Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ICC Champions Trophy ගැන 2017 දක්වා කියවීමක්

(virakesari.lk)

ක්‍රිකට් ක්‍රීඩාව යනු දකුණු ආසියාතික රටවල ජනප්‍රියතම ක්‍රීඩාව වශයෙන් හැදින්වීමේ වරදක් නැත. මන්ද ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල ජනතාව වඩාත් උනන්දු ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් පිලිබඳ වීම නිසාවෙනි. මේ දිනවල නැවතත් ක්‍රිකට් උණුසුම පැතිර යමින් පවතින්නේ ශූරයන්ගේ කුසලානය හෙවත් Champions Trophy තරගාවලිය පැවැත්වෙන බැවිිනි. එහෙයින් අද අප කතා කරන්නේ ද මෙහි ඒ පිළිබදව ය.

ආරම්භය

1998 ICC Knockout Tournament ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම www.icc-cricket.com

මෙම තරගාවලිය ICC Knockout නමින් පළමුවෙන් පැවැත්වෙන්නේ 1998 දී බංගලාදේශයේ ඩකා හිදීය. ඉන්පසු වසර දෙකකට වරක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන අතර 2000 වසරේ දී කෙන්යාවේ නයිිරෝබි හි දී දෙවන තරගාවලිය පැවැත්විය.

කෙසේ වෙතත් 2002 වසරේ දී ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහි නම Champions Trophy යනුවෙන් වෙනස් කරන ලදී. මුල්කාලයේ දී මෙම තරගාවලිය සදහා අන්තර්ජාතික ක්‍රිකට කවුන්සිිලය එක්දින ක්‍රිකට් තරග සදහා පූර්ණ සාමාජිකත්වය හිමි ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරගත් අතර එසේ නොවන කණ්ඩායම් ද තේරීම් තරග තුළින් ඇතුළත් කරගන්නා ලදී.

Champions Trophy (sportzwiki.com)

නමුත් 2009 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණයකට අනුව, මෙම කුසලානය සදහා සුදුසුකම් ලබනුයේ තරගාවලියට මාස 6 කට පෙර අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම සිටින කණ්ඩායම් 8 පමණි. එකී රීතිය වර්තමානය දක්වා ම ඒ අයුරින් පවත්වා යන අතර මෙවර 2017 ශූරයන්ගේ කුසලානය සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට සහභාගී වීමට නොහැකි වන්නේ ද ඒ හේතුවෙනිි.

2013 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරනු ලබන්නේ ඒ වසරේ ශූරයන්ගේ කුසලානය අවසන් තරගාවලිය වන බවත්, ඉන්පසු නැවත ශූරයන්ගේ කුසලානයක් නොපැවත්වෙන බවත්, ඒ වෙනුවට පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කුසලාන තරගාවලියක් බවත් ය. කෙසේ වෙතත් අදාළ ටෙස්ට් ලෝක කුසලානය සදහා මතු වුණු ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය නොපැවැත්වීමට නැවත තීරණය කරන ලද අතර ඒ හේතුවෙන් නැවතත් ශූරයන්ගේ කුසලානය පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදී.

කුසලානය දිනූ ශූරයන්

ICC Champions Trophy 2017 (cricketbettingtipsprince.com)

ශූරයන්ගේ කුසලාන තරගාවලිිය වැදගත්කමින් දෙවැනි වන්නේ ක්‍රිකට් ලෝක කුසලානයට පමණි. එනිසා ම සෑම කණ්ඩායමක් ම පාහේ මෙම තරගාවලිය ජයග්‍රණය කිරීමට තම උපරිම උත්සාහයෙන් ක්‍රීඩා කරනු දැකගත හැකි ය.

2002 දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමශුරයන් වීම. (sportskeeda.com)

මෙහි පළමු තරගාවලිිය (1998) දිනා ගනු ලැබුවේ දකුණු අප්‍රිකාව විසිනි. එහි අනුශූරයන් වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන් ය. 2000 තරගාවලියේ දී නවසීලන්තය ශූරයන් වූ අතර ඉන්දියාව අනුශූරයන් බවට පත් විිය.

2002 වසරේ දී ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සමශූරතාව හිමි වූ අතර 2004 දී පැවති ශූරතාව බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් දිනා ගත් අතර එංගලන්තය අනුශූරයන් බවට පත්විය. 2006 තරගාවලිය ඕස්ට්‍රේලියාව ජයගත් අතර කොදෙව්වන් අනුශූරයන් විය.

2009 දීත් ඕස්ට්‍රේලියාව නැවතත් ශූරතාව හිමි කරගත් අතර එවර අනුශුරතාව හිමි වූයේ නවසීලන්තයට ය. 2013 වසරේ දී පැවති කුසලනාය ඉන්දියාව විසින් දිනා ගත් අතර එංගලන්තය අනුශූරයන් විය.

2013 දී ඉන්දියාව ශූරයන්ගේ කුසලානය දිනූ අවස්ථාව 

ඒ අනුව තවමත් එංගලන්තය සහ බංගලාදේශය මෙම කුසලානය එකදු අවස්ථාවක් හෝ ජයග්‍රහණය කර නැති අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මෙම ශූරතාව දෙවරක් දිනාගෙන ඇත.

ICC Champions Trophy හි වාර්තා

ක්‍රිස් ගේල් (sportzwiki.com)

ශූරයන්ගේ කුසලානයේ වැඩි ම ලකුණුලාභියා ලෙස සදහන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ය. ඒ තරග 17 ක දී ලකුණු 791 ක් රැස් කර ගනිමිනි. මෙහි දෙවන හා තෙවන ස්ථාන හිමි වන්නේ මහේල ජයවර්ධනට (ලකුණු 742) සහ කුමාර් සංගක්කාරට (ලකුණු 683) ය. එක් තරගයක දී පිතිකරුවකු ලෙස රැස් කර ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව වන්නේ 2004 දී නවසීලන්තයේ නේතන් ඇෂ්ලේ විසින් නොදැවී රැස් කළ ලකුණු 145 යි.

ශිකර් දවාන් ඔහුගේ තෙවන ශතකයෙන් පසු. (indiatvnews.com)

මෙම තරගාවලියේ දී වැඩි ම ශතක ලාභියා වන්නේ ශතක 3 ක් රැස් කර ඇති ඉන්දියාවේ ශිකර් දවාන් ය. තරග 7 ක දී මෙම ශතක වාර්තා කර තිබීම විශේෂ වන අතර මීට පෙර හර්ශල් ගිබ්ස්, සවුරව් ගන්ගුලි සහ ක්‍රිස්ගේල් යන ක්‍රීඩකයන් ශතක තුනක් ලබාගෙන තිබුණ ද ඔවුන් ඒ සදහා පිළිවෙළින් තරග 10, 13 සහ 17 ක් වැය කර තිබුණි.

කයිල් මිල්ස්. (cricketcountry.com)

වැඩිම කඩුලුලාභි පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ නවසීලන්තයේ කයිල් මිල්ස් වන අතර ඔහු විසින් තරග 15 ක දී කඩුලු 28 ක් දවාගෙන ඇත. කඩුලු 24 බැගින් දවා ගනිමින් මුරලි (තරග 17 ක දී) සහ මාලිංග (තරග 15 ක දී) දෙවන හා තෙවන ස්ථානවල පසුවේ. මෙම තරගාවලිය තුළ තරගයක දී හොදම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2006 දී ශ්‍රී ලංකාවේ මහරූෆ් විසින් පන්දුවාර 9 ක් තුළ, නිලකුණු පන්දුවාර 2 කුත් ලකුණු 14 කට කඩුලු 6 කුත් දවා ගැනීම යි.

මහරූෆ් (cricketcountry.com)

පසුවදන

ශූරයන්ගේ කුසලානය සම්බන්දයෙන් තතු සොයා යෑමේ දී එය අතිශය රසවත් බව ඔබට පසක් වන්නට ඇති බව නොඅනුමානය. 2017 වසරේ තරගාවලිය තවමත් අවසන් වී නැත. තරගයෙන් තරගය අතිශය උද්වේගකාරී – තරගකාරී ස්වරූපයක් ගනු ලබන මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලිය අවසන් වන විට ද මෙවැනි ම රසවත් සිදුවිම් රැසක් අප වෙත ඉතිරි කරනු ඇති බව නම් පැහැදිලි ය.

මූලාශ්‍ර

  • www.icc-cricket.com
  • www.espncricinfo.com
  • www.wikipedia.com
  • www.youtube.com

Related Articles