ගන්නෝරුව හෙවත් දිවිදොස්ගලේ දිවි දෝසේ සොබාදහමට පෙම් බැඳි පිරිස් අදත් ඉඳහිට ගන්නෝරුව කන්ද තරණය කර එම සොඳුරු පරිසරය විඳගැනීමට එනු දකින්නට පුළුවන්.
සෙල්ලිපිවලින් කියවෙන කැලණි විහාරයේ පුරාවත දුරුතු පෝයට කැලණිය රජමහා විහාරය වඳින්නට යාම අතීතයේ සිට අද දක්වා ම පුරුද්දක් වශයෙන් පවතිනවා.
කුරුවිට පැරණිත ම මඟේ සිරිපා කරුණා කරමු දුෂ්කර ම මෙන්ම වඩාත් සුන්දර වටපිටාවකින් යුතු මාර්ගය වන්නේ කුරුවිට එරත්න සිට ඇරඹෙන වන්දනා මාර්ගය යි. රමණීය පරිසර පද්ධතියක චමත්කාරය මේ මාර්ගයේ ගමන් කරද්දී විඳ ගත හැකි යි.
ආගම් බේදයක් නැතිව හැමෝ ම යන එන කොච්චිකඩේ පල්ලිය කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක් ලබා ගන්නා ස්ථානයක් ලෙසත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වැදගත්.
නත්තලට සිහිපත් වන ඉතිහාසයේ විශාලත ම කතෝලික සමූල ඝාතනය ඉතිහාසයේ සඳහන් අප රටේ විශාලත ම කිතුනු සංහාරය සිදු ව ඇත්තේ යාපනයේ සංකිලි රජ සමයේදි යි.
අතීත කතා පවසන යාපනේ පැරණි නටබුන් පල්ලි මේ නත්තල් සමයේ යාපනයේ නටබුන් වුණු පල්ලි ගැන සොයා බැලීම සුදුසු යයි අප සිතුවා.
සිංහල ගීතිකා මුලින් ම ගැයූ බද්දේගම ක්‍රිස්තුදේව පල්ලිය කලකට පෙර ගීතිකා ගායනා කළේ ලතින් භාෂාවෙන්. සිංහලෙන් ගීතිකා මුලින් ම කියූ පල්ලිය වන්නේ බද්දේගම ක්‍රිස්තුදේව දේවස්ථානය යි.
මඩකළපුවේ පෘතුගීසි බර්ගර් ජනතාවගේ නත්තල පෘතුගීසින්ගෙන් පැවත එන බර්ගර් ජනතාව වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ මඩකළපුවෙ යි. මේ නත්තල් මාසේ ඔවුන් සොයාගෙන ගිය ගමනක සටහනක්.
ලෝකයේ වැඩිපුර ම අහන්න ලැබෙන නත්තල් ගීතය හැදුණු හැටි නත්තල් සීතල ටික ටික වැඩිවෙන කොට නත්තල් අසිරියේ සිතිවිලි කාගෙත් සිත්තුළට පිවිසෙනවා. විද්‍යුත් මාධ්‍යවලින් නිතර ම නත්තල් කැරොල් සහ නත්තල ගැන සඳහන් ගීත ප්‍රචාරය වෙනවා. නත්තල් සාදවලදිත් ගීතවලට ලැබෙන්නේ මුල් තැනක්. අපේ රටේ කතෝලික ජනයා ජීවත් වන පළාත්වල නත්තල් රාත්‍රියේ හා ඒ ආසන්න දිනවල කැරොල් ගීතිකා ගායනා සජීවීවම අසන්න පුළුවන්. මේ නත්තල් ගීත අතර බහුල […]
සබරගමුව කඳුකර කලාපයේ උස ම කඳු මුදුන: ගොන්ගල කන්ද දෙණියාය නගරයට ආසන්න ව පිහිටි ඉතා සුන්දර පරිසරයක් සහිත ගොන්ගල කන්ද තරණය කිරීම සොබාදහමට ළැදි පිරිස් නිතර පැමිණෙනවා.
වැව් 600කට දිය බෙදන සුන්දර නදිය: කලා ඔය වැව් කිහිපයකට ම ජලය බෙදන, සංචාරක කාර්මාන්තයටත් පාදක වුණු විල්පත්තු වනාන්තරය අසලින් මුහුදට එක්වන කලා ඔය ගැනයි මේ.