Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම මිලකට අලෙවි වූ දියමන්ති ආභරණ 5

ඉපැරණි ශිෂ්ටාචාරයන්වල සිට විසින් වත්මන් නවීන ලෝකය දක්වා වසර දහස් ගණනක් තිස්සේ සංස්කෘතියේ පැවැත්ම උදෙසා ස්වර්ණාභරණ කේන්දී‍්‍රය භූමිකාවක් ඉටු කර තිබෙනවා. ඒ කාලයේ සිටම ඉතාම සම්භාවනීය හා සුඛෝපභෝගී ගල් සමහරක් පුද්ගලයෙකුගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාට පරිත්‍යාග කිරීම හෝ විශාල මුදලකට විකුණා දැමීම් සිදු කර තිබෙනවා.

ලෝකයේ වඩාත්ම මිල අධික වූ ස්වර්ණාභරණ භාණ්ඩ 10 න් 5ක් පහත සඳහන් ලැයිස්තුවට රෝස පැහැ ඩයමන්ඞ් මුදු මොණර ලාංඡන පැරැණි රජවරුන්, රැුජිණන්, හා අධිරාජ්‍යයන් පැළඳී ආභරණ මෙන්ම සහ නූතන සමාජයන් නිපදවූ ආභරණත් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙනවා.

‘The Hope’ දියමන්තිය – (ඩොලර් මිලියන 200-250)

ලෝකයේ වඩාත් පුළුල් ලෙස පිළිගත් දියමන්තිය වන හෝප් ඩයමන්ඞ් යනු කැරට් 45.42 ක වටිනාකමකින් යුත් විසිතුරු අඳුරු අළු-නිල් සහිත දියමන්තියකි. පුරාණ කැපුම්වලින් ඔප් නංවා ඇති මෙම දියමන්ති ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200-250 ක වටිනාකමකින් යුක්ත වෙනවා. 1666 දී ඉන්දියාවේ ගෝල්කොන්ඩා හිදී මෙම දියමන්තිය සොයා ගැනීමේ පටන් විවිධ කාල වකවාණුවලදී පුද්ගලයින් අත හුවමාරු වන්නට ඇතැයි සැලකෙනවා. 1668 දී ලූ‍වී රජු විසින් නීත්‍යනුකූල ලෙස පවරා ගැනීමෙන් පසුව එය ”‍ප‍්‍රංශ නිල”‍ (French Blue) ලෙස නම් කරනු ලැබුවා. ක්රි.ව. 1792 දක්වාම ප‍්‍රංශයේ රාජකීය පවුල සතුව තිබූ මෙම දියමන්තිය ප‍්‍රංශ විප්ලවයේදී රාජකීය ආභරණ සොරා ගැනීමේදී නැතිව ගොස් තිබෙනවා.

Peacock Brooch’  – (ඩොලර් මිලියන 100 )

නිල් දියමන්තිය නැවත දක්නට ලැබී තිබුණේ 1839 දී හෙන්රි ෆිලිප් හෝප් නම් තරුණයෙකුගේ මැණික් එකතුවකදීය. පියරේ කාටියර් සහ එවලින් වොල්ෂ් මැක්ලියන් ඇතුළු තවත් හිමිකරුවන් කිහිපදෙනෙකු පසුව මෙම දියමන්තියට හිමිකරුවන් වූ අතර මැණික් ව්‍යාපාරිකයෙකු වන හැරී වින්සන්ස් විසින් 1949 දී මැණික් මිල දී ගත්තේය. වින්ස්ටන් අවසානයේ ස්මිත්සෝනියන් ආයතනයට එය පරිත්‍යාග කරන ලද හෙයින් අදටත් එය ලෝකයාට විවෘතව තිබෙනවා.

‘Wittelsbach-Graff’  දියමන්තිය – (ඩොලර් මිලියන 80 )

1600 ගණන්වල ඉන්දියානු පතලකින් සොයා ගත් කැරට් 35.56ක් වන ගැඹුරු අළු පැහැති නිල් විට්ල්ස්බක් දියමන්ති ස්පාඤ්ඤයේ සිව් වන පිලිප් රජුගේ අයිතියට අයත්ව තිබූවක් වන අතර ඔහුගේ දියණිය මාගරීටා තෙරේසා  ඕස්ටි‍්‍රයාවේ පළමු වන ලීපෝල්ඞ් අධිරාජ්‍යයා සමඟ විවාහ ගිවිස ගනිද්දී දෑවැද්දක් වශයෙන් පිරිනමන ලද්දකි. සියවස් ගණනාවක් පුරා ඕස්ටි‍්‍රයානු බාබේරියානු රාජකීය ආභරණවලට අයත්ව තිබී ඇත. ආභරණකරුවෙකු වන ලෝරන්ස් ග්රාෆ් විසින් 2008 වර්ෂයේදී ඩොලර් මිලියන 22කට මිලදීගෙන ඇති මෙම උසඑඑැකිඉ්ජය දියමන්තිය නැවත කපා ඔප දැමීමෙන් පසුව කැරට් 31.06 ක බරකින් යුත් ගැඹුරු නිල්පැහැ දියමන්තියක් බවට පත්ව ඇත. අළුත්වැඩියාවන්ගේ පසු පැහැදිලි හා දීප්තිමත් පෙනුමකින් යුතු වූ මෙම දියමන්තිය වටිනාකම තවදුරටත් ඉහළ ගියා. 2011 දී මෙම අනර්ඝ දියමන්තිය එහි හිමිකරු විසින් කටාර් රාජකීයයන් වෙත ඩොලර් මිලියන 80කට විකුණා ඇත.

‘Pink Star’  දියමන්තිය – (ඩොලර් මිලියන 71.2)

ඩොලර් මිලියන 71.2 කට 2017 අප්‍රේල් මස මුල් දිනවල සෝතෙබී වෙන්දේසියේදී වෙන්දේසි කෙරුණු අතර එය මෙතෙක් වෙන්දේසියක දී අලෙවි වූ මිල අධිකම දියමන්ති මැණික ලෙස සැළකේ. විනාඩි පහක් තුළ මැණික Chow Tai Fook Enterprises සමාගම විසින් ලන්සු තැබුණු අතර අධික මැණික් මිල දී ගෙන ඇත. සුන්දර රෝස පැහැයකින් හා 59.6 කින් යුත් මෙම මැණික GIA ආයතනය විසින් ශ්‍රේණිගත කර ඇති අන්දමට රෝස පැහැයෙන් යුත් විශාලතම මැණික ලෙස සැලකේ.

1999 දී අපි‍්‍රකානු පතලකින් සොයා ගන්නා ලද මෙය වර්තමාන තත්ත්වයට ඔප දැමීමට පෙර කැරට් 132.5ක බරකින් යුක්ත විය.

‘Oppenheimer Blue’ නිල් දියමන්තිය – (ඩොලර් මිලියන 57.5)

මෙම නිල් දියමන්තිය 2016 මැයි මාසයේදී කිස්ටිගේ වෙන්දේසියේ දී ඩොලර් මිලියන 57.5 ක් උපයන විට නරඹන්නන් කම්පනයට පත් විය. වරක් ශී‍්‍රමත් ෆිලිප් ඔපන්හයිමර්ට අයත්ව තිබූ එම කැරට් 14.62 ක් වන මෙම දියමන්තියද වෙන්දේසියකදී අලෙවි කරන ලද වටිනාම මැණික් අතරට එක් වේ.

Cover pic

මූලාශ්‍ර

Home

Related Articles