Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න වීම වැදගත් වන්නේ ඇයි?

ඔබ වෙත ගෙන එන්නේ

ලස්සනට සුන්දරව ඉන්න කාන්තා අප කව්රුත් කැමතිය. කෙතරම් පියකරු සුන්දර මුහුණක් තිබුණත් හැඩැති සිරුරක් නොමැති නම් ගෙන එන පෙනුම එතරම් ආකර්ශණීය නොවේ. ස්ථුලතාවය කාන්තා සිරුරේ හැඩය මුළුමණින්ම වෙනස් කරන අතර කාන්තාවන්ගේ කණස්සල්ලට ප‍්‍රබලව බලපාන කරුණක් වන්නේද අනවශ්‍ය අන්දමින් මහත් වීමය. තවත් අතෙකින් සිරුරේ හැඩය කෙසේ වෙතත් නිරෝගිකම ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් වේ.

බටහිර රටවල අපට වඩා මේදය අධික ආහාර භාවිතා වුවද ඔවුන් නිරන්තරවම මේදය දහනය කිරීමේ ව්‍යායාමවල නිරත වේ. එය ඔවුනගේ දිවි පෙවෙතේ අනිවාර්ය අංගයක් බවට පත් කරගෙන තිබේ. එහෙත් ලංකාවේ ආහාර රටාව තරබාරුකම වැඩි කරන්නක් වන අතරම ව්‍යායාම් කිරීමට දක්වන්නේ මැලි බවකි. විශේෂයෙන්ම විවාහ වීමෙන් පසුව කාන්තාවන්ගේ තරබාරුකම වැඩි වන නමුත් එම තත්ත්වය පාලනය කර ගැනීමට උනන්දු වෙනවා අඩුය. කාර්යබහුල වැඩිකම එයට හේතු විය හැක. කෙසේ වුවද දිනකට පැයක්  හමාරක් ව්‍යායාම සඳහා වෙන් කිරීම වැදගත් වේ. උදෑසන අවදි වී ව්‍යායාම කිරීම හෝ එසේත් නැතිනම් කාර්යාල කටයුතු හෝ නිවසේ වැඩකටයුතු අවසන් කර සුළු වේලාවක් ව්‍යායාමයෙහි යෙදීම අපහසු කරුණක් නොවෙයි.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

ශරීර සුවතාවය ජීවිතයට වඩාත් වැදගත් වේ. අපගේ ආහාර රටාවන් හා පුරුදු හේතුවෙන් අද වන විට දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය වැඩි වීම වැනි රෝග පමණක් නොව හෘදයාබාධ පිළිකා වැනි මාරාන්තික රෝගයන්ගේ ව්‍යාප්තියද වැඩි වී තිබේ. නිරෝගී සිරුරත් මනසක් අපගේ ජීවිතයට සැහැල්ලූ බවක් එක් කරයි.

සෞඛ්‍යයමත් පුද්ගලයෙකුට ජීවිතය උපරිම වින්දනයෙන් ගත කළ හැකි ය. ශාරීරික හා මානසික යෝග්‍යතාව ඔබේ ජීවිතයට ඉතා වැදගත් වන අතර, ශාරීරිකව හා මානසිකව සමබර නීරෝගී අයෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන්නේ නැති තරම් ය. ශරීර යෝග්‍යතාවයේ වැදගත්කම කුමක්ද යන්න පිලිබඳව දැන් අපි අවධානය යොමු කරමු.

ශාරීරික යෝග්‍යතාව යනු කුමක්ද?

ශාරීරික යෝග්‍යතාවය යනු ශාරීරික යෝග්‍යතාවය පමණක් නොව, පුද්ගලයාගේ මානසික තත්ත්වයද ඊට අයත් වේ. යම් පුද්ගලයෙකු ශාරීරිකව යෝග්‍ය වුවත්, මානසික වශයෙන් පීඩාවට ලක්ව සිටින අයෙකු නම් ඔහුට හෝ ඇයට ප‍්‍රශස්තව කි‍්‍රයා කිරීමට නොහැකි වනු ඇත. ඔබේ ශරීරය හොඳින් කි‍්‍රයාත්මක වන විට මානසික යෝග්‍යතාවය ද ලබා ගත හැකිය. නිතිපතා ව්‍යායාම් කිරීමෙන් හා නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීමෙන් මානසික ව්‍යාකූලතාවන් අඩු කරගත හැකිය.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

ශාරීරික යෝග්‍යතාවෙන් සිටීම වැදගත් වන්නේ ඇයි?

ශාරීරිකව යෝග්‍යතාවෙන් යුක්ත පුද්ගලයින් සෞඛ්‍ය සම්පන්න වන අතර ශරීර බර නිසි පරිදි පාලනය කර ගනු ලබන හෙයින් ඔවුන්ගේ හෘදය හා වෙනත් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්නේ අවම වශයෙනි. ලිහිල් මනෝභාවයක් පවත්වා ගැනීම සඳහා පුද්ගලයකු ශාරීරිකව කි‍්‍රයාකාරී විය යුතුය. ශාරීරිකව හා මානසිකව ශක්තිමත් පුද්ගලයකුට ජීවිතයේ පසුබෑම්වලදී මුහුණ දීමට ප‍්‍රමාණවත් ශක්තියක් ලැබෙන අතර ජීවිතය දරුණු වෙනස්කම්වලට ලක් නොවේ.

ශරීර සුවතාවය වැඩි කර ගන්නේ කෙසේද?

ශාරීරික සුවතාවයක් ලැබෙන අන්දමින් ජීවන රටාවෙහි වෙනසක් අවශ්‍ය වේ. ඔබේ ජීවිතයේ නිතිපතා ව්‍යායාම මෙන්ම සෞඛ්‍ය සම්පන්නව ආහාර රටාවකට හුරු වීමට ඔබට සිදු වනු ඇත. දුම්පානය හා මත්පැන් වැනි නරක පුරුදු අත්හැරීමෙන් හා ප‍්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමෙන් ඔබට ශාරීරිකව හා මානසිකව ශක්තිමත්ව සිටීමට හැකි වනු ඇත. ශරීරයට අහිතකර සියලූ‍ම ආහාර ද්‍රව්‍ය තාවකාලිකව ඉවත් කිරීම මගින් අනවශ්‍ය කොටස් ශබ්රයෙන් බැහැර කර ශක්තිමත් වීමට ඉඩ සලසයි. සූර්යාලෝකය සහිත එළිමහනේ වැඩි කාලයක් ගත කරමින් පවිත‍්‍ර වාතාශ‍්‍රය ලැබෙන පරිදි සෞඛ්‍ය සම්පන්න කි‍්‍රයාකාරකම්වල නියැලීමට වගබලා ගන්න. දිවීම, බයිසිකල්, පිහිනුම්, ඇවිදීම සහ ඔබේ දරුවන් සමඟ පාපන්දු කී‍්‍රඩාවේ නිරත වීම ඔබේ  ජීවන රටාවෙහි කොටසක් විය යුතුය.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

වඩා කි‍්‍රයාශීලී වීමෙන් ලැබෙන වාසි මොනවාද?

වඩාත් කි‍්‍රයාකාරී වීමෙන් ඔබේ ශරීරයේ ශරීර සුවතා මට්ටම ඉහළ නැංවීමෙන් දියවැඩියාව හා අධිරුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටලූ‍ වළක්වා ගත හැකිය. ව්‍යායාම ඔබේ සන්ධි සඳහා හොඳ වන අතර සමස්තයක් ලෙස ඔබගේ ශරීරය ශක්තිමත් කරයි.

ව්‍යායාම් කරද්දී උචිත ඇඳුම් පැළඳුම් භාවිත කළ යුතු අන්දම

සුව පහසු බ‍්‍රා එකක් සහ ව්‍යායාම් ඇඳුම් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු මූලික ලක්‍ෂණ වන්නේ

සිරුරට හොඳ ආවරණයක් සැපයීම, සිරුර නම්‍යශීලී වීමේදී ඊට අනන්‍ය අන්දමින් උපරිම සහායක් ලැබීම හා  සුව පහසු බවයි. ඇත්ත වශයෙන්ම, කාන්තාවන්ගේ විශ්වාසය තහවුරු කිරීමේ සාධකය වන්නේ සුව පහසුවයි. විලාසිතා කර්මාන්තයෙහි දියුණුවත් සමග, පැඩඞ් කරන ලද, වයර් සහිත, අර්ධ කප් සහිත බ‍්‍රා ආදී ලෙස බ‍්‍රා වල විවිධාකාර ස්වරූප වෙළඳපොලට පැමිණ තිබේ. එහෙත්, මේ සියල්ලටම වඩා උපරිම සුව පහසුවක් ලබා දෙන භාවිතයට එදිනෙදා භාවිතයට ගැළපෙන බ‍්‍රා වර්ගයක් වන්නේ  Sports Bra ය. එසේම, නිවැරදි ව්‍යායාම් ඇඳුමක් (Activewear) එකත් සමඟ සම්බන්ධ කළ විට, එය ඔබගේ ව්‍යායාම් කිරීමේදී වඩාත් පහසුවක් විය හැක.

ව්‍යායාම් ඇඳුම් ආයිත්තම් කට්ටල කිහිපයක් තිබිය යුත්තේ ඇයි? ඒ ගැන මඳක් විමසා බලමු.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

මාංශපේශී වේදනාවන් අවම කර ගැනීම

ඔබ ව්‍යායාම් කරන විට පියයුරුවලින් දරුණු වේදනාව හට ගන්නේ නම්, ඔබේ ව්‍යායාම කිරීම මඳකට නවතා විවේක ගන්න. සිරුරේ යම් පෝෂණ ඌනතාවයක් නිසා මෙසේ සිදුවිය හැක. නිදසුනක් වශයෙන්, මේ දිනවල කාන්තාවන්ට බොහෝ විට දක්නට ලැබෙන විටමින් D ඌණතාවය දැක්විය හැකිය. හොඳ Sports Bra එකක් පියයුරු නිසි පරිදි තබා ගැනීමට උපකාර වන අතර, මාංශපේශී වේදනා අවම කර ගැනීමට සහාය ලබා දෙයි.

අනර්ඝ සුව පහසුව

Sports Bra හි මෘදු ආධාරක පටිය, මෘදු රෙද්ද සහ විශිෂ්ට විලාසිතාව නිසා, ඔබගේ පියයුරුවලට ඉතා සුවපහසුවක් ලබා දේ. එමෙන්ම එහි ඇති මනා ආධාරය නිසා පියයුරුවල ප්‍රමාණය කුඩා කර පෙන්වීමේ හැකියාවද ඇත. මනා සුව පහසුව නිසා ඔබේ දෛනික කටයුතු පහසුවෙන් සහ ඉක්මනින් අවසන් කිරීමට Sports Bra ඔබට උපකාරී වේ.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

ව්‍යායාම සඳහා හොඳම මිතුරා

Sports Bra  මගින් පියයුරු වල හැඩය පවත්වාගෙන යාම සඳහාත් පියයුරු එහා මෙහා යාම පාලනය කිරීම සඳහාත් උපකාරි වේ. පියයුරු එල්ලා වැටීම පාලනය කරයි.

දහඩියෙන් තොර සුවයක් ලබා දෙයි

තත්ත්වයෙන් උසස් හා හොඳම වෙළඳ නාමය යටතේ පවතින  Sports Bra ඇඳීම තුළින් පියයුරු එල්ලා වැටීම පාලනය කෙරෙන අතර කල් ගතවෙත්ම පියයුරු එල්ලා වැටීමට තිබෙන ඉඩකඩද වළක්වාලයි. පුළුල් පටි සහ ඝන බඳ පටියෙන් ඔබේ පියයුරු ශක්තිමත් වේ.

දහඩියෙන් තොර සුවයක් ලබා දෙයි

ඔබ ව්‍යායාම කරන විට, නිතැතින්ම ඔබේ සිරුර ස්වභාවිකව උෂ්ණත්වය ඉහළ නංවයි. දහඩිය රඳවා නොගන්නා Activewear මෙහිදී ඔබට සුව පහසුව සපයයි. Dri-fit fabric  යනු ශරීරයේ ඇති දහඩිය රෙදි මතුපිටට ගෙනැවිත් වාෂ්ප වීම සඳහා නව තාක්‍ෂණය යොදා නිම කළ කදිම රෙදි වර්ගයකි. මෙනිසා ව්‍යායාම කිරීමේදී ශරීරයේ දහඩිය පාලනය වන අතරම ශරීරයට ඉතා සුවපහසුවක් ලබා දේ.

පාදවලට සැහැල්ලූවක් ගෙන දේ

ඔබ ව්‍යායාම් කළද, ජිම්නාස්ටික් හෝ යෝගී ව්‍යායාම හෝ වෙනත්  ඕනෑම දෙයක නිරත වන විටදී නිවැරදි කලිසම් ඇඳීම අත්‍යවශ්‍යයි වේ. දහඩියට ප‍්‍රතිරෝධයක් ඇති ව්‍යායාම් කලිසම් සැහැල්ලූ සුවපහසු බවක් අත්කර දෙනු ඇත.

ශල්‍යකර්මයකින් පසුව ඇඳීම සඳහා

රූපලාවන්‍ය සැත්කමක්, සීසර් සැත්කම් කිරීම හෝ වෙනත් බරපතල ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසුව ඔබේ පියයුරුවලට විශාල සහයෝගයක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස, දරු ප‍්‍රසූතියෙන් පසුව, දරුවාට පෝෂණ තත්ත්වය ලබා දීමේදී පියයුරු ප‍්‍රමාණයෙන් වෙනස් වේ. පෝෂණ කි‍්‍රයාවලියෙන් ඉවත් වන විට, පියයුරු සාමාන්‍ය ප‍්‍රමාණයට නැවත පැමිණෙන නමුත් පියයුරු තරමක් එල්ලා වැටෙන ස්වභාවයක් ඇත. එහිදී    Sports Bra හි ආධාරය සහ සුරක්‍ෂිතභාවය ප‍්‍රයෝජනවත් වේ.

සාමාන්‍ය බ‍්‍රාවලට සාපේක්‍ෂව පුලූල් ආවරණයක් සැපයීම

Sports Bra නිර්මාණය කර ඇත්තේ කී‍්‍රඩා කිරීමට සහ ව්‍යායාම් කිරීමට සුදුසු අන්දමින් වන නිසා ඔබ සමස්ත පියයුරු ආවරණය ආවරණය වන අන්දමිනි. මේ නිසා, වෙනත් ඕනෑම බ‍්‍රා වර්ගයක් සමඟ සසඳන විට පියයුරු ප‍්‍රදේශයට හොඳ ආවරණයක් සපයයි.

ගී‍්‍රෂ්ම කාලයට වඩාත් ගැළපේ

දණහිස ප‍්‍රමාණයට ඇති කලිසම් හා සැහැල්ලූ රෙද්දෙන් නිමවන ලද ව්‍යායාම් ඇඳුම් ගී‍්‍රෂ්ම කාලයට තෝරා ගත හැක. එමගින් මෙවැනි උණුසුම් මාසවලදී සිරුර සිසිල් හා වියළි ලෙස තබා ගත හැකිය. මෘදුවට පැඩඩ් කරන ලද සහ වාටි මූට්ටු රහිත පිටුපස කතිරයක් ලෙස පටි දෙකකින් යුක්ත Cross Bra වර්ගයක් මෙහිදී තෝරා ගත හැක.

IMAGE COPYRIGHT; MAS BRANDS (PVT) LTD (amanté)

දුරකථනය හෝ ෂචදා පහසුවෙන් රැුගෙන යා හැක

මෙම Sports Bra සහ Activewear වල නවතම අංගය වන්නේ ඔබේ අයිපොඞ් සහ ජංගම දුරකථන රැඳවීමට සහාය වන කුඩා කොකු හෝ ලූප තිබීමයි. මේ නිසා ඔබ ජොගින් කිරීමට යාමේදී ඔබට අමතර ආධාරකයක් හෝ බෑගයක් රැගෙන යාම අවශ්‍ය නොවේ.

ආකර්ෂණීය වර්ණවලින් සහ මෝස්තරවලින්

නවීන විලාසිතාවන් සහ වර්ණ මාලාවකින් ඔබට අවශ්‍ය Sports Bra ඇතුළු ව්‍යායාම් ඇඳුම් කට්ටල තෝරා ගැනීමේ හැකියාව ඇත. එය ආකර්ෂණීය විලාසිතා එකතුවකින් සමන්විතය.

Cover Image: healthlibrary.in

ඔබට ගැලපෙන බ්‍රා සහ පෑන්ටීස් ගැන තවත් විස්තර දැනගැනීම සඳහා http://global.amantelingerie.com/වෙත පිවිසෙන්න.

Related Articles