Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉත්තෙක් නොවූ රැජිනක ගේ කතාව – The Queen of Katwe

අද අපි ඔබ වෙත ගෙන එන්නේ තවත් සත්‍ය කතාවක් ආශ්‍රිතව ගොඩ නැගුණු චිත්‍රපටයක් ගැනයි. මෙය ටිකක් වෙනස විදියේ චරිතයක් එක්ක දිවයන කතාවක්; චෙස් ක්‍රීඩාව මගින් ජීවිතය ජයගත් දුගී උගන්ඩා ජාතික ක්‍රීඩිකාවක් වටා ගොඩ නැගෙන අපූරු කතාවක්. ක්‍රීඩාවක් සමග බැඳුණු නිසාදෝ මේ කතාව මුල සිට අග දක්වාම අපුරුවට රස විඳීමේ හැකියාවක් පවතිනවා.

දුගී පැල්පතින් බිහි වුණු ශූරිය

ෆියෝනා මුටෙසි ආහාර සොයමින් යන අතර තුර රොබට් කටෙන්ඩේ ගේ චෙස් පාසලට අහම්බෙන් ඇතුලත් වන අතර, ඉන් පසු ඇය එතැනින් තම අලුත් ජීවිතය සොයා ගන්නවා.

ෆියෝනා මුටෙසි උගන්ඩාවේ කට්වී නම් මුඩුක්කු ආශ්‍රිතව අධික දරිද්‍රතාවයෙන් දිවි ගෙවන නූගත් යුවතියක් වන අතර ඇය තම මව හා එක්ව ජීවිත සටනට මුහුණ දෙනවා. චෙස් ක්‍රීඩාවට තමන් කෙරෙහි ඇති දක්ෂතාවය අහම්බෙන් සොයා ගන්නා ඇය එම ක්‍රීඩාව කෙරෙහි වන හැකියාව හරහා තම පුහුණුකරු වූ රොබර්ට් කටන්ඩේ ගේ සහයෙන් ජාතික චෙස් ශූරිය දක්වාම පැමිණෙනවා.

පුහුණුකරු වගකීමෙන් එහා ගිය රොබර්ට්

කට්වී හී රැජින – The Queen of Katwe – චිත්‍රපටයෙන් (tfilm.co)

රොබර්ට් පවසන පරිදි ඔහු 2005 දී උගන්ඩාවට චෙස් ක්‍රීඩාව ගෙන එන විට ඔහුට එරට ළමුන්ට බෝර්ඩ් එකක කරන ක්‍රීඩාවකට එහා ගිය යමක් කරන්න උවමනාව තිබිලා.

“එය ඇත්තෙන්ම ඒ ළමුන් හා මට සම්බන්ධ වීමටත්, ආශ්‍රයක් ගොඩ නගා ගැනීමටත් තිබූ සරලම මාර්ගයක්. එමෙන්ම ඔවුන්ට තමන්ගේ ජීවිතයේ ඉදිරි පියවර තබමින් ඉස්සරහට යන ගමනට ශක්තියක් වෙන හැටි චෙස් සංකල්ප හරහා ඉගැන්වීමට මට හැකියාව ලැබුණා” යැයි කටන්ඩේ පවසනවා. එමෙන්ම චෙස් ක්‍රීඩාව හරහා අපගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය දේ ගොඩනගා ගැනීමද උගන්වන බව හෙතෙම පවසනවා.

මුටෙසි මෙම පාසලට එන විට ඇයට වයස අවුරුදු 9ක් පමණ වෙනවා. එමෙන්ම චෙස් ක්‍රීඩාව ඇයට මුලදී ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවා තිබී නැහැ. තමාට මුලින්ම මෙය කෙරෙහි එතරම් ඇල්මක් නොතිබූ බව පවසන ඇය එනමුත් තමන්ට තිබූ‍ නිසා දක්ෂතාව ආරම්භයේ සිටම මේ කෙරෙහි බැඳීමක් තිබූ බව පවසනවා.

ඇය වයස අවුරුදු 11 දී උගන්ඩාවේ කණිෂ්ඨ චෙස් ශුරිය වූ අතර ඉන්පසුව ජාතික ශුරතාවද දිනා ගනු ලබනවා. වයස අවුරුදු 17 වන විට ලෝක ශූරතා තරඟ වෙනුවෙන්ද ඇය සුදානම් වෙනවා.

තරඟාවලි කිහිපයක් ක්‍රීඩා කර ශුරතා කිහිපයක් දිනන විට තමා කෙරෙහි වූ අවධානය ඉහළ ගිය බවත්, තමන් ක්‍රීඩා කරන බොහෝ අවස්ථාවල තමන් හා බැඳුණු විස්තර කළ නොහැකි යම් දෙයක් තිබෙන සේ දැනෙන බවත්, එය ස්වාභාවික බවත් ඇය පවසනවා. පසුව ඇය තම නූගත් බව ස්වෝත්සාහයෙන් ම අපූරුවට ජය ගන්නවා.

ෆියෝනාගේ කතාව මැනවින් නිරූපණය වූ හැටි

රූගත කිරීම් අතර තුර (googleapis.com)

එමෙන්ම මෙම චිත්‍රපටය පුරාවට ම විහිදී යන කරුණක් වන්නේ යම් ප්‍රදේශයකට ආවේණික දේවල්වලින් හා සම්ප්‍රදායන්ගෙන් මිදීමට කෙතරම් වෙහෙසක් ගත යුතුද යන්නයි. නමුත් කෙසේ හෝ එ්වා ජය ගැනීම තුලින් කෙතරම් ජයග්‍රහණයන් කරා යා හැකි ද යන කාරණාවත් හොඳින් පෙන්නුම් කෙරෙනවා.

එමෙන්ම දුගී බව මත තමන්ට කෙදිනකවත් ලඟා කර ගත නොහැකිව තිබූ දෙයක් යම් මොහොතක තමන් ලද විට එය කෙතරම් වටිනවා ද යන්නත්, එයට ප්‍රතිචාර දැක්වීමේදී ඒ මොහොතේ සමාජ සම්මතයන් කිසිවක් අදාළ නොවන බවත් මෙහි ඇති එක් දර්ශනයක දැක ගන්න පුළුවන්. එම ළමුන් තම පළමු චෙස් තරඟයට ගියවිට එයට මුහුණ දීමට පෙර ආහාර ගන්නා මේසය දැක්වෙන රූප පෙළෙන් මෙය මනාවට කියා පානවා.

එමෙන්ම දරිද්‍රතාවය නිසා කාන්තා ලිංගික ශ්‍රමිකයන් බිහිවීමේ ආදීනවත්, අප්‍රිකා රටවල් ආශ්‍රිතව පවතින සෞඛ්‍ය, සනීපාරක්ෂක හා ජල ගැටළු මෙන්ම නිවාසවල ගැටළුත් එකෙන් එක මේ සිනමා පටය පුරා ම දැකගන්න පුළුවන්. ජිවිත සටන මෙන්ම ඉහළ පැළැන්තිවල අයගෙන් යටත්වාසීන්ට සිදු වන පීඩා පවා මෙම නිර්මාණය පුරාම අඩංගුයි. හුදෙක් එක් චරිතයක් වටා කෙතරම් සමාජ බලපෑමක් නිර්මාණය වන්නේද යන්න මනාවට මෙම රූප රාමුවලින් ග්‍රහණය කරගෙන තිබෙනවා.

collider.com

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අප්‍රිකාව පුරාම සිදු වී ඇති අතර මෙය පුරාවටම පුහුණුකරු ලෙස කටන්ඩේ කෙතරම් වෙහෙසක් දරනවාද යන්නත් පෙන්නුම් කරනවා. ෆියෝනා ඇතුළු පවුල මුඩුක්කු ජිවිතයෙන් මුදාගන්නට ඔහු කරන කැප වීම පුදුම සහගතයි. පුහුණුකරුගේ භූමිකාවෙන් පිටතට ගොස් තම කණ්ඩායමේ ජයග්‍රහණය සහ තරඟාවලියේ සහභාගිත්වය වෙනුවෙන් මුදල් සෙවීමට ඔහු දියත් කරන ක්‍රියාන්විතය විශ්මයජනක එකක්.

2016 දී ඩිස්නි සමාගමේ බෙදාහැරීමක් ලෙස එළි දැක්වුණු “කට්වේ හී රැජින” ගේ කතාව මීරා නියිර් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එහි තිර පිටපත රචනා කර තිබුණේ විලියම් වීලර් විසිනුයි. මෙම චිත්‍රපටය තුළ එතරම් සිනමා ප්‍රයෝග අපට දැක ගැනීමට හැකි නොවුණත් මෙහි කතා තේමාව මනා ලෙස ගළපා ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී තිබෙනවා.

අප්‍රසිද්ධ කතා

මෙම චිත්‍රපටයට අදාලව ඔබ අප නොදැන සිටි කතාවක් history vs hollywood වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. ඒ ෆියෝනාගේ සත්‍ය ජිවිතයට අදාළවයි.

  1. කට්වී හී බොහෝ දෙනෙකු සේම ෆියෝනාත් ඇයගේ උපන් දිනය දැන සිටියේ නෑ. එසේම ඒවා කොහෙවත් වාර්තා කර පවා තිබී නෑ. එමෙන්ම මෙම ප්‍රදේශය තුල කැලැන්ඩර් තිබුණත් බොහෝ දෙනෙකුට එ්වා කියවීමට හෝ සතියේ දින හඳුනා ගැනීමට හැකියාවක් තිබී නැහැ. එමෙන්ම ඔරලෝසුව මේ ප්‍රදේශවල සැලකෙන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසටයි.
  1. ෆියෝනාගේ පියා ඒඩ්ස් රෝගය නිසා මිය යන්නේ ඇයට වයස අවුරුදු 3 ක් වන විටයි. NDT නාලිකාව හා පැවති සංවාදයක දී ඇයගේ මව වූ හැරියට් පවසා ඇත්තේ එම මරණයෙන් පසුව ජීවිතය ඉතාම කටුක වූ බවයි. දරුවන්ගේ පාසල් ගාස්තු පවා ගෙවීමට ඇයට නොහැකි වූ බවත්, නිවසේ කුලිය ගෙවීම කළ නොහැකි වූ තැන ඇය තම මවගේ නිවසේ ලැඟුම් ගත් බවත් අැය පවසා තිබෙනවා.

සත්‍ය කතාවේ චරිත (i0.wp.com)

  1. ෆියෝනා ESPN සඟරාව වෙත තරමක් සංවේදී ප්‍රකාශයක් කර තිබුණා. ඒ තම නැගණියගේ මරණය සම්බන්ධවයි. එහිදී අැය ප්‍රකාශ කර තිබුණේ ඇයගේ පියාගේ මරණින් සතියකට පමණ පසුව එක උදෑසනක තම සොහොයුරිය වූ ජුලියට් තමා හිසේ කැක්කුමකින් පෙලෙන බව පැවසූ බවයි. ඉන්පසු ඔවුන් අැයට ශාඛසාර බෙහෙතක් දී තිබෙන බවත්, ඒ සමඟම ඇය නින්දේදී ම මරණයට පත්ව තිබෙන බවත් ෆියෝනා කියා තිබෙනවා.
  1. කතාවේ තිබුණා මෙන්ම ෆියෝනාව ඇයට අවුරුදු 6ක් වෙන තැන පාසලෙන් ඉවත් කර ගන්නට සිදු වෙනවා. එයට හේතූ වී තිබුණේ ඇයගේ මවට එ් වෙනුවෙන් වියදම් කරන්න තරම් මුදලක් නොමැති වීමයි. පාසලෙන් ඉවත් වීමට සිදු වීම දරා ගැනීමට තරමක් අපහසු වූ බව ෆියෝනා පවසා සිටියා.
  1. ඇයගේ සත්‍ය ජිවිත කතාව තුල ෆියෝනා සතු විශ්මිත හැකියාව ගැන අැගේ පුහුණුකරු වූ රොබට් හඳුනා ගන්නේ අැය තමාව පැරදවීමත් සමගයි. ඉන්පසු ඇයව මුඩුක්කු ජිවිතයෙන් එළියට ගැනීමට ඔහු මහත් වෙහෙසක් ගෙන අැති අතර ඔහුගේ බලාපොරොත්තු ඉටු කරමින් විශ්ව විද්‍යාල සිසුන් පවා පරාජය කරන්නට ෆියෝනාට හැකි වී තිබෙනවා. 2007 දී ඇය උගන්ඩා කණිෂ්ඨ ශුරතාව දිනා ගන්නා විට ඇයට වයස අවුරුදු 11ක් පිරුණා පමණයි. ඉන්පසුව ඇය එකපිට දෙවරක් මෙම ශුරතාවයට හිමිකම් කියා තිබෙනවා.

තමන් ක්‍රීඩා කරන විට තමා ඉදිරියේ සිටින්නේ ගැහැණු ළමයෙක් ද, පිරිමි ළමයෙක් ද යන්න හෝ ඔවුන් අන්දමේ අය ද යන්න තමන් නොතකන බවත්, තමාට තමන්ගේ ජයග්‍රණය විශ්වාස බවත් ෆියෝනා කියා තිබෙනවා.

ෆියෝනාගේ කතාව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඉතා හොද ආදර්ශයක්. හැකියාව, දක්ෂතාවය හා උනන්දුව ඇත්නම් කාන්තාවකට ලැබිය නොහැකි ජයග්‍රහණයක් නොමැති බව ඇය මනාව ඔප්පු කර තිබෙනවා.

කවරයේ රූපය: statcdn.fandango.com

මුලාශ්‍ර: people.com

Related Articles