Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංක‍්‍රාන්ත‍්‍රික සමාජභාවය ගැන කථිකාවක්

ලංකාවේ සිනමාලෝලීන්ගේ අවධානය යොමුවුනු කතාවක් තමයි මායා චිත‍්‍රපටය. මායා චිත‍්‍රපටයත් සමග ආන්දෝලනයක් ඇතිවුුණු රහස් පැතිකඩක් කියවන්න කැමතිද? හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියල කිව්වට දැන් නටන්න වෙලා තියෙන්නත් හැංගිලා බවක් තමයි දැනෙන්නේ.

මේ නොදන්න පැතිකඩ දැනගත යුත්තක් ලෙසත් හදුන්වන්න පුළුවන්. නුහුරු නුපුරුදු වචනයක් ලෙස සංක‍්‍රාන්තික සමාජභාවය යන්න නොයෙක් පැති වලින් නිතර ඇහෙන්නට පිළිවන්. නැත්නම් ට‍්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක් වගේ වැනි කනින් කොනින් ඇහෙන දේද නැතුවා නොවේ. මේ කතාවත් ඒ ගැනයි

කව්ද මේ ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ?

අපට උපතින්ම ගැහැණු පිරිමි බව ලැබෙන බව අපි දන්නවා. අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒක පිළිගන්නම වෙනවා. නමුත් එහෙම නොපිළිගන්න කැමති පිරිසකුත් ඉන්නවා ඒ අය තමයි සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් කියල කියන්නේ. පිරිමි ගතිගුණ ඇතැයි සැලකෙන පිරිමින්ගෙන් හෝ සිය ස්වයං ප‍්‍රකාශනය ගැහැණු ගතිගුණ යැයි සැලකෙන දෙකොට්ඨාශයට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයට කිසිඳු ගැටලූවක් නෑ.

ගැටලූව තියෙන්නේ මෙම සමාජ කොට්ඨාස දෙකෙන් එක් කොට්ඨාසයකටවත් අයත් නොවන අතරමැදි මනුස්ස කොට්ඨාසය පිළිබඳව. ලෙස්ලි ෆෙයින්බර්ග් සංක‍්‍රාන්ත සමාජභාව විමුක්තිය පොතේ නම් කියන්නේ

”සම්මතයන් යනු මොනවා විය යුතුදැයි තීරණය කරන්නේ කවුද? ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ ස්වයං ප‍්‍රකාශනය නිසා දඩුවම් විදින්නට සිදු වන්නේ ඇයි?”

යනුවෙන්. කොහොම නමුත් සංක‍්‍රාන්ති සමාජභාවීන් නම් (Transgender) තමන්ට උපතේදී සංස්කෘතික වශයෙන් ලබා දෙන ස්ත‍්‍රීපුරුෂ සමාජභාව අනන්‍යතාව පිළිගැනීමට අකමැති එකිනෙකා අතර විවිධ වෙනස්කම් ඇති පුද්ගලයන් හැඳින්වීමට යෙදෙන පොදු වචනයක්. වර්තමානය වන විට අපි මෙය සංස්කෘතින්  දෙකක් යටතේ හඳුනා ගන්නවා. ඒ

  • MTF= Male To Female
  • FTM=  Female To Male
 ගැහැනු පිරිමි කොට්ඨාස දෙකෙන් එක් කොටසකටවත් අයත් නොවන අතරමැදි සමාජය සංක‍්‍ර‍්‍රාන්තික සමාජභාවීන් ලෙස හදුන්වනවා. (nbcnews.com)

ගැහැනු පිරිමි කොට්ඨාස දෙකෙන් එක් කොටසකටවත් අයත් නොවන අතරමැදි සමාජය සංක‍්‍ර‍්‍රාන්තික සමාජභාවීන් ලෙස හදුන්වනවා. (nbcnews.com)

ඈත ඉතිහාසයේත් සංක‍්‍රාන්ත‍්‍රික සමාජභාවය කථිකාව

මේ දෙවර්ගයෙන් ලංකාවේ සිටින වැඩි දෙනාගේ කතා බහ Male To Female ගණයට අයත් පුද්ගලයන් පිළිබදව. සංක‍්‍රාන්ත‍්‍රික සමාජභාවී අනන්‍යතාවයන් භූගෝලීය සීමාවන්, සංස්කෘතික අනන්‍යතාවයන් සහ ඉතිහාසයන් අතර විවිධ නම්වලින් හඳුන්වා තියෙනවා. ශ‍්‍රී ලංකාවේදී ”නච්චි” යනුවෙන් විශේෂයෙන් පිරිමි සිට ගැහැනු සංක‍්‍රාන්තිකයින් ඉන්දියාවේදී ”හිජ්රා” යනුවෙන් , තායිලන්තයේදී ”කතෝයි” , පැසිෆික් පත්වලදී ”ෆාෆෆිනේ” යනුවෙන්  ඔවුන්ව හඳුන්වනවා.

බුදුන් වහන්සේගේ කාලයේ මොවුන් හැඳින්වීමට භාවිත කර ඇත්තේ ”උභතොබ්‍යඤ්ජනක” යන වචනය. මුහම්මද්තුමාගේ කාලයේ අතීත මෙදීනා නගරයේ ”මුඛන්නාතුන්” යනුවෙන් හැඳින් වූ සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් වාසය කරල තියෙනවා. හින්දු ආගමට අනුව එය ”අරවානි” . ඊට අමතරව මොවුන් හැඳින්වීමට යොදන අපහාසාත්මක වචන ගණනාවක්.

ට‍්‍රාන්ස් ජෙන්ඩර් වෙන්නේ කොහොමද?

සංක‍්‍රාන්තික සමාජභාවී සියලූ දෙනා උපතේදී හිමි වූ ස්ත‍්‍රී පුරුෂ භාවය ප‍්‍රතික්ෂේප කරල වෙනත් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයක ජීවත් වන නමුත් හෝර්මෝන ප‍්‍රතිකාර හෝ ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වී නොවී සිටිය හැකියි. හෝර්මෝන ප‍්‍රතිකාර ගෙන ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වූ අය හදුන්වන්නේ සංක‍්‍රාන්තික ලිංගිකයන් ලෙස. කෙසේවෙතත් සංක‍්‍රාන්ති පුද්ගලයන් සමාජයේ පවතින සංස්කෘතික සීමාවන් හේතුවෙන් තමන්ගේ අනන්‍යතාවය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න මැලිකමක් දක්වනවා.

මෙහි දී සංක‍්‍රාන්තී සමාජභාවීන් සියලූදෙනා ම පාහේ එදිනෙදා ජීවිතයේ දී කායික සහ මානසික වශයෙන් නිරන්තරයෙන් පීඩාට ලක් වන පිරිසක්. ශ‍්‍රී ලංකාවේ වෙසෙන ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ ලිංගික පරිවර්තනය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා වන ශල්‍යකර්ම ඉතාමත් මිළ අධික වන නිසාත් එම පිරිවැය දරාගැනීමට තරම් වත්කමක් නැති නිසාත්. ඒ හේතුවෙන් ඔවුන් විශාල මානසික පීඩනයකට ලක්වෙලා. ඔවුන්ගේ කතාව අහන්නට කවුරුත් නැති තරම්. ඔවුන් කියන මේ කතාව සාධාරණ ද? කෙනෙකුට තමන් කැමති අයුරට ජීවත් වෙන්නට අවස්ථාව තිබිය යුතු බවයි මගේ හැගීම. මේ වන විටත් ලංකාවේ කණ්ඩායම් මට්ටමෙන් මේ පිළිබ`ද කථිකාවන් ඇතිවෙනවා.

හෝර්මෝන ප‍්‍රතිකාර ගෙන ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වූ අය හදුන්වන්නේ සංක‍්‍රාන්තික ලිංගිකයන් ලෙස. (ajmacdonaldjr.files.wordpress.com)

හෝර්මෝන ප‍්‍රතිකාර ගෙන ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වූ අය හදුන්වන්නේ සංක‍්‍රාන්තික ලිංගිකයන් ලෙස. (ajmacdonaldjr.files.wordpress.com)

ලංකාවේ සංක‍්‍රාන්තික සමාජභාවය අභියෝගයක් වෙලාද?

භූමි හරේන්ද්‍රන් කියන්නේ ලංකාවේ කතා බහ වන සංක‍්‍රාන්තික සමාජභාවය අභියෝගයට ලක් කළ තැනැත්තියක් දැනට ඇය විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් ඉන්නේ. ඇය දැනටමත් සැත්කම් මගින් ලිංග සංක‍්‍රාන්තියට පත්වෙලා. ලංකාවේ පවතින තත්ත්වය පිළිබද කථිකා නගන ඇයගේ අදහස සාධාරණද?

සමාජයෙන් ප‍්‍රතික්ෂේප වූ තැනැත්තියක් ලෙසත් සේවාවන් ලබා ගැනීම සමානව සැලකුම් ලැබීම වැනි දේවල් වල දී සමාජයේ සමාන යැයි කියන පුද්ගලයන්ට වඩා වෙනස් කොට සැලකීම් වලට ලක්වෙමින් හිංසනයට මුහුණ දෙන තැනැත්තියක් ලෙසත් ඇය විසින් ම ඇය හදුන්වනවා. භූමි නම් කියන්නේ මේ මොහොත වන විටත් මම යන පුද්ගලයාහට මම ලෙස ජීවත් වීමට නිදහසක් නොමැති බවයි. ඇගේ අභිලාෂය වන්නේ සැමට එක ලෙස සලකන, නිදහස් සමාජයක සැමට ලැබෙන සේවාවන් එලෙසම වෙනස්කමකින් තොරව භුක්ති විදිමින් ජීවත් විය හැකි සමාජයක් බවට පත් කිරීම.

භූමි හරේන්ද්‍රන් (unaidssrilanka.files.wordpress.com)

භූමි හරේන්ද්‍රන් (unaidssrilanka.files.wordpress.com)

සංස්කෘතීන් සකස් වන්නේ කාලයක් පැවතවිත් ඒවා එක්තරා ඒකරාශී වීමක ඵලයක් විදියට. සංක‍්‍රාන්ති සමාජභාවී යන්න ද සගවා කතා කළ යුත්තක් ලෙස තබා ගැනීමට වඩා ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දීම වැදගත්.

ඒ මොකද ඔවුන්ද මනුෂ්‍යයන්. ඔවුන්ගේ ආශාවන් වෙනස් විය හැකියි. නමුත් අපි එය  තේරුම් ගත යුතුයි. ජීව විද්‍යාත්මක අංගයන් කෙසේ තිබුනත් ඒවා වෙනස් කර ගැන්මට යමෙකෙක් තුළ අදහසක් ඇති වනවා නම් ඔහුට හෝ ඇයට බැනවැදීමට වඩා යමක් අප සතු විය යුතුයි. කිසිසේත්ම කිිසිම රටක හෝ සමාජයක එය අභියෝගයක් නොවේ.නමුත් කිසියම් රටකට තම පුරවැසියන්ට අසමානව සළකයි නම් එය එම රටේ ඉදිරිගමනට අභියෝගයක් විය හැකියි.

Related Articles