කුඩා කල අහස දෙස බලා සිටිද්දී සඳට තරුවලට යන්න ඇත්නම් යයි සිතුනු වාර අනන්තයි. එතරම්ම අප අහසට ඉර සඳට තාරකාවලට ද ඇළුම් කරනවා. හැබැයි ඇත්තටම ඒ ආශාව සපල කරගත් අය ගැන කතා කළොත්, ඒ තමයි අභ්‍යවකාශයට යන්නට වාසනාව ලැබූ ගගනගාමීන්.ඒ අතරිනුත් අභ්‍යවකාශයට යාමේ වටිනා අවස්ථාවට හිමිකම් කිව් කාන්තාවන් සොයාගැනීම අතිශයින් මවිතකර කාර්යයක්. අභ්‍යවකාශ විද්‍යාවේ නොමැකෙන මං සලකුණු තබන්නට සමත් වූ මේ ගගනගාමිනියන් කළ අමිල මෙහෙවර ලෝක ඉතිහාසය ආලෝකවත් කරනු ඇති. අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාවන් තිදෙනා වන මොවුන් මානව අභ්‍යවකාශ ගවේෂණයට වැදගත් දායකත්වය කියා නිම කළ නොහැකියි.ඔවුන් ඔබ හා මා වැනි සාමාන්‍ය පසුබිම් වලින් පැමිණි අතර, ඔවුන් දැවැන්ත සිහින මවන්නේ කෙසේද යන්න ගැනත් ඒ සිහින සපුරා ගන්නේ කෙසේද යන්න ගැනත් ඔවුන් දැන සිටියා. මේ අද්විතීය කාන්තා ගගනගාමිනියන් ගැන තොරතුරු දැනගන්න ඔබත් කැමති ඇති.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා – අභ්‍යවකාශයට ගිය ප්‍රථම කාන්තාව  වැලෙන්ටිනා

තෙරෙෂ්කෝවා සිය අභ්‍යවකාශ යානාව මෙහෙයවමින්, මිනිස් සිරුරට අභ්‍යවකාශයේ බලපෑම ගැන අධ්‍යයනය කිරීමට ජෛව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළා. පෘථිවි වායුගෝලයෙහි කොටස් හඳුනාගැනීමට උදව් කළ ඡායාරූප ගැනීම ද ඇය විසින් සිදු කෙරුණා.සෝවියට් අභ්‍යවකාශ මෙහෙයුම්වල දී තෙරෙෂ්කෝවාගේ වොස්ටොක් 6 යානය හා වොස්ටොක් 5 සැතපුම් තුනක් ඇතුළත දුර කළ අතර ඇගේ ගුවන් නියමුවා වන වැලරි බයිකොව්ස්කි තම ගුවන් ගමන අතරතුර ගුවන් විදුලිය ඔස්සේ ඇය සමඟ කතාබස් කළා.

ටෙරෙෂ්කෝ අභ්‍යවකාශයට පියාසර කළ එකම කණ්ඩායම වන  “සීගල්” යනුවෙන් හැඳින්වෙන ව්‍යාපෘතිය සඳහා තෝරාගත් කාන්තාවන් සිව් දෙනාගෙන් කෙනෙක් වූ අතර, එම කණ්ඩායමෙන් අභ්‍යවකාශයට යාමට වරම් ලැබුවේ ද ඇයයි.

ඇයගේ දෛනික ජීවිතය ගතහොත් ඇය රෙදිපිළි කම්කරුවෙකු වුණා. නමුත් ආරම්භක මෙහෙයුම්වල දී ඇගේ  පියාසර කිරීමේ හැකියාව ලොව  පුදුමයට පත් කරවන්නක් වුණා. නැවත පැමිණීමේ දී, පෘථිවියට ආපසු යා හැකි එකම මාර්ගය වූයේ පැරෂුටයකින් අඩි 7,000 ,ක් පමණ පොළොව දක්වා ගමන් කිරීමයි. මන්ද යත් වොස්ටොක් කැප්සියුලය ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නොහැකි වූ නිසයි.

තෙරෙෂ්කෝවාගේ සාර්ථක මෙහෙයුමෙන් පසු, අභ්‍යවකාශ ගවේෂණය අවුරුදු 20 කට ආසන්න කාලයක් පිරිමින් සඳහා පමණක් සීමා වී තිබුණා. (1982 දී සහ 1983 දී පිළිවෙලින් සැටලිනා සවිට්ස්කායා සහ සාලී රයිඩ් පිළිවෙළින්).වොස්ටොක් 6 හි ගුවන් යානයෙන් පසු තෙරෙෂ්කෝවා විසින් අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු ලෙසින් ගෞරවයට පාත්‍ර වී Zhukovsky ගුවන් හමුදා ඇකඩමියේ අධ්‍යාපනය ලැබුවා. පසුව ඇය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තා.

ආචාර්ය තෙරෙෂ්කෝවා දේශපාලනයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර අද ද දේශපාලනිකව ක්‍රියාකාරීව සිටිනවා. වයස අවුරුදු 76 දී වොස්ටොක් 6 වන සිය ගුවන්යානයේ සිය 50 වන සංවත්සරය වෙනුවෙන් නැවත වරක් ඇය සිය පුරෝගාමී භාවය විදහා දක්වන්නට සමර්ථ වුණා.

“ඇත්ත වශයෙන්ම, අඟහරු වෙත යාමට හා එහි ජීවය තිබේද නැද්ද යන්න සොයා ගැනීම නම්

සිහිනයක්”, තෙරෙෂ්කෝවා පවසනවා.

 සැලී රයිඩ් – අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකානු කාන්තාව

ආචාර්ය සැලි රයිඩ් අභ්‍යවකාශය කරා ගමන් කළ පළමු ඇමරිකානු කාන්තාව මෙන්ම ලාබාලතම ගගනගාමිනිය ලෙස පිදුම් ලබනවා. දෙවන හා තෙවැනි ෂටල ගුවන් ගමන් සඳහා CapCom (කැප්ෂල් සන්නිවේදකයා) වශයෙන් ඈ සේවය කළ අතර අභ්‍යවකාශ ෂටලයේ රොබෝ යන්ත්‍රය දියුණු කිරීමට ද සහාය වූවා.

මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස චැලෙන්ජෙර් යානයට අයත් අභ්‍යවකාශ මෙහෙයුම් පද්ධති  (STS-7 සහ STS-61) දෙකම පියාසර කරන ලද්දේ රයිඩ් විසිනුයි. මෙම දූත මෙහෙවරේ අරමුණ වූයේ චන්ද්‍රිකාවන් යෙදවීම හා ඖෂධීය පරීක්ෂණ සිදු කිරීමයි. චන්ද්‍රිකාව ලබා ගැනීම සඳහා රොබෝ හස්තයක් භාවිතා කළ ප්‍රථම කාන්තාව ඇය වන අතර අභ්‍යවකාශයේ දී හස්තය භාවිතා කළ පළමු කාන්තාව වන්නේත් රයිඩ්.

රයිඩ් ඇය විසින් ආරම්භ කරන ලද නාසා ආයතනයේ අභ්‍යවකාශ ගවේෂණ අංශයේ වසර ගණනාවක් සේවය කළා. ආරම්භක චැලෙන්ජර් සහ කොලම්බියා යානා විනාශ වීම් පිලිබඳව විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වල ද ඇය සේවය කළා.

දරුවන් අභ්‍යවකාශ විද්‍යාව අධ්‍යයනයට යොමු කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් අභ්‍යවකාශය පිළිබඳ පොත් හතක් රයිඩ් විසින් ලියා තිබෙනවා. ඇය භෞතික විද්‍යා මහාචාර්යවරියක මෙන්ම කැලිෆෝනියා අභ්‍යවකාශ ආයතනයෙහි අධ්‍යක්ෂවරිය වූ අතර, නාසා ආයතනය හරහා ව්‍යාපෘති වැඩසටහන් ද  මෙහෙය වූවා.

ගැහැණු ළමයින් සඳහා STEM ඉගෙනීම පිළිබඳ අවධානය යොමු කරමින් විනෝදාස්වාද විද්‍යාත්මක වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳව ආචාර්ය රයිඩ් විසින් “සාලි රයිඩ් සයන්ස්” යනුවෙන් හැඳින්වෙන සමාගමක් නිර්මාණය කළා .විද්‍යාව හා අභ්‍යවකාශ ගවේෂණ වෙනුවෙන් ඇයගේ කැපවීමෙන් සිදු කළ මෙහෙවර නිමාවට පත් කරමින් 2013 දී වයස 61 වියැති සැලි රයිඩ් ජීවිතයෙන් නික්ම ගියා.

 මෙයි ජෙමිසන්, අභ්‍යවකාශයට ගමන් කළ පළමු  කළු ජාතික කාන්තාව

ආරම්භක StarTreck කතා මාලාවේ ලුතිනන් උහුරාගේ චරිතය රඟ දැක් වූ වෛද්‍ය මෙයි ජෙමිසන් සැලි රයිඩ් සහ නෙචෙල්ස් නිකොල්ස්ගේ අනුග්‍රාහකත්වය ලබාගත් ගගනගාමිනියක්. සාම කණ්ඩායමේ වෛදයවරියක ලෙස කටයුතු කළ ජෙමිසන්ස් අභ්‍යවකාශ ගවේෂණ කණ්ඩායමට අයදුම් කළා. චැලෙන්ජර් ව්‍යසනය හේතුවෙන් ගගනගාමී පුහුණු වැඩසටහනට ඇයව පිළිගැනීම ප්‍රමාද වුනත් පසුව ජෙමිසන්ස් තෝරා ගන්නා ලද අතර නාසා ආයතනයට 1987 දී සම්බන්ධ වන්නට ඇයට අවස්ථාව ලැබුනා.

වෛද්‍ය ජේම්සන් ඇතුළු ගගනගාමීන් හය දෙනෙකු, දින අටක් පුරා අභ්‍යවකාශයේ ගත කළ එන්ඩේවර් ෂටලයේ හි දෙවන ගුවන් යානයේ අභ්‍යවකාශ ගමනත් සමඟ 1992 සැප්තැම්බර් 12 වන දින, අභ්‍යවකාශයට ගිය  ප්‍රථම කළු ඇමෙරිකානු කාන්තාව බවට පත් වුණා. එක්සත් ජනපදය හා ජපානය අතර සම්බන්ධීකරණ මෙහෙයුමක්  යටතේ STS-37 යානයෙහි පියාසර කරමින් සිදු කළ  අස්ථි සෛල පර්යේෂණයේ ඇය මෙහෙයුම් විශේෂඥවරිය ලෙස කටයුතු කළා.

ජේම්සන් 1993 මාර්තු මාසයේ දී නාසා ආයතනයෙන් පිටව ගොස් ඩාර්ට්මත් විද්‍යාලයේ ඉගැන්වීම්වල නිරත වුනා. බටහිර අප්‍රිකාවේ සෞඛ්‍ය සේවා සැපයීමට පහසුකම් සැලසීම සඳහා තිරසාර බලශක්ති සංවර්ධන ව්‍යාපෘති සහ සැටලයිට් පාදක විදුලි සංදේශ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇයගේම සමාගමක් වන ජෙමිසන් ගෲප් සමගම ඇය ආරම්භ කළා.

ආචාර්ය ජෙමිසන්ස් විද්‍යාර්ථීන් සඳහා ප්‍රබල අනුශාසකයෙක් වන අතර, උසස් පාසැල් සිසුන් සඳහා ජාත්‍යන්තර විද්‍යාත්මක කඳවුරක් ස්ථාපනය කිරීම හා 100 වසර තරු ප්‍රචාර වැඩසටහන් සඳහා වැඩ කරනවා.

මෙම ජයග්‍රහණ සියල්ලම ප්‍රමාණවත් නොවුණු වෛද්‍ය ජෙමිසන් ස්ටාර් ටේරක් කතා මාලාවේ ආරාධිත රංගනයෙන් පෙනී සිටිමින් තවත් විශේෂ සිහිනයක් සපුරා ගත්තා.