Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේවත්වයට පැමිණි නේපාල දැරියෝ

යුනිකා වාජාචර්යාට දේවත්වයේ අද්දරට පැමිණීමට හැකි වීම නිසා ඇය නේපාලය තුළ වඩාත්ම පූජනීය චරිතය බවට පත්ව තිබේ. ඇය තවමත් වයස අවුරුදු 6ක් වන පාසැල් වියේ පසුවන සාමාන්‍ය දැරියකි. කුතුහලයෙන් පිරී ගිය ඇගේ දෑස්වලින් ලැජ්ජාවෙන් පිරී ගොස් ඇත. ආගන්තුකයන්ට ඇය වෙත සමීප වීමේ හැකියාවක් නැත. මන්ද ජනයා දණින් වැටී පූජෝපහාර පවත්වන කුමරියක නැතිනම් දෙවඟනක ලෙසට මුළු මහත් දේශයම ඇයව තෝරාගෙන ඇත.

කුමාරි දෙවඟන වූ යුනිකා

පින්තූරය – unika – (කුමාරි දෙවඟන ලෙස අභිෂේක ලත් යුනිකා) your-photography.com

යුනිකා, ‘නේවාර්’ නමැති ජන වර්ගයට අයත් නේපාලි ජාතික දැරිවියකි. සාමාන්‍යයෙන් කුමාරි දෙවඟන සඳහා තෝරාගනු ලබන්නේ නේවාර් ජන වර්ගයේ උසස් ලෙස සැලකෙන ශාක්‍ය හෝ බජ්රාචාර්ය වංශ වලිනි. පතන් හෙවත් ලලිත්පූර් නමින් හැඳින්වෙන 23000ක පමණ බෞද්ධාගමිකයින් වාසය කරන්නා වූ හිමාලය කඳු පාමුල පිහිටි සාරවත් කත්මණ්ඩු මිටියාවතේ ඈ වාසය කරන්නීය. නේවාර් ජනවර්ගයේ වැසියෝ ඉපැරණී පාරම්පරික සම්ප‍්‍රදායක හිමිකරුවන් වෙමින් ජීවමාන දෙව්දුවකට වැඳුම් පිදුම් කරන්නට ලැබීම පිළිබඳව සාඩම්බර වෙති.

වර්තමාන කුමාරි දෙවඟන බවට යුනිකා පත් වන්නේ දෙවන වරටත් අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත් වීමෙන් පසුවය. එනම් ඇය දෙවනවර ඉදිරිපත් වන්නේ වසර දෙකකට පසුවය. යුනිකා පවසා ඇත්තේ කුමාරි දෙවඟන බවට පත් වීමේ ආශාව ඇති වන්නේ නැවත ඉදිරියට යාමට පවුලේ අයව පෙලඹ වූ නිසා බවයි.

කුමාරි දෙවඟන සංකල්පයේ ඉතිහාසය හා පුරාවෘත්ත

පින්තූරය – worship goddess (දෙවඟන ඉදිරියේ දණ නවන නේපාල වැසියෙක්) dailymail.co.uk

නේපාලයේ මෙම ජිවමාන දෙව් දුව හඳුන්වනු ලබන්නේ ‘කුමාරි දෙවඟන’ නමිනි. මෙම ‘කුමාරි’ දෙවඟන වැඳුම් පිදුම් කිරීමේ චාරිත‍්‍රය ක‍්‍රිස්තු වර්ෂ 1799 දක්වා අතීතයට දිව යයි. එවකට ඉංග‍්‍රීසීන් විසින් නේපාලය යටත් කරගෙන තිබුණි. නේපාලයේ කත්මන්ඩු පෙදෙස රජෙකු යටතේ පැවතුන අතර ගුර්කා ප‍්‍රදේශය තවත් රජකු යටතේ පාලනය විය. මෙසේ නේපාලය දෙකඩ වී තිබීම ඉතා පහසුවෙන් ඉංග‍්‍රීසියෙන් විසින් යටත් කර ගැනීමට හේතු වූ බව සිතූ පී‍්‍රතිව් නාරායන් රජු ‘කුමාරි’ දේවතා සංකල්පය ඉදිරිපත් කරමින් නේපාලය එක්සේසත් කරනු ලැබීය. එසේම ‘කුමාරි’ යනු පාර්වතී දෙවඟනගේ නැවත උත්පත්තිය ලෙස ලෙසද නේපාල වැසියෝ විශ්වාස කරති. ඔවුන් එසේ අදහන්නේ නේපාලයේ ඇති පැරණි පුරාවෘත්තයකට අනුව ය.

පාර්වතිය දිනක් දෙව්ලොවින් නික්ම නේපාලයේ රජු වෙතට පැමිණ දාදු සෙල්ලම් කිරීමට තීරණය කළාය. දෙව්දුවගේ රූපශ‍්‍රීයෙන් වසඟ වුණු රජු ඇය කෙරෙහි ආදරයක් ඇති කර ගත්තේය. මේ අනුව ඈ ආපසු දෙව්ලොවට ගියේ පාර්වතිය රජුට සිහිනයෙන් දර්ශනය වී ළාබාල ගැහැනු දරුවකු ලෙස නැවත පොළෝ තලය වෙත පා නඟන බවත්, ඇයට වන්දනාමාන කොට වරදට සමාව ගන්නා ලෙසත් පවසා බව එම පුරාවෘත්තයෙහි සඳහන් වී තිබේ. එමෙන්ම රටේ ආරක්ෂක දෙව්දුවද වන්නේද ඇයයි.

ඇය සතු දිව්‍යමය බලය නේපාලයේ පාලකයාට නේපාලය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දිව්‍යමය ශක්තිය ලබා දෙනු ඇති බවටත්, මෙම දෙව්දුවගේ දිව්‍යමය ආනුභාවයෙන් රටේ රජුට රට රටවැසියාටත් කිසිදු අන්තරාවක් සිදු නොවන බව නේපාල වැසියෝ අදහති. කුමාරි දෙවඟන තෝරාගැනීමේදී රාජකීය නක්ෂත‍්‍රකරුවන් විසින් ඇයගේ කේන්දරය පරික්ෂා කර බලන්නේ මේ ගැන සොයා බැලීමටයි.

දෙවඟන තෝරා ගැනීමේ චාරිත‍්‍රය

පින්තූරය – kumari-tokha-painting-forehead-615 (කුමාරි දෙවඟන ලෙස සැරසෙන කුඩා දැරියක්)  natgeotraveller.in

මුල් වරට කුමාරි දෙවඟන සිංහාරූඪ කිරීමේ උත්සවය පවත්වා ඇත්තේ 1799 දී කත්මණ්ඩු නුවරදී ය. නේපාලයේ ජීවමාන දෙව්දුව වීමට වරම් ලැබෙන්නේ කරහලූ‍ (රන්කරු* කුලයේ උපන් සත් හැවිරිදි දැරියක ටයි. ඇය රූප ස්වභාවයෙන් අගතැන් පත් විය යුතු වේ. එමෙන්ම ඇයට නොකැළැල් පැහැපත් සමක්, මනා ලෙස පිහිටි දත් එසේම මනා සෞඛ්‍යයකින් ද ඇය යුක්ත විය යුතුයි. එමෙන්ම ඇය කුමාරි ලක්ෂණ තිස් දෙකකින්ද සමන්විත විය යුතුයි. ඇයගේ පා පත්ලේ ආවර්ති රේඛා තිබිය යුතුයි.

මෙම දෙවඟන තෝරාගන්නා උත්සවයද අපූර්ව එකකි. එය පැවැත්වෙන්නේ කත්මණ්ඩු නුවර ප‍්‍රධාන චතුරශ‍්‍ර‍්‍රයේදී මධ්‍යම රාත‍්‍රියේ දී ය. බියකරු වෙස් මුහුණු පැළඳගෙන මිනිසුන්ගේ බිහිසුණු හඬ මැද්දේ තමා උදෙසා බිලි දී ගෙල කපා මරා දමනවා මීහරකුන් 216කගේ ලේ වැගිරෙන මළ කඳන් දෙස බලමින් ඒ අතරින් පිය නැගීමට ද මෙම දැරියට සිදු වේ. ඇය ගමන් කළ යුත්තේ බිහිසුණු පෙනුමක් හා අත් අටක් සහිත දෙවඟනගේ දේවාලය වෙතයි. එමෙන්ම මීහරක් හිස්වල දල්වා ඇති ඉටිපන්දම් වලින් නිකුත්වන මලානික එළියෙන් එම දසුන වඩ වඩාත් භයංකාර වේ. මෙය සැබෑම බිහිසුණු අත්දැකීමකි. යම් හෙයකින් දැරියගේ මුහුණේ බියකරු බවක් පළ වුණ හොත් ඇයට කුමාරි දෙවඟන වීමේ අවස්ථාව අහිමි වී යයි. එම නිසා සියලූ‍ බිහිසුණු සිදුවීම් හමුවේ නිසලව සිටින මෙම දැරියට කුමාරි දෙවඟන බවට පත් වීමේ දුර්ලභ වරම හිමි වෙයි.

සාමාන්‍ය ජීවිතයෙන් වෙන් වූ දෙවඟන

මෙම ජීවමාන දෙවඟනගේ වාස භවනය ඇත්තේද කත්මණ්ඩු නුවර ප‍්‍රධාන චතුරශ‍්‍රයේ ය. ලීයෙන් හා ගලින් තනා අනේකවිධ කැටයමින් සැරසූ තෙමහල් ප‍්‍රාසාදයකි. මන්දිරයේ ප‍්‍රධාන දොරටුව අබියස දැවමුවා සිංහ රූප දෙකක් ඇත. ඉඳහිට මේ දෙවඟන කැටයම් කරන ලද කවුළු අතරින් අවට පරිසරය දෙස බලා සිටිනු දැකිය හැකිය.

පින්තූරය – window goddess-(කවුළුවෙන් අවට බලා සිටින කුඩා දෙවඟන ) alamy.com

කුමාරි රනින් ගෙත්තම් කරන ලද රතු පැහැය ඇඳුමකින් සැරසී සිටින්නීය. ඇයට ඇහිබැමි කලූ‍ පාටින් පින්තාරු කරන අතර හිස මුදුනට කර කොණ්ඩය ගැට ගසනු ලැබේ. නළලේ රන් පැහැති සාදිලිංගම් ගල්වන අතර ඒ මත කහ සහ කළු පැහැයෙන් තුන් වැනි ඇසක් ද අඳිනු ලබයි. ඇය මැණික් එබ්බ වූ රන් මුවා ඔටුන්නක් පළඳියි.

ඇයට හින්දු පූජකයන් විසින් පුද සත්කාර කරනු ලබන අතර වසරකට වරක් නේපාලයේ රජු ඇයව බැහැ දැක යහපත් රාජ්‍ය පාලනයට අවශ්‍ය දිව්‍යමය ආශීර්වාදය ලබා ගැනීම සිරිතකි. නේපාලයේ මුඛ පරම්පරාගත කතාවකට අනුව වරක් කුමාරි දෙවඟන රජු යැයි සිතා රජු සමඟ පැමිණි පුත් කුමරාට ආශිර්වාද කොට ඇත. දෙවඟන අතින් වැරැුද්දක් සිදු වීම නිසා නේපාලයේ රජු ඊට මාස කිහිපයකට පසුව හදිසියේ මිය ගොස් ඇත. ඉන්පසුව රාජ්‍ය පාලනය පුත් කුමරාට හිමිව ඇත.

කුමාරි දෙවඟන ලෙස තේරී පත් වීමෙන් පසුව ඇයට ඇගේ දෙමව්පියන් සමග වාසය කිරීම තහනම්ය. දෙව්දුවගේ උපස්තිකාව ලෙස කුමාරිමා නමින් විශේෂ තැනැත්තියක් නේපාල රජය මඟින් පත් කර සිටී. කුමාරිමා හා ඇගේ දරු මුණුපුරන් වාසය කරන්නේද දෙවඟනගේ වාසභවනයෙහිය. කුමාරි දෙවඟනට තම වාසභවනයෙන් පිටතට ගොස් සෙල්ලම් කිරීමට අවසර නැත. යම් හේතුවකින් සිරුරේ තුවාලයක් සිදු වුවහොත් එයින් කියවෙන්නේ අනිවාර්යයෙන්ම රටේ රජු සිංහාසනයෙන් නෙරපෙන බව යැයි නේපාල වැසියෝ විශ්වාස කරති. නේපාලය දැරියකට මෙම දේව තනතුර දැරීමට ඉඩ ලැබෙන්නේ ඉතාම කෙටි කාලයක් පමණි. මල්වර වීමත් සමඟ දේව ධූරයෙන් ඉවත්වීමට ඇයට සිදුවේ. විශ‍්‍රාම ගන්නා විට ඇයට රජය මගින් වැටුපක් ගෙවනු ලබයි. එසේම ඇයට පසු කාලයේ ජීවත් වීම සඳහා රජය නිවසක්ද ඇයට පරිත්‍යාග කරයි. එහෙත් ඇයට ජීවිත කාලය පුරා අවිවාහකව සිටීමට සිදු වෙයි.

පින්තූරය – goddess 1-(නේපාල වැසියන්ගේ පූජෝපහාර ලබමින්) aninews.in

2015 අපේ‍්‍රල් 2 වැනිදා නේපාලයේ ඇති වූ දරුණු භූ කම්පනයේදී කුමාරි දෙවඟන  යනුවෙන් හැඳින්වෙන දැරියට කිසිදු අන්තරාවක් සිදු නොවුණු අතර දෙවන වරට මැයි 15 වැනිදා කත්මණ්ඩු නුවර පතන් ප‍්‍රදේශයට ඇති වූ භූ කම්පනය දරුණු ලෙස බලපෑ අතර එම ප‍්‍රදේශයේ පන්සල් ඇතුළු පූජනීය ස්ථාන බොහොමයක් කඩා වැටුණි. එම භූ කම්පනයෙන් වර්තමාන කුමාරි දෙවඟනට හෝ කලින් සිටි කුමාරිවරුන්ට කිසිදු අනතුරක් සිදු වී තිබුණේ නැත.

Cover photo: darkroom.baltimoresun.com

මූලාශ‍්‍ර

http://ngm.nationalgeographic.com/2015/06/nepal-kumaris/tree-text

Related Articles