ගණඳුර පළවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණි. එය ලෝකයේ පවතින සදාතනික ධර්මතාවයක්. ආලෝකය වනාහි මුළු ජීවයම ප්‍රබෝධයට පත් කරවන්නකි. ඇසට පෙනෙන ආලෝකය පමණක් නොව මිනිස් ජීවිතය අභ්‍යන්තරයේ තිබෙන ආලෝකය මතු කර ගැනීම පිළිබඳව ලෝකයේ බොහෝ ආගම් කතා කරයි. එය වඩා දර්ශනීය ලෙස ලොවට ප්‍රදර්ශනය කෙරෙන  හින්දු භක්තිකයින්ගේ ඉහළම සංස්කෘතික උත්සවය වන්නේ දීපාවලි උත්සවයයි.

දීපාවලී දිනයේ විශේෂත්වය

චන්ද්‍ර දින දර්ශනය කියන්නෙ හින්දු භක්තිකයින්ට විශේෂ වුණු දින දර්ශනයක්. ඒ අනුව හින්දූන්ගේ නව වසරේ ආරම්භය අද දවසේ සනිටුහන් වෙනවා. ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් අද මහත් හරසරින් දීවාලි නැතිනම් දීපාවලී  උත්සවය සමරනවා. අඳුර  පලවා හැර නව ආලෝකයක් උදා වන දිනය දීවාලී නැත්නම්  දීපාවලී දිනය ලෙස හැඳින්වෙනවා. නව ආලෝකය සනිටුහන් කිරීම සඳහා හින්දු බැතිමතුන් අලුත් පහන් දල්වා දෙවියන්ට පූජා පවත්වා  සිය නිවෙස්  ආලෝකවත් කරන්නේ යහපත සංකේතවත් කිරීම උදෙසායි.

pbs.twimg.com

ශ්‍රී ලංකාවේ දීපාවලි උත්සවය සැමරෙන අන්දම

ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය  සැමරීම සිදු කළත්  ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන සැමරීම වෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දයි. හින්දු භක්තිකයින්ගේ ප්‍රධාන සැමරීම් තුන වෙන්නේ හින්දු අලුත් අවුරුද්ද, පොංගල් සහ දීපාවලීය.

එසේම ඉන්දියාවේ හින්දු භක්තිකයින් සහ ලංකාවේ සිටින හින්දු භක්තිකයින් දීපාවලි උත්සවය සමරන අන්දම එහෙමත් නැතිනම් චාරිත්‍ර වාරිත්‍ර වෙනස් ස්වභාවයක් ගන්නවා. මෙරට බෞද්ධ සහ හින්දු ආගමිකයින්ගේ දීර්ඝ  කාලයක් පුරා පැවතගෙන එන ආගමික සන්ක්ස්කෘතික සම්බන්ධතාවය හේතු කොට  ගෙන අලුත් අවුරුදු සැමරීමේ දී මෙන්ම ඇතැම් ආගමික චාරිත්‍ර වාරිත්‍රවල ද බොහෝ සමානකම් දක්නට ලැබෙයි.

දීපවාලියේ පවුලේ කාන්තාවට හිමි තැන

දීපවාලි දිනයේදී ද පවුලේ කාන්තාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මන්ද දීපාවලි සැමරුමට අදාළ කටයුතු වැඩිපුරම සිදු කෙරෙන්නේ කාන්තාව විසිනි. අද දිනය සැමරෙන අන්දම ගැන අපි හින්දු භක්තික  කාන්තාවකගෙන් විමසුවා. ඇය ත්‍රීකුණාමලයේ පදිංචි සෙන්දිල් සූරිය කුමාරිය.

‘’දීවාලි දවසට හින්දු පවුල්වල අපි උදෙන්ම ඇහැරිලා සියලු දෙනාම නාලා  පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳගන්නවා. ඊට පස්සේ ගෙදර පාට පාටින් ලස්සන කෝලම් රටා අඳිනවා.’’

Deewali දෙචෝර් – http://blog.timesaverz.com

හින්දු සංස්කෘතිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා යනු ඉතාමත් අලංකාර මෙන්ම සියුම් නිර්මාණයක්. වර්ණගන්වන ලද සහල්, සහල් පිටි හෝ වර්ණවත් මල් පෙති භාවිතයෙන් සිදු කරනු ලබන මෙම කෝලම් රටා ඇඳීම වැඩි වශයෙන් සිදුවන්නේ හින්දු තරුණියන් අතින්. මනා සංයමයකින් යුතුව අඳිනු ලබන මෙම කෝලම් සඳහා මල් භාවිත කරන්නේ සුවඳ එක් කිරීම සඳහා ය. නමුත් බහුල වශයෙන් භාවිත කරනුයේ වර්ණ ගන්වන ලද සහල් සහ සහල් පිටිය. එලෙසින් සහල් පිටි භාවිත කිරීමේ අරමුණ වන්නේ එමගින් අලංකාරයක් එක් කිරීම මෙන්ම කූඹින් වැනි කුඩා සතුන් හට ආහාරයක් වශයෙනි.

‘’පවුලේ සියලු දෙනාම එකතු වෙලා උදේ කෝවිලට ගිහින් පූජා තියනවා. සමහර අය හවසට යනවා. කෝවිල්වල පුජා තියන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම කෝවිලට යන්න ඕනේ. හැම දෙවි කෙනෙකුටම අපි පූජා තියනවා. හැම දෙවි කෙනෙක්ම අපිට කරන්නේ හොද කරන්නේ. දීවාලි උත්සවයේදී මුලික වෙන්නේ ශිව දෙවියෝ. දෙවියන් හොඳ අයයි.. අසුර කියන්නේ නරක අය. අසුරයෝ අපිට කරදර කරනවා. ඒ අසුරයින්ව දෙවියෝ පරද කරපු එකට අපි දෙවියන්ට ස්තුති කරන එක තමයි කෝවිල් ගිහිල්ලා කරන්නේ.’’

සූරිය කුමාරි දීපාවලියේ අරමුණ පැහැදිලි කළා ය.

දෙවියන්ට පුජා පැවැත්වීම්වලදී ද ඉන්දියාවේ සහ ලංකාවේ වෙනස්කම් දක්නට ලබේ. ඉන්දියාවේ ශිව දෙවියන් මෙන්ම  දීවාලියේ දී රාමා හා සීතා සමරනු ලබයි. එනම් විෂ්ණු සහ ලක්ෂ්මි දේවිය ද  පුදනු ලබයි.

දීපාවලී උළෙලේ ඓතිහාසික කතා පුවත

Gods – https://c1.staticflickr.com

යම් කිසි දෙයක්‌ ඇරඹීමේදී එයට පාදක වූ හේතුවක්‌ හෝ හේතු කීපයක්‌ තිබෙනවා. දීපාවලී උළෙලේ ආරම්භය ගැනද කතා කීපයක්‌ තිබෙන අතර ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ ප්‍රචලිත පුවත මෙසේය.

ඈත අතීතයේ නරකාසුර නම් බලවත් අසුරයෙක්‌ සිටියා. දෙවියන් වෙතින් වර ලබා සිටි ඔහු පසුව දෙවියන්ටත් මිනිසුන්ටත් සතුරකු වී හිරිහැර කරන්නට පටන් ගත් නිසා පීඩාවට පත් දෙවියෝ ශ්‍රී මහා විෂ්ණු දෙවියන් හමු වී තමන්ට පැමණෙන උවදුරු ගැන සැල කර සිටියා.

එහි ප්‍රතිඵලය වූයේ විෂ්ණු දෙවියන් හා නරකාසුර අතර බිහිසුණු සටනක්‌ ඇති වීමයි. සටනින් අසුරයා ජීවිතක්‍ෂයට පත් වීමයි. මරණාසන්නයේදී ඔහු විෂ්ණු දෙවියන්ට මෙලෙස පවසා තිබෙන බව කියනවා.

“මට මේ විපත සිදු වූයේ මගේම වරදින් මා මෙතෙක්‌ සිදු කර ඇත්තේ අන් අයට පීඩා ගෙන දුන් පාපී ක්‍රියාවන් එහෙත් දැන් මට හොඳ නරක හොඳින් වැටහෙනවා. මගේ සිත මේ මොහොතේදී පිරිසිදුයි. ආලෝකවත් වෙලා. මගේ මරණයත් සමඟ මගෙන් අන්‍යයන්ට සිදු වූ හිරිහැරද අවසන් වී යහපත් කාලයක්‌ උදා වේවි.

භාග්‍යවත් දෙවිඳුනි ඔබ වහන්සේගෙන් මා අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මා මිය ගිය දිනය ප්‍රීතිමත් උළෙලක්‌ ආකාරයෙන් සමරන ලෙසයි”

Raama seetha – https://i.pinimg.com

ඉන්දියාවේ දින පහක දීවාලි උත්සවය ආරම්භ වන්නේ “දියාස්” යනුවෙන් හඳුන්වන ඉටිපන්දම් සහ තෙල් ලාම්පු වැනි සාම්ප්‍රදායික සැමරීම් ක්‍රම භාවිත කරමිනි. “දීපාවාලි” යන වචනයේ සංස්කෘතික අර්ථය වනුයේ ‘ආලෝක පෙළක්’ යනුයි. ‘දීප’ යනු පහනයි. ‘ආවලී’ යනු පෙළ සමූ හය යන අරුත දේ. බොහෝ විට දිපවාලිය ආහාර, නැටුම්, පක්ෂ හා, සෑම විටම සෑම තැනකම එල්ලෙන වර්ණවත් සැරසිලිවලින් වලින් සමරනු ලබයි.

අසල්වැසි සම්බන්ධතාවය

සුරිය කුමාරි මහත්මිය කියන විදිහට දීවාලි උත්සවයේදී රසවත් අහර පන සකස් කෙරන අතරම ඒවා වටේ පිටේ ගෙවල්වලට දීල ඔවුන්ගේ සිත් සතන් සතුටු කරන එක තමයි ප්‍රධාන වෙන්නේ.

‘’කෝවිල් ගිහින් ආවට පස්සේ ගෙදර ඇවිල්ල කැවිලි හදනවා. උදේ කෑමට පොංගල් හදනවා. කැවුම් වර්ග, මුරුක්කු හදනවා. පලතුරු තියනවා. අල්ලපු ගෙවල්වල ඉන්න යට ඒවා ගිහින් දෙනවා.’’

දීපාවලි උත්සවය සංකේතවත් කරන්නේ අන්ධකාරය පරදා ආලෝකයේ ජයග්‍රහණයයි.  හින්දු බැතිමතුන් සමරනු ලබන්නේ වසර ගණනක් යක්ෂයින්, අයහපත, නරක, අඳුර පරාජය කල රාම සිය රාජධානියට නැවත පැමිණීමේ ගෞරවයයි. පුරාණ සංස්කෘත පද්යයේ “රාමයානා” තුළ, රාම සහ ඔහුගේ බිරිඳ සීතා සහ සොහොයුරු ලක්ෂ්මන් රාවනා රජුගේ පරාජයෙන් පසු ලාම්පු පහන්  දැල්වීම මගින් පදිංචිව සිටි අයෝධ්‍යා වෙත නැවත පැමිණීම මෙමගින් සමරනු ලබයි.

Cover  image

Sources

http://www.ibtimes.com

/www.timeanddate.com