KGBයේ අන්තිම සටන – අගෝස්තු කුමන්ත්‍රණය KGBයේ මූලික අරමුණ වුණේ සෝවියට් දේශය ආරක්ෂා කිරීම යි. 1991 අගෝස්තුවේ දී රටේ තත්ත්වය ව්‍යාකූල වන බව සිතූ KGBය සහ තවත් දැඩි මතධාරීන් රටේ බලය අල්ලාගන්න අවසන් උත්සාහයක් දැරුවා.
ඇමරිකාවේ ආරක්ෂක අංශවල සෝවියට් ඔත්තුකාරයෝ ඇමරිකාවේ ආරක්ෂක අංශ 1980 දශකයේ මැද දී බෙහෙවින් කලබලයට පත් වූයේ එම ආයතන කිහිපයකම සෝවියට් ඔත්තුකරුවන් සිටින බව හෙළි වීම නිසා යි. කිහිප දෙනකු හසු වුව ද තවත් අය සිටි බව දැනගත්තේ සෝවියට් දේශය බිඳ වැටුණාටත් පසුව යි.
KGB සහ CIA සටන්බිම – බර්ලින් සීතල යුද්ධය පැවති සමයේ ලෝකය පුරා පැවති එදිරිවාදිකම, වර්ග කිලෝමීටර කිහිපයක් තුළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ ස්ථානය වූයේ බර්ලින් නගරය යි. සීතල යුද්ධය ගැන කියද්දී බර්ලින් ගැන නොකියාම බැහැ.
ලිංගික සුවය විකිණූ ඔත්තුකරුවෝ ලිංගික සබඳතා ඇතිකරගෙන රහස් තොරතුරු සොයාගැනීම සෝවියට් ඔත්තු සේවා බිහි වෙන්නත් පෙර ඉඳන් එන උපායක්. නමුත් ඉතිහාසයේ අන් කිසිදු ආයතනයක් ඒ සඳහා KGBය දුන් අවධානය යොමු කරන්නට නැතිව ඇති.
සෝවියට් ඔත්තුකරුවන් සහ පරමාණු බෝම්බ ව්‍යාපෘතිය පොට්ස්ඩෑම් හමුවේදි ඇමරිකන් ජනාධිපති ටෲමන් තමන් සතුව න්‍යෂ්ටික බෝම්බය ඇති බව ස්ටාලින්ට දන්වා සිටියා. ස්ටාලින් ඊට එතරම් අවධානයක් යොමු කළේ නැහැ. ඒ ඇයි?
නීතියේ රැහැනින් පළා ගිය ෆිල්බිගේ KGB මිතුරෝ සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු සේවයෙහි යෙදුණ ප්‍රධානම බ්‍රිතාන්‍ය ජාතිකයන් පස් දෙනකු වූ “කේම්බ්‍රිජ් පස්දෙනා” පිළිබඳ අප කලින් කතා කළා. ඉතින් ඔවුනට වූයේ කුමක්ද?
කේම්බ්‍රිජ් සරසවියේ KGB ඔත්තුකරුවෝ පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර සමයේ යුරෝපයේ දේශපාලනය ඉතා ව්‍යාකූල වුණා. මෙහි එක් ලක්ෂණයක් වූයේ උසස් යයි සම්මත පවුල්වල පවා ඇතැම් තරුණයින් කොමියුනිස්ට්වාදය දෙසට නැඹුරු වීමයි.
සෝවියට් KGB රහස් ඔත්තු සේවයේ වග තුග සෝවියට් රහස් ඔත්තු සේවා අතර හැමෝම දන්න සුප්‍රසිද්ධ ඔත්තු සේවය වුණේ KGBය යි. මොකක්ද මේ KGBය? කොහොමද ඒක පටන් ගත්තෙ?