Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සුපතළ මිල අධික ඇඳුම්

සෑම විටකම කාන්තා පිරිමි බේදයකින් තොරව අපගේ මූලික අවධානය යොමු වන්නේ අලංකාර හා කැපී පෙනෙන සුළු අයුරින් සැරසී සිටින්නටය. ඒ අතරින් කාන්තා ඇඳුම් විලාසිතාවන්ට හිමි වන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. ඇඳුම් සහ රෙදිපිළි තෝරා ගැනීම සඳහා අප බොහෝ කාලයක් වැය කරනවා පමණක් නොව, සමාජයේ අනෙක් අයට වඩා වෙනස් අයුරින් ඇඳුම් පැළඳුම්වලින් සැරසෙන්නත් විශාල මුදලක් වියදම් කරනවා. ලොව පුරා වෙසෙන ඇඳුම් විලාසිතාවන්ට පි‍්‍රය කරන්නන්ගේ ආකර්ශණය දිනාගත් ලෝකයේ ජනපි‍්‍රයම ඇඳුම් සන්නාමයන් කිහිපයක් ගැනයි අපි මේ තොරතුරු ගෙන එන්නෙ.

ගුචි (Gucci)

lifeventure.club

අධික මිල සහ ඉහළ ගුණාත්මකභාවය හේතුවෙන් මෙම ඉතාලි ඇඳුම් සන්නාමය අංක 1හි රැඳී සිටින්නට සමත්ව තිබෙනවා. මෙම වෙළඳ නාමය සහිත ඇඳුම් ලෝකය පුරා රටවල්වල අලෙවි කරන අතර ඒවා බොහෝ දුරට මිල අධිකයි. තවද මෙම වෙළඳ නාමය යටතේ පිරිමි සහ ගැහැණුන් සඳහා තවත් භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන අතර ඊට ඔවුන්ගේ මේස්, අත්බෑග්, සාය, සපත්තු, සහ ගමන් මලූ‍ ද ඇතුළත්. මිල අධික වුවත්, මෙම වෙළඳ නාමයේ භාණ්ඩ සෑම විටම සුඛෝපභෝගී සහ අනර්ඝ විලාසිතාවන්ගෙන් යුක්තයි. වෙළඳපොළේ බොහෝ ප‍්‍රතිවාදීන් ඇතත් එය තවමත් ලොව මිල අධිකම ඇඳුම් ලැයිස්තුවෙහි ඉදිරියෙන්ම පසු වේ.

vogue.com

චැනල් (Chanel)

චැනල් ලෝකයේ විශාල ඉල්ලූ‍මක් දිනාගත් වෙළඳ නාමවලින් එකක් ලෙස සැලකේ. මෙම විලාසිතා ජනපි‍්‍රය වී ඇත්තේ සමාජයේ වැඩි ප‍්‍රසිද්ධියක් උසුලන සහ ධනවත් ජනයා අතරය. විලාසිතාවන්ගෙන් මෙන්ම නවීන මෝස්තරවලින් විවිධත්වයකින් යුත් ඇඳුම් නිර්මාණ මෙම වෙළඳ නාමය යටතේ ලබා ගන්න හැකි වේ. මෙම ඇඳුම් වෙළඳ නාමයේ සුවිශේෂිත්වය වන්නේ මෙය වෙනත් විලාසිතා අනුකරණය නොකිරීමත් තමන්ටම ආවේණික වූ විලාසිතාවන් පවත්වාගෙන යාමය. චැනල් සන්නාමය යටතේ සමේ සත්කාරක නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන ද හඳුන්වා දී තිබෙනවා. ලෝකයේ වඩාත්ම ජනපි‍්‍රය විලාසිතා සන්නාමය වන නිසා මෙම විලාසිතාවන් වඩාත් පි‍්‍රය කරන්නේ, විලාසිතාවලට ඇලූ‍ම් කරන තරුණ පිරිස්ය.

theguardian.com

ප්‍රාඩා (Prada)

businessinsider.com

ඔබේ ජීවිතයේ වෙනසක් සිදු කිරීමට ඔබ කැමති නම් මේ ඒ සඳහා හොඳම තේරීමයි. මෙම ඉතාලි වෙළෙඳ නාමයෙන් ඇති නව විලාසිතා තරුණ පිරිස් විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීමට සමත් වී තිබෙනවා. ලොව පුරා ඇති වෙළඳසැල් ඇති නිසා එයට ප‍්‍රසිද්ධ වෙළඳ නාමයන්ට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. එහි නිෂ්පාදන ලෝකයේ මිල අධිකම ඇඳුම් නිෂ්පාදන වේ. ඇඳුම්වල නිමාව ඉතා සරල, කැපී පෙනෙන සහ සුවපහසු වේ. සුවඳ විලවුන් වෙළඳපොළ තුළද හොඳ නමක් පවත්වාගෙන යාමට මෙම වෙළඳ නාමයට හැකි වී තිබේ.

ඩොල්චි ඇන්ඩ් ගැබානා (Dolce and Gabbana/ D&G)

www.wgsn.com

D&G හෙවත්  Dolce and Gabbana යනුවෙන් හඳුන්වනු ලබන මෙම වෙළඳ නාමයේ ජනපි‍්‍රයත්වය විස්තර කිරීම අතිශයෝක්තියක් වනු ඇත. ඉතාලි සංස්කෘතියේ වඩාත්ම ජනපි‍්‍රය හා පි‍්‍රයජනක ඇඳුම් වර්ගයකි. මෙම නිෂ්පාදනයට පිරිමි මෙන්ම ගැහැණුන් ද එක සමානව ආදරය කරන අතර ලොව පුරාම බහුලව අලෙවි වෙයි. 2013 වසරේදී ලෝකයේ වඩාත්ම මිල අධික ඇඳුම් සන්නාමය වූයේද මෙයයි.

www.wgsn.com

අර්මානි (Armani)

wpengine.netdna-cdn.com

මිල අධික ඇඳුම් වෙළඳ නාමය පමණක් නොව, ලොව පුරා වඩාත් ජනපි‍්‍රයම වෙළෙඳ නාමයකි. විශාල පරාසයක් පුරා විහිද ගිය ජනපි‍්‍රය වෙළඳ නාමයන් ඇත්තේ කිහිපයක් පමණි. ඒ අනුව මෙම වෙළඳ නාමය විශාල පරාසයක් පුරා තම නිෂ්පාදන ව්‍යාප්ත කර තිබේ. සුවඳ විලවුන් වලින් ඇරඹුණු නිෂ්පාදන අවසන් වී තිබෙන්නේ ඇඳුම් විලාසිතාවන්ගෙනි. ඇඳුම් නිෂ්පාදන සඳහා ආරම්භයේදී හොඳ නමක් තිබුණේ ජීන්ස් සහ ටී ෂර්ට්වලටය. විශේෂයෙන්ම ජීන්ස් සහ ටී ෂර්ට් නිපදවන රෙදි වල පැරණි නම එයයි. විශේෂයෙන්ම සෘතු විපර්යාස වලදී මෙම ඇඳුම් වඩාත් සුදුසු වේ. මෙම සන්නාමය යටතේ ගැහැණු සහ පිරිමි ඇඳුම් මෙන්ම දරුවන් ඉලක්ක කර ගනිමින් ඇඳුම් විලාසිතා එළිදක්වා තිබෙනවා.

armani.com

Related Articles