Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිසකෙස් වර්ණ ගැන්වීමේ උන්මාදය

හිසකෙස් වර්ණ ගැන්වීම නැතිනම් ඩයි කිරීම වර්තමානයේ බොහෝ දෙනා අතර වයස් බේදයකින් තොරව  ජනප්‍රිය  විලාසිතාවක්. එමෙන්ම එය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම රුචිකත්වයක් දක්වන දෙයක්.

හිස කෙස් වල ඇති වර්ණය වෙනස් කිරීම හිසකෙස් වර්ණ ගැන්වීම යනුවෙන් අදහස් වේ. මේ සම්බන්ධයෙන් පවතින උන්මාදය නිසාවෙන්මදෝ හිස කෙස් වර්ණ ගැන්වීමේ අලුත් අලුත් වර්ණ හා  ක්‍රම හඳුන්වා දිම් ලෝකය පුරා දැක ගන්නට හැකි වෙනවා. හිස කෙස් වර්ණ ගැන්වීම තුළින් ඔබගේ රූපය යම් වෙනසකට භාජනය වීමක් සිදු වෙනවා, එනම් ඔබගේ පෙනුම වෙනස් කරන ප්‍රධානතම ආකාරයක් යැයි සඳහන් කළොත් නිවැරදියි.

ඔබත් හිසකෙස් වර්ණ ගැන්වූ අයෙක්ද? නැතිනම් වර්ණ ගැන්වීමට අදහසක් තිබෙන අයෙක්ද? එසේ නම් මෙම ලිපිය ඔබට වැදගත් වනු ඇත.

හිසකෙස් වර්ණ ගැන්වීම ගැන කතා කරන්නට ප්‍රථමයෙන්ම මොනාද මේ හිසකෙස් කියන්නේ ගැන යම් අවබෝධයක් ලබා ගතහොත් එය වැදගත් කියලා අපි හිතනවා. හිස කෙස් යනුවෙන් හඳුන්වන්නේ කෙරටින් නමැති ප්‍රෝටීනයෙන් සැකසුණක්. මෙය හිස් කබලෙහි සමේ පතුල පෙදෙසේ සිට ඉහළට පැමිණෙන නලයක් වැනි Follical නම් ව්‍යුහය තුලින් හිසෙහි මතුපිටට පැමිණේ. මෙලනින් නමැති විශේෂ වර්ණකය මගින් සම මෙන්ම හිස කෙස්වලටද වර්ණයක් ලබා දෙයි.

හිසකෙස්‌ වල වර්ණය විවිධ ජාතීන්ට අනුව විවිධ වෙයි. නමුත් වර්තමානයේ ජාති භේදයකින් තොරව පෙර සඳහන් කළ පරිදි ස්වාභාවිකව ලැබෙන මෙම වර්ණය වෙනස් කිරීම බහුලව දක්නට ලැබීම නව ප්‍රවණතාවයකි.

එමෙන්ම හිසකෙස් වර්ණ ගැන්වීම වෘත්තිමය වශයෙන් හිසකෙස් වර්ණ ගන්වන්නන් අතින් හෝ ගෙදරදීම සිදු කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම විලාසිතාවට දක්වන කැමැත්ත කොපමණද කියනවානම් වර්තමානය වන විට හිස කෙස් වර්ණ ගැන්වීමේ ප්‍රවණතාවයට  ඇමරිකානු කාන්තාවන් 75% පමණ යොමු වී ඇති බවත් වාර්තා වේ.

හිසකෙස් වර්ණ ගැන්වීමේ ආරම්භය

හිසකෙස් වර්ණ ගැන්වීම පුරාණයේ සිටම පැවත ගෙන ආ කලාවක් වේ. එනම් පුරාණ කාලයේ හිසකෙස් වර්ණ ගැන්වීමට අවශ්‍ය ඩයි වර්ග ශාක වලින් ලබා ගන්නා ලදී. ඒ අතර කහ, අම්ලා, කුරුදු හා රතු හිරියල් වැනි දේ විය. එමෙන්ම 1907 දී  ප්‍රථම කෘත්‍රීම කෙස් වර්ණාලේපය නිර්මාණය කළ පුද්ගලයා ලෙස L’Oréal නිර්මාතෘ ඉයුජීන් ශූලර් හැදින්විය හැකිය. 1947 දී ජර්මානු විලවුන් සමාගමක් වන ෂ්වාස්කොෆ් (Schwarzkopf) ප්‍රථම වරට ගෙදර දී කළ හැකි වර්ණ නිෂ්පාදනයක් වන Poly Color හඳුන්වා දෙන ලදී. අද වන විට හිසකෙස් වර්ණ ගැන්වීම විශාල කර්මාන්තයක් බවට පත් වී ඇති බව නොරහසක්. එමෙන්ම අද වන විට  මෙම කර්මාන්තය සඳහා කෘත්‍රීම හා ශාක යන දෙවර්ගයම භාවිතයට ගෙන හිසකෙස් වර්ණ ගන්වනු ලැබේ.

හිස කෙස් වර්ණ ගැන්වීමට පෙර

හිස කේ වර්ණ ගැන්වීමට පෙර චර්ම ආසාත්මිකතා පරීක්ෂණය (skin allergy test) කළ යුතුයි. එනම් හිස කෙස් වර්ණ ගැන්වීම විලාසිතාවක් වුවත් ඊට පෙර අසාත්මිකතා ඇතිදැයි පරික්ෂා කර බැලීම අනිවාර්ය කරුණක් ලෙස මෙමගින් අදහස් වේ. එනම් භාවිතා කිරීමට බලාපොරොත්තු වන වර්ණකයෙන් ස්වල්පයක් ගෙන අවම පැය 24 කට පෙර, කණ පිටුපස හෝ වැලමිට ඇතුළු පැත්තෙහි ආලේප කිරීම මගින් මෙම ආසාත්මිකතා පරීක්ෂණය සිදු කළ හැකියි. ඉන් අනතුරුව යම් කැසීමක්, දැවිල්ලක් වැනි දෙයක් සිදු වුවහොත් හිස කෙස් වර්ණ ගැන්වීම නතර කිරීමට සිදුවේ.

www.network54.com

හිසකෙස් වර්ණ ගැන්වීමේ විවිධ ක්‍රම

හිසකෙස් වර්ණ ගැනීම මූලික වශයෙන් ස්ථිරව, තාවකාලිකව, අර්ධ ස්ථිර,අඩක් ස්ථිර ලෙස සිදු කළ හැකිය.

තාවකාලිකව( Temporary)

තාවකාලික හිස කෙස් වර්ණ ගැන්වීම් විවිධ ආකාරයෙන් ලබා ගත හැක, එනම් rinses, shampoos, gels, sprays, සහ foams ලෙසය. එමෙන්ම මෙම වර්ණ ගන්විමි Cuticle වලට පිටතින් ආලේප කරන අතරම මේවායේ පෙරොක්සයිඩ් හෝ ඇමෝනියා අඩංගු නොවේ. බොහෝ අවස්ථා වලදී විශේෂ අවස්ථා සදහා තාවකාලිකව හිස කෙස් වර්ණ ගැන්වීම දැක ගත හැකිය.

අර්ධ ස්ථිර (semi-permanent)

අර්ධ ස්ථිර වර්ණ ගැන්වීම් Cuticle වලට පිටතින් ආලේප කරන පෙරොක්සයිඩ් හෝ ඇමෝනියා වලින් නිදහස් වේ. කෙස් overporous වන තත්ත්ව යටතේ ස්ථිර වීමේ හැකියාවක් පවතී.

අඩක් ස්ථිර (demi-permanent)

Cuticle සහ cortex අතර වර්ණ තැන්පත් වේ.  සමහර ඇමෝනියා හෝ පෙරොක්සයිඩ් අඩංගු වී තිබිය හැකිය. මෙහි දී ස්ථිර වර්ණ හා සැසදීමේදී විවිධ වාසිදායක තත්වයන් දැක ගත හැක්කේ හිසකෙස් වල ස්වභාවික වර්ණය ඉවත් වීමක් මෙහිදී සිදු නොවීමයි.

ස්ථිර (permanent)

පෙරොක්සයිඩ් හා ඇමෝනියා අඩංගු වන අතර, Cuticle විවෘත අතර Cuticle වල වර්ණ තැන්පත් වේ.ස්ථිර වර්ණ ගැන්වීමේ දී ගත වන කාලය ස්ථිර නොවන නමුත් මිනිත්තු 30 ත් 45 ත් අතර කාලයක් විය හැකිය.

විකල්ප වර්ණ (Alternative Color)

මෙහිදී ස්වභාවික පරිසරයේ දී  සොයා ගැනීමට තරමක්  අපහසු වර්ණ නිර්මාණය කරනු ලැබේ. එමෙන්ම මෙම  විකල්ප වර්ණ  භාවිතා කිරීම බොහෝ විට උත්සව අවස්ථාවන්හිදී දැක ගත හැකිය. Fuchsia නමැති වර්ණය හා කොළ පැහැය මෙයට එක් උදාහරණයක්  ලෙස දැක්විය හැකිය.

youtube.com

වර්ණය නිසි ලෙස පවත්වාගෙන යාමට නම්,

හිස කෙස් වර්ණ ගැන්වීම පමණක් ප්‍රමාණවත් නොවේ, එය නිසි ලෙස නඩත්තු කිරීමද අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කරුණක් ලෙස දැක්වේ.එනම් ඒ සදහා අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග ලෙස,

  1. වර්ණය ආරක්ෂා කරන  ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කිරීම.
  2. sulfate-free ෂැම්පු භාවිතය
  3. ක්ලෝරීන් වලින්  වැළකී සිටීම
  4. හිස කෙස් වල සුමට හා දිස්නය ලබා ගැනීමට deep-conditioning ප්‍රතිකර්ම ලබා ගැනීම
  5. හිස කෙස් UV කිරණ වලින් ආරක්ෂා කරගැනීමට සිලිකන් ඔයිල් වැනි Leave-On කන්ඩිශනර්  භාවිතාය.

perfecthairguide.com

මිට අමතරව හිසකෙස් වර්ණ ගැන්වීමේදී ගුණාත්මක භාවයෙන් යුත්  ඉහළ නිෂ්පාදනයක් තෝරා ගැනීමත්, ඔබට ගැලපෙන වර්ණයන් තෝරා ගැනීමත් මත සාර්ථක අවසානයක් කරා ලඟා වීමට හැකි වේ. එමෙනම් ඔබ හිසකෙස් වර්ණ ගැන්වූ අයෙක් වුවත් හිසකෙස් වර්ණ ගැන්වීමට සිටින අයෙක් වුවත් ලෝකයේ ජනප්‍රියතම විලාසිතාව නිවැරදිව අත්හදා බැලීමට මෙම ලිපිය රුකුලක් වේවි යැයි Roar අපි විශ්වාස කරන්නෙමු.

කවරයේ පින්තුරය: bel far niente

මුලාශ්‍ර – editorial.ada.lk

www.divaina.com

www.aniwa.lk

en.wikipedia.org

www.hairboutique.com

Related Articles