Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි‍්‍රකානු ඉතිහාසය හැඩගැස් වූ ගැහැණු

ඉතිහාසය ජයග‍්‍රාහකයින් විසින් ලියන ලදැයි යන වින්ස්ටන් චර්චිල් විසින් කරන ලද ප‍්‍රකාශයට පෙර ඒ සම්බන්ධයෙන් ඇඟවීමක් කෙරුණේ 1976 මිෂෙල් ෆූකෝ විසින් ඵෙතිහාසික සංශෝධනවාදය ගැන කතා කරමින් ලියූ ‘සමාජය ආරක්ෂා විය යුතුය’ යන පොතෙනි.

මෙම සාකච්ඡාව අදට ද අදාළය. ඓතිහාසික වෘතාන්තයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් තවමත් ලියනු ලබන්නේ බලයේ සිටින අය විසිනි. ඔබ ලෝකයේ බලවත්ම ආයතන (ආණ්ඩුව, ශාස්ත‍්‍රාලීය හෝ ව්‍යාපාර) වෙත ගමන් කරන්නේ නම්, ඉතිහාසය හැඩ ගස්සවා ඇත්තේ යුරෝ-ඇමරිකානු මිනිසුන් විසින් බව හඳුනාගනු ඇත. මෙම  කණ්ඩායම අනෙක් අය සඳහා ඉතිහාසය හැඩගැස්සවීම හිතාමතාම කරන ලද්දක් ලෙස සිතිය නොහැක. අපේ ජීවිත හැඩගස්වන කතා වල මූලාශ‍්‍ර දැනගැනීම, ජීවිතයේ අනේකවිධ අන්තරායන්ට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.

අපි‍්‍රකානු ඉතිහාසය හැඩගැස්සවීමට දායක වූ ශ්‍රේෂ්ඨ අපි‍්‍රකානු නායිකාවන් හත් දෙනෙකු පිළිබඳව අපි විමසා බලමු.

ෆන්මිලායෝ කුටි – කාන්තා කි‍්‍රයාකාරිණී

informationng.com

බටහිර යුගයේ ස්තී‍්‍රවාදයේ දෙවන රැල්ල ආරම්භ වීමට වසර ගණනාවකට පෙරාතුව නයිජීරියාවේ කි‍්‍රයාකාරී රැල්ලක් ඇති විය. එහි පෙරමුණ ගනු ලැබුවේ ජාතිකවාදී කාන්තා කි‍්‍රයාකාරිණියක වන ෆන්මිලායෝ ඇනකුලාපෝ-කුටි ය. ඇගේ ස්තී‍්‍රවාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වය විසින්, අබේකුටා කාන්තා සංගමය (WIDF)සහ පසුව කාන්තා ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මේලනය (AWU) නිර්මාණය කෙරුණු අතර, කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීම, රැකියා සහ දේශපාලනික සහභාගීත්වය‍ වර්ධනය කිරීම සඳහා කුටි සහාය ලබා දෙන ලදී. එග්ලබන්ඩාවේ අලේකේ ඇඩෙමාලා රජුට කාන්තාවන්ට බදු පැනවීමට අවශ්‍ය වූ විට, කුටි සහ ඇගේ ඩි.එම්.වී. කාන්තා සගයන් ගොස් උද්ඝෝෂණය කළේ ‘‘කාන්තා සහභාගීත්වයක් නැතිව බදු නැත’’ යනුවෙනි. අසාධාරණයන් නිවැරදි කරන තුරු ඔවුන් බදු ගෙවීමට දැඩි ලෙස විරුද්ධ වූහ. අලේකේගේ නිවසෙන් පිටත විරෝධතා දැක්වූ කාන්තාවන්, එහි ගී ගයමින් කාලය ගත කළහ. රජු එම තීරණය ඉවත දැමීමට කුටි ප‍්‍රමුඛ කාන්තාවන්ගේ එක්සත්භාවය හේතු විය.

යා අසන්තේවා – හමුදා නායිකා

3.bp.blogspot.com

යුුරෝපයේ අධිරාජ්‍ය බලයට එරෙහිව අභියෝග කළ හා ප‍්‍රතිචාර දක්වන ලද ඝානාවේ අසන්තෙ රාජ්‍යයේ එඞ්වෙසෝහි නනා යා අසන්තේවාට සමකළ හැකි කාන්තාවක් අපි‍්‍රකානු ඉතිහාසය පුරා සොයා ගන්නට නැත.

අසන්තේ වැසියන් සහ බි‍්‍රතාන්‍යයන් අතර අවසන් සටන ලෙස හැඳින්වෙන ප‍්‍රසිද්ධ යායූ අසන්තේවා යුද්ධයේ, යුද හමුදාවට අණ දෙන නායිකාව වූයේ ඇයයි. බි‍්‍රතාන්‍යයන් විසින් ඇයව හඳුන්වනු ලැබුවේ  ‘Joan D’Arc of Africa නාමයෙනි. ඇය සටන්කරුවන් අතරට නොපැමිණි නමුත් ඇගේ නමින් සටන්කරුවන් සටන් කළ පිරිසට ඇය අවි බලය සහ නියෝග ලබා දුන්නාය.

විනී මැන්ඩෙලා – ජනාධිපති ආර්යාව

TheNET.ng

විසිපස් වසරක කාලය මැන්ඩෙලා යුවළගේ වෙන් වීම තීන්දු කළේය. එය ඇතැම් විට ඔවුන් දෙදෙනා විසින් තීරණය කරන ලද්දකටත් වඩා සමාජයේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා සිදු වූවකි. නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් වී එන විට විනී මැන්ඩෙලා තවදුරටත් ඔවුන් දෙදෙනා විවාහ වෙද්දී සිටි තරුණ කාන්තාව නොවූ අතර මැදි වියට පත්ව සිටියාය. එපමණක් නොව මතවාදී වශයෙන්ද ඈ මැන්ඩෙලාට වඩා බොහෝ වෙනස් අදහස් දරන්නියකද වී තිබුණාය.

නෙල්සන් මැන්ඩෙලා හිරේ සිටියදී ඇය සහ මැන්ඩෙලාගේ දරුවන්  නිතර නිතර පොලීසිවලට ගෙන යන්නටත් අසීමිත වධ බන්ධනයන්ට පාත‍්‍ර කරන්නටත් වීම ඇගේ මේ වෙනසට හේතු වන්නට ඇතැයි අපි‍්‍රකානුවන්ගේ අදහසයි. මේ නිසාම සුදු ජාතිකයින්ට එරෙහිව කටයුතු කළ බිහිසුණු තරුණ පිරිමි කැරලිකරුවන්ගේ සමාගමට දැන් පුරුදු වූ ඇයට, ආයුධ වෙනුවට ආකල්පමය වෙනසකින් කලූ සුදු ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීමට කි‍්‍රයා කළ හිරෙන් නිදහස් වී පැමිණි පැරණි නෙල්සන් මැන්ඩෙලාගේ අදහස් දරා ගැනීමට අසීරු විය. ඔවුන් දෙදෙනා ගමන් කළේ මාවත් දෙකකය. විනී මැන්ඩෙලා සුදු නායකත්වය හා සුදු සුලුතර පාලනයට විරෝධය පළ කරමින් ආක‍්‍රමණශීලී කැරළිකාරී නායිකාවක බවට පත් වූවාය. නෙල්සන් මැන්ඩෙලාගේ රජය විසින් ගෙන ගිය සංහිඳියා ව්‍යාපාරයට එරෙහිව ඒ හා සමානව බලවත් විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන්නට ඈ සමත් වූවාය.

මාග‍්‍රට් එක්පෝ – අලංකාර ස්ති‍්‍රවාදිනිය

pinterest

බටහිර හා නයිජීරියානු විලාසිතා ආභාසය ඒකාබද්ධ කළ විලාසිතාකාරිනියක ලෙස මාග‍්‍රට් එක්පෝ ප‍්‍රසිද්ධියට පත් විය. සමහරවිට ඇයගේ ඇඳුමෙන් පසු ඇගේ පසුබිම ඇගේ ඇෆ්රොපොලිටන් ජීවන රටාව වඩාත් ෙහොඳින් නිරූපණය කරන්නට ඇයට හැකි විය. එක්පෝ බෝල්රූම් නර්තනයට ආදරය කළ අතර භක්තිමත් කිතුණුවෙකු ද විය. එහෙත් ඇය කි‍්‍රයාකාරී දේශපාලනයට සම්බන්ධ වීමත් සමඟ අපි‍්‍රකානු කාන්තාවගේ ප‍්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා සාම්ප‍්‍රදායික ඇඳුමින් වුවත් අලංකාර ලෙස සැරසෙන්නට සහ කොණ්ඩය සකස් කරන්නට විය. ඇය එරට ජනතාවට අයිතිවාසිකම් බොහොමයක් ලබා දීමට කටයුතු කළ කාන්තාවකි.

ඇය එරට කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ කාන්තාවකි. ‘එක් නයිජීරියාවක්‘, ‘දේශපාලනයෙහි ස්තී‍්‍රන්, ‘ව්‍යාපාර හා නායකත්වයන් තුළ කාන්තාවන්‘ සහ ‘කාන්තාව සවිබල ගැන්වීම’ යන ව්‍යාපාරයන්හි පුරෝගාමී වූ අතර ඇගේ මරණයත් සමඟ මෙම ක්‍ෂේත‍්‍රවල විශාල කතිකාවක් නිර්මාණය වී තිබුණි.

ගායිකා මීරියම් මකේබා

3d-car-shows.com

දකුණු අපි‍්‍රකාවේ වර්ණ බේදවාදී රෙජීමයේ තවත් කැපී පෙනෙන, විවෘත හා කැපී පෙනෙන විරුද්ධවාදිනියක වූයේ අපි‍්‍රකානු ගායන ශිල්පිනියක වන මීරියම් මකේබාය. ඇය ‘අපි‍්‍රකානු මාතාව’ ලෙසින් ද හඳුන්වනු ලබයි. මැක්බා, වර්ණබේද වාදයට එරෙහිව රැඩිකල් කි‍්‍රයාකාරීත්වයක් දැරුවා පමණක් නොව, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය තුළත්, පසුව කළු පාලනය තුළත් සුවිශාල කාර්යභාරයක් ඉටු කළාය. ඇය කළු ජාතීන් අතර ප‍්‍රසිද්ධ චරිතයක් වූ ශාකාලි කාමයිචායෙල් හා විවාහ වූවාය. ඔහු ඇය විවාහ වී සිටි සැමියන් පස් දෙනාගෙන් හතර වැනි සැමියා විය.

සින්ගා රැජින – ප්රතිසංස්කරණවාදිනියකි

open.edu

ජින්ගා” රැජින ලෙස ද හැඳින්වෙන ඇය වර්තමානයේ ඇන්ගෝලාවෙහි විශේෂිත රජයේ කාර්යාල වලට කාන්තාවන් පත් කිරීම දක්වා වන කි‍්‍රයාදාමයට පුරෝගාමීව සිටි කාන්තාවකි. ඇගේ සොයුරියන් දෙදෙනා ඇගේ පාලනය තුළ යුද නායකාවන් ලෙස කටයුතු කළ අතර ඇයගේ උපදේශක මණ්ඩලය තුළ වැඩිමනත් නියෝජනය වූයේ ස්තී‍්‍රන්ගෙනි. ඇගේ සොහොයුරියන් වන ග්‍රේස් කිෆුන්ජි සහ මුකුම්බු කුමරියන්ද, පසුව බාබරා රැුජින, ඇගේ හමුදාවේ සේවය කිරීමට කැඳවන ලදි. ජින්ගා බලවත් ගරිල්ලා හමුදාවක් සංවිධානය කර, ඇගේ සතුරන් පරාජය කළ අතර, වහල් මාර්ග පාලනය කිරීම සඳහා පෙරමුණු ඇති කර තිබේ. පෘතුගීිසින්ගේ බලපෑම නැවැත්වීමට ඇයට උපකාර කිරීමට ඇය ලන්දේසීන් සමග පවා සම්බන්ධ විය. තීරනාත්මක පසුබෑම් මාලාවකින් පසුව, සින්ගා රැජිනට පෘතුගීසින් සමග සාම ගිවිසුමක් සාකච්ඡා කිරීමට සිදු වූ නමුත් පෘතුගීසි රජුට ගෞරවය පිරිනැමීම ප‍්‍රතික්‍ෂේප කළාය.

රූත් විලියම්ස් (ඛාමා ආර්යාව) – බොට්ස්වානා ජනපති බිරිඳ

MyAJC.com

බොට්ස්වානාහි ප‍්‍රථම ජනාධිපති ශී‍්‍රමත් සෙරේට්ස් ඛාමාගේ බිරිඳ වන්නේ ඛාමා ආර්යාවයි. ඇය ඉපදුණේ දකුණු ලන්ඩනයේ බ්ලැක්හීත්හි දී වන අතර ඇය විශ‍්‍රාමික ඉන්දියානු හමුදා නිලධාරියෙකුගේ දියණියකි. බොට්ස්වානා ජනාධිපතිවරයා සමඟ විවාහ වීම වර්ණභේදවාදය තදින් පැවති අපි‍්‍රකාවේ දැඩි විරෝධයට ලක් වූ අතර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය අපහසුතාවට පත් කරන්නක් ද විය. සැමියාගේ ජනාධිපති ධුරය දරද්දීම බලවත් මෙන්ම දේශපාලනිකව කි‍්‍රයාකාරී වූ ප‍්‍රථම කාන්තාව වන්නේද ඛාමා ආර්යාවයි. 1980 දී සර් සෙරෙට්සේ ඛාමා මිය ගිය විට, බොහෝ දෙනෙක් රූත් ඛාමා ලන්ඩන් වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. නමුත් ඒ වෙනුවට ඇය වෙනුවට රතු කුරුස සංවිධානයේ සභාපතිවරිය බවට පත් වූවා ය.

අප්‍රිකාව නමැති ක්ෂේමභුමියේ සිය අයිතීන් වෙනුවෙන් අපමණ කැප වීමෙන් හා ධෛර්යයෙන් යුතුව සටන් කළ මෙම කාන්තාවෝ අද ද අප්‍රිකානුවන් පුදනු ලබන්නේ සිය ගැලවුම්කාරිනියන්  වශයෙනි. සමාජය අලුතින් ගොඩ නැඟීමේ දී මෙන්ම  වෙනස් කිරීමේදී ද කාන්තාවගෙන් සිදුවන කාර්යභාරය මෙතෙකැයි කිව නොහැකි බවට හොඳම උදාහරණ අප්‍රිකාව විසින් සපයා දී ඇත.

Cover Image: T.I.N. Magazine

Related Articles