Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැඹුරු මුහුදේ ජීවය

අපි සඳ ගැන දනිමු. අඟහරු, සූර්‍යයා ගැන දනිමු. නමුත් පෘථිවියෙන් 70% පමණ වසාගත් මහා සාගරයෙන් තවමත් ගවේෂණය කර ඇත්තේ 5%ක් පමණ සුළු ප්‍රදේශයක් පමණක් බව ඔබ දන්නවාද? කියුබික් කිලෝමීටර බිලියනයක් පමණ වූ මහ සයුර සගවාගෙන සිටින රහස් සමුදාය අතරින් ඉතාමත් ආකර්ෂණීය මාතෘකාවක් තමයි ගැඹුරු මුහුදේ දිවි ගෙවන අපූරු ජීවීන්. ගැඹුරු මුහුදේ ජීවීන් ප්‍රමාණය පෘථීවියේ ජීවීන්ගේ ප්‍රමාණයෙන් 90% පමණ වන බව පැවසෙනවා.

ගැඹුරු මුහුද සහ එහි පරිසර තත්වයන්

සාමාන්‍යයෙන් ගැඹුරු මුහුද ලෙස හදුන්වන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 200 කට වඩා පහතින් පවතින සමුද්‍ර කලාපයට යි. දැනට සොයාගෙන ඇති සාගරයේ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයේ පිහිටි චැලේන්ජර් ඩීප් ( Challenger Deep) නම් මීටර් 10,994ක් ගැඹුරින් පිහිටි ස්ථානය දක්වා සියළු ප්‍රදේශය ගැඹුරු මුහුදු කලාපයට අයත්.

සාගරය තුළට ගමන් කරන විට මීටර් 200දී ආලෝකය වියැකී යාම ඇරඹෙනවා. මීටර් 1000ක් සාගරය තුළට ඔබ ගමන් කළහොත් ඔබට ඉතාමත් අන්ධකාරය කලාපයකට ඇතුලු වීමට පුළුවන්. එතනින් එහා ගැඹුරු කලාපය ඉතාමත් අන්ධකාර බව පැවසෙනවා.

(සාගරය තුලට ගමන් කරන විට මීටර් 200දී ආලෝකය වියැකී යාම ඇරඹේ) http://rustusovka.com/content/deep-sea.html

සාමාන්‍යයෙන් සාගරය තුළට ගමන් කරන සෑම මීටර් 10කට ම වායුගෝල එකක් බැගින් පීඩනය වැඩි වනවා. එනම් මීටර් 1000ක ගැඹුරේදී දළ වශයෙන් පීඩනය වායුගෝල 100කට ආසන්නයි. මිනිසෙකුට ජීවිත හානියකින් තොරව ගමන් කළ හැකි උපරිම ගැඹුර ලෙස දැක්වෙන්නේ මීටර 500ක් පමණයි. ගැඹුරු මුහුද තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක -1 සිට සෙල්සියස් අංශක 4 දක්වා විචලනය වනවා.

ගැඹුරු මුහුදේ ජීවීන්

ගැඹුරු මුහුදේ ජීවත් වන ජීවීන් ඉහත සදහන් ඉතා කටුක හා ශුෂ්ක පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් හැඩ ගැසී තිබෙනවා. මේ එවන් ජීවීන් කිහිප දෙනෙක් ගැන සටහනක්.

Scaly Dragonfish

(Scaly Dragonfish) http://fishindex.blogspot.in/2008/06/scaly-dragonfish.html?m=1

මකර මාළුවා නොහොත් Scaly Dragonfish කියන්නෙ මීටර් 1000කට වඩා ගැඹුරු මුහුදේ ජීවත් වන අපූරු සත්වයෙක්. මේ මාළුවාගේ ශරීරය ගැඹුරු මුහුදේ පීඩනයට හා ඔක්සිජන් තත්වයන්ට ඔරොත්තු දෙන අයුරෙන් නිම වී තිබෙනවා. Dragonfish ගොදුරු අල්ලාගන්නේ හරි අපූරු විදිහකට. ඒ මුඛය අසල ඇති ආලෝකය නිකුත් කරන කොටසක් මගින් ගොදුරු ආකර්ෂණය කරගෙන තියුණු දත්වලින් ගොදුරු ඩැහැ ගැනීමෙන්.

Fangtooth (Anoplogaster cornuta)

සාගරයේ ගැඹුරින්ම ජීවත් වන ජීවීන් අතර එක් ජීවියෙක් වන Fangtoothව දැකබලා ගන්න නම් ඔබට සයුර තුලට මීටර් 5000ක් ගැඹුරට ගමන් කළ යුතුයි. මෙම මත්ස්‍යයා ශරීරයට සාපේක්ෂව විශාලම දත් පිහිටි මත්ස්‍යයා ලෙස හැදින්වෙනවා.

ඒ වගේම ඔවුන් හමුවන ආහාරයට ගත හැකි ඕනෑම දෙයක් ගිල දැමීමටත් ඉතා ඉක්මනින් වේශාන්තරණය වීමටත් හැකියාව දක්වනවා.

( Fangtooth)
https://www.newscientist.com/article/mg23231020-400-up-close-with-the-giant-teeth-of-the-deepsea-fangtooth

Frilled Shark (Chlamydoselachus anguineus)

මේ මත්ස්‍යයා මීටර 500ත් 1500ත් අතර ගැඹුරු මුහුදේ ජීවත් වෙන මෝරෙක්. ආදි කල්පික සත්වයෙක් ලෙස හැදින්වෙන මේ මෝරාට තියුණු දත් 300ක් පමණ තිබෙන බව සඳහන්. . මොවුන්ගේ බිහි වීම වසර මිලියන 95ක් තරම් පැරණි බව ෆොසිල වලින් සොයාගෙන තිබෙනවා. මෙම සත්වයා දැකගැනීම බොහෝ අසීරු කාරණයක් බව සත්ව විද්‍යාවේදීන් පවසනවා.

(Frilled Shark ) http://fishesofaustralia.net.au/home/species/3419

Giant Isopod (Bathynomus giganteus)

මෙම සත්වයා ජීවත් වන්නේ ගැඹුරු මුහුදු පතුලේයි. සාමාන්‍යයෙන් මීටර් 2000ක පමණ ගැඹුරේ වුවත් ජීවත් වියහැකි මෙම අයිසොපෝඩාවා සෙන්ටිමීටර 50ක් පමණ විශාලත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ වගේම ආහාර නොමැතිව අවුරුදු 5ක් පමණ ගත කළ හැකි මේ සත්වයා සාමාන්‍යයෙන් යැපෙන්නේ මියගිය මත්ස්‍යයන්ගෙන්. 2015දී විකාශය වූ Sharkweek වැඩසටහනේ දී Giant Isopod සත්වයෙක් ප්‍රමාණයෙන් විශාල මෝරෙකු සමඟ සටන් කරන ආකාරය විකාශය කර තිබුණා. පහත ඇති යූ ටියුබ් ඇමිණුමෙන් එය නැරඹිය හැකියි.

https://m.youtube.com/watch?v=O8sE0tvkpdY

Gulper Eel (Eurypharynx pelecanoides)

(Gulper)  http://fishesofaustralia.net.au/home/species/3300

මේ ආඳා ජීවත් වන්නේ මීටර 500ත් 1800ත් අතර ගැඹුරු මුහුදේ යි. ශරීර ප්‍රමාණයට වඩා විශාල මුඛයක් ඇති මෙම ආඳා දැක ගැනීම අසීරු කාරණයක්.

Viper fish (Chauliodus macouni)

(Viper fish) https://anniversary.mlml.calstate.edu/2016/05/the-museum/

මීටර 1500ක් පමණ ගැඹුරු මුහුදේ ජීවත් වන මෙම සත්වයා වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ විශාල දත් හා ආක්‍රමණශීලී දඩයම් රටාව නිසායි. ඒ වගේම මොවුන් විනිවිද පෙනෙන ශරීරයකින් වගේම ශරීරයේ ආලෝකය විහිදවන කොටසකින් ද සමන්විත වී තිබෙනවා. ඒ දඩයම් කිරීමේ දී හා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට දක්වන අනුවර්තනයක් ලෙසයි. මොවුන්ගේ ආයුකාලය අවුරුදු 30-40 පමණ වන බව සදහන්.(http://deepseacreatures.org/viperfish)

Goblin Shark (Mitsukurina owstoni)

(Goblin Shark) http://fishesofaustralia.net.au/home/species/3254

මේ මෝරන් විශේෂය 19 වන සියවසේ අග බාගයේ ජපානය ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් සොයාගෙන තිබෙනවා. අළු පැහැයට හුරු රෝස පැහැයෙන් යුත් මෙම මෝර විශේෂයට එම පැහැය ලැබී ඇත්තේ ඔවුන්ගේ සම විනිවිද පෙනෙන සුළු වීම නිසායි. මොවුන්ගේ දත් ඉතා තියුණු වන අතරම වෙනත් මෝර විශේෂ වලට වඩා වෙනස් අස්ථි පද්ධතියක් මොවුන්ට තිබෙනවා. දක්ෂ දඩයම්කරුවන් වන මොවුන් සාමාන්‍යයෙන් අඩි 5ක් පමණ විශාලත්වයෙන් යුක්තයි. නමුත් අඩි 12ක් පමණ විශාල ගොබ්ලින් මෝරුන් ජපන් ධීවරයන්ගේ දැල් වලට හසු වී තිබෙනවා. ඒ වගේම මොවුන්ගේ ඉතිහාසය වසර මිලියන 125 පමණ ඈතට විහිදෙනවා. එම නිසා මොවුන් දැනට ජීවත් වන ජීවීන්ගෙන් ඉපැරණිම ජීවී විශේෂයක් ලෙස සැලකෙනවා.

Dumbo octopus (Grimpoteuthis)

(Dumbo octopus)
http://oceana.org/marine-life/cephalopods-crustaceans-other-shellfish/dumbo-octopuses

මේ නම Umbrella octopus නම් පවුලේ  සියළුම බූවල්ලන් හැදින්වීමට යොදා ගන්නවා. බූවල්ලන් අතරින් ගැඹුරින්ම ජීවත් වන ප්‍රබේදය වන මොවුන් මීටර් 4000ක් හෝ ඊටත් වඩා ගැඹුරු මුහුදේ දිවි ගෙවනවා. කිසිම ආලෝකයක් නැති ඉතා සීතල පරිසරයට අනුව‍ර්තනය ඇති මේ සත්ව විශේෂය දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙනවා.

Vampire Squid (Vampyroteuthis infernalis)

(Vampire Squid) https://www.flickr.com/photos/mon_cinema/2473530183

භයානක නමක් තිබුණත් මෙම ජීවියා අගල් 6ක් පමණ කුඩා ජීවියෙක්. මොවුන් ඉතාමත් පැරණි ජීවී කොට්ඨාසයක්. Vampyromorphida නම් පවුලේ තවමත් ඉතිරි වී ඇති එකම ජීවී කොට්ඨාසය වන මොවුන් සුවිශේෂී වන්නේ ඔවුන්ගේ විශාල ඇස් නිසයි. සියලුම ජීවීන්ගෙන් ශරීරයට සාපේක්ෂව විශාලම ඇස් ඇත්තේ මෙම ජීවීන්ටයි.

Big Red Jellyfish (Tiburonia granrojo)

2003 දී සොයා ගත් මේ ජීවියා සාමාන්‍ය Jelly fish කෙනෙක්ට වඩා විශාලයි. මොවුන් ජීවත් වෙන්නෙ මීටර් 600-1500 අතර මුහුදේ යි. සොයා ගැනීමට ඉතා අපහසු ජීවියෙක් වන මේ මාළුවා සාමාන්‍යයෙන් අගල් 30ක පමණ වට ප්‍රමාණයකට වැඩෙනවා.

Oarfish (Regalecidae)

විශාල මුහුදු සර්පයන් පිළිබද කතා වලට මූල බීජය ලෙස හදුන්වන මෙම මත්ස්‍යයා ලෝකයේ දිගම ඇටකටු සහිත මත්ස්‍ය විශේෂය ලෙස හැදින්වෙනවා. මීටර් 11ක් පමණ දිගින් වැඩෙන මොවුන්ට විදුලි සැරයක් නිකුත් කිරීමටත් හැකියාවක් ඇති බව සදහන්. මුහුදු මට්ටමෙන් මීටර් 1000කට වඩා ගැඹුරින් ජීවත් වන මේ ජීවීන්ට මුහුදේ උඩු කොටසේ ජීවත් වීමට නොහැකි බව කියවෙනවා.

ඔබට පහත යූ ටියුබ් යොමුවෙන් මේ අපූරු ජීවීන් පිළිබඳ තවත් රසවත් කරුණු දැනගත හැකියි.

ගැඹුරු මුහුදේ ජීවීන් දක්වන අනුවර්තන

ගැඹුරු මුහුදේ ඇති අතිශය ශුෂ්ක පරිසර තත්ව වලට ඔරොත්තු දීමට ගැඹුරු මුහුදු ජීවීන්ගේ ශරීර අනුවර්තනය වී පවතිනවා. එයින් කිහිපයක් පහතින් ඔබට කියවිය හැකියි.

ආලෝකය විහිදවීම

(ආලෝකය විහිදවන ජීවියෙක්) https://www.montereybayaquarium.org/animal-guide/invertebrates/midwater-jelly

ගැඹුරු මුහුදු ජීවීන් දඩයම් කිරීම සදහා සිදුවී ඇති සුවිශේෂ අනුවර්තනයක් තමයි ආලෝකය විහිදුවීමේ හැකියාව. මෙමගින් ගොදුරු ආකර්ෂණය කරගෙන දඩයම් කිරීමට Firefly squids, Viperfish වගේ ජීවීන් හැඩගැසී තිබෙනවා.

ප්‍රමාණයෙන් විශාල ඇස්

විලෝපිකයන්ගෙන් ගැලවීමට වගේම දඩයම් කිරීමටත් ප්‍රයෝජනවත් වන ලෙස ගැඹුරු සාගර ජීවීන් බොහොමයක් සතුව විශාල ඇස් පවතිනවා.

විශේෂයෙන් සකස්වූ අස්ථි පද්ධතිය

විශාල පීඩනයට ඔරොත්තු දෙන ලෙස සුවිශේෂී ආකාරයකට මේ සත්වයන්ගේ අස්ථි පද්ධතිය සකස් වී තිබෙනවා.

ගැඹුරු මුහුදේ ඇත්තේ ඝන අන්ධකාර තත්වයක් නිසා ගැඹුරු මුහුදේ ජීවත් වන සත්වයන් බොහොමයක් අනිත් වස්තූන් හා සත්වයන් හඳුනා ගැනීමට ශබ්ද පරාවර්තනය හා සුවඳ භාවිතා කරනවා.

මේ සත්වයන්ට ආහාර නොමැතිව වුවත් බොහෝ කල් ජීවත් විය හැකියි. ඒ වගේම විශාල මුඛයන් හා තියුණු හා විශාල දත් මේ සත්වයන් සමහරකට පිහිටා තිබෙනවා.

තවත් අනුවර්තන ලෙස ශරීරයේ පැහැය, අනුවර්තනය වූ ප්‍රජනන ක්‍රම, දිගු ජීව කාලයන්, යෝධ බව දැක්විය හැකියි.

ගැඹුරු මුහුද තවමත් විශාල රහස් ප්‍රමාණයක් සඟවාගෙන සිටිනවා. මයිකල් වචියෝන් නම් ස්මිත්සෝනියන් ආයතනයේ ජෛව විද්‍යාවේදියා පවසන ආකාරයට “අපි ගැඹුරු මුහුද ගැන දන්නා දේ ඉතා ස්වල්පයයි, අපි දන්නේ නැහැ අපි නොදන්නා දේ කුමක් ද කියාවත්. අපි තවමත් සොයාගෙන තිබෙන දේවල් අපි අහම්බයෙන් සොයා ගත් දේ පමණයි”

අපි නොදන්නා දේ බොහෝමයි.

කවරයේ පිංතූරය – http://rustusovka.com

Related Articles