Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැරී පොටර් චිත්‍රපට මාලාව තුලින් කරලියට පැමිණි එමා වොට්සන්

එමා චාලට් ඩුරේ වොට්සන් හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් කරලියට පැමිණෙන විට ඇගේ වයස අවුරුදු 09 ක් පමණි. අද වන විට ඉතාමත් සාර්ථක ගමනක යෙදෙන ඇය ඉංග්‍රීසි ජාතික නිළියක් හා නිරූපණ ශිල්පිණියකි. ඉතාමත් ස්වාධින ගමනක යෙදෙන මෙම තරුණියගේ සාර්ථකත්වය හා ඒ සම්බන්ධයෙන් ඇය තෝරාගෙන තිබෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙනුත් මෙම ලිපියේ කතා කරනු ලැබේ.

බලාපොරොත්තුවක් ඉටු වීම.

හැරීපොටර්හිදී රගපාන අවදියේදී (mashable. com)

එමා උපත ලැබුවේ පැරිසියේදීය. වෘත්ති‍යෙන් බ්‍රිතාන්‍ය ජාතික නීතිඥයන් වූ ජැකලින් ලුයිස්බයි සහ ක්‍රිස් වොට්සන් අැගේ දෙමව්පියන් විය. වයස අවුරුදු 6 දී පමණ සිට වොට්සන් නිළියක් වීමේ බලාපොරොත්තුවෙන් පසු වූ අතර මේ හේතුවෙන්ම ඇය අවුරුදු කිහිපයක සිටම අර්ධ කාලීන රැගුම් පාසලක් වූ ස්ටේජ්කොච් රංග කලායතනයේ ඔක්ස්ෆඩ් ශාඛාවේ ගායනය, නර්ථනය හා රංගනය හැදෑරීය.

වයස අවුරුදු 10 දී පමණ රංග කලායතනයේ විවිධ නිෂ්පාදන හා පාසල් නාට්‍යවල රංගනයෙන් දායක වුවද හැරීපෝටර් චිත්‍රපට මාලාවේ හමායනි ග්‍රේන්ජර් චරිතය රඟපෑමට කලින් ඇය වෘත්තිය මට්ටමේ චරිතයකට පණ පොවා තිබුනේ නැත.

ඇය වෘත්තියක් වශයෙන් තෝරා ගන්නා ලද්දේ ස්වාධින ගමනක දීමට හැකි රංගන ශිල්පයයි.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වු ජේ. කේ. රෝලින්ගේ හැරිපෝටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන් (Harry Potter and the Philosopher’s Stone) නවකතාව ආන්දෝලනාත්මක පෙරළියක් කිරීමට සමත් වූ නවකතාවකි. එහි ජනප්‍රිය බව නිසාම 1999 වසරේදී එම නවකතාව ඇසුරු කරමින් චිත්‍රපට අනුවර්ථනයක් කිරීමට තීරණය විය. එ් සඳහා චරිත තේරීමට පැවති රංගන පරීක්ෂණවලදී එමා දැක්වූ ආත්ම විශ්වාසය සම්බන්ධයෙන් එම නිෂ්පාදකවරු පුදුමයට පත් වූ බව දැක්වේ.

ඩැනියල් රැඩ්ක්ලිෆ් (Daniel Radcliffe) සහ රුපර්ට් ග්රින්ට් (Rupert Grint) සමග හැරී පොටර් චිත්‍රපට 8කට රංගන දායකත්වය සැපයු එමා, එම චිත්‍රපට මාලාව තුල දැක්වූ දක්ෂතාවයට සම්මාන කිහිපයක් මෙන්ම පවුම් මිලියන 10 කට වඩා මුදලක් උපයා ගැනීමටද සමත් විය.

තවදුරටත් රංගනයේ යෙදුන එමා.

Beauty and the Beast චිත්‍රපටයේ එමා (todateen.com.br)

හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් පසුත් එමා තම හීනයක් ව තිබු රංගනයේ දිගටම නිරත වුවාය. එහි දී නොයෙල් ස්ට්රීවට්ෆීල්ඩ්  ගේ බැලට් ෂූස් නම් නවකතාව පදනම් කරගෙන 2007 වසරේ තිරගත වූ BBC චිත්‍රපටයක් වන බැලට් ෂූස් හි ඇය පෞලින් ෆොසිල් ගේ චරිතය රගපෑ අතර ඉන් අනතුරුව  සජීවීකරණ ළමා විකට චිත්‍රපටයක්වූ ද ටේල් ඔෆ් ඩෙස්පරියක්ස් හි පියේ කුමරියගේ චරිතයට පණ පෙවුවාය. මෙම චිත්‍රපටය ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 87 ක දළ ආදායමක් වාර්තා කළේය.

අනතුරුව “මයි වික් වත් මෙරිලින්” හි ලුසී ගේ චරිතයත් ද, “පර්කස් ඔෆ් බින් එ වොල්ෆ්ලවර්” හි සෑම් ගේ චරිතයටත් රංගනයෙන් දායක විය. This is end, The bling ring, Noah, The Vicar of Dibley, Colonia, Regression, Beauty and the Beast සහ The Circle යන චිත්‍රපටවලටද අැය රංගන දායකත්වය දක්වා තිබේ.

වෘත්තිමය රංගන ශිල්පිනියක් වුවත් අධ්‍යාපන කටයුතුවලට ප්‍රධාන තැනක්.

එමා වොට්සන් ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිධාරිනියක් (heightline.com)

වොට්සන් ඉගනීමට ඉතාමත් දක්ෂ තැනැත්තියකි. බටහිර රටවල හා අනිකුත් රටවල දක්නට ලැබෙන සුවිශේෂී කාරණය මෙයයි. බොහෝ විට බටහිර රටවල වෘත්තියන් තෝරා ගැනීමේදී දෙමව්පියන්ගෙන් බල කිරීමක් සිදු නොවේ. ඔවුන් ඉගෙනීමට ඉතා දක්ෂ වුවත් වෛද්‍යවරු ඉංජිනේරුවරුන් විය යුතු යැයි නියමයක් නැත. එමා සැබැවින්ම බටහිර රටවල අැති මෙම ලක්ෂණය ප්‍රකට කරන්නියකි.

වොට්සන් 2006 ජුනි මාසයේදී විෂයයන් 10ක් සමග GCSE විභාගය සදහා පෙනී සිටි අතර එහි දී  A* ප්‍රතිථල 8ක් හා A ප්‍රතිඵල දෙකක් ලබා ගෙන විශිෂ්ඨ ලෙස සමත් වූවාය. ප්‍රොවිඩන්ස් සඟරාව (The Providence Journal) වාර්තා කළ ආකාරයට වොට්සන් රෝඩ් දිවයිනේ ප්‍රොවිඩන්ස් හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයට යාම සදහා තීරණය කර තිබුණි. මාස 18 ක් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන අතරතුර යම් කිසි කාලයකට ඇය අධ්‍යාපන කටයුතු නතර කළේ තම චිත්‍රපටවල කටයුතු හා ඒ හා සම්බන්ධ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටයි. 2014 වර්ෂයේ මැයි 25 වන දින බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය උපාධියක් ලබා ගැනීමට ඇයට හැකි විය.

වොට්සන් නිරූපිකාවක ලෙස

පැරිස් විලාසිතා සතියේදී 2014-2015 (beautifulemmawatson.com)

එමා වොට්සන් වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිණියක් පමණක් නොවේ. අැය නිරූපිකාවක ලෙසද කටයුතු කරයි. 2009 වසරේ දී මෙම තරුණිය ප්‍රකාශ කර සිටියේ තමන් බබෙරි හි නව වෙළඳ සන්නාමවරිය ලෙස එකතු වන බවයි. ඒ අනුව බබෙරිහි 2009 සරත්/ශිත විලාසිතා එකතුවේ නිරූපණ කටයුතුවලට දායක වූ අතර අන්තර්ජාලය වාර්තා කරන්නේ මේ සඳහා ඇයට පවුම් ලක්ෂ ගණනක දීමනාවක් ලැබුණු බවයි. ඉන් නොනැවතුණු වොට්සන් 2010 සිසිර/ගිම්හාන එකතුවේද පෙනී සිටියාය. ඇය එහිදී පෙනී සිටියේ ඇයගේ සොයුරු ඇලෙක්ස්, සංගීතඥ ජෝජ් ක්‍රේග් හා මැට් ගිල්මර් සහ මැක්ස් හර්ඩ් සමගය. එයින්ද නොනැවතුණු එමා වොට්සන් 2011 වසරේ ලැන්කෝම් වෙනුවෙන්ද මෝස්‌තර නිරූපණ වෙළද ප්‍රචාරණ කටයුතුවලට දායක විය.

වෙනත් අංශ

එමා 2009 වසරේ තමන් ෆෙයා ට්‍රේඩ් හි පීපල් ට්‍රී සමග එක් වන බව ප්‍රකාශ කළාය. එහි නිර්මාණ උපදේශිකාවක් ලෙස පත් වීම ලැබූ අැය වසන්ත කාලය සඳහා ඇඳුම් පැළඳුම් පෙළක් නිර්මාණය කර 2010 පෙබරවාරි මාසයේ වෙළඳපොළට නිකුත් කරන්නට සමත් විය. මෙම එකතුවේ දකුණු ප්‍රංශ හා ලන්ඩන් නගරයේ යම් යම් ලක්ෂණ ගැබ්ව තිබු බව විචාරක අදහසයි.

ද ටයිම්ස් සගරාව ඇගේ එකතුව විස්තර කරනුයේ “ඉතා දක්ෂ නිර්මාණයක්” ලෙසයි. අනතුරව 2010 වසරේ සරත්/ශිත එකතුව එළි දැක්වීමටද අැගේ කණ්ඩායමට ඉඩකඩ ලැබුණි.

බොහෝ විට බටහිර රටවල්වල තරුණ කාන්තාවන් කුඩා කාලයේදීම ඉතා සාර්ථක වෘත්තීය තලයක දක්නට ලැබීම සුලබ කාරණයක්.

වොට්සන් රංගන ශිල්පිනියක්, නිරුපිකාවක්, උපාධිධාරිනියක් මෙන්ම මෝස්‌තර නිර්මාණ උපදේශිකාවක් ලෙස  ද දක්ෂතා දක්වන අපූරු තරුණියකි.

එක් රැකියාවක පමණක් නොයෙදී ස්වාධීනව කටයුතු කරනවා මෙන්ම අධ්‍යාපනයටත් නිසි තැන ලබා දෙන්නට බටහිර යුවතියන් අමතක නොකරති. සාම්ප්‍රදායික රැකියා රාමුවෙන්  ඔබ්බට ගොස් තම දක්ෂතා හා ස්වාධින තීරණ මත කුඩා කලම සැලකිය යුතු ආර්ථික හා සාමාජිය මට්ටමකට පැමිණෙන මොවුන් අපේ රටේ දැරියන්ටද අාදර්ශයකි.

කවරයේ පින්තුරය wallpapersafari.com

මුලාශ්‍ර:

  1. Wikipedia.org
  2. heightline.com

Related Articles