Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනස් මගක ගිය සුරූපී නිළිය- නන්දිතා දාස්

කෙට්ටු සිරුරක් සහ තියුණු නෙත් සඟලක් හිමි ඈ කෙරෙන් දිස් වනුයේ වඩා විචක්‍ෂණශීලීභාවයකි. ඉන්දියානු කාන්තාවන්ට හිමි අනර්ඝ රූ සපුවකට මෙන්ම ඈ ශෝභා සම්පන්න නාරි ලාලිත්‍යයකට ද උරුමකම් කියන්නීය. ඉන්දියාවේ පමණක් නොව විදේශයන්හි පවා ජනාදරයට පත්ව සිටින නන්දිතා දාස් නම් කලාකාරිණිය ගැනයි මේ සටහන.

නන්දිතා දාස්ගේ කුඩා කාලය හා අධ්‍යාපනය

නන්දිතා දාස් නම් වන අපගේ කතා නායිකාව ඉන්දියාවේ පමණක් නොව ඇතැම් විට ඉන්දියාවටත් වඩා විදෙස් රටවල ප‍්‍රකට චරිතයක් බවට පත්ව සිටින්නීය. 1969 නොවැම්බර් 7 වැනිදා නන්දිතා උපන්නේ හින්දි සිනමාවේ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවරදී ය. ඉන්දියාවේ ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පියෙකු සහ කලාකරුවෙකු වන ජතින් දාස් සහ ලේඛිකාවක වන වර්ෂා දාස්ට දාව උපන් නන්දිතා මවට හා පියාට හිමි දක්‍ෂතාවන් සහජයෙන් උරුම කරගෙන කලා ලොවට පිවිසි එහෙත් ස්වාධීන අදහස් දරණ කාන්තාවක් ලෙස හඳුන්වා දිය හැකිය.

ප‍්‍රකට භාරතීය දාර්ශනිකයකු වන ජේ. ක‍්‍රිෂ්ණමූර්ති ඇරඹූ ඍෂි නිම්නයේ විද්‍යාලයේත් නවදිල්ලියේ සර්ධා පටෙල් විද්‍යාලයේත් උගත් ඇය සිය ප‍්‍රථම උපාධිය ලබාගත්තේ භූගෝලය විෂයය සඳහා ය. භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය ලැබීමෙන් පසු පශ්චාත් උපාධිය සඳහා හදාරණ විෂයයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නන්දිතාට නොහැකි විය. ඇය ඇගේ දෙමාපියන්ට පැවසුවේ ‘‘සංචාරය කරන්න මට අවශ්‍ය දේ මොකක්ද කියලා ගවේෂණය කරන්න මට අවුරුද්දක් ඉඩ දෙන්න යනුවෙනි.”‍

ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරඹූ නන්දිතා

cloudpix

නන්දිතා තමන් අධ්‍යාපනය අරඹන ලද ජිද්දු ක්රිෂ්ණමූර්ති ඍෂි නිම්නයේ පාසලට ලිපියක් යවමින් එම පාසලට යම් කිසි දෙයක් කිරීමට අපේක්‍ෂා කරන බව දන්වා සිටියාය. ඇය පාසලේ ශිෂ්‍යයින්ට උගන්වන්න කැමතිදැයි විමසමින් පෙරළා ඇයට ලිපියක් ලැබුණාය. ඇය දෙවරක් නොසිතාම ඊට එකඟතාව පළ කළාය.

එතැන් පටන් නන්දිතා මාස හතරක් සඳහා කි‍්‍රෂ්ණමූර්ති පාසැලේ දරුවන්ට උගන්වන අතර ඊළඟ මාස හය තුළ විවිධ තැන්වල සංචාරය කරමින් ද, මාස දෙකක් විදුලිබලය හෝ ජල සැපයුම නොමැතිව ඔරිස්සාහි ෆුල්බානිහි ගෝති‍්‍රක පිරිස් සමග වැඩ කරමින් සිටියදී වසරකට පසුවය නන්දිතා සමාජ සේවා පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හදාරන්නට තීරණය කළේ. මේ අයුරින් දෙමාපියන්ගේ සහ ආච්චිලා සීයලාගේ නිවෙස් අතර නන්දිතාගේ ගිම්හාන නිවාඩුව මාසය බැගින් බෙදී ගියේය.

සමාජ සේවයට ඇළුම් කළ නන්දිතා

පසුව සමාජසේවා විෂය සඳහා ශාස්ත‍්‍රපති උපාධිය ලබාගත් අතර ඉන්පසු ඇගේ නමින් හැඳින්වෙන රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව දිළිදු පවුල්වල දරුවන් වෙත අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනකට සම්බන්ධ වී කටයුතු කළාය. ඇය වර්ගවාදයට කුමන අන්දමක හෝ අසමාතාවයට එරෙහි වූ අතර අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා සටන් කළාය.

(අසරණ දරුවන්ට පිළිසරණය වෙමින්) – Mumbai Mirror

”Dark is beautiful”, ඈ වරක් ප‍්‍රකාශ කළාය.

නන්දිතා වෙනස් ආකාරයක කැරළිකාරී චරිතයකි. ඇය නිතරම අසාධාරණයට විරුද්ධව හඬක් නැගුවා පමණක් නොව කි‍්‍රයා කළාය.

රංගනයේ මහගෙදර

ඇය රංගනය ඇරඹූයේ වීදියෙනි. ඒ ‘ජනත්‍යා මන්ච්’ නැමැති වීදි නාට්‍ය කණ්ඩායමට එක් වෙමිනි. වසර හයක්ම එම කණ්ඩායම හා භාරතයේ විවිධ ප‍්‍රදේශ වලට යමින් ජනතාව දැනුවත් කරමින් වීදි නාට්‍යයන්ට රංගනයෙන් දායක වූවාය. ඒ අනුව බලන විට ජාත්‍යන්තර කීර්තියක් ලැබූ මේ රංගන ශිල්පිනියගේ රංගන පාසැල වූයේ වීදියයි.

1989 පරිනිති චිත‍්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසෙන නන්දිතා මේ වන විට චිත‍්‍රපට 40 කට පමණ රංගනයෙන් දායක වී තිබේ. වඩාත් විවාදාත්මක වන අනෙක් නිළියන් රඟපෑමට බියක් දක්වන චරිත නිරූපණය කිරීම පිළිබඳ නන්දිතා ප‍්‍රකට ය. එහෙයින් ඇය ජාත්‍යන්තර සිනමාකරුවන්ගේ, විචාරකයන්ගේ, නළු නිළියන්ගේ මෙන්ම සම්භාව්‍ය සිනමා කෘති පිළිබඳ උනන්දුව දක්වන පේ‍්‍රක්ෂකයන්ගේත් අවධානයට නිබඳවම පාත‍්‍ර වූවාය.

(‘ෆිරාක්’ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින්) – JUNOON – WordPress.com

සමාජය වෙනස් කිරීම සඳහා භාවිත කළ හැකි ප‍්‍රබල අවියක් ලෙස නන්දිතා සිනමාව දකින්නීය.1987 සිට දෙයක් මේ දක්වා ඇය රඟපා ඇත්තේ සිනමා කෘති වල පමණක් නොවේ. එමෙන්ම නන්දිතාගේ විශේෂත්වය වනුයේ භාෂා 12කින් සිනමා නිර්මාණ රැසකට දායක වී තිබීමයි. සාමාන්‍යයෙන් එය කලාකාරිනියක ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. හින්දි්, ඉංග‍්‍රීසි, මලයාලම්, කොරියා, කන්නඩ, බෙංගාලි, දෙමළ, මරාති, තෙලිඟු‍ සහ කැටලන් යන භාෂාවලින් ඇය කලා නිර්මාණවලට දායක වී තිබේ.

නන්දිතා රඟපෑමෙන් දායක වූ සිනමා කෘති,

1989 පරිනිති – ඔරියා, හින්දි

1996 ෆයර් – හින්දි

1998 අර්ත් හසාර් චෞරසි කිමා- හින්දි

ජන්මදිනම් – මලයාලම්

ධීවරී – කන්නඩ

රොක්ෆොර්ඞ් – ඉංගී‍්‍රසි

2000 හාරි භාරි – හින්දි

සාන් – උර්දු

බවන් ධාර්- හින්දි

අක්ස් – හින්දි

Daughters of the century- හින්දි

2002 කන්නකී – දෙමළ

අසාගි – දෙමළ

කන්නතිල් මුත්තමිට්ටාල්- දමිළ

පිටාහ් – හින්දි

අමර් භවන්- බෙංගලි

ලාල් සලාම්- මලයාලම්

2003 ඒක් අල්ග් මෞසම් – හින්දි

බාස් යුන් හි – හින්දි

කගාර් – හින්දි

ඒක් දිග් 24 ගාන්තේ – හින්දි

සුපාරි – උර්දු

සුබාගේ මුහුරත්- මලයාලම්

2004 විශ්ව තුල්සි – මලයාලම්

2005 ෆ්ලීටිං බියුටි ප්‍රෝවෝක්ඞ් – ඉංගී‍්‍රසි

මාති මායි  – මරාතිි

පොඩොක්හෙප් – බෙංගාලි

කම්ලි  – තෙළිඟු

2007 බිෆෝ ද රේන්ස් – ඉංග‍්‍රීසි

නාලි පෙනුන්ගල් – මලයාලම්

පාගි – හින්දි

2008 රාම්බාන්දි පාගිස්ථාන් – උර්දු

(‘කමිල්’ චිත‍්‍රපටයේ දර්ශනයක්) – i.ytimg.com

සම්මාන

2001 වසරේදී ශාන්ත මොනිකා චිත‍්‍රපට උළෙලේදී හොඳම නිළිය ලෙස නන්දිතා සම්මාන ලැබුවේ බවන්දර් චිත‍්‍රපටයේ පළ කළ රංගන ප‍්‍රතිභාව උදෙසාය. 2002 කයිරෝ අන්තර්ජාතික චිත‍්‍රපට උළලේදී ඇය හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ‘අමර් භවන්’ චිත‍්‍රපටයේ ඇගේ රංගන කුසලතාවය උදෙසාය. ඒ හැර ඇය භාරතයේ තෙළිඟු සිනමාවේ හොඳම නිළිය ලෙස 2006 වසරේදී සම්මානයට පාත‍්‍ර වූයේ ‘කමිලි’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි. 2006 වසරේ ඇය ‘කාන්ස්’ චිත‍්‍රපට උළෙලට ජූරි සභිකයෙකු ලෙස සහභාගී වෙමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත‍්‍ර වූවාය.

(ජාත්‍යන්තර කෑන්ස් සිනමා උළලේ දී) – im.rediff.com

භාරතයේ මෙන්ම ලොව අන් රටවල සරසවිවලද සිනමාව පිළිබඳ ආරාධිත කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන නන්දිතා කෙටි චිත‍්‍රපට හතරක් අධ්‍යක්‍ෂණය කර තිබේ. ඒවා විවිධ කෙටි චිත‍්‍රපට උළෙලවල්හිදී සම්මානයට පාත‍්‍ර වී ඇති අතර ඇය අධ්‍යක්‍ෂණය කළ ප‍්‍රථම වෘත්තාන්ත චිත‍්‍රපටය ‘ෆිරාක්’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය ඇරඹූයේ 2008 වසරේ දෙසැම්බර්හිදී ය. දීපා මෙහෙතාගේ ‘ෆයර්’ සහ ‘අර්ත්’ චිත‍්‍රපට ද්විත්වයේ ඇගේ රංගනය ජාත්‍යන්තරව විචාරකයින්ගේ ඉමහත් ප‍්‍රසාදයට බඳුන් වූයේය.

එක් තැනකට කොටු නොවූ රංගන ප‍්‍රතිභාව

එමෙන්ම කෑන්ස් සිනමා උළෙලේ 2005 සහ 2013 වර්ෂ වල දෙවරක් ජූරි සභිකයකු ලෙස කටයුතු කරන්නට ඇයට අවස්ථාව ලැබුණා. කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙය වෙනුවෙන් නන්දිතා ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තරවද ඇගයීම් වලට ලක් වූවාය. ප‍්‍රංශ රජයෙන් ඇයට සම්මානයක් පිරිනැමුණු අතර ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී (womens florence hall of fame) සම්මානයට පාත‍්‍ර වූ ප‍්‍රථම ඉන්දියානු කාන්තාව වන්නේ ද  ඇයයි.

(ඉන්දියානු සිනමා උළෙලකදී) – pinterest.com

නන්දිතා විසින් අධ්‍යක්ෂණය කරන ලද  චිත‍්‍රපටය හින්දි පුරුදු සහ ගුජරාට් යන භාෂා ති‍්‍රත්වයකින් ප‍්‍රචාරය විය.

සිරා චිත‍්‍රපටය සඳහා සම්මාන කිහිපයක් හිමි කර ගත් අතර ආසියානු ප‍්‍රථම චිත‍්‍රපටය සඳහා වන සිනමා උළෙලේදී හොඳම සිනමාව පටයට හිමි ‘බ්ලූ  ඕකිඞ්’ සිනමා සම්මාන  උළෙලේදී යත්, කෑන්ස් සිනමා සම්මාන උළෙලේදී විශේෂ ජූලි සම්මානයත් film fair සම්මාන උළෙලේදී හා ජාත්‍යන්තර  thessaloniki සිනමා උළෙලේදී  විශේෂ සම්මානයක් පිරිනැමුණා.

නන්දිතාට ආලෝකයක් වූ චාම් බව

සාමාන්‍යයෙන් නිළියන් ඉහළ අගයකින් යුත් ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් ලෙස සිටින්නට උත්සාහ දැරුවත් නන්දිතා බොහෝවිට සැරසෙන්නේ සරල කපු හෝ සිල්ක් සාරි වලිනි. විශාල රතු කාපට් එකක් සහිත කෑන්ස් සිනමා උළෙලේදී නන්දිතාව දැකගත හැකි වන්නේ අතින වියන ලද රන් පැහැ කපු නූලෙන් වියන ලද සාරියකින් සහ න්දියාවට අනන්‍ය වූ ආභරණ වලිනි. මාධ්‍ය සම්මුඛ සාකච්ඡුාවලදී ඇය දැක ගත හැකි වන්නේ. කපු කුර්තාවකින් හෝ ආභරණ රහිත සරල කපු සාරියකිනි. එමෙන්ම ඇය රත්තරන් ආභරණ සඳහා එතරම් ප‍්‍රියතාවයක් නොදක්වන අතර බොහෝවිට භාවිතා කරන්නේ රිදී ආභරණයි. එහෙත් එම ඇඳුම් සහ ආභරණ ඇයට ආකර්ෂණීය බවක් ගෙන දෙන්නී ය. ඇගේ සංස්කෘතිය සහ ජීවන ශෛලිය නිබඳව ම ඇය කෙරෙන් දිස් වේ.

‘‘මගේ තාත්තා කවදාවත් මට ඔයා ලස්සනයි කියා හෝ මට නොගැළපෙන සමහර වර්ණ පාවිච්චි කරන්න එපා කියපු බවක් මට මතක නැහැ. මම හැදී වැඩුණේ රූපය ගැන කතා කිරීමෙන් තොරව නිසා වැඩිවියට පත්වෙද්දී ජීවන ගමනට ඒක මට රුකුලක් වුණා.’’

නන්දිතා පවසන්නී නිහතමානීවය.

විශේෂයෙන් තරුණ ඉන්දියානුවන් මිනිසුන් ඉදිරියේ තම පෙනුම ගැන වැඩි උනන්දුවක් දක්වති. ඒ පිළිබඳව නන්දිතාගේ අදහස වන්නේ,

‘‘ඔබ දෙස බලන ආකාරය අනුව ඔබ පිළිබඳ නිර්වචනයකට නොයන්න. ඔබ එසේ කරනවා නම්, ඔබ වටා සිටින අයද එසේ කරනු ඇත. අපගේ සමේ වර්ණය හෝ ජාතිකත්වය සම්බන්ධයෙන් අපට කිසිවක් කළ නොහැකිය නිසා ඒ බව අප බැරෑරුම් ලෙස අවබෝධ කර ගත යුතුය. හේතුවක් දැක්විය නොහැකි මේ කාරණය අනවශ්‍ය ලෙස සැලකිල්ලට නොගත යුතුය.’’

විවාහය

(නන්දිතා, සැමියා සුබෝධ සහ පුතු) – StarsUnfolded

2002 වසරේදී ඇය සෞමසෙන් සමඟ විවාහ වූ අතර පසුව 2009දී එම විවාහයෙන් දික්කසාද වූවාය. 2010 දී සුබෝධි මස්කාර නමැති රංගන ශිල්පියා සමඟ විවාහ වූ අතර 2016 දී සුබෝධ මස්කාර හා නන්දිතාගේ විවාහය බිඳ වැටී දෙදෙනා දික්කසාද වෙද්දී ඔවුන් දෙදෙනාගේ එකම පුතු වූ විහාන් මස්කාරට අවුරුදු හයකි. මේ වන විට නන්දිතා බන්ධරා ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසෙහි වාසය කරන්නීය.

සුබෝද් මස්කාර් සහ නන්දිතා අතර විවාහය අවසන් වීමෙන් පසුව ඇය මාධ්‍ය ඉදිරියේ වඩාත් සුහදශීලී ප‍්‍රකාශයක් සිදු කරමින් නික්ම යෑම කාගේත් ප‍්‍රසාදයට හේතු විය.

‘‘ඔව් එය ඇත්ත. සුබෝද් සහ මම වෙන් කරන්න තීරණය කළා. ස්තුතියි, එය ඉතා සුහදශීලීව සිදු වුණා. අපේ ප‍්‍රධානම දේ වෙන්නෙ අපේ පුතා. ප‍්‍රසන්න හා සංවේදී දරුවෙකුගේ දෙමව්පියන් ලෙස අපි ඔහුගේ සහ අපේ පෞද්ගලිකත්වයට ගෞරව කරන ලෙස ඉල්ලා සිටිනවා. සැඟවීමට කිසිවක් නැත, තව පැවසීමට යමක් ඉතිරිව නැත. ”‍

නන්දිතා හා පුතු විහාන් (Indian Express)

සෑම විටකම සුන්දර මන්දස්මිතයකින් ඇගේ මුව පිරී තිබේ. කාන්තාවක ලෙස ඇගේ හැකියාව අධිෂ්ඨානශීලීභාවය මෙන්ම කැපවීමත් සරල හා චාම් බවත් ලොව කතුන්ට හොඳ ආදර්ශයක් සපයා ඇත.

මූලාශ්‍ර:

starsunfolded.com

rediff.com

utsavpedia.com

Related Articles