ආරාධිත රචක කරළිය

Roar සිංහල හා ආරාධිත රචකයකු ලෙස එක්වීමට තීරණය කිරීම පිළිබඳ ව ඔබට ස්තුතියි!

ඉදිරියට ඔබේ ලිපිවලින් ඔබේ දැනුම, නවමු අදහස්, හා තොරතුරු ශ්‍රී ලාංකීය සිංහල පාඨකයා හා බෙදාගැනීමට හැකි බව අප අපේක්ෂා කරනවා.

අපට ලිපි ලිවීම ඇරඹීමට පෙර පහත සඳහන් රීති සහ මාර්ගෝපදේශ පළමුකොට පරිශීලනය කිරීම නිර්දේශිත යි.

  • ලිවිය හැකි ප්‍රවර්ග මොනවා ද?: ඔබට ඉතිහාසය, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය, සිත්ගන්නාසුලු දේශීය හා විදේශීය තොරතුරු, ජීවන රටා, පොප් සංස්කෘතිය, චාරිකා, වෘත්තීයමය දැනුම සහ තවත් බොහෝ නිර්මාණ Roar හා බෙදාගත හැකි යි.
  • ලිවිය යුත්තේ කෙසේ ද?: ඔබේ ලිපියට ගලා යන කතා තේමාවක් තිබිය යුතු යි. ඔබ ලිපිය ඉදිරිපත් කරන්නේ කුමන තේමාව යටතේ වුව ද, ඔබ ඉදිරියේ සිටිනා රසික පිරිසකට යමක් පැහැදිලි කරනා අයුරින් ලිපිය ඉදිරිපත් කිරීම උචිත යි.
  • නොකළ යුත්තේ මොනවා ද?: ඔබේ ලිපියෙන් කිසිදු ආගමකට, ජාතියකට, වර්ගයකට, හෝ ලිංගයකට අයත් පුද්ගලයකු/ පුද්ගලයන්ට අවමන් නොකළ යුතු යි.
  • අනුමත නොකෙරෙනු ඇත්තේ මොනවා ද?: කිසිදු ආකාරයකින් අතිශයෝක්තියට නැංවූ, හෝ සාමයට බාධා කෙරෙන/ ජනයා කුපිත කරවනසුලු අන්තර්ගත Roar අනුමත නොකෙරේ.
  • යොදා ගත හැකි මූලාශ්‍ර මොනවා ද?: ඔබේ ලිපිය සඳහා තොරතුරු ලබා ගන්නා මූලාශ්‍ර පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු යි. විශ්වාසනීයත්වය තහවුරු කළ නොහැකි මූලාශ්‍රයයන්ගෙන් ලබා ගන්නා තොරතුරු කිසිසේත් අනුමත නොකෙරෙනු ඇති. ඔබ ලබාදෙන සියලු තොරතුරු අව්‍යාජ සහ විශ්වාස කටයුතු විය යුතු යි. එසේ ම,
    • ඔබ යම් වෙබ් අඩවි ඔබේ මූලාශ්‍ර ලෙස භාවිත කරන්නේ නම්, ලිපිය අවසානයේ ඒවායේ සම්පූර්ණ URL සඳහන් කළ යුතු අතර, අවශ්‍ය තැනෙක දී ඒවා hyperlinks ලෙස භාවිත කළ හැකි යි.
    • ඔබ යම් පොතක්, සඟරාවක්, ප්‍රවෘත්ති ලිපියක් ඔබේ මූලාශ්‍ර ලෙස භාවිත කරන්නේ නම්, ලිපිය තුළ ඇවැසි තැන්වල දී සලකුණු යොදා, ලිපිය අවසානයේ පහත අනුපිළිවෙළින් සවිස්තර මූලාශ්‍රය සඳහන් කළ යුතු යි. (පොතේ/ සඟරාවේ නම – රචකයාගේ නම – පිටු අංකය – සංස්කරණය (තිබේ නම්) – ප්‍රකාශකයා – ප්‍රකාශිත දිනය/ වර්ෂය)
    • Wikipedia විශ්වාසනීය මූලාශ්‍රයයක් ලෙස නොසැලකේ.
  • උපුටා පළ කළ හැකි ද?: කිසිදු ආකාරයක සෘජුව උපුටා පළකිරීම් අනුමත නොකෙරේ.
  • අවශ්‍ය පින්තූර මොනවා ද?: ඔබේ ලිපිය සමඟ ඒ හා සබැඳි පින්තූර කීපයක් (අවම වශයෙන් 4 -5ක්) ද ඔබ සැපයිය යුතු වේ. කිසිදු ආකාරයක දිය සලකුණක් ඇති පින්තූර හෝ වීඩියෝ මෙන් ම, නිරුවත් හෝ අසභ්‍ය දර්ශන ඇති පින්තූර හෝ වීඩියෝ දර්ශන ද බාර නොගැනේ. පින්තූර ඉදිරිපත් කිරීමේ දී පින්තුරවලට කැප්ෂන ද, කවරයේ පින්තූර ඇතුළු සියලු පින්තූර ලබා ගත් වෙබ් අඩවියට හෝ ඡායාරූප ශිල්පියා ද සඳහන් කළ යුතු යි.
  • වචන සීමා තිබේ ද?: ලිපියක අඩංගු විය යුතු අවම වචන සංඛ්‍යාව 650කි. උපරිම වචන සීමාව 1800කි.
  • පින්තූරයක ප්‍රමාණය කුමක් ද?: ලිපියට ඇතුළත් කෙරෙන පින්තූරයක අවම පළල පික්සල 600ක් විය යුතු යි.
  • කවරයේ පින්තූරයත් ඉහත ප්‍රමාණය විය යුතු ද?: කවර පින්තූරයේ අවම පළල පික්සල 1200ක් විය යුතු යි. එයට අඩු ප්‍රමාණවලින් යුත් පින්තූර සැපයීමෙන් වලකින්න.
  • ලිපිවලට ගෙවීම් සිදු කෙරෙන්නේ ද?:මෙම ආරාධිත රචක කරළිය අවකාශයේ පළ වන ලිපි සඳහා කිසිදු ගෙවීම් සිදු කිරීම කතු මඬුල්ලේ තීරණය අනුව සිදුවේ.
  • ලිපිය මාගේ නම යටතේ පළ වන්නේ ද?: ඔබ ලබා දෙන සියලු ලිපි ඔබේ නම හා තොරතුරු යටතේ පළ කෙරෙනු ඇත.
  • ලිපියේ ප්‍රකාශන අයිතිය කා සතු ද?: ඔබ ලබා දී පළ කෙරෙන සියලු ලිපිවල සම්පූර්ණ ප්‍රකාශන හිමිකම Roar Media ආයතනය සතු වේ.
  • මාගේ ලිපිය ඉදිරියේ දී ස්වයංක්‍රිය ව ගෙවීම්වලට සුදුසුකම් ලබන්නේ ද?: ගෙවීම් සිදුකරන්නේ කතු මඬුල්ල විසින් අනුමත කරන ලදැ යි ඔබට දැනුම්දුන් ලිපි මාතෘකා යටතේ ලියැවුණු නිර්මාණයන්ට පමණි. මෙහිදී පළමුව, ඔබේ ලිපි රචනා ගෙවීම් ලැබීමට සුදුසු බව කතු මඬුල්ල ඔබ දැනුම්වත් කෙරෙන අතර, ඉන්පසු ඔබට ලිවීමට අවැසි මාතෘකා කතු මඬුල්ලට දැනුම් දී අනුමත කරවා ගත යුතු ය.

ලිපි ඉදිරිපත් කිරීම

  • ලිපි ලබා දිය හැක්කේ කෙලෙස ද?: ඔබේ ලිපියත්, එයට අදාළ පින්තූරත් Roar වෙත ඉදිරිපත් කිරීම සඳහා [email protected] හෝ [email protected] ඊමේල් ලිපින භාවිත කරන්න. ලිපිය යුනිකෝඩ් සිංහල භාවිතයෙන් ලියා Google Document එකක් ලෙස සුරකින්න. එය හා ඡායාරූප වෙන ම Folder එකකට ඇතුළු කර එය ද ඊමේල් එකට අමුණන්ත. නැත්නම් ඔබේ ලිපිය හා ඡායාරූප Google Drive Folder එකකට සංස්කරණ හිමිකම සහිත ව ඇතුළු කර ඉහත සඳහන් ඊමේල්වලට අමුණා එවන්න.
  • ලිපියේ ප්‍රගතිය මට දැනුම් දෙන්නේ ද?: ඔබ සාර්ථකව ලිපිය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව එය කතෘ මණ්ඩලයේ විනිශ්චයට ලක්වෙනු ඇති. ලිපියේ ප්‍රගතියත්, ඒ හා සම්බන්ධ දැනුම්දීම් ද ඔබ අප වෙත සපයා ඇති email ලිපිනය හරහා සිදුවනු ඇති.
  • ලිපිය පළවෙද්දී මා දැනුම්වත් කෙරේ ද?: Contributor dashboard එක හරහා ලිපිය පළ වන විට ඔබ දැනුම්වත් කෙරේ.
  • මෙයට කොතරම් කලක් ගතවේ ද?: මේ ක්‍රියාවලිය සඳහා කාර්යයාල දින 14ක් දක්වා කාලයක් ගත විය හැකි යි.
  • විමසීම් සිදුකරන්නේ කෙසේ ද?මේ සම්බන්ධව යම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් [email protected] හෝ [email protected] ඊමේල් ලිපින හරහා අප හා සම්බන්ධ විය හැකි යි.
  • ලිපිය සම්බන්ධ දැනුම්දීම් සිදුවන්නේ කවදාට ද?: ඔබ ලබා දුන් ලිපිය අප පිළිගත්තා ද, නැද්ද, යම් යම් වෙනස්කිරීම් හෝ එකතුකිරීම් සමග නැවත ලියා ලබාදිය යුතු ද ආදී වන දැනුම්දීම්, ලිපිය ලබා දීමෙන් වැඩකරන දින තුනක් තුළ ඔබට ලැබේ.
  • ලබා දුන් ලිපිය එලෙසින් ම පළ කෙරේ ද?: ඔබ ඉදිරිපත් කළ ලිපිය අප පිළිගත්තේ නම්, අප වෙබ් අඩවියට ගැළපෙන පරිදි එය සංස්කරණය කෙරෙනු ඇත.