විශේෂාංග

විනාඩි 5 ක කියවීමක්

ලෝකයම හොල්ලපු ලෝකේ ලොකුම වේල්ල

Published

විනාඩි 5 ක කියවීමක් to read

Facebook Twitter GPlus

චීනය කිව්වම අපේ ඔලුවට එන්නේ දැවැන්ත නිර්මාණ කරන රටක් විදියට. චීන මහා ප්‍රාකාරය, ලෝකේ ලොකුම රේඩියෝ දුරේක්ෂය වගේ දේවල් වලට චීනය ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම ලෝකේ විශාලතම ජල විදුලි බලාගාරටත් හිමිකම් කියන්නේ චීනයයි. මේ ඒ ලෝකේ ලොකුම ජල විදුලි බලාගාරයේ වේල්ලේ කතාවයි.

පිහිටීම

යැන්ට්සි  නදිය චීනය හරහා ගලා බසින ලොව තුන්වන විශාලම හා දිගම ගංගාව ලෙස සලකණු ලබනවා. සැතපුම් 3,937 දිග හා ජලය කියුබික්  මීටර බිලියන 960 නැගෙනහිර චීන මුහුදට මුදා හරිනවා. වර්ග කිලෝමීටර් මිලියන 1.8 පමණ වන ජලපෝෂක ප්‍රදේශයක් මේ ගංගාවට අයත් වෙනවා. මෙම වේල්ල සහිත  ප්‍රදේශය චීන සංචාරක පරිපාලන ආයතය විසින් AAAAA කලාපයක්හෙවත් ඉතාමත් ඉහළ සංස්කෘතික වටිනාකමකින් යුත් කලාපයක් ලෙස නම් කර ඇති අතර එය චීන ඉතිහාසයේ වැදගත්ම ස්ථාන අතරෙන් එකක් ලෙස සලකණු ලබනවා. තවද මෙම ස්ථානය ඉතාමත් දර්ශනීයසංචාරක සිත් ගන්නා ස්ථානයක් ලෙසත් ප්‍රසිද්ධ වී තිබෙනවා.

Advertisement

යැන්ට්සි  නදිය (wikimedia.org)

අඩි 600 ක් උස වේල්ලක් ?

මෙම ව්‍යාපෘතිය යෝජනා කරන්නේ යැන්ට්සි නදිය චීන ආර්ථිකයට එකතු කර ගැනීමේ අරමුණ ඇතිවයි. එය  ආරම්භ වන්නේ චීනයේ හුබෙයි පළාතේ සැන්ඩෝපින් යිවෙන්ජ් හිදීයි. 1991 දී චීන හිටපු ජනාධිපතිවරයෙකු වන සන් යැන් සෙන් විසින් මෙය යෝජනා කර තිබෙනවා.

1992 වර්ෂයේ දී ජාතික ජනතා කොංග්‍රසයෙන් ඩොලර් බිලියන 24 ඇස්තමේන්තුවක් මේ වෙනුවෙන් අනුමත වූ අතර ඒ අනුව 1994 වැඩ ආරම්භ කරන ලද මෙහි ඉදිකිරීම් 2009 වර්ෂයේ අවසන් වුනා. ඒ ලොව විශාලම ජල විදුලි බලාගාර වේල්ල ලෙසයි.

මෙම වේල්ල කොටස් තුනකින් යුක්ත වෙනවා: එනම් ප්‍රධාන වේල්ල, නැව් ඔසවනය හා නැව් අගුල ලෙසයි. මෙම වේල්ල උස අඩි 600 ක් හා පළල සැතපුම් 1.3 යුක්තවයි මෙය නිර්මාණය වුනේ. මෙහි බල උත්පාදක යන්ත්‍ර 32 මෙහි ඇතුලත් වන අතර ඒවා තුලින් ජනනය වන ශක්තිය වසරකට් ටෙරා වොට් පැය 85ක් පමණ වනවා. එනම් න්‍යෂ්ටික බලාගාර 18ක බලයට එය සමාන වනවා.

තුන් දුර්ග වේල්ල (wikimedia.org)

චීනයට මෙච්චරටම මේක ඕන වුනේ ඇයි ?

චීනයට මෙම වේල්ල තැනීමට යම් ඓතිහාසික වුවමනාවක් තිබුණා.

සං යට්-සෙන්, චීන සමුහාණ්ඩුවේ නිර්මාතෘ මුලින්ම යැන්ට්සි නදිය හරහා වේල්ලක් නිර්මාණයට යෝජනා කලේ මධ්‍යම චීනයේ හුබේයි පළාත ආශ්‍රිතවයි. ඔහු මෙය මගින් ගංඟා ආශ්‍රිත ප්‍රජාව දරුණු ගංවතුර වලින් ආරක්ෂා වෙතැයි අනුමාණ කල අතර කොමියුනිස්ට් නායක මාඕ සේතුං ද මෙයට තම සහය පළ කළා. නමුත් මාඕගේ මරණෙන් වසර 17 ක් ගතවන තුරුත් මෙහි ඉදිකිරීම් නම් ආරම්භ වුණේ නෑ.

යැන්ට්සි නදිය වසර සිය ගණනක් පුරාවට ගංවතුර මගින් කරන ලද හානිය නිසාවෙන් සුප්‍රකටව පැවතුණා. ජිවිත සිය ගණනින් හා ඩොලර් මිලියන ගණනින් දේපල විනාශයක් මෙය විසින් සිදුකර තිබුණා.1954 වසරේදී වූ මෙවැනි ගංවතුරක් ජිවිත 30,000 පමණ අහිමි කල අතර ඉන් පැන නැගුණු ආහාර හිඟය හා වසංගත මත තවත් 200,000 පමණ දෙනා මිය ගොස් තිබුණා . මෙම වේල්ල සැදීමත් සමගම ගංවතුරින් වන බලපෑම කියුබික් මීටර් බිලියන 22.6 කින් අඩු කර ගැනීමට හැකියාව ලැබුණා.

මෙගාවොට් 22 ,500 චීන ජාතික විදුලි බල පද්ධතියට

2008 වර්ශයේ අවසාන කරන මෙම ව්‍යාපෘතිය මගින් බල උත්පාදන යන්ත්‍ර 32 ක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණා. ඉන් 12 ක් වේල්ලට දකුණු පසින් හා 14 ක් වම්පසින් නිර්මාණය කර තිබෙන්නේ 2006 හා 2008 වර්ෂ වලදි අනුපිලිවලින් ගොඩ නගා තිබුණා. 2006 ඔක්තෝම්බර් 16 වන දින  ජලය මීටර් 150 උසට තිබෙන විට මෙයින් යන්ත්‍ර 14 මගින් මෙගාවොට් 9,800 ක් චීන විදුලි බල පද්ධතියට එකතු කරනු ලැබුවා.   2008 ඔක්තෝම්බර් මාසය වන විට ඇරඹු මෙහෙයුම් කටයුතු මගින් ජනනය කල මුළු විදුලි බල ප්‍රාමාණය මෙගාවොට් 18 ,300 වුණා.

ඉතිරි බල උත්පාදන යන්ත්‍ර බිම් කොටසේ නිර්මාණය වෙනුවෙන් සැලසුම් කර තිබුණු අතර එම යන්ත්‍ර 6, 2011 වර්ෂය අග වනවිට මෙහෙයුම් වලට සුදානම් කොට තිබුණා. මෙම යන්ත්‍ර 6 එක් කරන සැළසුම 2002 වර්ශයේදී මෙම ව්‍යාපෘතියට එක් කර තිබූ අතර ඉන් පළමු යන්ත්‍ර 3, 2011 ජූනි මාසයේදී මෙහෙයුම් වලට එකතු වුණා. 2011 ජුනි මස මෙම යන්ත්‍ර 30 ම පැය 72 ක අත්හදා බැලීම් මෙහෙයුමක් දියත් කර තිබුණා.

මෙම සියලුම බල උත්පාදන යන්ත්‍ර 32ක ම ක්‍රියාත්මක වී 2011 වර්ශයේ දී චීන විදුලි බල පද්ධතියට මෙගාවොට් 22 ,500 එකතු කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය මගින් චීනයේ මධ්‍යම විදුලි පද්ධතියට 55% ක්, නැගෙනහිර විදුලි බල පද්ධතියට 39% ක් හාසිචුවාන් ප්‍රාන්තයට 6% ක් එක් කිරීමට සැලසුම් කර තිබුණා.

නැව් අඟුල

මෙම තුන්දුර්ග වේල්ලේ ඇති නැව් අඟුළු මගින් ගඟ හරහා කරන ලද නාවික කටයුතු වල මුළු බර ටොන් මිලියන 10 සිට ටොන් මිලියන 100 දක්වා ඉහළ දමනු ලැබුවා. ඒ මගින් ප්‍රවාහන වියදම 30%-37% දක්වා අඩු කරනු ලැබුවා.

මෙම නැව් අඟුළු නිර්මාණය සමඟම වේල්ල හරහා නැව් ගමනා ගමනය තවත් ආරක්ෂාකාරී වූ අතර මේ නිසා මෙම වේල්ල හරහා නැව් ගමනාගමනය අනතුරුදායක හා නරක එකක් බවට තිබු මතයන් නැතිවී ගියා. මෙම නැව් අඟුළු දෙක අදියර 5කින් යුතු අතර මෙය හරහා ගමනාගමනයට නැවකට පැය 4කට ආසන්න කාලයක් ගත වෙනවා. එමෙන්ම මෙයට ටොන් 10,000 යාත්‍රා බරක් එසවීමේ හැකියාවක් පවතිනවා.

මෙම අඟුලක් මීටර් 280 ක දිගින් , මීටර් 35ක පළලකින් හා මීටර් 5ක ගැඹුරකින් යුක්ත වෙනවා.

වේල්ල ඉදිකිරීමට පෙර මෙම ගඟ හරහා වසරකට ප්‍රවාහනය කර තිබුනේ ටොන් මිලියන 18ක් පමණයි.නමුත් මෙම වේල්ල නිර්මාණය සමඟ වසරකට එම ප්‍රවාහනය කරන බර ප්‍රමාණය ටොන් මිලියන 198 දක්වා ඉහළ ගියා.

නැව් ඔසවනය (hubei.gov.cn)

මිලියන 1.9 ක් නැවත පදිංචි කිරීමක් ?

මෙම ව්‍යාපෘතියේ අඳුරු ප්‍රතිඵලයක් වූයේ  නිසා මිලියන 1.3-1.9 ත් අතර ජනතාවක් නැවත පදිංචි කිරීමට සිදු වීමයි.ප්‍රධාන නගර 13 ක්, උප නගර 140 ක්, ගම්මාන 1,350 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වුණා. චීන රජය විසින් මෙම පුද්ගලයන් නැවත පදිංචිය වෙනුවෙන් විශාල සැලසුමක් ක්‍රියාත්මක කල අතර එය මගින් ජනතාව සංවර්ධනය වන නැවත පදිංචි කිරීමක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වුණා. මේ හරහා එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය හා එම ප්‍රදේශයේ ආර්ථිකය සන්වර්ධනය කිරීමත් මෙම සැලසුමට ඇතුලත් වුනා.

මේ හරහා පිඩාවට පත් ජනතාවට රජය විසින් ඔවුන්ගේ ක්‍රමවේදයක් යටතේ තමන්ට වූ හානියට අදාලව ගෙවීම් කරනු ලැබුවා. නමුත් මෙය සාධාරණ හා සාධනීය එකක් වී තිබුනේ නම් නෑ.

වේල්ලට යට වුනු නගරයක්  -httppiayoungplanners.blogspot.com

වේල්ල නිසා වෙනස් වුණු චීනය  

සෑම ව්‍යාපෘතියක මෙන්ම මෙම ව්‍යාපෘතියත් ධනාත්මක හා සෘණාත්මක ප්‍රතිඵල රැසකින් යුක්ත වුණා.

  • කැනඩාවේ ප්‍රොබ් ජාත්‍යන්තර විමර්ශන පදනම පවසන පරිදි යැන්ට්සි නදිය මගින් ඇති කරුණු ලබන ගංවතුර තත්ත්වයන් වලින් වසර ගණාවක් පුරා සිදුවූ ඩොලර් මිලියන ගණනාවක් වූ ඉඩකඩම්, දේපල, භුමිය යන ඒවා විනාශ වීම  නිසා සිදුවන පාඩුව අවම කර ගනිමින් එය චීන ආර්ථිකයට එකතු කර වීම.
  • මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ වූයේ ජාල විදුලිය නිපදවීමයි. මෙම බලාගාරයේ බල උත්පාදන කළමනාකරණය  චීනයේ තුන් දුර්ග සංස්ථාව (China Three Gorges Corporation) හා චීනයේ යැන්ට්සි බලශක්ති ආයතනය විසින් කරණු ලබනවා. මෙම බලාගාරය මගින් වසරකට ටෙරාවොට් පැය 84.7ක බල උත්පාදනයක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙහි සම්බන්ධිත එක ටර්බයිනයක් මගින් මෙගාවොට් 700ක පමණ ශක්තියක් නිපදවනු ලබන අතර එක් ටර්බයිනයක් 94% ක කාර්යක්ෂමතාවකින් යුක්ත වෙනවා. මෙම බලාගාරය චීනයේ මුළු විදුලි අවශ්‍යතාවෙන් 11% සම්පුර්ණ කරනු ඇත.
  • කෘෂිකර්මාන්තයට හා වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය රැස්කර තබා ගැනීම හා අවට ප්‍රදේශ වල පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස භාවිතා කල හැකි වීම.

නැව් අගුලු (chinadiscovery.com)

එවැනි ධනාත්මක ප්‍රතිපල අතරම පහත සෘණාත්මක ප්‍රතිපලත් එම ව්‍යාපෘතිය තුලින් අත්කර දුන්නා.

  • මෙම නිර්මාණය නිසා ගොවිබිම් අක්කර 17,160 ක් හා ගඟ ආශ්‍රිත ඉඩම් අක්කර 3,867 ක් ජලයට යටවූ අතර මෙම වේල්ල නිසා වර්ග අඩි මිලියන 34.8 ක නාගරික හා ග්‍රාමීය ජනාවාස ද ජලයෙන් යට වුනා.
  • තවද මෙම ගොවින් නැවත පදිංචි කරන ප්‍රදේශයන් වල තිබූ ජල ප්‍රශ්න නිසා ධාන්‍ය හා සහල් වගා කිරීම වෙනුවෙන් යන වියදම ද ඉහළ යාම තවත් ගැටළුවක් බවට පත් වුනා. එවැනි ගොවීන් හට / නව බෝග හදුන්වා දුන්නත් ඒවා පිලිබඳ ගොවීන්ගේ තිබු අඩු දැනුම හා ඒවා වගා කර  අස්වැන්න ලබා ගැනීමට යන කාලය කාලය සළකා බැලීමේදී එයත් එතරම් චීන ආර්ථිකයට හිතකර එකක් වූයේ නෑ.
  • ගොවිබිම් නොලැබුණු අය  පුහුණු කරන ලද කරමාන්ත වල  යෙදවීමට සැලසුම් කරනු ලැබුවත් එම පුද්ගලන්ගෙන් බොහෝ දෙනෙක් අඩු අධ්‍යාපනයකින් යුක්ත විම නිසා එයත් එතරම් පහසු වූයේ නෑ.
  • මෙම නදිය ආශ්‍රිතව මාළුන් විශේෂ 300 පමණ ජිවත් වනවා. මේ ව්‍යාපෘතිය හේතුවෙන් වේල්ලෙන් ඉහළ ප්‍රදේශ වල බිත්තර දමන මත්සයන් ගේ ගහනයේ අඩුවීමක් ඇති වෙතයි අනාවැකි පල කෙරුණා. මෙහි අවසන් හරහා මත්ස්‍ය කරමාන්තය. දැනට හදුනාගෙන ඇති පරිදි මසුන් මෙම යැන්ට්සි නදියේ අතු ගංගා වලට බිත්තර දැමීමට සංක්‍රමණය වෙනවා. මෙයට පිලියමක් ලෙස මත්ස්‍ය රැඳවුමක් රජය නිර්මාණය කර තිබුණත් එහි අනාගත ප්‍රතිඵල ගැන හෝ එය ධීවර කරමාන්තයට කරන බලපෑම ගැන තවම අදහසක් ඉදිරිපත් වී නෑ.

යැන්ට්සි නදියේ ධීවරයන්  (china.org.cn)

පරිසර හානිය

මෙම වේල්ල හරහා ගඟෙන් ඉහළ හා පහළ යන දෙකොටසම එක ලෙස හානි ගෙන එනු ලැබුවා. එම ඉහළ හා පහළ යන මුළු ප්‍රදේශයේම  ජීවි විශේෂ හා ජලයේ ගුණත්වයටද මින් හානි කරනු ලැබුවා. තවද ප්‍රදේශයේ භූමිකම්පා අවදානම හා නායයාම් අවධානම ද මේ මගින් ඉහළ ගොස් තිබුණා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව චීන ජාතික නිතීය මගින් ආරක්ෂා කරන ලද ජීවි විශේෂ 47 ජිවත් වුණා.මෙම ජීවින් වෙනුවෙන් නැවත පරිසර නිර්මාණ වැඩසටහනක්  හා ඔවුන් අභිජනන ක්‍රියාවලියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. තවද ජලය සෙමින් පහලට ගලා යාම නිසා ජලයේ ඔක්සිජන් ප්‍රතිශය ද පහළ මට්ටමකට ගමන් කරමින් තිබුණා. මේ හේතුව නිසා ජලජ ජිවින්ගේ පැවැත්මට විශාල බලපෑමක් කරනු ලැබුවා.

වේල්ල නිසා සිදුවූ නාය යාමක්  (Reuters/Stringer)

නමුත් මේ හරහා චීනය විසින් භාවිතයට ගනු ලැබූ අගුරු ටොන් මිලියන 50 කින් පමණ අවම කර ගැනීමට හැකිවූ අතර තවද ජලය ප්‍රභවය ලෙස භාවිතා කරමින් බලශක්තිය නිපදවීම නිසා වායු දුෂණය අවම විම, සෞඛ්‍ය මට්ටම ඉහල යාම, අම්ල වැසි ඇති වීමට තිබු අවස්ථා පහළ යාම වැනි පාරසරික වශයෙන් යහපත් සිදුවීම් ද සිදු වුනා.

මෙම ව්‍යපෘතිය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් හා කැනඩා, ස්විටර්ලන්ත, ජර්මනි, ප්‍රංශ ,ස්වීඩන් හා බ්‍රසීල බැංකු මුදල් ආයෝජනය කර තිබුණා. චීන සංවර්ධන බැංකුව විසින් මේ වෙනුවෙන් ඩොලර් බිලියන 3.6 ක ණයක් ලබා දී තිබුණා.මෙවැනි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගැන ඔබේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය – stema-systems.nl

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්