බැටිස්ටාගේ පාලනය බිඳ දමමින් විප්ලවීය නායක පිදෙල් කැස්ත්‍රෝ නම් 33 හැවිරිදි තරුණයා හා තවත් තරුණ කණ්ඩායමක් ගෙන ගිය කියුබානු විප්ලවය ආරම්භ වන්නේ 1953 වසරේ ජූලි 26 මොන්කාඩා ප්‍රහාරයත් සමග යි. කියුබානු විප්ලවයෙන් පසුව සමාජවාදී කියුබාව ගොඩ නැගෙනවා. මෙම ලිපි පෙළ ලියැවෙන්නේ පිදෙල් කැස්ත්‍රෝ විසින් බැටිස්ටා පාලනය ඉවත් කිරීමට මෙහෙයවන ලද එම කැරැල්ල හෙවත් “කියුබානු විප්ලවය” පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට යි.