පාකිස්තානයේ නයිටිංගේල් කිරිල්ලිය – නසියා හසන්

පසළොස් හැවිරිදි වියේ දී ගායනයට පිවිසි නසියා හසන් පාකිස්තාන ගායිකාවක්. ඇය ගීත රචිකාවක්, සහ සමාජ ක්‍රියාකාරිණියක ද වූවා. 1980  දී තිරගත වූ Qurbani  සිනමා පටයට ගැයූ “ආප් ජෙයිසා කොයි මේ” ගීතය සමඟින් ශ්‍රාවක සවන්පත් අතර ලැගුම් ගත් ඇය දකුණු ආසියානු පොප් රැජන ලෙසින් හැඳින්වුණා. ඇය ඉන්දීය උප මහද්වීපය පුරා වඩාත් බලගතු ගායිකාවක් ලෙස ද සැලකුණා.

1980 ගණන්වලදී, ඇය, ඇගේ සොහොයුරා වන සොහෙබ් හසන් සමඟ සිදු කළ ගායනා ලොව පුරා මිලියන ගණනක් ශ්‍රාවක සවන් පිනවන්නට සමත් වුණා. හොඳ ම පසුබිම් ගායිකාවට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය 1981 දී ලැබෙද්දී නසියාට අවුරුදු 16යි. 1993 දි හැදෙන පෙනහලු පිළිකාවක් නිසා ඇය අවුරුදු 35දී, 2000 වසරෙ දි ජීවිතෙන් ම සමුගන්නවා.

Related Articles