Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උස අඩි පාවහන් පැළඳීමේ අතුරු ආබාධ ගැන ඔබ දන්නවා ද?

කාන්තාවෝ සාමාන්‍යයෙන් තම යහළුවන් හා නෑදෑයින් ඉදිරියේ වර්ණනාවට ලක්වීමට ඈ කැමැත්තක් දක්වති. මේ හේතුවෙන් උස අඩු කාන්තාවන් තමාගේ උස වැඩිකර ගැනීමටත්, සාරි වැනි විවිධ ඇදුම් ඇදීමේදී සිරුරේ හැඩය පවත්වා ගනිමින් ඇදුමේ ලස්සන මතුකර ගැනීමටත් උස අඩි පාවහන් භාවිතා කරයි. මිට අමතරව සාමාන්‍ය ගෘහනියකට වඩා රැකියාවක නිරතවන කාන්තාව උස අඩි පාවහන් භාවිත කිරීම සිදුකරයි. ඔවුන් මෙම පාවහන් පැළඳ කෝච්චියේ, බස්රථයේ ගමන් කිරීම පවා සිදුකරයි. මේවා පැළඳ දවසේ වැඩි වෙලාවක් සිටගෙන සිටි.

උස අඩි පාවහන් පැළඳිම ශරීර සෞඛ්‍යට අහිතකර බව දැන දැනත්, නිරෝගිකම පසෙකලා අලංකාරයට වැඩි අවධානයක් දී එම පාවහන් පැළඳිමට කාන්තාවන් පෙළබේ. උස අඩි පාවහන් පැළඳ සිටින්නේ ඉතා කෙටි කාලයක් නම් එමගින් ශරීරයට වන හානිය අවම මට්ටමක පවතී. නමුත් වැඩි වෙලාවක් මෙම පාවහන් පැළඳ සිටගෙන සිටීමෙන් ශරීර සෞඛ්‍යට හානි සිදුවේ.

independent.co.uk

උස අඩි පාවහන් සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට අමතරව භයානක අනතුරු වලට හේතුවක් විය හැක. ඔබ පමණට වඩා උස අඩි ඇති පාවහන් යුගලක් පැළඳ දුම්රියට හෝ බසයට ප්‍රමාද වීම නිසා දුවමින් එයට නගිනවා දැකිය හැක. මෙවැනි විටක ඔබ බසයෙන් හෝ දුම්රියෙන් සමබරතාව නැතිවී බිමට වැටීමට ඇති අවස්ථා සුලබව ඇත. මෙම ලිපිය තුළින් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කාන්තාවන් උස අඩි පාවහන් පැළඳිමෙන් ඔවුන්ගේ සෞඛ්‍යට සිදු වන හානි මොනවාද යන්නයි.

දණහිස් අමාරුව

දණහිස යනු ශරීරයේ විශාලතම සන්ධියකි. එය රෝගී වුවහොත් දෙපා වාරුව බිඳි යයි. උස අඩි පාවහන් පැළඳ ඇවිදීමෙන් ඔබගේ දණහිසට දැරිය යුතු බර ප්‍රමාණය වැඩිවේ. මෙයට හේතුව වන්නේ කාන්තාවන් උස අඩි පාවහන් පැළඳ ඇවිදින විට තම දණහිස වැඩිපුර නවා ගමන් කිරීමයි. මෙමගින් ඔබගේ දණහිසේ සහ උකුළ ප්‍රදේශයේ ආබාද ඇති කරයි.

දෙපා වල වේදනාව ඇති වීම

toopanda.com

සාමාන්‍යයෙන් උස අඩි පාවහන් පැළඳිමේදී දෙපාවල වේදනාව ඇති වේ. මෙයට හේතුව උස අඩි පාවහන් පැළඳිමේදී දෙපාවල හැඩය තරමක් වෙනස්වීමයි. මෙහිදී දෙපා වළලුකර ලගින් පාවහන් වල හැඩයට ඉස්සිමක් සිදුවේ. එම නිසා කකුලේ කෙන්ඩා ප්‍රදේශයේ තිබෙන මස්පිඩු ඇදීමට ලක්වීම නිසා කකුලේ වේදනාව ඇතිවේ. ඇතැම් විට කෙන්ඩා පෙරලීම වැනි තත්වයන්ටද මෙය හේතු වේ. තරබාරු බවින් වැඩි කාන්තාවන්ට කකුලේ වේදනාවක් ඇති වීමේ වැඩි ප්‍රවනතාවයක් පවතී. ඊට හේතුව වන්නේ සිරුරේ මුළු බරින් විශාල ප්‍රමාණයක් දරා සිටින්නේ දෙපාවල ඇගිලි සහිත කොටස නිසාවෙනි.

පාදයේ නියපොතු වලට සිදුවන හානිය

උස අඩි පාවහන් පැළඳිම පාදයේ නියපොතු වර්ධනය බාල කිරීමට හේතුවක් වේ. උස අඩි පාවහන් පැළඳිමේදී නියපොතු තදින් තෙරපිමට ලක්වීම මගින් විශාල නියපොතු සමතුලට වර්ධනය වීමක් සිදුවිය හැක. මෙය විවිධ බැක්ටීරියා ආසාත්මිකතා වලට හේතු වේ.

කකුලේ හැඩය වෙනස් වීම

pinterest.co.uk

අප සියලුදෙනාගේ දෙපා වලට ආවේනික වූ හැඩයක් ඇත. සාමාන්‍යයෙන් පාදයේ පතුල වක්‍රාකාර වේ. අප සිටිගෙන සිටින විට සමානුපාතිකව ශරීරයේ බර පාද කරා බෙදී යයි. උස අඩි සපත්තු පැළඳිමේදී විලුඹ පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටන නිසා ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇගිලිවලට ගමන් කරයි. මෙය ශරීරයේ සමතුලිත තාවය බිදී සිරුර ඉදිරිපසට ඇලවීමට හේතුවේ. මෙවන් අවස්ථා වලදී කකුලේ හැඩය සපත්තුවේ හැඩයට අනුව වෙනස් වේ. මේ නිසා කකුල ඉදිමීම සිදු වේ.

ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයන් ඇති වීම

ඔබගේ සන්ධි වටා ඇති කාටිලේජ බිදවැටිමෙන් ඔස්ටියෝආතරයිටිස් තත්ත්වය ඇති වේ. මෙමගින් සන්ධි වල වේදනාවක් හට ගන්නා අතර ක්‍රියාකාරිත්වය බාල කිරීම කරයි. දිගුකාලීනව උස අඩි පාවහන් පැළඳිම වක්‍රාකාරයෙන් ඔස්ටියෝආතරයිටිස් ඇති වීමට හේතු වේ. උස අඩි සපත්තු ඔබගේ සන්ධි මත අනවශ්‍ය පීඩනයක් ඇති කරයි. මෙම පීඩනය නිසා සන්ධි ආබාද ඇතිවේ.

ගැළපෙනම අඩි උස සපත්තු

වෛද්‍යවරුන්ගේ මතය අනුව පාවහන් යුගළක් අගල් 2කක උසින් යුතු වීම ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් උස අඩි පාවහන් දිනකට පැය 4 -5 කට වඩා පැළඳ සිටීම යෝග්‍ය නොවේ.

උස අඩි පාවහන් පැලදීමෙන් තොරව උස යන්නේ කොහොමද

stylishlyme.com

සාමාන්‍යයෙන් අඩි 5ට වඩා උස අඩු කාන්තාවන් මිටි කාන්තාවන් ලෙස සලකයි. උසින් අඩු කාන්තාවන්ට තමන් උසට පෙනීම සදහා උස අඩි පාවහන් පැළඳිම සිදු නොකර වෙනත් ක්‍රම අනුගමනය කිරීමට හැක.

තනි වර්ණයෙන් ඇඳුම් ඇඳීම

මිටි යුවතියන් සම්පුර්ණ ඇදුම තනි පාටින් ඇඳීමෙන් ඔවුන්ට උස පෙනුමක් ලබාගත හැක.

කුඩා අත් බෑග් භාවිතය

විශාල අත් බෑග් භාවිතයෙන් ඔබගේ කුඩා බව වැඩියෙන් පෙන්වයි. තමාගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන සාමාන්‍ය අත් බෑග් භාවිත කිරීම සුදුසු වේ.

කොණ්ඩය ඉහළට බදින්න

මිටි කාන්තාවන් සෑම විටම තම කොණ්ඩය ඉහළට බැඳීමෙන් උස වැඩි කර ගත හැක.

සිරස් ඉරි සහිත ඇදුම් ඇදීම

තිරස් අතට ඉරි ඇති ඇඳුම් ඇඳීමෙන් තමාගේ මහත බව හා මිටි බව කැපී පෙනේ. සිරස් අතට ඉරි ඇති ඇඳුම් ඇඳීමෙන් ඔබගේ උස වැඩියෙන් පෙනේ.

කොටට ඇඳීම

දණහිසට අඟලක් පමණ උඩට වන්නට ඇති ඇඳුම් ඇඳීමෙන් ඔබගේ දෙපා දිගුකර පෙන්වයි.

කවරයේ පින්තුරය – nypost.com

මුලාශ්‍ර:

දියණිය පුවත්පත, 05 වන කාණ්ඩය 16 වැනි පත්‍රය, වර්ෂ 2017 පෙබරවාරි මස 15 වැනි බදාදා.

Related Articles