මේ උතුරු කලාපේ නාවල් පලම් කාලයයි! උතුරේ වන ලැහැබ්වල හරි අපූරුවට වැඩෙන වීර, පලු, මාදං, අඹවල රසවල ගුණ සුවඳට එහා ගිය හින්දු සංස්කෘතිය හා බැඳුණු රසවත් කතා මාලාවක් ද පවතී.
ඩෙල්ෆ්ට් – යාපන අර්ධද්වීපයේ පුංචි ඕලන්දය ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා ඩෙල්ෆ්ට් දූපත ආකර්ෂණීය ස්ථානයකි. එය අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.
යාල් පානමේ රස නහර පිනන ආවේණික කෑම බීම හා කැවිලි උතුරුකරයේ ඇති එයටම ආවේණික වූ රසයකින් පිළියෙළ වන බොහෝ ආහාරපාන, ව්‍යංජන මෙන් ම අතුරුපස ද යාපනයේ පාරම්පරික ව පැවත එන සාම්ප්‍රදායික දෙමළ ආහාර වට්ටෝරුවලින් පිළියෙළ කරන ඒවා ය. යාපනයේ ආහාරවල ඇත්තේ එයට ම ආවේණික අනන්‍ය රසයක් වන්නේ මේ හේතුවෙනි.
යාපන අර්ධද්වීපයේ සප්ත දූපත් වටා සංචාරේ යාපනය අර්ධද්වීපය සෑදී ඇත්තේ දූපත් සමූහයකින් බව අප මීට පෙරදී ද ඔබට පැවසුවා මතක යි. මෙවර අපේ අදහස යාපන අර්ධද්වීපය සුසැදි දුපත්වල සංචාරයක නිරත වීමට යි.
යාපනයේ සිරස පේදුරුතුඩුව මත්තෙන් කන්කසන්තුරේට කන්කසන්තුරේ දී ගන්නා දිවා භෝජනයෙන් පසුව ඔබට හවස් කාලයේ දී බටහිර අහසේ ගිලෙන සූර්යයා නැරඹීමට ඇති කදිම ස්ථානය නම් කන්කසන්තුරේ මුහුදු තීරය යි.
යාපනය බළකොටුව මත්තෙන් මන්ඩතිව් දූපතට පා පැදියෙන් නගරය අවට පිරික්සා බලන කුහුල් සිතින් යුතු ඔබට යාපනයේ මංමාවත් දිගේ ඇවිද ගොසින් ඒ කුහුල නිවා ගත හැකි වනු ඇත. අර්ධද්වීපයේ ආගන්තුකයනට දැනෙන හුදකලාවෙන් මිදීම පිණිස පා ගමනින් හෝ පාපැදියකින් හෝ ගොස් නැරඹිය හැකි ස්ථාන බොහෝ ය.
සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ මන්නාරම නම ඇසූ පමණින් සිතට එන්නේ තරමක කර්කෂ හැඟීමක්. ඒත් විවේකී සති අන්තයක් ගත කරන්න මන්නාරම කදිම ගමනාන්තයක්.
ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක් “චාව+කච්චේරි” යන වචනයේ තේරුම ජාවා ජනාවාසයක් යන්නයි. චන්ද්‍රභානු නම් පාලකයෙක් එහි ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්නට ලැබෙනවා.
චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න ඔබේ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් රසයත් ජීවමාන වනවා ඇති.
යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හි පිහිටා ඇති සුවිසල් ළිඳ, පතුළක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි.
යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන් ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්රදීපාගාරයයි.