Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාවෙන කෝච්චියක යමුද?

පාවෙන කෝච්චි යනු චුම්බක ක්‍ෂේත්‍ර භාවිතා කරමින් සිදුකරන ප්‍රවාහන ක්‍රමයක් වේ. මෙම කෝච්චි සාමාන්‍ය කෝච්චි මෙන් බිම ස්පර්ශ කිරීමකින් තොරව ගමන් කරයි. මෙහිදී කෝච්චිය චුම්බක බලය භාවිත කරමින් රේල් පීලි දිගේ ගමන් කරයි. මෙයින් ඝර්ෂණය අඩුවී අධික වේගයක් ලබාදේ. පාවෙන කෝච්චි සඳහා විශාල බලශක්ති ප්‍රතිශතයක් අවශ්‍ය නොවේ. මේවා ලොව වේගවත්ම දුම්රීන් සඳහා වාර්තා තබා ඇත. මේවා හඳුන්වන්නේ Magnet Trains හෙවත් Maglev ලෙසයි.

ඉතිහාසය

flipboard.com

  • 1913 දී ඇමරිකා එක්සත් ජනපදයේ මවුන්ට් වෙරෝන්හි එමිල් නම් පුද්ගලයෙක් චුම්බක දුම්රිය කාර් මුලාකෘතියක් ඉදිරිපත් කරන ලදී.
  • 1968 දී ඇමරිකා එක්සත් ජනපදයේ බ්රුක්හෙවන් ජාතික පර්යේෂණාගාරයේ සේවය කළ ජේම්ස් පවෙල් නමැති පර්යේෂකයාට කාන්දම් බලයෙන් ක්‍රියාකරන ගමනාගමන පද්ධතියක් ගැන අදහසක් පහළ වී ඇත.
  • කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන බලපත්‍ර සහිත ප්‍රථම දුම්රිය නිපදවන ලද්දේ 1979 ජර්මනිය විසිනි. මෙහිදී මීටර 908 දිග දුම්රිය පථය පළමු ජාත්‍යන්තර ප්‍රවාහන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදී.
  • ප්‍රථම වරට වානිජමය ලෙස කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පද්ධතිය නිපදවූයේ 1984දී බ්‍රිතාන්‍යයන් විසිනි. එහි දුම්රිය පථයේ දිග මීටර 600 විය. මෙය අවුරුදු 11ක් ක්‍රියාත්මක වූ අතර පද්ධතියේ ඇතිවූ දෝෂ නිසා 1995දි වසා දමන ලදී.

youtube.com

  • 1984 දී ට්‍රාන්ස්රැපිඩ් නමැති ජර්මන් සමාගම, කිලෝමීටර් 31.5 දිග දුම්රිය පර්යේෂණ පථයක කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් පර්යේෂණයට ලක් කරන ලදී. මෙම දුම්රිය ධාවනය නිතිපතා 420 km/h දක්වා වේගයකින් සිදු විය. පරීක්ෂණ පහසුකම් ඉදිකිරීම 1980 දී ආරම්භ කරන ලද අතර එය 1984 දී නිමවිය. 2006 දී පුද්ගලයින් 23 දෙනෙකු මරණයට පත් කරමින් මෙම දුම්රිය අනතුරට ලක්විය. 2011 අවසන් වන විට එම මෙහෙයුම බලපත්‍රය කල් ඉකුත් වූ අතර එය අලුත් නොකරන ලදී. මේ නිසා 2012 මුල් භාගයේ දී මෙය කඩා දමන අවසරය නිකුත් කරන ලදී.
  • 1980 අග භාගයේදී බටහිර බර්ලිනයේ දී, M-Bahn නමැති කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය නිමවන ලදී.  එය ස්ථාන තුනක් සම්බන්ධ වන කිලෝමීටර 1.6 ක දිගින් යුතු දුම්රිය ධාවන පථයකි. මගී ප්‍රවාහනය සහිත පරීක්ෂණ 1989 අගෝස්තු මාසයේ දී ආරම්භ කළ අතර, නිරන්තර මෙහෙයුම් කටයුතු 1991 ජුලි මස ආරම්භ විය.
  • 1993දි කොරියාව විසින් කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් නිපදවන ලදී. මෙහි 2006 සංවර්ධන කටයුතු වලින් පසු පැයට කිලෝමීටර් 110ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව පවතී.

කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සදහා භාවිතා කර ඇති තාක්ෂණය

energy.gov

මේ සඳහා භාවිතා කරන්නේ ඉතාමත් සරල විද්‍යාත්මක ක්‍රමයක්. කාන්දම් දෙකක් එකට ලංවූ විට ඒවා එකිනෙකින් ඈත් වෙනවා ඔබ දැක තිබේද? කාන්දම් දෙකේ එකිනෙක විරුද්ධ අග්‍ර ලංකර විට ඒවා එකට ඇලේ. සමාන අග්‍ර ලංකරන විට ඒවා එකිනෙකාගෙන් ඈත් වේ. පාවෙන කෝච්චි වල යොදාගෙන ඇත්තේ මෙම උපක්‍රමයයි. කෝච්චියේ ඇති පීලි දෙකේ එක දිගට තිබෙන්නේ තඹ කම්බි වලින් සැදුණු විද්‍යුත් චුම්බකයන්ය. විද්‍යුත් චුම්බක යනු විදුලිය ලබා දුන්විට පමණක් චුම්බක ලක්ෂණ ඇතිකරන තාවකාලික චුම්බකය. පීලිවල ඇති මෙම චුම්බක වලට විදුලිය ලබා දුන් පසු ඒවා විද්‍යුත් චුම්බක බවට පත්වේ. සෑම කෝච්චි පෙට්ටියකම යට පැත්තේද විශාල චුම්බක සවිකර ඇත.

youngzine.org

පීලි වල ඇති විද්‍යුත් චුම්භක වලින් ඇතිවන්නේ කෝච්චි පෙට්ටිවල වල යට සවි කර ඇති චුම්භක අග්‍ර වලට සමාන අග්‍ර වන හෙයින් කෝච්චි පෙට්ටිත් දුම්රිය පීලිත් එකිනෙකාගෙන් ඈත් වීමට උත්සාහ කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ලබා දුන් පසු කෝච්චිය මඳක් ඉහළට එසවේ. සාමාන්‍යයෙන් 1cm – 10cm අතර ප්‍රමාණයක් පීලි වලින් කෝච්චිය ඉහලට එසවේ. එවිට එම විදුලිය ලබා දෙන දිශාවට දුම්රිය පාවෙමින් ගමන් කරයි. මෙලෙස ගමන් ආරම්භ කරන විට පීලි වලින් මදක් එසවෙන දුම්රිය නැවත පිලි මත පතිත වන්නේ ගමනාන්තයට ලඟාවූ පසුයි. 2015 අප්‍රේල් මාසයේදී චීනයේ ෂැන්හයි මැඩිලින් දුම්රිය පැයට කිලෝමීටර් 603 ක වේගයෙන් ගමන් කර ලෝක වාර්තාවක් තබන ලදී. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ගමන් කිරීම නිසා මේ දුම්රිය වලින් දුම් පිටවන්නේ නැත.

පාවෙන කෝච්චි හා සම්ප්‍රදායික කෝච්චි අතර වෙනස

techxplore.com

  • Maglev සම්ප්‍රදායික දුම්රියට වඩා වැඩි ඉහළ වේගයක් ලබා දේ.
  • දැනට ක්‍රියාත්මක Maglev නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අවම වේ. සම්ප්‍රදායික දුම්රිය සදහා වැඩි නඩත්තුවක් අවශ්‍ය වේ.
  • Maglev කුඩා හිම, අයිස්, දැඩි ශීත, වැසි තද සුළං වලින් බලපෑමට ලක්වන්නේ ඉතා සුළු වශයෙනි. දුම්රිය මාර්ගයේ ඇති අවහිරතා නිසා සම්ප්‍රදායික දුම්රියට බාධා පැමිණියත් Maglev, දුම්රිය මාර්ගය සමග එකට සම්බන්ධ නොවන නිසා දුම්රිය මාර්ගයේ ඇති අවහිරතා නිසා බාධාවට පත් වන්නේ සුළු වශයෙනි.
  • සම්ප්‍රදායික දුම්රිය වැඩි බරකින් යුක්ත වේ. Maglev සම්ප්‍රදායික දුම්රියට වැඩ සැහැල්ලු ය.එම නිසා වැඩි බර ප්‍රමානයක් ගෙනයා හැක.

bustle.com

  • Maglev සමාන වේගයකදී සම්ප්‍රදායික දුම්රියට වඩා අඩු ශබ්දයක් නිපදවයි. මෙයට හේතුව Maglev එය ගමන් කරන දුම්රිය මාර්ගය හා ස්පර්ශ නොවීමයි.
  • Maglev සඳහා ඇති සංඥා පද්ධති පාලනය වන්නේ පරිගණක ක්‍රියාවලීන් තුලින්ය. මානව ක්‍රියාකරුවන්ට අධිවේගී දුම්රිය කළමනාකරණය කිරීමට ඇති තරම් වේගයෙන් ප්‍රතික්‍රියා කළ නොහැක. නමුත් බොහෝ සාමාන්‍ය දුම්රිය පාලනය වන්නේ මානව ක්‍රියාකරුවන් හරහා වේ.

කවරයේ පින්තුරය – youtube.com

මුලාශ්‍ර

  1. Quora
  2. Wikipedia
  3. manchestereveningnews.co.uk
  4. britannica.com
  5. theguardian.com

Related Articles