Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගර්භණි කාන්තාවන්ට දුම් පානය තහනම්

දුම් පානය පිරිමින් අතර සාමාන්‍ය දෙයක් වුවත් කාන්තාවන් අතර එය එතරම් ප්‍රචලිත නැත. නමුත් වර්තමානය වන විට ගැහැණු පිරිමි දෙපාර්ශවයම බොහෝසේ දුම් පානයට ඇබ්බැහිවීම දක්නට ලැබේ. මෙම සිරිත ගැහැණු පිරිමි දෙපාර්ශවය අතරම විවිධ සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට හේතු වේ. ස්වසන ආබාධ, පිළිකා හා වෙනත් රෝග රාශියකට මගපාදන දුම් පානය සඳහා පුද්ගලයින් ඇබ්බැහි වන්නේ ඔවුන්ගේ වැරදි නිසාම නොවේ. උදාහරණයක් වශයෙන් දුම් පානය කරන පියෙකු සිටින නිවසක ඔහුට දුම් වැටි ගෙන ඒමට කඩයට යවන්නේ තම පුතා හෝ දියණියයි. රස බැලීමට එය එක් වරක් භාවිත කරන දරුවා නොදැනුවත්වම එයට ඇබ්බැහි වීම සිදු වේ. වර්තමාන දුම්වැටි නිපදවන ආයතනයන්ගෙන් ලැබෙන අනුබලද පුද්ගලයන් දුම් පානයට ඇබ්බැහි වීමට හේතු වේ.

කාන්තාව ගර්භණී සමයේ දුම් පානය කිරීමෙන් සිදු වන අයහපත් ප්‍රතිඵලය වන්නේ දරුවන් රෝගීන් ලෙස මෙලොව එළිය දැකීමයි. මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ ගර්භණි සමයේ දුම් පානය කිරීම නිසා මවට හා දරුවාට ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳවයි.

දුම්බීමෙන් ගර්භණී කාන්තාවට වන හානිය

stayathomemum.com.au

සිගරට් දුම තුළ අහිතකර රසායනික ද්‍රව්‍ය 4000ක් පමණ අන්තර්ගත වේ. මේ තුළ අවම වශයෙන් පිළිකා කාරක 60ක් වත් අඩංගු වේ. දුම් පානය නිසා ගර්භණි කාන්තවන්ට පහත සංකුලතා ඇති විය හැක.

  • ගර්භාෂයෙන් පිතට සිදුවන ගැබ්ගැනීම – සාමාන්‍යයෙන් මෙවන් ගැබ් ගැනීම් පැලෝපිය නාලය තුළ සිදුවිය හැක.
  • නොමේරු දරු උපත් සිදුවීම – මෙහිදී දරුවා මවගේ ගර්භාශයේ සිටින්නේ අඩු කාලයකි. අනෙකුත් දරුවන්ට පෙර අඩු කාලයකින් ඉපදීම නිසා බොහෝ ශාරීරික දුවලතා මෙම දරුවන් තුළ දක්නට ලැබේ. නොමේරු දරු උපත් සඳහා වැඩියෙන්ම බලපාන්නේ සිගරට් වල ඇති නිකොටින් හා කාබන් මොනොක්සයිඩ් ය.
  • කළලය මියයාම
  • ස්වභාවික ගබ්සා සිදුවීම ඒ අතර දැකිය හැක.

දුම් පානය කරන ගැබිනියන්ට පහත ශාරීරික ගැටළු සඳහාද මුහුණ දීමට සිදුවේ.

  • අධික ලෙස ඇතිවන වමනය
  • දෙපා ඉදිමීම
  • මුත්‍රා යාමේ අක්‍රමිකතා
  • හද ගැස්මේ අක්‍රමිකතා

ckphu.com

2011 වසරේදී රටවල් 24ක ගර්භණි කාන්තාවන්ගේ දත්ත යොදාගෙන කළ සමීක්ෂණයක් මගින් අනාවරණය වී ඇති ආකාරයට ගැබ් ගැනීමට මාස 3කට පෙර දුම් පානය කළ කාන්තාවන්ගෙන් 55% ගර්භණි කාලය තුළ දුම් පානය නතර කරයි. එලෙස නතර කළ කාන්තාවන් අතරින් 40%ක් දරුවා බිහිකර මාස 6ක් ඇතුලත නැවත දුම් පානය ආරම්භ කර ඇත.

දුම් පානය කරන මවුවරුන්ගේ පෙනුම එම වයසේ අනෙකුත් මවුවරුන්ට වඩා වැඩි වයස පෙනුමක් ගනී. බ්‍රිතාන්‍ය විසින් දරුවන් 100ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව ඔප්පු වී ඇත්තේ ගර්භණිභාවයෙන් මාස 4කට පසු දුම් පානය කරන මවුවරුන්ගේ දරුවන් ගබ්සා වීමේ අවදානමක් පවතින බවයි.

pregnancy.nastya-pashko.com

සිදුවීම් 5000ක් පමණ යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව මව පමණක් නොව පියාගේ දුම් පානයද දරුවාට අහිතකර බව අනාවරණය වී ඇත. පියා නිවසේ සිට දුම් පානය කරන විට එම දුම වාතය සමග මිශ්‍ර වී හුස්ම ගැනීමේදී මවගේ ශරීරයට ඇතුළු වේ. දිනකට දුම් වැටි 10කට වැඩි ප්‍රමාණයක් පානය කරන පියවරුන් නිසා මළදරු උපත් සිදුවන බව එම පර්යේෂණ මගින් වාර්තා වී ඇත. දුම්පානය නිසා සිරුරේ පවතින කැල්සියම් ප්‍රමාණය අඩු වේ. කැල්සියම් යනු ගර්භණි කාලයදී අත්‍යවශ්‍ය පෝෂණ සන්ඝටකයකි. කැල්සියම් දරුවාගේ අස්ථි වර්ධනයට හා ශක්තිමත් බවට බලපායි.

කුසේ සිටින දරුවාට වන හානිය

pregnancymiraclebookreviewsz.com

සෑම මවකගේම ප්‍රාර්ථනය නිරෝගී දරුවකු බිහිකිරීමයි. නමුත් ගැබිණි කාන්තාවක් දුම් පානය කරන සෑම අවස්ථාවකම ඇයගේ දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවේ. මිට අමතරව දරුවා පිළිකා කාරක රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය වීම සිදු වේ. දුම් පානය කිරීමෙන් කුසේ සිටින දරුවාට පහත හානි සිදු විය හැක.

  • දරුවාගේ වර්ධනය අඩාල වීම
  • එක් වරක් දුම් පානය කර පැයක් පමණ යනතුරු ගර්භාෂය තුළ දරුවාගේ චලනයන් අඩු වීම
  • දරුවාගේ පෙනහළු හා මොළයේ වෙනස්වීම ඇති වීම

මවගේ දුම් පානය නිසා කුසේ සිටින දරුවාගේ ශරීර අවයව වලට විවිධ බලපෑම් ඇතිවේ.

පෙනහළු

නිකොටින් වැනි රසායන ද්‍රව්‍ය නිසා දරුවාගේ පෙනහළු වර්ධනය අඩාල වීම සිදුවේ. මේ නිසා ඉපදී ටික දිනක් යන තුරු යන්ත්‍රයක් ආධාරයෙන් හුස්මගැනීමට දරුවාට සිදුවේ.

හදවත

දුම් පානය නිසා දරුවන් හදවත් රෝගීන් වීමේ වැඩි ඉඩකඩක් පවතී. 2011 වසරේ ඇමරිකා එකසත් ජනපදය කළ අධ්‍යනයකට අනුව දුම් පානය කරන මවුවරුන්ගේ දරුවන් දුම් පානය නොකරන මවුවරුන්ගේ දරුවන්ට වඩා 20% -70% දක්වා හදවත් රෝග වලට ගොදුරුවීමේ අවධානමක් පවතින බව අනාවරණය වී ඇත.

මොළය

දුම් පානය දරුවාගේ මොළයේ වර්ධනය අඩාල කරයි. මොවුන් බොහෝවිට ඉගනීමේ අපහසුතා වලින් පෙළෙන අතර තර්කන හැකියාව අඩු මට්ටමක පවතී.

දරුවා බිහිවී මවුකිරි දෙන අවදියේ දුම් පානය

fatherhood.global

බොහෝ කාන්තාවන් දරුවා ගර්භාෂය තුළ සිටින විට දුම් පානය නතර කළද දරුවා බිහිවී මවුකිරි ලබාදෙන කාලයේ නැවත දුම් පානය ආරම්භ කරයි. මේ මගින් දරුවාට විවිධාකාරයෙන් බලපෑම් සිදුකරයි

  • සිගරට් වල අඩංගු ඇතැම් රසායන ද්‍රව්‍යන් මවුකිරි සමග දරුවාගේ ශරීරයට ඇතුළු විය හැක
  • දුම් පානය නිසා මවගේ මවුකිරි නිපදවීමේ හැකියාව අඩුවේ. මෙමගින් දරුවාට අවශ්‍ය පෝෂණය නොලැබේ

මේ සදහා ගත හැකි විසදුම්

ගර්භණි මවක් ලෙස ඔබගේ දරුවා ගැන සිතා දුම් පානය නතර කළ යුතු වේ. ඔබට එය නතර කිරීමට නොහැකි නම් පානය කරන සිගරට් ප්‍රමාණය ක්‍රමයෙන් දිනකට එකක් දක්වා අඩු කරන්න. පසුව ඔබ ලබා ගන්නා එක් සිගරට්ටුවත් පානය නොකර සිටීමට ඔබට හැකිවනු ඇත. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයාගේ, යහළුවන්ගේ, පවුලේ අයගේ උපකාර ලබාගැනීම යෝග්‍ය වේ.

කවරයේ පින්තුරය – independent.co.uk

මුලාශ්‍ර:

දියණිය පුවත්පත, 05 වන කාණ්ඩය 2  වැනි පත්‍රය, වර්ෂ 2016 නොවැම්බර් මස 9 වැනි බදාදා.

Related Articles