උෂ්ණ කාලෙට සුදුසු බ්‍රා තෝරා ගන්නේ මෙහෙමයි

ඔබ වෙත ගෙන එන්නේ

තත්ත්වයෙන් හොඳ වගේම විවිධ මොස්තරවල බ්‍රා හා පෑන්ටි අඳින්නට කාන්තාවක් වැඩි උනන්දුවකුත් කැමැත්තකුත් දක්වන නමුත්, බාහිර සිසිලට හෝ උෂ්ණත්වයට ගැලපෙන පරිදි යට ඇඳුම් අඳින්නට කාන්තාවන් පෙළඹෙන බවක් නම් දකින්නට නැහැ. නමුත් ඇත්තෙන්ම තිබෙන උෂ්ණත්වයට ගැළපෙන ලෙස යටි ඇඳුම් නොඇඳීමෙන් පාඩු සිදු වන්නේ ඔබටම යි. එකක් තමයි ඔබට විඳින්නට සිදු වන අපහසුතාවය. දෙවැන්න තමයි සුරක්ෂිතව සහ අලංකාරව තිබිය යුතු ඔබගේ පියයුරු දහදිය දැමීම සහ අව්වට පිළිස්සීම ආදිය නිසා ඇති වන දද කුෂ්ට වැනි ආසාදනවලට ලක් වීමට තිබෙන අවදානම.

මේවා ගැන කල්පනා නොකළොත් කෙටි කලකින්ම ඔබේ පියයුරු අවලස්සන වෙන්නට ඉඩ තිබෙනවා. මෙහෙම හිතමු. අපි අව් කන්ණාඩි පළඳින්නේ සූර්ය රශ්මියෙන් නෙත් දෙක සුරක්ෂිතව තබා ගැනීම සඳහා යි. එහෙම නම් සියුම් සමක් හා මාංශ පේෂීන්ගෙන් යුත් පියයුරු ගැනද ඒ තරම්ම අවධානයක් යොමු කළ යුතු වෙනවා.

MAS BRANDS (PVT) LTD (amanté)

අපි අඳින බ්‍රා සහ පෑන්ටි වර්ග විවිධ උෂ්ණත්වයන්ට මෙන්ම අවස්ථාවන්ට ගැළපෙන පරිදි නිමවා ඇති බව ඇතැම් විට ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි අඳින හැම යට ඇඳුමක්ම කුමන හෝ තත්ත්වයන්ට සුදුසු වන අන්දමින් නිපදවනු ලැබූ ඒවා යි. පියයුරු කුඩා කාන්තාවන් යටින් පෑඩ් තබා මසන ලද හෝ ලයිනින් කරන ලද බ්‍රා අඳින්නට පුරුදු වී සිටිනවා. නමුත් උෂ්ණත්වය වැඩි පරිසරයකට එවැනි බ්‍රා කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. මොකද උණුසුම් සහ වෙහෙසට පත්ව සිටින අවස්ථාවල ඒවා ඇතුලළෙන් දහදිය ගලාගෙන යන්න දහදිය රැඳෙන්න තියෙන ඉඩකඩ වගේම වාතය ඇතුළට නොයාමක් ද  සිදු වෙනවා.

නමුත් කාන්තාවන් හැටියට ඒ ගැන කණගාටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. උෂ්ණ කාලයේදී ඔබේ පියයුරුවලට සිසිලසක් ලබා දෙමින් පහසුවක් සලසන සිසිලන මෝස්තරවලින් යුත් බ්‍රා දැන් වෙළඳපොලේ තිබෙනවා. දහදිය අවශෝෂණය කරන වාතය ඇතුළට ගමන් කරන රෙදිවලින් සහ මෝස්තරවලින් ඔබට ඒවා ලබා ගන්න පුළුවන්.

ලංකාවේ වැනි උෂ්ණ පරිසරයකට යෝග්‍ය වන්නා වූ බ්‍රා මෝස්‌තර කිහිපයක් ගැන විස්තර ඔබට ගෙන එන්නේ ඔබේ දැනුවත්වීම සඳහා යි.

කපු රෙද්දෙන් නිර්මිත බ්‍රා

MAS BRANDS (PVT) LTD (amanté)

කපු රෙද්ද උෂ්ණ පරිසරයට වඩාත්ම සුදුසු වන්නේ දහදිය උරා ගැනීමට එහි තිබෙන හැකියාව නිසයි. Cotton bras නැත්නම් කපුවලින් නිෂ්පාදනය කරන ලද බ්‍රෙසියර් වර්ග උෂ්ණ පරිසරයක ඇඳීම සඳහා ඉතාමත්ම සුදුසුයි. විශේෂයෙන්ම ගෘහනියන් දවසේ වැඩි පැය ගණනක් නිවසේ ගත කරමින් නිවසේ කටයුතුවලට වෙහෙස මහන්සි වන නිසා කපුවලින් නිර්මාණය කරන ලද බ්‍රා වර්ගයක්‌ ඇඳීම සුදුසු යි. වඩා පහසුවක් සරල බවක් අත්විඳින්න නම් කපු රෙද්දෙන් නිර්මාණය කරන ලද බ්‍රා එකකට වඩා වැඩි දෙයක් නැහැ. හැබැයි ඔබ දිනපතාම බ්‍රා වර්ගයක් භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා නම් හොඳම තත්ත්වයේ කපු රෙද්දෙන් සහ තාක්ෂණය භාවිතා කිරීමින් නිපදවා තිබෙන බ්‍රා වර්ගයක් ගන්න නම් අමතක කරන්න එපා.

කපු රෙද්දෙන් නිමවුණු බ්‍රා වලත් විවිධ මෝස්‌තර තිබෙන අතර, තත්ත්වයෙන් උසස් බ්‍රා වර්ග මිලදී ගැනීමේදී තම අවශ්‍යතාවට සරිලන අන්දමේ කපුවලින් නිමවුණු බ්‍රා එකක් මිල දී ගැනිම වාසිදායක වේ.

T Shirt බ්‍රා

MAS BRANDS (PVT) LTD (amanté)

එමෙන්ම  t shirt රෙද්දෙන් නිර්මාණය සිසිලන බ්‍රා වර්ගයක් ද  ඔබට තෝරා ගත හැකි යි. සමහර බ්‍රා වර්ග අඳින විට හුස්ම ගන්නට අපහසු බවක් දැනෙන්නේ ඒවායේ ඇති තද බව නිසයි. නමුත් ටී ෂර්ට්‌ බ්‍රා ඉතාම පහසු හා සරල බවක් ඔබට ගෙන දෙනු ඇති. මෙම බ්‍රා වල ද විවිධ මෝස්‌තර තෝරා ගත හැකි අතර යටින් කම්බියක් සහිත බ්‍රා වර්ගයද හුස්ම ගැනීමේදී පහසුවක් සැලසෙන අන්දමින් නිපදවා තිබෙනවා.Bamboo, Reyon ගිම්හාන කාලයට සුදුසු රෙදි වර්ග වන අතර, එය ස්පර්ශ කිරීමේදීත් මෘදු සිසිලක් ලබා දේ.

සමේ සීරීම් ඇති නොවන ලෙස සහ අමතර ලේයර් එකතු නොකර මෙම ටී ෂර්ට් බ්‍රා නිපදවා තිබෙනවා. රළු විය හැකි හෝ අසංතෘප්ත පෘෂ්ඨයන් අඩු මෙහි කප් එක ද වඩාත් සුවදායි ලෙස නිර්මාණය කර තිබෙනවා. උෂ්ණ පරිසරයක සිදු කරන කටයුතුවල දී මෙය පහසුවක් ගෙන දෙනවා.

වයරය රහිත බ්‍රා

සාම්ප්‍රදායික යටි වයරය සහිත බ්‍රා ඔබව අපහසුතාවටත් වේදනාවටත් පත් කරලන්නක් වුවහොත් මෙම වයර් රහිත මෝස්තරයේ බ්රෙසියර් ඔබට මිහිරි සහනයක් විය හැකියි. විශේෂයෙන්ම උණුසුම් අවස්ථාවල දී සම මත වයරයෙන් යෙදෙන පීඩනය ඉතා අප්‍රසන්න විය හැකි යි. එවැනි අවස්ථාවල දී, රැහැන් රහිත බ්රෙසියර් ඉතා විශිෂ්ට විසඳුමක් විය හැකියි.

පටි රහිත බ්‍රා

MAS BRANDS (PVT) LTD (amanté)

බ්රෙසියර් පටි අපව කවදත් කරදරයට පත් කරන ආධාරකයක් ලෙස හැඳින්විය හැකිය. බ්රෙසියර් පටිය නොමැති q අඳින්නට නම් ඔබ බ්රෙසියර්  සම්බන්ධයෙන් විශේෂ පිළිගත් වෙළඳ නාමයකට යා යුතුයි. ලිස්සා නොයන පරිදි සහ නැවත සකස් කළ යුතු නැති අන්දමේ බ්‍රා ඔබට මිල දී ගැනීමට සිදුවනු ඇති. නමුත් උෂ්ණත්වය වැඩි අවස්ථාවලදී පටි රහිත බ්‍රා තෝරා ගන්නේ නම් සිලිකන් අඩංගු නොවන පහසු රෙද්දකින් මසන ලද බ්‍රා තෝරා ගැනීමට උත්සාහ කරන්න. එසේ නැතිනම් තවදුරටත් උෂ්ණත්වය වැඩි වී ඔබව අපහසුතාවට පත් වීමට ඉඩ තිබෙනවා.

ඔබට උෂ්ණ පරිසරයක සිසිලෙන් සිටීමට අවශ්‍ය වන්නේ නම්, අමතර ලේයර්ස්වලින් තොර, ගොරෝසු රෙදිවලින් නිපදවන ලද, ලයිනින් කිරීම් අඩු බ්රෙසියර් වර්ග වඩා සුදුසු ය.

අද වෙළඳ පොලේ තිබෙන බ්‍රා වර්ග බොහොමයක් නිපදවා තිබෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව උෂ්ණත්වයට කොහෙත්ම නොගැළපෙන රෙදි වර්ගවලින්. මේ නිසා හැම විටම බ්රෙසියර් වර්ගයක් තොර ගැනීමේදී උසස් ප්‍රමිතියකින් යුතු වෙළඳ නාමයක් තෝරාගත හොත් තමන්ට මෙන්ම දේශගුණයට ගැලපෙන බ්‍රා වර්ගය තෝරා ගැනීමටත් වැයවන මුදලට සරිලන කල් පැවැත්මත් සහතික කරගන්න ඔබට හැකි වේවි.

Cover image: MAS BRANDS (PVT) LTD (amanté)

ඔබට ගැලපෙන බ්‍රා සහ පෑන්ටීස් ගැන තවත් විස්තර දැනගැනීම සඳහා http://global.amantelingerie.com/වෙත පිවිසෙන්න.

Related Articles