Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොල් තෙල් වලින් කළ හැකි යැයි ඔබ නොසිතන දේ 10ක්

එදිනෙදා භාවිත වන පොල් තෙල් අපිට වටිනා දෙයක් වන්නේ පොල් තෙල්වල මිල ඉහළ ගියහොත් පමණි. විශේෂයෙන්ම ආසියානු රටවල කෑම පිසීමේ දී අනිවාර්ය අංගයක් වන පොල් තෙල් පහන් පත්තු කිරීමට හැරෙන්නට වෙනත් වැදගත් යමකට භාවිතා කළ හැකි යැයි ඔබ සිහිනෙකින්වත් නොසිතනු ඇත. එහෙත් ලෝකයේ සිදු කර ඇති බොහොමයක් පර්යේෂණ වලින් සනාථ වී තිබෙන්නේ පොල් තෙල් ඉතා හොඳ බැක්ටීරියා නාශකයක් බවයි. ඒ නිසාම එදිනෙදා අපගේ කටයුතුවලදී පොල් තෙල් වලින් ගත හැකි ප‍්‍රයෝජන බොහොමයි. මේ කරුණු කියවද්දී පොල් තෙල්වල ඇති වටිනාකම කොච්චරද කියන එක ඔබට දැන ගන්න පුළුවන් වේවි.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

www.wpbmagazine.com

සෞඛ්‍ය සම්පන්නව සිටීමට අපේක්‍ෂා කරන පවුලේ සියලූ‍ දෙනාටම පොල් තෙල් ආහාරයට ගැනීම හොඳයි. ආහාර පිසීම සඳහා භාවිත කෙරෙන බටර් සහ අනෙකුත් මේද සඳහා පොල් තෙල් හුවමාරු කරමින් භාවිතයට ගන්න.  ඒ සමඟම ඔබේ ආහාර වේලට අලිගැටපේර සහ ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේදය සහිත ආහාර එක් කර ගැනීමෙන් වඩාත් පෝෂ්‍යදායී ආහාර වේලක් ඔබට ලබා ගන්න පුළුවන්.

ඔබේ මුහුණට පිරිසිදු කාරකයක් ලෙස

http://cdn.shopify.com

ඉහළ මාදිලිවල මේක් අප් ඉවත් කිරීමට පාවිච්චි කරන දේවල් සඳහා දහස් ගණන් මුදල් නිකරුණේ නාස්ති නොකර ස්වභාවික පොල් තෙල් සේදුම්කාරකයක් ලෙස භාවිත කිරීමෙන් වඩා හොඳ ප‍්‍රතිඵලයක් ලබා ගත හැකියි. ඔබේ ඇඟිලි තුඩුවලින් තරමක පොල් තෙල් ප‍්‍රමාණයක් ගෙන මඳ වේලාවක් මුහුණේ ආලේප කර පිරිසිදු රෙදි කඩකින් හෝ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

දන්ත වෛද්‍යවරයා සතුටු වන ආකාරයේ නිරෝගී දත් පෙළක්

https://media.mercola.com

මුඛ සෞඛ්‍යයේදී පොල් තෙල් දෙයාකාරයකින් කි‍්‍රයා කරයි. ස්වභාවික ලෙස දත් සුදු පැහැයෙන් පවත්වා ගෙන යාම සඳහා බේකින් පවුඩර් සමඟ පොල් තෙල් මිශ‍්‍ර කර නිවසේදීම හොඳ දන්තාලේපයක් සකස් කර ගත හැකිය.  එමගින් වැඩි දීප්තියක් දත් දෙපළට හිමි වනු ඇත. මෙයින් මේස හැඳි දෙකක් පමණ ගෙන මිනිත්තු 15-20 අතර මුව තුළ තබා ගැනීමෙන් දත්වල මැළියම් බැඳීමේ ප‍්‍රවණතාවය අඩු කෙරෙන අතර ඔබේ හුස්ම නැවුම් කර දත් දීප්තිමත් කරයි. පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ පොල් තෙල් මගින් සල්ෆයිඞ් බැක්ටීරියාව මුඛයෙන් ඉවත් කිරීමට හේතුවන බවයි.

රැවුල බාන්නත් shaving cream වෙනුවට පොල් තෙල්

http://cdn.vkool.com

පොල්තෙල් shaving cream එකක් ලෙස ද භාවිත කළ හැකියි. එමගින් ඔබට රැවුල බෑමෙන් පසුව භාවිත කළ යුතු පසු ආලේපය (After Shaving lotion) අවශ්‍ය වන්නේද නැත. කීර්තිමත් පෝෂණවේදිනියක වන කිම්බර්ලි ස්නයිඩර් පවසන ආකාරයට මෙම තෙල් ‘‘අත්‍යවශ්‍ය”‍ මේද අම්ලවලින් පොහොසත් වන අතර, සම යටින් පවතින පටක ශක්තිමත් කර, ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කර අනර්ඝ සමක් ලබා දෙයි.

දහඩිය දුගඳ නැති කිරීමට

http://www.howtogettheguy.com

ඔබ තදින් දහඩිය දාන්නෙ නැති අයෙකු නම් ස්වභාවික පොල් තෙල් ඩියොඩ‍්‍රන්ට් එක භාවිත කළ හැකියි. පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ පොල් තෙල්වල ඇති ලෝරීන් අම්ලය බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වන බවයි.

නියපොතු වර්ධනයට

පොල් තෙල්වලින් ඔබේ වියළී ගිය නියපොතු මසාජ් කිරීමෙන් ඒවා මත රැඳුණු මැරුණු සෛල හා නියමල ඉවත් කරගත හැකිය. එය ඔබේ නියෙහි වර්ධනයට හේතු වේ.

මේක්අප් බුරුසු පිරිසිදු කර ගැනීමට

sassysapperstein.files.wordpress.com

මේක් අප් උපකරණ බැක්ටීරියාවලින් තොරව තබා ගැනීමට හා සම පිරිසිදු කර තබා ගැනීමට සතියකට වරක් හෝ පිරිසිදු කිරීමට නිර්දේශ කරයි. බැක්ටීරියා නාශක සබන් සහ පොල් තෙල් මිශ‍්‍ර කර මේක්අප් බුරුසු පිරිසිදු කරන්න.

සමේ රැලි වැටීම හා වයස්ගත පෙනුම දුරැුලීමට

https://i0.wp.com

සමේ ඇති වූ රතු පැහැය සහ සම රැලි වැටී ඇති අවස්ථාවලදී ඔබේ මොයිස්චරයිසර් ආලේපනය සමඟ පොල්තෙල් ආලේප කරන්න පුළුවන්. පොල් තෙල් වල ඇති ලෝරික් අම්ලය බැක්ටීරියා නාශකයක් ලෙස කි‍්‍රයා කරයි. එමගින් සමේ රැලි ගතිය අඩු කරන හෙයින් වයස් ගත බව අඩුවෙන් පෙන්වීමට හේතු වනු ඇත.

සම් භාණ්ඩ සඳහා දිදුලන පෙනුමක්

http://i.imgur.com

ඔබ භාවිතා කරන සම් භාණ්ඩවලට ඉහළ දීප්තියක් හා දිදුලන බවක් ලබා ගැනීමට නම් රෙදි කඩක් ගෙන තෙල් ස්වල්පයක් ඒ මත ආලේපනය කරන්න.

අසාත්මිකතාවන්ට ප‍්‍රතිකාරයක් ලෙස

http://www.naturallivingideas.com

අසාත්මිකතාවයන් මතු වූ අවස්ථාවලදීද පොල් තෙල් භාවිතය වඩා වැදගත් වන්නේ බැක්ටීරියා නාශකයක් ලෝරික් අම්ලය සහ කැප්රික් අම්ලය මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන නිසායි.

cover image: https://www.fitnessmagazine.com

Related Articles