Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ ළමා නිරූපිකාවෝ

දීප්තිමත් කොළ පැහැති ඇස් දල්වා ගත්, සුරංගනාවියන් සේ සුන්දර සිනාවකින් මුව සරසා ගත් ඔවුන් අතිශය දැකුම්කලු විය. මේ නිවුන් බිළිඳුන් දුටු මිනිසුන්ගේ හදවත් මොහොතකට නතර වූවා නිසැක යි. නන්නාඳුනන මිනිසුන් ගැහැනුන් පවා උද්‍යානයේ දී සහ වීදියේ දී, හා අවන්හලේ දී මේ බිළිඳුන් රඳවා සිටි ළදරු කරත්තය අසලට නිරායාසයෙන් ම පැමිණියේ නිරායාසයෙන්. ඒ විකසිත බවින් මෘදු වූ හදවත් හා ප්‍රීතියෙන් තෙත් වූ ඇස් සහිතව යි. මේ ළදැරියන් දෙදෙනා ඒ තරමට ම සුන්දරයි. ඔවුන්ට ඊවා මාරි සහ ලියා රෝස් යැයි නම් තැබුණා.

ඇමරිකානු රතු රෝස බිළිඳියන්
 අමෙරිකානු රතු රෝස බිළිඳියන් – www.appurse.com

 

දෙදහස් දහය වසරේ ජූලි මාසයේ හත් වැනි දා මේ ඇමරිකානු රතු රෝස බිළිඳියන් මෙලොවට බිහි වෙනවා. ඊට වසර කිහිපයකට පසු ඔවුන් ලොව ලස්සන ම නිවුන් දැරියන් දෙදෙනා ලෙස අභිෂේක ලබා කිරුළු පළඳිනවා. ඒ The Sun, Daily Mail, 7news.com.au ආදී ප්‍රධාන මාධ්‍ය වල සිරස්තල වෙමින්. වයස අවුරුදු 07 වන විට ඔවුන් Nike, Disney, Mattel, සහ Target වැනි වාණිජ ලෝකයේ අති දැවැන්ත සන්නාම සමඟ පවා නිරූපිකාවන් ලෙස ගිවිසුම්ගත වී තිබෙනවා. 

ඊවා සහ ලියා දැරියන්ගේ අපූර්ව සුන්දරත්වය

ඊවා මාරි සහ ලියා රෝස් දැරියන් දෙදෙනාට උපන්නේ ප්‍රධාන ම පෙළේ නිරූපිකාවක වන ජැකී ක්ලෙමෙන්ට්ස් සහ ඇගේ සැමියා කෙවින් ක්ලෙමෙන්ට්ස් යන මාපියන්ට යි. ඊවා – රෝස් සුන්දරියන්ගේ අපූර්ව සුන්දරත්වය දකින නෑදෑ හිත මිතුරන් පමණක් නොව නන්නාඳුනන්නන් පවා ඔවුන් ළමා නිරූපිකාවන් වීමට ඉතා සුදුසු බවට යෝජනා කරනවා. එහෙත් මේ මා පිය යුවළ ඒ අදහස එකවර ම ක්‍රියාත්මක නොකිරීමට ප්‍රවේසම් වුණා. 

නිරූපිකාවන් ලෙස දීප්තිමත් අනාගතයකට
නිරූපිකාවන් ලෙස දීප්තිමත් අනාගතයක් අබිමුව – www.pinterest.com

ජැකී අධික කාර්ය බහුල නිරූපිකාවක් වගේම ගෘහිණියක්, මවක්. ඔවුන් දෙපළට මේ වන විටත් තවත් වයස අවුරුදු දෙකක වැඩිමහල් පිරිමි දරුවකු සිටියා. කෙවින්ට දරුවන්ගේ කටයුතුවලට අමතරව ඔහුගේ වෘත්තීය රාජකාරිවලත් නිරත වීමට සිදු වී තිබුණා. දැරියන්ගේ කටයුතුත් බොහොමයක් සිදු වුණේකෙවින්ගේ අතින්. 

ඊවා සහ ලියාගේ මුළුමනින් ම සමමිතික වූ හැඩැති මුහුණුවලට සෑම තැනකදී ම ආකර්ෂණය හා ප්‍රශංසාව හිමි වුණා. ඔවුන්ගේ හිසකෙස් පවා ඉතාමත් දුර්ලභ සිල්ක් ස්වභාවයකින් යුතු යි. ඒ වගේ ම සම ඉතාමත් සිනිඳු යි. කෙළිලොල් දඟකාරකම් වගේම මේ අසාමාන්‍ය අලංකාරය නිසා සෑම දෙනා ම එක හඬින් පැවසුවේ එකම දේ. 

  ”ඔවුන් ඉපදී තියෙන්නේ නිරූපිකාවන් වීමටයි.” යන්න යි.

ඔවුන් ඉපදී තියෙන්නේ නිරූපිකාවන් වීමටයි
ඔවුන් ඉපදී තියෙන්නේ නිරූපිකාවන් වීමටයි- radiosarajevo.ba

ජැකී ඇයගේ වැඩ කටයුතු සමඟ කාර්ය බහුල ව සිටියා. අවසානයේදී ඇය සහ කෙවින් තීරණය කළා ඔවුන් නිරූපණ ක්ෂේත්‍රයට රැගෙන එන්නට. ඇත්තෙන්ම ඔවුන් එන තෙක් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් බලා සිටියා. ඒ අනුව ලොස් ඇන්ජලීස් හි නිරූපණ ඒජන්සි දෙකක් සමඟ දැරියන් දෙදෙනා ගිවිසුම්ගත කිරීම සිදුවූවා.නමුත් මෙතරම් කුඩා වයසේ දී තමන් කළ යුත්තේ කුමක්ද?, නොකළ යුත්තේ කුමක්ද? යන්න ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් මේ කටයුත්තට එතරම් කැමැත්තක් දැක්වූයේ ද නැහැ.  ඒ නිසා විටෙක ජැකී නැවත වරක් තම තීරණය ගැන සිතා බැලුවා.

එකම භාෂාව වුණේ කඳුළු

සියලු දෙනාගේ ඉල්ලීම මත තීරණය කළත්, දරුවන් තවමත්  මේ වෘත්තියට ළාබාල වැඩි යැයි විටෙක ඔවුනට සිතුණා. ඒ නිසා නිවුන් ඊවාට සහ ලියාට ඒ තීරණය ගැනීමට ජැකී ඉඩ දුන්නා. තීරණයක් ගැනීමට තබා හරියාකාර ව අදහසක් ප්‍රකාශ කිරීමට පවා  මේ සුකුමාර බිළිඳියන් තවමත් කුඩා දරුවන්. ඔවුන් දැන සිටි එකම භාෂාව වුණේ කඳුළු. ඒ නිසා ඇතැම් විටෙක ඔවුන්ගේ රූගත කිරීම් දරුවන් සන්සුන් වන තෙක් පැය ගණන් ප්‍රමාද කරන්නට සිදු වුණා. මෙයින් දරුවන්ගේ අනාගතයට හානියක් වේ යැයි බිය සිතූ ජැකී සහ කෙවින් තීරණය කළාලා ඔවුන්ට තනි තීරණයක් ගැනීමට පුළුවන් කාලයක් වන තෙක් ඉවසිලිවන්තව ඉන්නට.

ජැකී සහ කෙවින් සමග
ඊවා සහ ලියා මා පියන් වන ජැකී සහ කෙවින් සමග – fashionuer.com

ළමයින්ගේ උපන්දිනය හත්වැනි මාසයේ හත්වැනි දා යි. ජැකීගේ වාසනාවන්ත දෛව අංකය වුණේත් හත. ඒ නිසා ඔවුන්ගේ හත්වන උපන් දිනය දා නිරූපණ වෘත්තියට පිවිසීම ඔවුන්ට වාසනාව ගෙන දේවි යැයි ඇය කල්පනා කළා. වාසනාව සිටියේ ඔවුන් එළියට බසින තෙක් මල් කළඹකින් පිළිගැනීමට. අවස්ථාව පැමිණි විගස ඒ පිළිබඳ ව ඔවුන්ට යෝජනා කරන්නට ජැකී සහ කෙවින් උත්සුක වූවා. ඔව්! ඒ වන විටත් නිරූපණ වෘත්තිය හරහා ජනප්‍රියත්වයේ හිණිපෙත්ත කරා යන ගමනට  ඔවුන් සූදානම් ව සිටියා.

ඔවුන් වෙත කැමරා දහසක්

සෑම සතියක ම නර්තන පන්ති හා පිහිනුම් සරඹ පුහුණුවීම්වලට අමතර ව නිරූපණ කටයුතු සඳහා පෙනී සිටිය හැකි බවටත් කොළ එළිය දැල්වුණා. ජැකීගේ අසල්වාසියකුට අයත් ළමයින් සඳහා වන උපකරණ ආයිත්තම් විකුණන ආයතනයකට ප්‍රචාරණ වැඩසටහනක් අවශ්‍ය වී තිබුණේ මේ අතරතුරේ දී යි.  ඒ සමඟ ඔවුන් නිල වශයෙන් ම නිරූපණ වෘත්තියට පිවිසුණා. එතැන් පටන් ඔවුන් වෙත කැමරා දහසක් සෑම විට ම එල්ල වී තිබුණා. ආලෝකකරණයේ රළු බවින් ඇතැම් විට දැරියන් පීඩාවට පත් වුණා.

ඇතැම් වේලාවන්වලදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ සණ්ඩු සරුවල් විසඳීමටත් ඒවා අවසන් වන තෙක් ඉවසිලිවන්ත ව බලා සිටීමටත් නිෂ්පාදක කණ්ඩායම්වලට සිදුවුණා. ඝන වේශ නිරූපණ ආලේපන තට්ටුවලින් ඔවුන්ගේ නැවුම් පීච් ගෙඩි බඳු  මෘදු සමට හානියක් ඇතිවේ යැයි ජැකී නිරතුරු ව කල්පනා කළා. ඒ නිසා ඇය ඊවා සහ ලියාගේ සෑම කටයුත්තක් ම මනා අවබෝධයෙන් යුතුව සිදු කළා. ඔවුන් සරල ව වෙස් ගන්වන ලෙසයි ඇයගෙන් උපදෙස් ලැබෙන්නේ. 

ඊවා සහ ලියාගේ සාර්ථකත්වය

ඊවා සහ ලියාගේ සාර්ථකත්වය ගැන පැවති මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී ජැකී සඳහන් කළේ ඔවුන් තවමත් පාසල් යන සාමාන්‍ය ගැහැනු ළමයින් මෙන් ජීවත් වීමට හා සාමාන්‍ය චර්යා තිබීම ඇය බලාපොරොත්තු වන බව යි. නිරූපණ වෘත්තියට අදාළ ඕනෑම කටයුත්තක් සතිඅන්ත දිනවල හෝ පාසල් යාමෙන් පසු යොදා ගන්නා බව ජැකී ප්‍රකාශ කළා. පාසල් කාලය යොදා ගැනීමට සිදුවන ඕනෑම අවස්ථාවක අතපසු වන කටයුතු සඳහා ඔවුන්ට උදව් කිරීමට අමතර ගුරුවරයෙක් සිටිනවා.

වෘත්තීයමය අවස්ථාවක් ලැබුණු විට ඔවුන් ජීවත් වන ඔරේන්ජ් ප්‍රාන්තයේ සිට ලොස් ඇන්ජලීස් වෙත පැය දෙකක ගමනක් ඇති බැවින් වේලාසන අවදි වීමට ද සිදුවෙනවා. එවන් දිනවලදී දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සඳහා ඔවුන් පුදුම කරවන්න ටජැකී කටයුතු කරනවා. ලොස් ඇන්ජලීස් හි සිටින ඔවුන්ගේ මිතුරු මිතුරියන් මුණගැසීමට ඊවා සහ ලියාට මෙය හොඳ අවස්ථාවක්.

මේ ළදැරියන් පුංචි දෙවඟනන් වගේ
නිරූපණ කටයුතු සඳහා පෙනී සිටින දැරියන් – radiosarajevo.ba

සෑම දෙයක් ම සමබරව සිදු කිරීම වැදගත් බවයි  ඊවා සහ ලියා ගේ  මාපියන්ගේ අදහස වන්නේ. ඊවා සහ ලියා නිවුන් දැරියන්ට ජීවිතය ආරම්භයේ දී හිමි වූ මේ සුඛෝපභෝගී ජීවන රටාව තුළ අතරමං නොවී දිගු ගමනක් යාමට ඒ අදහස් ඉතාම වැදගත්.

අද ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල මිලියන ගණන් අනුගාමිකයන් සහිත තාරකා බවට පත් ව තිබෙනවා. මේ තරම් කුඩා වියේ දී ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනා මිහි මත සිටින මේ දැරියන් පුංචි දෙවඟනන් වගේ. මුළු මහත් ලෝකයම ඔවුන්ගේ අනාගතය දෙස බලා සිටිනවා.

කවරයේ ජායාරූපය: ඔවුන්ට ඊවා සහ ලියා යැයි නම් තැබුණා - quizizz.com 

www.appurse.com

www.apost.com 

www.youtube.com 

Related Articles