්රයිසරයකි. ගොරෝසු වියළි සමකට කෝමාරිකා අාලේප කිරීමෙන් සම යථා තත්වයට පත්කර ගත හැක. කෝමාරිකා සඳහා පිපිඤ්ඤා යුෂ ස්වල්පයක් මිශ්‍ර කර අාලේප කිරීමෙන් හිරු කිරණින් ආරක්ෂා වීමට හැකි වේ.
තක්කාලි වලින් සකසා ගත හැකි ආලේපන

stylecraze.com
තක්කාලි යුෂ ස්වල්පයකට සුදු හඳුන් කුඩු ස්වල්පයක් දමා එයට දෙහි යුෂ ස්වල්පයක්ද මිශ්‍ර කර පැක් එකක් ලෙස පැල්ලම් වලට භාවිතා කළ හැක. තක්කාලි වල ඉස්හොරි නැසීමේ ගුණයක්ද ඇත. ඉස්හොරි ඇති හිසකට හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක් හොඳින් පොඩිකර අලේප කරන්න. සතියකට දෙවරක් පමණ මෙසේ ගැල්වීමෙන් ඉස්හොරි අඩුවේ.
පිපිඤ්ඤා වලින් සකසා ගත හැකි ආලේපන

makemysushi.com
පිපිඤ්ඤා හොද මොයිස්ච්රයිසරයකි. පිපිඤ්ඤා යුෂ ක්ලේන්සර් එකක් ලෙස ක්‍රියාකරයි. පිපිඤ්ඤා යුෂ වලට මිංචි යුෂ හා සුදු හඳුන් යුෂ මිශ්‍ර කර ශරීරයේ අලේප කරන්න. දහඩිය බිබිලිවලට මෙය වඩාත් ගුණදායකය. ඇස් වල වෙහෙස මගහරවා ගැනීමට පිපිඤ්ඤා පෙති ඇස් මත තබන්න. මෙයින් ඇස් කළු වීම හා රළු වීම අඩු කර ගත හැක. පිපිඤ්ඤා යුෂ ස්වල්පයකට අර්තාපල් යුෂ හා කිරි කළවම් කර ඇස් යට අලේප කිරීමෙන් ඇස් වටා කළුවීම් අඩු කර ගත හැක.
කවරයේ පින්තුරය – YouTube
මුලාශ්‍ර
- සිරිකත පුවත්පත, 2002 අප්‍රේල් කලාපය
- www.rd.com
- www.therisingspoon.com