ටෝකියෝ ඔලිම්පික් බිමේ නෙත් ඇද ගත් දසුන් 6ක් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී සිදු වුණු මේ සුවිශේෂී සිදුවීම් හයෙන් කීයක් ගැන ඔබ කලින් දැන සිටියා ද?
තහනම් උත්තේජක නිසා ඔලිම්පික් පදක්කම් අහිමි වුණු සුපිරි තරු 3ක් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ක්රීඩක ක්රීඩිකාවන් සිය රටට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒ අයුරින් සමහර ක්රීඩක ක්රීඩිකාවන් මහන්සි වී පදක්කම් දිනා ගැනීමට උත්සාහ කරද්දී තවත් සමහර ක්රීඩක ක්රීඩිකාවන් වංචාවෙන් පදක්කම් දිනා ගැනීමට මාන බලනවා.
ඔලිම්පික් තරග බිමේ සහෝදර ක්රීඩාශීලීත්වය මෙවර ඔලිම්පික් උළෙලේ දී කටාර් ක්රීඩකයකු සහ ඉතාලි ක්රීඩකයකු පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදා ගත්තා. එය ඔලිම්පික් තරග බිමේ සහෝදර ක්රීඩාශීලීත්වය පෙන් වූ අපූරු අවස්ථාවක්.
36 වසරක සෝවියට්-අමෙරිකා ඔලිම්පික් යුද්ධය 1952-1988 කාල සමයේ සෝවියට් රුසියාව සහ අමෙරිකාව ඔලිම්පික් උළෙල 8ක දී උරෙනුර ගැටුණා. ඉන් අවස්ථාවන් 5කදී අමෙරිකාව අභිබවා යාමට සෝවියට් රුසියානුවන්ට අවස්ථාව ලැබුණා.
තවමත් නොබිඳුණු පැරණි ම ඔලිම්පික් වාර්තා 11ක් සමහර ඔලිම්පික් වාර්තා දශක කිහිපයක් තිස්සේ තවමත් නොබිඳී පවතිනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දශක 3කට වැඩි කාලයක් පුරාවට නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්රීඩා වාර්තා 11ක් පිළිබඳව යි.
ඔලිම්පික් ඉතිහාසයේ සත්කාරක රටවල දස්කම් විස්කම් ඔලිම්පික් ඉතිහාසයේ දී සත්කාරක රටවල්, අවස්ථා 9ක දී පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. සත්කාරක රට ලෙස කටයුතු කළත් එක ම එක රන් පදක්කමක්වත් දිනා ගැනීමට නොහැකි වුණු රටකුත් ඔලිම්පික් ඉතිහාසයේ දී හමුවනවා
ටෝකියෝ ඔලිම්පික් උළෙලට එන සුපිරි තරු 8ක් අදින් ඇරඹෙන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුපිරි ක්රීඩක ක්රීඩිකාවන් රැසක් සහභාගි වනවා. ඒ අතුරින් මේ සුපිරි තරු අටේ දස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු උනන්දුයි.
ඔලිම්පික් වරම් ලද ශ්රී ලාංකීය බොක්සිං විනිසුරුවරිය ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග විනිශ්චය කිරීම සඳහා ලාංකීය විනිසුරුවරියක් එක්ව සිටිනවා. ඒ පිළිබඳ වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැනගන්නට පුළුවන්.
ඔලිම්පික් ඉතිහාසයේ දකුණු ආසියානු සලකුණ වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසය තුළ දකුණු ආසියානු රටවල් දිනාගෙන තිබෙන්නේ රන් පදක්කම් 12ක් පමණ යි. ඉන් රන් පදක්කම් 11ක්ම හොකී ක්රීඩාවෙන් හිමි වුණු බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!
ඔලිම්පික් ඉතිහාසයේ නම තැබූ කෙටි දුර ධාවන ශූරයෝ 4ක් ඔලිම්පික් තරග ඉතිහාසයේ පිට පිටම පැවති තරගාවලි 3ක දී පිරිමි මීටර් 100 සහ 200 යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට ජැමයිකාවේ උසේන් බෝල්ට් සමත් වුණා. එනිසා ඔලිම්පික් ඉතිහාසයේ බිහිවුණු සුපිරිම කෙටිදුර ධාවන ශූරයා ලෙසින් ඔහු නමක් දිනාගෙන සිටිනවා
ඔලිම්පික් ඉතිහාසයේ සුපිරි බලවතා – අමෙරීකාව ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 1000කට වඩා දිනාගෙන සිටින එකම රට වන්නේ අමෙරීකාව යි. ඔවුන් එම පදක්කම්වලින් 581ක් මලල ක්රීඩා ඉසව් සහ පිහිනුම් ඉසව්වලින් ජයග්රහණය කළ බවයි පැවසෙන්නේ!
අභියෝග රැසක් මැද ඔලිම්පික් කෙළි බිම ජය ගත් චීනය 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙද්දී චීනය එකම එක ඔලිම්පික් පදක්කමක්වත් දිනා සිටියේ නැහැ. නමුත් අද වන විට ඔවුන්ගේ රන් පදක්කම් මල්ල 224ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එරට ක්රීඩක ක්රීඩිකාවන් සිදු කළ බොහෝ කැපකිරීම් නිසා යි.