Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රණශූරයන්ගේ නැටුම හෙවත් හාකා

නවසීලන්තයේ මාඕරි ජාතිකයන් පිළිබදව ඔබ නොදන්නවා විය නොහැකි යි. එම නම ඇසෙන මොහොතේ දී ම ශක්තිමත් ශරීරකින් යුතු දේහධාරී පුරුෂයකුගේ චිත්‍රයක් ද ඔබගේ සිතේ ඇදෙනු ඇත. නවසීලන්තයේ ස්වදේශික ජන කොට්ඨාසයක් වන මාඕරි ජාතිකයන් පිළිබදව වඩාත් අවධානය යොමු වන්නේ ඔවුන්ගේ “හාකා“ නැටුම් නිසාවෙනි. එහෙයින් මෙවර ලිපිය ලියවෙන්නේ එ් පිළිබදව යි.

(http://newzealandhaka.blogspot.com/)

ඉතිහාසය

හාකා නැටුම් යනු නවසීලන්තයේ සාම්ප්‍රදායික මාඕරි සංස්කෘතියෙහි දැක ගත හැකි සුවිශේෂී අංගයකි.(“හාකා“ යන්නෙහි වචනාර්ථය “නැටුම“ යන්න යි) මාඕරි මිථ්‍යාවේදයට අනුව මෙයින් හැඟැවෙන්නේ හිරු දෙවියන් සහ ඔහුගේ එක් බිරිඳක් වන ගිමිහාන දිව්‍යාංගනාවගේ පුත්‍රයා වූ මාඕරි දෙවියන්, ඔහුගේ මෑණියන්ගේ පැමිණීමෙන් සතුටට පත්වූ අයුරු නිරූපණය වන බව යි. (http://www.teara.govt.nz/en/1966/haka) කෙසේ වෙතත් මෙහි වෙනස් අර්ථ නිරූපණයන් ද පවතී.

(http://expresioncorporalydanzab.blogspot.com)

හාකා වර්ග හා අර්ථයන්

විවිධ හාකා වර්ග පවතින බවට වාර්තා වේ. ඇතැම් හාකා නැටුම් සදහා ආයුධ භාවිතා කරන අතර ඇතැම් ඒවාට ආයුධ භාවිතා වීමක් සිදු නොවේ. බොහෝ අවස්ථාවල දී මෙම නර්තනය සිදු කරනු ලබන්නේ පුරුෂයන් විසිනි.

මාඕරි ජාතිකයෙක් (https://www.haikudeck.com)

පෙරුපෙරු (Peruperu) හෙවත් රණකාමී හාකා නැටුම

මුලින් ම බිහි වූ නැටුම ලෙස සැලකෙන අතර මෙයින් ප්‍රතිවාදීන් හට තමන්ගේ බලය, ශක්තිය විදහා පෑමට අපේක්ෂා කරන ලදී.  මෙහි දී පාදයන් ඉදිරියට නමා ගනිමින් ශරිරයේ ඉහළ අර්ධය තරමක් පහළට පහත් වෙමින් මුහුණ විකෘති ඉරියව් මවා ගනිමින් (ඇස් විශාල කර ගැනීම, දිව හැකි තරම් පිටතට දමා ප්‍රදර්ශනය කිරීම, ආයුධ හැසිරවීම වැනි ක්‍රියා සිදු කරයි) නර්තනය සිදු කරනු ලබයි. සටනට පෙර යුද්ධයට අධිපති දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමත්, ප්‍රතිවාදීන් දුර්මුඛ කිරීමත් මෙහි අරමුණු කර ගනී. හාකා නැටුම සියලු දෙනා ම එකට එක්ව පිළිවෙළට සිදු කිරීමට නොහැකි වුවහොත් එය අශුභ ලකුණක් ලෙස මාඕරි ජාතිකයන් සැලකූ බවටත්, ඔවුන් යුද පිටියට යන විට ඉණ වටා බැද සිටි හණකඩ පමණක් හැඳ සිටි බවටත් වාර්තා වේ.

වකටු වේවේ (Whakatu Waewae)

මෙම හාකා නැටුම් වර්ගය භාවිතා කරන ලද්දේ උතුරු දූපතේ නැගෙනහිර ඝන වනාන්තරීකරණය වූ ප්‍රදේශයෙහි වාසය කළ ටුහූ ජාතිකයන් විසින් භාවිතා කරන ලද්දකි. මෙය සෘජුව නැගී සිටිමින් ආයුධ භාවිතා කිරීමකින් තොරව රණශූරයන් විසින් භාවිතා කරන ලද නැටුමකි. (http://maorisource.com/Maori-Haka-Dance.html)

ටුටූ නගරහු (Tutu Nagarahu)

මෙය ද යුද්ධ හාකා නර්තනයකි. යුද්ධය ආරම්භ වීමට පෙර පූර්ව නිමිත්තක් වශයෙන් මෙම නර්තනය සිදු කර ඇති අතර ආයුධ භාවිතා කිරීමක් සිදු ව ඇත.

නේරි (Ngeri)

මෙය රණශූරයන්ගේ රණකාමීත්වය උත්තේජනය කරනු වස් සිදු කරනු ලබන නර්තනයකි. මෙයින් “ප්‍රතිවාදියාගේ රුධිරය හඹා යෑම“ අදහස් කරනු ලබයි. මෙහි දී ස්ථිර වූ නර්ථන චලනයන් නොමැති අතර රණශූරයන් හට නිදහසේ තමන් කැමති අයුරකින් තම අදහස් නිරූපණය කිරීමේ අවස්ථාවක් මෙහි දී ලබා දේ.

මනවා වෙරා (Manawa Wera)

මෙය භාවිතා  කරනු ලබන්නේ අවමංගල්‍යය උත්සවයන්හි දී වන අතර ඉතා සුළු චලනයන් හෝ නැතහොත් චලනයන් භාවිතා නොකරන තරම්ම වේ.

ඕල් බ්ලැක්ස් සහ හාකා

(http://www.buyoriginalshoesonline.com/)

ලෝකයේ වඩාත් ම ජනප්‍රිය හාකා වර්ගය “කා මේට්“ (Ka Mate) හාකා නැටුම  යැයි පැවසීම නිවැරදි ය. ඊට හේතුව නම්, එය නවසීලන්ත රගර් කණ්ඩායම විසින් සෑම තරගරයක් ආරම්භයේ දී ම නර්ථනය කර දැක්වීම යි. මෙය මේ රෝපරහා නම් මාඕරි රණශූරයා විසින් නිර්මාණය කරන ලද හාකා නැටුමක් වශයෙන් සලකනු ලබන අතර තමන් පසු පස හඹා ආ ප්‍රතිවාදීන්ගෙන් බේරීමට හැකිවීමේ ප්‍රීතියෙන් ඔහු විසින් රඟ දක්වන ලද හාකා නැටුමක් ලෙස වාර්තාවල සදහන් වේ. (http://maorisource.com/Maori-Haka-Dance.html)

bq

“මා මිය යාවි ද? මා මිය යාවි ද?“ මා ජිවත් වේවි ද? මා ජීවත් වේවි ද?“

(Will I die? Will I die? Will I live? Will I live?)

bq

යනුවෙන් එකී හාකා නැටුම ආරම්භ වන්නේ ද ඒ නිසාවෙනි. 1888 – 89 කාල පරිච්ඡේදයේ දී නවසීලන්ත රගර් කණ්ඩායම විසින් සිදු කළ පළමු බ්‍රිතාන්‍ය තරග සංචාරයේ දී මුල්වරට මෙම හාකා නැටුම ඉදිරිපත් කරන ලදී. එයින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් වූ අතර ඉන් පසු දිගින් දිගට ම නවසීලන්ත රගර් කණ්ඩායම විසින් අනුගමනය කරනු ලබයි. මෙසේ සිදු කරනු ලබන විශේෂ හාකා නැටුමක් නොමැති නමුත් එදා මෙදා තුර බොහෝ විට භාවිතා කර ඇත්තේ “කා මේට්“ හාකා නැටුම යි. එසේ ම තමන්ට ම අනන්‍ය වූ විශේෂ හාකා නැටුම් නවසීලන්ත රගර් කණ්ඩායම් විසින් යොදා ගත් අවස්ථා ද ඉතිහාසය තුළ දැකගත හැකි ය. (http://www.teara.govt.nz/en/1966/haka/page-3)

2015 වසරේ දී පැවති රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත රගර් කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද හාකා නැටුම්

හාකා ගැන තවදුරටත්

යුද්ධ හමුදාව විසින් හාකා නර්ථනයක යෙදෙන අවස්ථාවක් (http://www.darkroastedblend.com)

නවසීලන්තයේ යුද හමුදා, ගුවන් හා නාවික යන රජයේ ආරක්ෂක අංශ විසින් ද මෙම හාකා නර්ථන තමන්ගේ  සහෝදර සෙබළකුගේ අවමංග්‍යයක දී ඉදිරිපත් කරනු ලබයි. නවසීලන්ත යුද්ධ හමුදාව විසින් ඒ සදහා තමන්ට ම ආවේණික වූ හාකා නර්ථනයක් නිර්මාණය කරගෙන ඇති අතර එය  Tu Taua a Tumatauenga වශයෙන් හදුන්වනු ලබයි.

2005 දී ඇෆ්ගන්ස්ථානයේ දී ජීවිතක්ෂයට පත් තම සහෝදර සෙබළුන් වෙනුවෙන් නවසීලන්ත යුද හමුදාව විසින් සිදු කළ හාකා නර්ථනය

කවරයේ ඡායාරූපය: buyoriginalshoesonline.com

මූලාශ්‍ර:

  1. www.Maorisource.com
  2. www.youtube.com
  3. www.wikipedia.com
  4. http://www.newzealand.com

Related Articles