අවදානමට පෙර සූදානම.. මඟහැරුණු පුංචි තැන්..
ඊයේ දවස පුරාවට දුවලා පැනලා කරපු පාසල් සෞඛ්‍ය දින වැඩසටහනට සහභාගී වුණු ගුරුතුමෙක් මට මුණගැසුනේ අද උදේ බස් එකේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයට යද්දීයි. ඊයේ වගේම මුහුණ පුරාවට තිබුණු හිනාවකුත් එක්ක ඒ ගුරුතුමා මට එහා පැත්තේ අසුනේ වාඩි වුණේ ලොකු බෑග් එකක් ඔලුවට ඉහළින් ඇති රාක්කයට දැම්මට පස්සේයි.