Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වාභාවික පුදුමයක් ලෙස වාර්තාගත ඉගුආසු ඇල්ල

මෙම ලිපියෙන් කතා කරන්නේ සුන්දරතම දිය ඇල්ලක් ගැනයි. ඒ වගේම මෙහි තියෙන විශේෂත්වයක් වන්නේ ලෝකයේ වාර්තා වී තිබෙන ස්වභාවික පුදුම හතෙන් එකක් ලෙස ද මෙය සැලකීමයි.

ස්වභාවධර්මයෙන් නිර්මිත අරුම පුදුම නිර්මාණයක් වන මෙය නම් කර තිබෙන්නේ ඉගුආසු ඇල්ල නමිනුයි. මෙම සුන්දර දිය ඇල්ලේ පිහිටීම, එය ආරක්ෂා කිරීම උදෙසා ගෙන ඇති පියවර, දැක ගත හැකි ශාක හා සත්ත්ව කොට්ඨාශ විශේෂ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙම ලිපියෙන් කතා කරනු ලබනවා.

ඉගුආසු ඇල්ලේ පිහිටීම

sandrashakespeare.com (දිය ඇල්ලේ සුන්දරත්වය නරඹන සංචාරකයින් )

ඉගුආසු ඇල්ලේ පිහිටීම වන්නේ ආජන්ටිනාව හා බ්‍රසීලය වෙන් කරන දේශ සීමාවයි. ඒ අනුව මෙම රටවල් දෙක වෙන් කරමින් ඉගුවාසු දිය ඇල්ල පිහිටා තිබෙනවා. මෙම ඉගුආසු ඇල්ල නිර්මාණය වන්නේ ඉගුආසු ගංගාවෙනු යි. ඒ වගේම ඉගුආසු යනුවෙන් හඳුන්වන්නේ දිය ඇලි සංකීර්ණයක්. ඉගුආසු ඇල්ල ඉගුආසු ගංගාවෙන් කඩා හැලෙන දර්ශනීයම දසුන වන බවත් වාර්තා වෙනවා. ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකින් සැදුම්ලත් මෙය මීටර් 2700ක් පමණ පළලකින් යුක්ත වන බව සඳහන් වෙනවා. මෙම දිය ඇල්ලේ පළලින් මීටර් 1900ක් පමණ අයත් වන්නේ බ්‍රසිලයටයි. ඉතිරි කොටසේ අයිතිකරුවන් වන්නේ ආර් ජන්ටිනාවයි.  මීට පෙර සඳහන් කළා වගේම දිය ඇලි සංකීර්ණයක් වන ඉගුආසු හි ඇති උසම දිය ඇල්ලේ උස ලෙස වාර්තා වන්නේ මීටර් 82 කි. මීට අමතරව අනෙකුත් දිය ඇලි ගැන සලකා බැලූ විට ඉන් බොහොමයක උස මීටර් 64ක් පමණ වන බව දැක්වෙනවා.

බ්‍රසිලයත් ආජන්ටිනවත් වෙන් කරන මායිමේ පිහිටි යක්ෂයාගේ උගුර යන ඇල්ල ඉගුආසු ඇල්ලේ ප්‍රධානතම ඇල්ල වනවා. මෙම යක්ෂයාගේ උගුර දිය ඇල්ල ඉංග්‍රීසි භාෂාවේ U අකුරේ හැඩය ගන්නා බවත් දැක්වෙනවා. එහි පළල මීටර් 150 ඉක්මවනවා.

වික්ටෝරියා ඇල්ලත්, නයගරා ඇල්ලත් දෙවෙනි කරවන මෙම ඇල්ලේ තත්පරයකට ඇද හැලෙන ජල ප්‍රමාණය ලීටර් 15000 ක් ලෙස දැක්වෙනවා.

ජාතික වනෝද්‍යාන

grayline.com (දේදුන්නක් පායා තිබෙන අයුරු)

ඉගුආසු දිය ඇල්ල සමීපයේ අපූරු වනෝද්‍යානයක් පිහිටා තිබෙනවා. එම වනෝද්‍යානය හඳුන්වන්නේ ද  ඉගුආසු ජාතික වනෝද්‍යානය ලෙසයි. ඉගුආසු දිය ඇල්ල වගේම වනෝද්‍යානය හේතුවෙන් දේශ විදේශ සංචාරකයින් විශාල පිරිසක් වසරකට පැමිණෙන බවත් දැක්වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වාසය කරනු ලබන ගුවාරානි නමැති ජන කොට්ඨාශය ඉගුආසු ගංගාව හඳුන්වනු ලබන්නේ මහා ජලකඳ නමිනුයි.  වර්ෂාපතනය ලැබෙන කාල වකවානුවල දී දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ඉතාමත් අලංකාර බවයි දැක්වෙන්නේ. ඒ ඇල්ල සැතපුම් තුනක් පමණ විසිරුණු පෙණපිඬු වලින් හා ඒ හේතුවෙන් ඒ අවට ප්‍රදේශය දේදුණු දහස් ගණනක් නිර්මාණය වන බවද දැක්වෙනවා.

ඇදහිය නොහැකි මනස්කාන්ත ස්වභාවික නිර්මාණය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව බ්‍රසීල මෙන්ම ආජන්ටිනා රජයද තීරණය කළා.  ඒ අනුව මෙම දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන පියවර ගනු ලැබුවා. ඉගුආසු ජාතික වනෝද්‍යානය එසේ ගනු ලැබූ එක් පියවරක් ලෙස දක්වන්නට පුළුවන්. 1928 වසරේදී ආජන්ටිනාව මෙසේ දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අක්කර 123550 ක පමණ ප්‍රදේශයක් වනෝද්‍යානයට ඇතුල් කරනු ලැබුවා. මෙය අනුකරණය කරමින් බ්‍රසිලයද ඉගුවාකු ජාතික වනෝද්‍යානය පිහිටුවනු ලැබුවා. එයට අයත් වන බිම් ප්‍රමාණය වන්නේ අක්කර 420070 කි.

ශාක හා සත්ත්ව කොට්ඨාශ

dreamstime.com(ඉගුආසු ජාතික වනෝද්‍යානයේ වාසය කරන සත්ත්ව කොට්ඨාශ)

ඉතාමත් අපුරු හා විශ්මය දනවන සුළු ශාක හා සත්ත්ව කොටස් මෙහි මේ ආශ්‍රිත ප්‍රදේශයේ වාසය කරනු ලබනවා. ඉගුආසු ගංගාවේ ඉවුරේ වැඩි තිබෙන යෝධ පෙරෝබා රෝසා හා පාම් ගස් ගැන විශාල ලෙස කතාබහට ලක් වෙනවා. එයට හේතුව ලෙස සඳහන් වන්නේ අඩි 65කට වඩා උසකින් යුක්ත මෙම පාම් ගස් හි සිහින් කඳක් පිහිටා තිබෙනවා. ඒ වගේම එහි අවසානය වන්නට පිහිටා තිබෙන අංකුරය ආහාරයක් ලෙස ගනු ලබනවා. එමෙන්ම එය ඉතාමත් ඉහළ වටිනාකමින් යුක්ත වන බවද දැක්වෙනවා.

ඒ වගේම මත්ස්‍ය විශේෂ බොහොමයක්  මෙම ඉගුආසු ගංගාවේ ජිවත් වනවා. නමුත් වර්තමානයේ ඇති වී තිබෙන ශෝචනීය තත්වය වන්නේ ඔහුන්ගෙන් සමහරක් ලෝකයේ සමහරක් සත්ත්ව කොට්ඨාශ මුහුණ දී තිබෙන්නක් මෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. එමෙන්ම මෙහිදී දැක ගත හැකි තවත් විශේෂ අතර යෝධ දිය බල්ලන් ද වනවා.

ඒ වගේම හමිං බර්ඩ් විශේෂ දොළහක්ද, පුදුම දනවන සුළු හොටයකට හිමිකම් කියන වට්කවුන් විශේෂ පහක්ද, දීප්තිමත් වර්ණයන්ට උරුමකම් කියන උරගයින් මෙන්ම උභය ජිවින්ද මෙම ප්‍රදේශයේ ඉතා සුලභ බව දැක්වෙනවා. කොරල් ස්නේක් නම් සර්ප විශේෂය වඩාත් විශේෂ බවද සඳහන් වනවා. මෙසේ සඳහන් කිරීමට හේතුවක් වන්නේ දීප්තිමත් නිල් පැහැයෙන් යුක්ත වීමයි. මොවුන් උග්‍රතම විෂ සහිත සර්ප කොට්ඨාශයක් වන නමුත් මුඛය ඉතා කුඩා හෙයින් මිනිසුන්ට පහර දීමට නොහැකියි.

වඳුරු විශේෂ කිහිපයක් ද මෙම වනාන්තරය තුළ වාසය කරනවා. එයට හේතුව වනාන්තරයේ වන්නේ මල්, පලතුරු ආදිය සුලභ හෙයිනි. ඒ වගේම තාමත් තහවුරු කර ගැනීමට නොහැකි වූ නමුත් ලේ උරා බොන්නන් යනුවෙන් බොහෝ ප‍්‍රබන්ධ කතා වල වාර්තා වන්නා වූ වැම්පයර් නම් කුඩා වවුල් විශේෂයක් ද වාසය කරන බවට මතවාද ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් වවුල් විශේෂ කිහිපයක් මෙහි දිවි ගෙවනවා.

එපමණක්ද නොවේ පක්ෂීන් විශේෂ මෙන්ම නොයක් ආකාරයෙන් වර්ණවත් සමනළුන් ද මේ ප්‍රදේශයේ බහුලව වාසස්ථානය කරගෙන තිබෙනවා.

සත්ත්ව කොටස් පමණක්ම නොවේ සිරි අසිරිය දෙගුණ තෙගුණ කිරීමට සමත් ශාක විශේෂ ද තිබෙනවා. ඒ අතර නොයෙක් වර්ණවලින් යුක්ත බ්‍රොමිලියාඩ් සහ ඕකිඩ් මල් වනෝද්‍යානය තවත් අලංකාර කරන බව දැක්වෙනවා. එකට වෙළුණු දෙදහසකට අධික වැල් හා අඩි 30, 50 උසකින් යුක්ත උණ පඳුරු වලින් මාර්ගය ආවරණය වී තිබෙන බවද දැක්වෙනවා.

ඉගුආසු දිය ඇල්ල ප්‍රදේශය සුන්දරත්වයෙන් අනූන ප්‍රදේශයක් වන අතර, එහි සංචාරය කරන්නට ලැබෙන්නේ නම් එය අපූරු අත්දැකීමක් වේවි.

කවරයේ පින්තුරය: alliswall.com

Related Articles