Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්වයේ තතු: ලොව කුඩා ම රටවල් 10

රටවල් 196 ක් ලෝකයේ වාර්තා වී ඇත. එම රටවල් 196 අතුරින් කුඩාම රටවල් 10 ලෙස සදහන් රටවල් සංස්කෘතික, දේශපාලන  හා ආර්ථිකමය වශයෙන් පොහොසත් රටවල් බවත් සදහන් වේ. Roar අපි මෙවර ඔබව දැනුවත් කරනු ලබන්නේ එසේ වාර්තා වී ඇති ලෝකයේ කුඩාම රටවල් සම්බන්ධයෙනුයි.

වතිකානුව (Vatican) – 0.44 km²

lagazzettaitaliana.com

ලොව කුඩාම රට ලෙස වාර්තා වෙන්නේ වතිකානුවයි. වතිකානුව භූමියෙන් වටවූ ස්වෛරී  නගර රාජ්‍යකි. එය ඉතාලියේ අගනුවර වන රෝමයේ  පවුරකින් වටවී ඇත. මෙන්ම වතිකානුව Holy See යනුවෙන්ද හැදින්වෙන අතර එහි ජනගහනය 800ක් පමණ බව වාර්තා වේ. 1929 වර්ෂයේ සිට ලැටරන් ගිවිසුම (Lateran Treaty) අත්සන් කිරීමත් සමඟ එය වෙනම රාජ්‍යයක් ලෙස සැලකේ. වතිකානුව භූමියෙන් පමණක් නොවේ ජනගහනයෙන්ද ලොව කුඩාම ස්වෛරී රාජ්‍ය වේ. වතිකානුව පාප් තුමා විසින් පාලනය කරන ආගමික රාජ්‍යයකි. එමෙන්ම වතිකානුවට පමණක් අදාල විශේෂ ලක්ෂණයන් නම් ප්‍රමාණත්වයෙන් විශාල ශාන්ත පීතර බැසිලිකාව නිසා ඇතිවන මීදුම හා තුෂාරය, උන්නතාංශය, වතුරමල් හා ගල් ඇතිරූ විශාල චතුරශ්‍රය වේ. එමෙන්ම වතිකානු මුළු භුමි භාගයෙන් වැඩිපුර ම ඇත්තේ උද්‍යාන වේ.

මොනාකො (Monaco)- 2 km²

altonlane.com

දෙවන කුඩාම රට වන මොනොකොහි නිල නාමය වන්නේ Principality of Monaco වේ. අසල්වැසි රටවන ප්‍රංශයෙන් තුන් පැත්තකින් වට වී ඇත.මොනොකො ලෝකයේ දෙවෙනි කුඩාම රට වේ එමෙන්ම ලෝකයේ ජන ඝනත්වය අධිකම රට ද වෙයි. ජනගහණය 36,371 ක් ලෙස වාර්තා වී ඇත. මොනාකෝ යනු රටේ නම, මෙන්ම අගනුවරෙහි නමද වන්නේ ය. එනම් නිල වශයෙන් ඇත්තේ එක නගරයක් පමණක් බව සඳහන් වේ. එය බදුවලින් තොර වූ කෙම්බිමක් ලෙස ප්‍රකටය.එමෙන්ම ජනගහනයෙන් බහුතරයක් එනම් 84% ක් පමණ ධනවත් විදේශිකයෝ බව සඳහන්ය. මොනොකෝ වඩාත් ප්‍රසිද්ධ වනුයේ  French Riviera නම් වයින් වර්ගයටද Monte Carlo Casino නමින් හැඳින්වෙන කැසිනෝ ක්‍රීඩාවටද කුඩා වෙරළ තීරයට  හා සංචාරක නිකේතන වලට වේ. එමෙන්ම එය  නිදහස් රාජ්‍යයක් වුවත්  එහි ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ප්‍රංශයට බව වාර්තා වේ.

නාවුරු (Nauru) – 21 km²

billtrips.com

නාවුරු ලොව කුඩාම ජනරජය මෙන්ම  කුඩාම දුපත් රාජ්‍ය වේ. මෙය මධ්‍යම පැසිෆික් කලාපයෙහි වන මයික්‍රොනීසියානු දූපත් කලාපයෙහි පිහිටා ඇත. එමෙන්ම මීට වසර 3000කට  පෙර නාවුරු දූපතට මුලින්ම මිනිසුන් පැමිණෙන්නට ඇතැයි සඳහන් වේ. 1966 දී නාවුරු රාජ්‍ය ස්වයං පාලනය ලබා ගෙන තිබේ. 2011 ජන සංගණනය අනුව ජනගහනය 10,084 ක් වූ බව සඳහන් වේ. ක්‍රිස්තියානි සහ කතෝලික ලබ්ධිකයෝ රටෙහි බහුතරය වන බව දැක්වේ. එමෙන්ම මෙහි අගනුවර යරෙන් වන බවත් විශාලම නගරය ඩෙනිගොමොඩු යන බවත් දැක්වේ. පොස්පරස් නිධිය හා පොස්පරස් කැණීමේ මෙහෙයුම් හේතුවෙන් නාවුරු වලට ප්‍රසිද්ධිය ලැබී ඇතැයි සැලකේ.

ටුවාලු (Tuvalu)- 26 km²

speakzeasy.wordpress.com

10,640  පමණ ජනගහණයක් වාසය කරන ටුවාලු පිහිටා තිබෙන්නේ පැසිපික් සාගරයේ ය. කොරල්පර වළලු පහකින් හා කොරල්පර දූපත් හතරකින් සමන්විත යැයි සැලකෙන අතර එම දූපතක් මුහුදු මට්ටමේ සිට මීටර් 5කට වඩා උස් නොවේ. ඊට අයත් දුපත් 9න් 6ක්ම සාගරය දෙසට විවෘත වූ කලපු සහිත ඒවායි. 2010 වසරේදී 2000 කට නොඅඩු විදේශිකයන් පිරිසක් ටුවාලු වෙත පැමිණි බව සැලකේ. එයින් 65% ක් පමණ පැමිණ ඇත්තේ ව්‍යාපාරික කටයුතු වලට වේ.

සැන් ම’රීනෝ (San Marino)- 61 km²

onlyrooms.com

පස්වන කුඩාම රට ලෙස වාර්තා වන්නේ සැන් මැරිනෝ රාජ්‍යය යි. ඉතාලි උතුරු මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති ටිටානෝ නම් කන්දේ පිහිටා ඇත. 32,000 පමණ ජනයා වාසය කරන අතර ලොකු කුඩා කඳු මෙහි ඇති විශේෂත්වය වේ. එමෙන්ම ලෝකයේ අවම විරැකියා අනුපාතය ඇති රටක් වේ. ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය අනුව ධනවත්ම රටක්ද වන බව වාර්තා වේ.එමෙන්ම යුරෝපයේ තුන් වැනි කුඩාම රාජ්‍ය වන බවද සදහන් වේ.

ලිච්ටෙන්ස්ටෙන් (Liechtenstein) – 160 km²

worldtravelguide.net

ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා තිබේ. ඇල්ප්ස් කඳුකරයට මැදිවී ඇති මෙම රට ජර්මානු භාෂාව කතා කරයි. ජනගහණය 36000 ක් ලෙස සඳහන් වේ. රයින් ගඟ මායිම ලෙසත් හැඳින්වේ. රාජ්‍ය උරුමය පරම්පරාවෙන් පරම්පරාවට යන පාලන තන්ත්‍රයක් දක්නට ලැබෙන නමුත් එදිනෙදා කටයුතු සිදු කරනු ලබන්නේ අගමැති වරයා විසින් බව සඳහන්ය. අඩුම විරැකියා අනුපාතය (1.5%) සමග ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් ලෝකයේ ධනවත්ම රටක්ද වේ.

මාෂල් දූපත් (Marshall Islands)-181 km²

wn.com

මෙහි නිල නාමය වනුයේ ‘මාෂල් දූපත් ජනරජය’ යන්නයි. ක්‍රි.ව.19ත්  20ත් අතර කාලය තුල මාෂල් දූපත් ජර්මනිය, ජපානය, ස්පාඤ්ඤය  බ්‍රිතාන්‍ය හා ඇමරිකාවටත් අල්ලා ගන්නා ලදී. නමුත් 1986 ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එළඹුනු ‘නිදහස් ගිවිසුමක්’ යටතේ මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය. එමෙන්ම ජනගහනය දල වශයෙන් 62,000 ක් බව සදහන් වේ. මෙහි පිහිටීම වනුයේ ජාත්‍යන්තර දින රේඛාව‍ට බටහිරින් සහ නිරක්ෂයට උතුරින්ය. භාවිතා කරනු ලබන මුදල් වර්ගය ඇමරිකානු ඩොලර් වේ.ඒ,එමෙන්ම මාෂලිස් ( Marshallese )හා ඉංග්‍රීසි භාෂාව කතා කරනු ලැබේ. දුපත් 34කින් මාෂල් දුපත් සෑදී ඇති අතර ,ඉන් 29ක්ම කොරල්පර වලින් සැදී ඇත.

ශාන්ත කිට්ස් සහ නෙවිස් (Saint Kitts and Nevis)-261 km²

tourist-destinations.com

ශාන්ත ක්‍රිස්ටෝපර් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සංගමය යනුවෙන් ද හඳුන්වනු ලැබේ. බටහිර ඉන්දීය කලාපයේ පිහිටි ‘ලීවර්ඩ්’ දූපත් දෙකක වූ ෆෙඩරල් රාජ්‍යයක් වන මෙය ඇමෙරිකා මහද්වීපයේ කුඩාම ස්වෛරී රාජ්‍යය ද වන බව දැක්වේ. 1983 දී එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගත් අතර ජනගහනය 51,538 ක් බව වාර්තා වේ.ආර්ථිකය මුළුමනින්ම පදනම් වී ඇත්තේ සීනි හා සංචාරක කර්මාන්තය මගිනි.

මාලදිවයින (Maldives) – 300 km²

travelercorner.com

ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සෑදුනු කුඩා රාජ්‍යකි. මාලදිවයින කුඩා දූපත් 1192 කින් සමන්විත වන අතර, ඉන් 200ක් ජනාවාස වී ඇත. අගනුවර මාලේ නම් වේ. ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කළ සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.  මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. මෙම රට වර්තමානයේ මුහුදට ගොදුරු වීමේ තර්ජනයකට මුහුණ පා ඇත.

මෝල්ටා(Malta) – 316 km²

pentasia.com

10 වන කුඩාම රට වන මෝල්ටා මධ්‍යධරණි මුහුදේ පිහිටා තිබේ. දූපත් 7කින් පමණ යුක්ත වන මෝල්ටාහි ඉන් දුපත් 3ක් මෝල්ටා, ගොසෝ(Gozo), කොමිනෝ (Comino) ලෙස නම් කර ඇත. 450,000 පමණ ජනගහණයක් වාසය කරන අතර 1964 දී නිදහස ලබා ගෙන ඇත. ඉංග්‍රීසි හා මොල්ටිස් ප්‍රධාන භාෂාවන්වූ මේ දූපතේ සංචාරක කර්මාන්තය ප්‍රධාන අාදායම් මාර්ගය වන අතර වැසි රහිත කාලගුණයෙදී ලොව වටින් ම විදේශිකයින් පැමිණෙනවා.

කවරයේ පින්තුරය;storypad.info

මුලාශ්‍ර:

  1. www.worldatlas.com
  2. themysteriousworld.com
  3. zoomtens.com 
  4. sirasa.lk/online
  5. worldfu.com
  6. www.dinamina.lk
  7. si.wikipedia.org
  8. magazine.lk
  9. www.worldatlas.com

Related Articles