Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සොඳුරුතම සිය දිවි නසා ගැනීම

“At the bottom of the Empire State Building the body of Evelyn McHale reposes calmly in grotesque bier, her falling body punched into the top of a car.” යන හැඳින්වීමත් සමගින් 1947 මැයි 12 වෙනිදා Life සගරාවේ 43 වන පිටුවේ පළ වූ සේයාරුව ලොව පුරා දැඩි අවධානයට ලක් වුණා. ලොව සුන්දරතම සිය දිවි නසා ගැනීම ලෙසින් නම් කළ ඒ සේයාරුවේ සිය කැමරා කාචයට හසු කරගත්තේ ජායාරූපකරණය හදාරන ශිෂ්‍යයෙකු වූ රොබර්ට් සී. විල්ස් විසින්. තට්ටු 86කින් පැන දිවි තොර කර ගත් 23 හැවිරිදි එව්ලින් මැක්හෙල්ගේ මළ සිරුර ශාන්තව ලිමොසින් රථයක් මත පතිත ව තිබු අයුරු එම සේයාරුවෙන් දැක්වුණා.

කවුද මේ එව්ලින් මැක්හේල්?

ලයිෆ් සගරාවේ 43 වන පිටුවේ පළවූ සේයාරුව (Time/Robert C. Wiles)

1923 සැප්තැම්බර් 20 වෙනිදා බර්ක්ලිහිදී උපත ලැබූ එව්ලින් ළමයින් 7 දෙනෙකුගෙන් යුතු පවුලක හය වෙනියා. එව්ලින් ෆ්‍රැන්සිස් මැක්හේල්ගේ මව්පියන් වුණේ වින්සන්ට් සහ හෙලන්.  1930 දී වින්සන්ට්ගේ රැකියාව හේතුවෙන් එව්ලින්ගේ පවුලේ හැමෝම වොෂින්ටන් නගරයට සංක්‍රමණය වෙනවා.  ඊට අවුරුදු කිහිපයකට පසුව එව්ලින්ගේ මව හෙලන් නිවස අතහැර යන්න යනවා. එව්ලින්ගේ මව මානසික ව්‍යාධියකින් පසු වූ අයෙකු බව ද සදහන් වෙනවා. ළමයින් හත් දෙනාගේ උරුමය එව්ලින්ගේ පියා වින්සන්ට් උරුම වන අතර ළමයින්වත් රැගෙන ඔහු ඇමරිකාවේ Tuckahoe වෙත සංක්‍රමණය වෙනවා. එව්ලින් උසස් අධ්‍යාපනය ලබන්නේ එහිදී යි.

තරුණ එව්ලින්ගේ සේයාරුව  (Codex 99)

උපාධිය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ටික කලක් කාන්තා හමුදා බලකායේ මිසුරියේ වූ කාර්යාලයක සේවය කරන එව්ලින් පසුව එතනින් ඉවත්ව යන්නේ සිය හමුදා නිල ඇඳුමට ද ගිනි තබමින්. නැවත නිව්යෝර්ක් වෙත පැමිණෙන එව්ලින් සිය සොයුරා සහ ඔහුගේ බිරිඳ සමගින් සිය ජීවිතය ගෙවනවා. ඒ අතරතුර පොත් තබන්නෙකු ලෙසින් රැකියාවක් ද සොයා ගන්න එව්ලින් එහි සේවය නියැලෙනවා. ඒ කාලයේදී ඇය හිටපු ගුවන් සේවකයෙකු වූ තරුණ බැරී සමගින් ආදරයෙන් බැදෙන අතර ඔවුන් ඉක්මණින් ම විවාහ ගිවිස ගන්නවා. කෙසේ නමුත් 1946 දී බැරිගේ සොහොයුරාගේ විවාහ මංගල උත්සවයේ යහළු මනාලියක ලෙසින් එක්වන එව්ලින් විවාහ මංගල උත්සවය අවසානයේදී ඇයගේ ඇඳුමට ගිනි තබන්නේ එම ඇදුම් ඇයට නැවත දකින්න අවශ්‍ය නොවන බව ද පවසමින්.  මින් පෙරදී හමුදා කදවුරෙන් නිල ඇඳුමට ගිනි තබා නික්මුනා සේම ඇය එතනින් ද නික්මෙනවා.

අවසන් හමුවක්

1947 මැයි 12 වෙනිදා Life සඟරාවේ කවරය (amazon.com)

1947 අප්‍රේල් 30 වෙනිදා දුම්රියෙන් නිව්යෝර්ක් වලින් පිටත් වන එව්ලින් නැවතත් සිය පෙම්වතාව හමුවෙන්න යනවා.  ඒ ඔහුගේ 24 වන උපන්දිනය සැමරීමේ චේතනාවෙන්. එදින සියල්ල සතුටින් ගෙවුණු බවත් සිය පෙම්වතිය වූ එව්ලින් සිපගනිමින් පසුදා උදෑසන 7ට පමණ පෙන් නැවතුම්පොළේ දී සමුදුන් බවත් එව්ලින්ගේගේ පෙම්වතා ‘බැරී’ පවසනවා. ඒ මෙලෙසින්.

මම ඇයට සමුදෙන්න ඇය සිප ගද්දී ඇය සතුටින් සිටියේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑම ගෑනු ළමයෙක් වගේ.”

ඔවුන්ගේ විවාහය එයට මාසයකට පසුව ජුනි මාසයේදී බැරීගේ සොහොයුරාගේ නිවසේ දී පැවැත්වීමට ද ඒ වන විටත් සැලසුම් කර තිබී තියෙනවා. බැරී උදෑසන 7ට එව්ලින්ට සමුදෙන අතර එව්ලින් සිය දිවි නසා ගන්නේ එදින උදෑසන 10.40ට. එව්ලින්ගේ සිය දිවි නසාගැනීමට පෙර සටහනක් ලියා තබනවා.

ඒ මෙලෙසින්:

“මට අවශ්‍ය නැහැ මගේ පවුලේ හෝ වෙන කිසිවකුත් මගේ නිසල සිරුරේ පුංචි කොටසක් හෝ දකින්නවාට. ඔබට පුළුවන් ද මගේ සිරුර පුච්චා දමන්න. කිසිදු අවමංගල්‍ය සේවයක් හෝ අනුස්මරණය කිරීමක් මට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මගේ පෙම්වතා මගෙන් ඇහුවා ජුනි මාසයේදී ඔහුව විවාහ කර ගන්නට කැමති ද කියලා  නමුත් මම හිතන්නේ නැහැ. මට කවදාවත් කාටවත් හොඳ බිරිදක් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔහු මම නැතිව ගොඩක් හොඳින් ජිවත් වෙයි.  ඒ වගේම මගේ තාත්තාට කියන්න. මට මගේ අම්මාගේ ගති ලක්ෂණ ඕනාවටත් වැඩිය තියෙනවා කියලා.”

එම කෙටි සටහන සිය කබා සාක්කුවට ඔබා ගන්නා එව්ලින් උදෑසන 10.30ට පමණ ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල වෙත පියවර තබනවා.

සියදිවි නසාගැනීම් වලට ප්‍රසිද්ධ එම්පයර් ස්ටේටස්

එවකට එම්පයර් ස්ටේටස් ගොඩනැගිල්ල සේයාරුව (ebay.com)

එවකට ලොව උසම ගොඩනැගිල්ල ලෙසින් ප්‍රකටව තිබු එම්පයර් ස්ටේටස් ගොඩනැගිල්ල බොහෝ දෙනා සිය දිවි නසා ගැනීමේ ස්ථානයක් ලෙසින් භාවිතා කර තිබුණා. 1947 දී සති තුනක් ඇතුලත දී එම්පයර් ගොඩනැගිල්ලෙන් පැන සිදු වූ පස් වන සිය දිවි නසා ගැනීම ලෙසින් එව්ලින්ගේ මරණය සටහන් වෙනවා. 1931 පටන් වසර 40කට ආසන්න කාලයක් තිස්සේ ලොව උසම ගොඩනැගිල්ල ලෙසින් නම් දැරූ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලේ නිරීක්ෂණ මහල රැකවල් ලා ආරක්ෂාව තර කරන්නේ සිය දිවි නසා ගැනීම් වළකාලීමේ අරමුණින්.

ලොව සොඳුරුතම සියදිවිනසා ගැනීම

1947 මැයි 12 වෙනිදා Life සගරාවේ 42 පිටුවේ කතුවැකිය සමගින් පළවූ සටහන (books.google.lk)

එම්පයර් ස්ටේට්හි 86 වන මහලේ වූ නිරීක්ෂණ මහල වෙත පිය නැගු එව්ලින් එහිදී ඇයගේ කබාය ගලවා තබා තට්ටු 86කින් බිමට පනිනවා. ඒ 1941 මැයි පළමුවෙනිදා උදෑසන 10.40ට. ඇයගේ දරුණු අරමුණ නතර වන්නේ පහළ, මාවතේ නතර කර තිබු ලිමොසින් රථයක් මතින්. එකවර නැගුණු දරුණු පිපුරුම් ශබ්දයත් සමගින් ඒ අසල සිටි වීදි ජායාරූප ශිල්පී සිසුවෙකු වූ රොබර්ට් සී. විල්ස් එව්ලින්ගේ සිරුර ලිමොසින් රථයේ වහලය මත පතිත වී තිබු අයුරු දකිනවා. ඝට්ටනය හේතුවෙන් ලිමොසින් රථයේ ලෝහමය වහලය සහ රථයේ ජනේල කුඩු පට්ටම් වී ගොස් තිබුණා. ඇද වැටීමෙන් මිනිත්තු කිහිපයක් ගෙවෙන්නත් පෙර රොබර්ට් විසින් එව්ලින්ව එය ජායාරූපයට හසු කරගන්නවා.

සිය ගෙලෙහි පැළඳ සිටි මුතු මාලය තදින් අල්ලා ගනිමින් නිශ්චලව රථයේ වහල මත වැතිර සිටි එව්ලින්ගේ මළ සිරුර මතින් දරුණු මරණයක ශාන්ත බව ඡායාරූපයට නැගී ඇතැයි විචාරකයන් පවසා තිබෙනවා. 23 හැවිරිදි වියේ පසු වූ එව්ලින් මිය ගියත් ඇයගේ සුන්දරත්වය කැපී පෙනෙන්නට තිබුණායි එවකට පුවත්පත් වලද සටහන් ව තිබුණා.

පොලිස් නිලධාරීන් විසින් එව්ලින්ගේ අළු පැහැති කබායේ සාක්කුවක තිබී කෙටි සටහන් පොතක්, ඩොලර් කිහිපයක්, මරණයට පෙර ලියු කෙටි සටහනක්, රූපලාවන්‍ය උපකරණ කට්ටලයක් සහ පවුලේ ජායාරූපයක් සොයාගෙන තිබුණා.

එව්ලින්ගේ සොහොයුරිය එව්ලින්ගේ දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව ඇයගේ කැමැත්ත පරිදි අවසන් කටයුතු සිදු කරනවා. සොහොනක් හෝ නොසාදා ඇගේ දේහය ආදාහනය කරන ලද අතර අදටත් ඇය නමින් කිසිදු අවමංගල්‍ය අනුස්මරණයක් සිදු කරන්නේ නැහැ.

මූලාශ්‍ර:

  1. time.com
  2. wikipedia.org

කවරයේ ඡායාරූපය: “Beautiful Suicide” (YouTube/keyX0)

Related Articles