Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබත් කාර්‍යයබහුල කතක් ද?

කාන්තාවන් වශයෙන් දෛනික ජීවිතයේ දී පැවරෙන රාජකාරි හා වගකීම් මෙතෙකැයි කියන්න බැහැ. ඇතැම්විට ඔබ දවසේ වැඩිපුර ගත කරන්නේ කාර්යාලයේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මඟ තොටේ, නිවසේ වෙන්නත් පුළුවන්. සුවහසක් වැඩ රාජකාරිවලට මැදි වී සිටින අප, දවස වඩා සැහැල්ලුවෙන් තබා ගන්නටයි උත්සාහ දරන්නේ. කාර්යයබහුල කතකට සිතේ සතුටත්, ගතට සුවපහසුවත් ඉතා වටිනවා.

කාර්යාලයේදීත් නිවසේදීත්

කතාවට කියනවා, “එදා පුරුෂයා දඩයමේ යද්දී කාන්තාව දඩයම පිස දුන්නා, නමුත් අද කාන්තාව දඩයමේත් ගිහින්, දඩයම් කළ දේ උයාපිහාත් දෙනවා” කියලා. ඒ, වර්තමාන කාන්තාවන් බොහොමයක් ගෙදර දොර වැඩ කටයුතු වගේම, රැකියාවකුත් කරන නිසා යි.

අද වන විට කාන්තාවන් බොහොමයක් රැකියාවන්වල නිරත වන නිසා, ඒ සඳහා උදේ 9 සිට 5 වෙනකල් පැය අටක කාලයක් අඛණ්ඩව යොදවන්න සිද්ධ වෙනවා. රජයේ රැකියාවක් කළත්, පුද්ගලික අංශයේ රැකියාවක නිරත වුණත්, කරන්න තියෙන වැඩ කන්දරාවේ අඩුවක් නම් නැහැ.

MAS BRANDS (PVT) LTD (amanté)

තමන්ගේ රැකියාව නිවැරදිම ඉටුකරන්න, අකුරටම වැඩ කරන්න, රැකියා ස්ථානයේ තරගකාරීත්වයට සරිලන සේ හැඩ ගැහෙන්න හිතන තරමට පහසු නැහැ. නමුත් අද වන විට බොහොමයක් කාන්තාවන් මේ සියල්ලමත් ඉටු කරලා, වෘත්තිමය අතින් ඉහළට නඟින අතරේම, සිය නිවෙසේ වැඩ කටයුතුත් සමබරව කරගෙන යෑමට සමත්වෙලා ඉන්නවා.

කාන්තාවකට නිවෙසේ ඇති වැඩ කටයුතුත්, රැකියා ස්ථානයක ඇති වැඩ තොගයට දෙවැනි වෙන්නේ නැහැ. ඉවුම් පිහුම්, ගෙදර දොර අලංකාරව පිරිසිදුව තබාගන්නට කළ යුතු කාර්යයන්, දරුවන් සිටිනවා නම් ඔවුන්ගේ වැඩ කටයුතු, දෙමාපිය නෑදෑ හිතමිත්‍රාදීන්ගේ වැඩ කටයුතු, මේ සියල්ලටම සාමාන්‍යයෙන් මූලිකත්වය ගන්නට සිදුවන්නේ කාන්තා ඔබට යි.

MAS BRANDS (PVT) LTD (amanté)

සම්ප්‍රදායික ලෙස රැකියාවකට නොගොස්, නිවසේ සිට ස්‌වයං රැකියාවක නියැලෙන, තමාගේම ව්‍යාපාරයක් හොඳින් පවත්වා ගෙන යන කාන්තාවනුත් අද කාලේ විරල නැහැ. ගෙදර ඕකිඩ් හෝ ඇන්තූරියම් වගා කිරීමේ සිට, තමාගේම ඇඟලුම් ව්‍යාපාරයක්, හෝ නීතිඥ සේවා ආයතනයක් පවත්වා ගෙන යෑම දක්වා වූ විවිධ අන්දමේ ව්‍යාපාරයන් වල නියැලෙන කතුන් මේ ලිපිය කියවන ඔබ අතර ඉන්නවා වන්නට හැකියි. ඉතින් එහෙනම් ඔබට මුහුණ පෑමට සිදුවන බාධක, අවහිරතා, දුෂ්කරතා, හා තරගකාරීත්වය පිළිබඳව අපට අමුතුවෙන් මතක් කරලා දෙන්න දෙයක් නැහැ.

විනෝදාංශයක් තියෙනවා ද?

MAS BRANDS (PVT) LTD (amanté)

රැකියාවක නියැලෙන කාන්තාවක් කොපමණ කාර්යයබහුල වුණත්, විනෝදාංශයක නියලෙන්නත් වෙලාව හොයාගන්න කාන්තාවන් සුලබ යි. මේ විනෝදාංශය මැහුම් ගෙතුම්, ආහාර පිසීම, ගෙවතු වගාව, සංචාරයේ යෙදීම, යෝගා හෝ ව්‍යායාම කිරීම, හෝ නර්තනයේ යෙදීම ආදිය වෙන්න පුළුවන්. ක්‍රියාශීලි විනෝදාංශ වල දීමට වර්තමාන කාන්තාව වැඩි කැමැත්තක් දක්වන බව පේනවා. ඇඟ හැඩට තියාගන්න මේ ක්‍රියාශීලි විනෝදාංශයන් රුකුලක් සපයන නිසා කාන්තාවන් මෙයට නැඹුරු වන බව උපකල්පනය කරන්නට පුළුවන්.

සමාජ සත්කාරයන්හි නියැලෙන කතක් ද?

ඉස්සර නම් සමාජ සත්කාර කටයුතු, පුණ්‍ය කටයුතු වල නියැලුණේ, එවැනි දේ සඳහා වෙන් වූ සංගම්, සංවිධානයන්ට සම්බන්ධව කටයුතු කළේ බහුතරයක් පුරුෂ පාර්ශවයේ අය. නමුත් අද වන විට රැකියා ස්ථානයේ දී ත්, ඉන් පිටතත් වගේම, සමාජ සත්කාර කටයුතු වලදීත් කාන්තාව පෙරමුණ ගන්නා බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.

සරණක් නැති යට සරණක් වෙන්න, හඬක් නැති යට හඬක් වෙන්න, කරුණාවන්ත, මෘදු සිත් තියෙන කාන්තාවන් හැරෙන්නට වෙන කවුද වඩාත් සුදුසු? දුෂ්කර පාසැල් වලට යටිතල පහසුකම් සපයන්න, මඟ වෙසෙන අසරණ සතුන්ට පිහිටක් වෙන්න වගේම, තවත් බොහොමයක් අන්දමේ පුණ්‍ය කටයුතු හා සමාජ සත්කාරයන්ට කාන්තාවන් නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ ඔවුන්ගේ සහජ කරුණාවන්ත ගති ලක්ෂණ වගේම, එදිනෙදා ගෙදර දොර වැඩ කටයුතු හා රැකියා කටයුතු සමග මෙවැනි බාහිර ක්‍රියාවන් වල නියලෙන්නත් කාර්යයබහුල කාන්තාව පොඩි හෝ ඉඩක් සපයා ගැනීමට සමත්ව තිබෙන නිසා යි.

කොහොම නමුත්, මේ සියලු කටයුතු වල යෙදෙන අතරේ තමන්ගේ පෙනුම අලංකාරව තබගන්නත්, සිරුරේ සැප පහසුව ගැන සැලකිලිමත් වෙන්නත් කාන්තාව උනන්දු විය යුතු යි. මොකද සිරුරට යම් අපහසුතාවක් දැනෙනවා නම් තමන් යෙදෙන කටයුත්ත සිත සතුටින්, සැහැල්ලුවෙන් ඉටු කරන්න අපහසුයි නේ. මේ බව ඔබ සියලු දෙනා අත්දැකීමෙන් දන්නවා විය යුතු යි. අනික තමන් අඳින ඇඳුම මොකක් වුණත් තමන්ගේ පෙනුම, සිරුරේ හැඩය අලංකාරව ලක්ෂණව තියාගැනීම ගැනත් කාන්තාවක් උනන්දු විය යුතු බව අප සිතනවා. එයින් ආත්ම විශ්වාසයටත්, සමාජයට ඔබේ පෙනුමෙන් ඔබ කෙරෙහි ඇතිවන පළමු හැඟීමටත් විශාල බලපෑමක් ඇතිකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

MAS BRANDS (PVT) LTD (amanté)

ඉතින් කාන්තාවක් ලෙස, ඔබේ කාර්යයබහුල දිවියට සැප පහසුව සහ සනීපයක් ලබාගත හැකි, ඔබේ පෙනුම ඔප්නංවන ඇඟලුම් භාවිතය ගැන වැඩි සැලකිල්ලක් දක්වන ලෙස ඔබට විශේෂයෙන් මතක් කරන්න අපි කැමතියි.

amanté විසින් දිනපතා භාවිතය උදෙසා බ්‍රා පෙලක්, “every dé collection” යන නම බ්‍රා එකතුව යටතේ හඳුන්වා දී තිබෙනවා. දිනපතා භාවිතය සඳහා සුවපහසු, ශරීර හැඩය හොඳින් පවත්වා ගන්නා බ්‍රා වර්ගයක් තෝරාගන්නවා නම්, විශ්වාසනීය ප්‍රමිතියකින් යුතු සන්නාමයකින් තෝරාගැනීම වඩාත් නුවණට හුරු යි.

Cover: MAS BRANDS (PVT) LTD (amanté)

Related Articles