“යහපාලන” සංකල්පය පෙරදැරි කරගත් ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දු ලබා දී බලයට පැමිණි ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ වසර පහක ධුර කාලය මේ වන විට අවසන් වෙමින් පවතී. එම ජනාධිපතිවරයාම නැවතත් බලයට පත්කරන්නේ ද, නැතහොත් නව ජනාධිපතිවරයෙක් පත් කරන්නේ ද යන්න රටක් වශයෙන් තීරණය කිරීමේ කාලය දැන් උදා වී ඇත. ජනාධිපතිවරණය කැඳවීමටත් ප්‍රථමව පක්ෂ කිහිපයකින්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කර තිබීම ජනපති සටන දැන් සිටම උණුසුම් කිරීමට සමත් වී තිබේ. දේශපාලනිකව ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩ නැගීම සඳහා පුරවැසියාගේ මූලික යුතුකම වන්නේ මේ සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වීම යි. Roar අපට අවශ්‍ය වන්නේ සමාජය දැනුවත්ව තීරණ ගැනීමට යොමු කරවීම හා දේශපාලනයේ වඩා වැදගත් සන්දර්භය ඔබ වෙත ගෙන ඒම යි. එනිසා මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලු තොරතුරු සරලව, අපක්ෂපාතීව, සහ මධ්‍යස්ථව ඔබ වෙත ගෙන ඒමටත්, එමඟින් වර්තමාන දේශපාලන ක්‍රමය, එහි වාසි සහ දුබලතා, සහ මැතිවරණයට අදාල සියලුම තොරතුරු ඔබට ලබාදීමටත් Roar කටයුතු කරනු ඇත.