1896 වසරේ ග්රීසියේ ඇතැන්ස් නුවර දී නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වුණා. ගෙවුණු වසර 125ක කාලය තුළ ඔලිම්පික් තරග බිමේ සිදු වුණු බොහෝ දේ මෙන් ම පසුගිය ටෝකියෝ ඔලිම්පික් බිමේ මතු වූ විශේෂ අවස්ථා පිළිබඳ ලිපි ද මෙම එකතුවට ඇතුළත්. ඔලිම්පික් ඉතිහාසයේ අමෙරිකානු දස්කම්, අමෙරිකා-සෝවියට් රුසියා ඔලිම්පික් යුද්ධය, ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ලාභීන්, ඔලිම්පික් බිමේ සිටි සුපිරි කෙටි දුර ධාවකයන්, තහනම් උත්තේජක නිසා ඔලිම්පික් පදක්කම් අහිමි වුණු සුපිරි තරු ඇතුළු තවත් ලිපි රැසක් හා වීඩියෝ ද මෙම එකතුවෙන් ඔබ වෙත තිළිණ කරනවා.