Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමනලුන්ට පාර කියමු

සමනලයා යනු කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා මහත් ආදරය කරන, දැකීමට පි‍්‍රය වූ කෘමි ගණයට අයත් සත්වයෙකි. කුඩා දරුවන් අවධියේදීම සමනලයාගේ ජීවන චක‍්‍රය ඉගෙන ගන්නා අපට, කුඩා දළඹුවකු අලංකාර සමනලයකු බවට පත් වන ආකාරය පුදුමසහගතය. සමනලුන් පරිසරයට එක් කරන්නේ පුදුමාකාර චමත්කාර බවකි.

සිංහල භාෂා විශේෂඥයින් පවසන ආකාරයට ‘නිරුක්ති විද්‍යාව’ට (Lingustic) අනුව සමනලයා යන වචන නිර්මාණය වූ ආකරයන් දෙකක් දක්වයි. ‘සම + නල’ හෙවත් කෘමියාගේ හිස දෙපස ඇති දිගු නාලිකා ද්විත්වය නිසා මෙම නම සෑදි ඇති බව එක් මතයක් වන අතර, ‘මල් මෙන් අලංකාර වූ’ නිසා ‘මල + සන > සන + මල > සමනල’ යනුවෙන් වදන් පෙරළියෙන් ඇති වූ බව තවත් මතයකි.

සමනලුන් නැති වේ ද?

වර්තමානය වන විට පරිසරවේදීන්ගේ අවධානයට බදුන් වී ඇති කරුණක් වන්නේ සමනල්ගහනය දැඩිලෙස අඩුවීමයි. දශකයක පමණ කාලයක පටන් සමනලුන්ගේ ශීඝ‍්‍ර අඩුවීමක් ගෝලීය වශයෙන් දැකගත හැකි බව ඔවුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ අනුව මේ වන විට සොයා ගැනීමට හැකි වී ඇත්තේ පහත කරුණු ඊට හේතු පාදක වි ඇති බවය.

  • ගෝලීය උණුසුම ඉහළ යාම
  • සමනල් වාස භූමි විනාශ වීම
  • කෘමිනාශක භාවිතය

සුද්දා මවිත වීම

බි‍්‍රතාන්‍යය යනු සමනලුන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන රටකි. ඔවුන්ගේ Butterfly Conservation ආයතනය විසින් වසර 5කට වරක් නිකුත් කරනු ලබන සමනලුන් පිළිබද වාර්තාව (Butterfly Report) අනුව ඔවුන් දක්වන්නේ 1976 සිට මේ දක්වා වන අවුරුදු 40ක කාලය තුළ සමනල්ගහනය ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වී යමින් පවතින බවයි. සමනලුන්ගේ සංසරණය 70%කින් අඩු වී ඇති බවත් 1976 දී සිටි සමනල්ගහනයට සාපේක්‍ෂව මේ වන විට 4/3ක් අඩු වී ඇති බවට වාර්තා වේ.

නිදසුනක් ලෙස ගත් කල ‘Whit Wood’ නම් සමනලුන්ගේ 89%ක අඩු වීම දැක්විය හැකි ය. (butterfly-conservation.org)

නිදසුනක් ලෙස ගත් කල ‘Whit Wood’ නම් සමනලුන්ගේ 89%ක අඩු වීම දැක්විය හැකි ය. (butterfly-conservation.org)

ඇතැම් සමනලුන්ගේ ජීවන චක‍්‍රය පවා වෙනස් වී ඇති බවත් පෙර පරිදි සෘතු භේදයට අනුව සිදු වුණු සංසරණයන් මේ වන විට නැවතී ඇති බවත් සොයාගෙන ඇති අතර  ඇතැම් සමනල් වර්ග සීත සෘතුවේදීද බි‍්‍රතාන්‍යයෙහි දැකගත හැකි බවත් සොයා ගැනිමට පර්යේෂකයින් සමත්ව ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ වාර්තාවෙන් ඔවුන් වැඩිදුරටත් පහත නිර්දේශ (Recommendations) කි‍්‍රයාත්මක කරන මෙන් ඉදිරිපත් කොට ඇත.

  • නව සමනල් වාසභූමි  ඇති කිරීම, යාවත්කාලීන කිරීම සහ ආරක්‍ෂා කිරීම හා ඒ සදහා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම.
  • වදවී යාමට මුහුණ දෙමින් පවතින සමනල් වර්ග ප‍්‍රතිවර්ධනය කිරීමට විද්‍යාත්මක කි‍්‍රයාමාර්ග ගැනීම.
  • සමනලුක් සංරක්‍ෂණය ප‍්‍රවර්ධනය සදහා මූල්‍ය දායකත්වය ඉහළ දැමීම.
  • නව පරිසර රක්‍ෂණ ක‍්‍රමවේද ඇති කිරිම සහ හයිබි‍්‍රඩ් පරිසර නිර්මාණය කිරීම.
  • මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටන් කි‍්‍රයාත්මක කිරීම.
  • පරිසර සංරක්‍ෂණය උදෙසා නව බදු ක‍්‍රම හදුන්වා දීම.
ස්වැලෝටේල් වර්ගයේ සමනලුන්.මොවුන්ගේ ප‍්‍රභේද 550ක් පමණ තිබෙන බවට වාර්තා වේ (UHDwallpapers.net)

ස්වැලෝටේල් වර්ගයේ සමනලුන්.මොවුන්ගේ ප‍්‍රභේද 550ක් පමණ තිබෙන බවට වාර්තා වේ (UHDwallpapers.net)

ශී‍්‍ර ලංකාවේ සමනල් සංරක්‍ෂණය

සමනලුන් සුරැකීම සදහා ව්‍යාපාරයක් (Butterfly Conservation Society of Sri Lanka) ලංකාවේද කි‍්‍රයාත්මක වේ. සමනලුන් ශ‍්‍රී පාද නමස්කාරය සදහා පිටත්ව යන බව ඈත අතීතයේ පටන් මෙරට ජනකතා තුළ පැවත එන්නකි. නමුත් අද වන විට වනහරණය සහ සමනල් වාසස්ථාන විනාශ වීම යන ගැටලුව නිසාවෙන් ලංකාවේ සමනල්ගහනය ද විශාල වශයෙන් අඩුව ඇති බව BCSSL නිල වෙබ් අඩවියේ (www.bcssl.lk) දක්වා ඇත.

මෙම සංගමය විසින් කන්නෙලිය, නිල්ගල, පොකුණුතැන්න හා යාගිරල වැනි ප‍්‍රදේශවල ක්‍ෂේත‍්‍ර චාරිකා (field visits) සිදු කරන අතර ඒ සදහා උනන්දුව දක්වන ඔ්නෑම අයෙකුට සහභාගී වීමට හැකි අතර  එහිදී සමනලුන්ගේ ඡයාරූප ගැනීමටද අවස්තාවක් ලැබේ. එසේම සෑම මාසයකම අවසාන සෙනසුරාදා දිනයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා (Zoology) අධ්‍යයන අංශයේදී මේ විෂය සම්බන්ධයෙන් ආරාධිත විද්වත් දේශනයක් පැවැත්වෙන අතර ඒ සදහාද ඔ්නෑම අයෙකුට සහභාගී වියහැකි බව ඔවුන් වැඩි දුරටත් දක්වා සිටී.

බ්ලූ නමැති මෙම සමනල් වර්ගය මුලින් ම හදුනාගෙන ඇත්තේ වර්ෂ 1758 දී බි‍්‍රතාන්‍යයේ දී ය. (wildreach.com)

බ්ලූ නමැති මෙම සමනල් වර්ගය මුලින් ම හදුනාගෙන ඇත්තේ වර්ෂ 1758 දී බි‍්‍රතාන්‍යයේ දී ය. (wildreach.com)

ලංකාවේ තෙත් කලාපය තුළ සමනලුන් වැඩි වශයෙන් දැක ගත හැකි බවත් අත්වැල්තොට, සිංහරාජ වනාන්තරය, පාහියන්ගල, දුම්බර වැටිය, අට්ටාල මූට්ටුව, මීමුරේ, පිටවල පතණ, ආදර කන්ද, හෝර්ටන් තැන්න, රහතන්ගල, රිටිගල,  බුදුරුවගල, නිල්ගල පතණ, ගිරිබාව, වෙහෙරගල, කල්පිටිය වැනි ප‍්‍රධාන සමනල් වාසස්ථාන රැසක් ඇති බවද www.slbutterflies.lk හි දක්වා ඇත.

සමනලයා යනු සොබා සෞන්දර්ය චමත්කාරය උද්දීපනය කරන වස්තුවක් නොවේ ද? (reddottours.com)

සමනලයා යනු සොබා සෞන්දර්ය චමත්කාරය උද්දීපනය කරන වස්තුවක් නොවේ ද? (reddottours.com)

පරිසරයට ආදරය කරන, සමනලුන්ට ආදරය කරන බොහෝ දෙනකු ඔවුන් රැුක ගැනීමට විශාල වෙහෙසක් දරන බවත් සමනලයා සුන්දර වුවත් මේ මොහොතේ ඔවුන්ගේ පැවැත්ම එතරම් සුන්දර නැති බවත්  මෙයින් ඔබට පසක් වනු ඇත.

ඉදින් අපි තවත් බලා සිටිමු ද? නැත. එන්න, අපිත් සමනලුන්ට පාර කියමු.

කවරයේ පින්තුරය: මොනාක් වර්ගයේ සමනලයෙක් (kidskonnect.com)

Related Articles