Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෘත්තිය සමිති පිළිබඳව ඔබ දැනුවත්ද?

වෘත්තිය සමිති අර්ථ දැක්වීම

වෘත්තිය සමිති හෝ කම්කරු සංවිධාන යනු කම්කරුවන්ගේ වෘත්තීය ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම, ඉහළ වැටුප් සහ සෞඛ්‍ය සේවය, විශ්‍රාම ප්‍රතිලාභ, සේවා යෝජකයාගේ වගකීම් සම්පූර්ණ කිරීම, යහපත් සේවා කොන්දේසි, වෘත්තීය සමිති සාමාජිකයන් වෙනුවෙන් සේවායෝජකයා සමඟ මිල අඩු කිරීම් සහ හාම්පුතුන් සමග කම්කරු ගිවිසුම් වලට එළඹීම වැනි පොදු ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එකට සිටින කම්කරුවන් සංවිධානයකි. වෘත්තීය සමිති වල වඩාත් පොදු අරමුණ වන්නේ ඔවුන්ගේ රැකියා කොන්දේසි පවත්වා ගැනීම හා ඒවා වැඩි දියුණු කර ගැනීමයි. මේ සදහා  වැටුප් සාකච්ඡා, වැඩ කිරීමේ රීති, පැමිණිලි කිරීමේ පටිපාටි, බඳවා ගැනීමේ රීති, සේවා ස්ථාන ආරක්ෂාව පිළිබද ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වේ.

ඉතිහාසය

politicalsift.wordpress.com

වෘත්තීය සමිති වල ආරම්භය 18 වැනි සියවස දක්වා දිවයයි. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ කාර්මික සමාජය වේගවත් ප්‍රසාරණයකට ලක්වෙමින් පැවතුණි. කාර්මික විප්ලවයත් සමග ආරම්භ වූ කර්මාන්ත ශාලාවල සේවය කිරීමට විශාල ජනකායක් නගරයට සංක්‍රමණය විය. මෙහි වැඩි පිරිසක් වුයේ කාන්තාවන්, ළමුන් හා ගම්බද කම්කරුවන්ය. මෙම නුපුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමය පසුව වෘත්තීය සමිති සංවර්ධනය සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන ලදී. වෘත්තීය සමිති හා සාමූහික කේවල් කිරීම 14 වන සියවස මැද භාගයේ එංගලන්තයේ කම්කරුවන්ගේ ආඥා පනත සම්මත කිරීමත් සමග තහනම් කෙරුණි.

වෘත්තීය සමිති කාර්මික විප්ලවය ආරම්භයත් සමඟ තව දුරටත් වර්ධනය වූ විට ආණ්ඩුව ඒවා පාගා දැමීම සිදු කරන ලදී. 1799 දී බල පැවැත්වූ combination පනත මගින් වෘත්තීය සමිති හා සාමූහික කේවල් කිරීමේ තහනම් කිරීම සම්මත විය. වෘත්තීය සමිති 1824 වන තෙක් බොහෝ විට දැඩි මර්දනයට ලක් කරන ලදී. නමුත්, ඔවුන් මේ වන විටත් ලන්ඩන් වැනි නගර වල පුළුල්ව පැවතුණි. 1810 වසර වන විට ප්‍රථම කම්කරු සංවිධාන පිහිටුවනු ලැබිණි.

රටවල් කීපයක වෘත්තිය සමිති පිළිබඳ තොරතුරු

clipartfest.com

ලෝකය වටා එක් එක් රට වල වෘත්තිය සමිති ක්‍රියාකාරකම් සිදුවන්නේ විවිධාකරයෙනි. රටක් තුළ පවත්නා දේශපාලන තත්වය, එම රටේ ආර්ථික ශක්තිය, ශ්‍රම බලකායට අයත් පුද්ගලයින් ප්‍රමාණය, ශ්‍රමිකයන්ගේ වැටුප්, රජයන් ශ්‍රමික ඉල්ලීම් සදහා අවධානය යොමු කරන ප්‍රමාණය ආදී කරුණු මත වෘත්තිය සමිති වල ක්‍රියාකාරිත්වය රැදී පවති.

ජර්මනිය

ජර්මනියේ වෘත්තීය සමිති සදහා 1848 ජර්මන් විප්ලවය දක්වා පැරණි ඉතිහාසයක් ඇත. මේවා තවමත් ජර්මන් ආර්ථිකය හා සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ජර්මනියේ ඇති විශාලතම සහ වැදගත්ම වෘත්තීය සමිතිය වන්නේ ඒකාබද්ධ ජර්මානු වෘත්තීය සමිතියයි. මිලියන 6කට අධික පිරිසක් මෙය නියෝජනය කරයි.

ස්කැන්ඩිනේවියාව

thebureauinvestigates.com

19 වන සියවසේ මැද භාගයේ දී පටන් අද දක්වා වෘත්තීය සමිති බොහෝ රැකියා සහ සේවක අයිතිවාසිකම් මත විශාල බලපෑමක් සිදු කර ඇත. ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනයේ ඇති විශාලම වෘත්තීය සමිතියක් වන්නේ ඒකාබද්ධ ස්වීඩන් කම්කරු සංවිධානයයි. මෙය වෘත්තීය සමිති ගණනාවක එකතුවකි. ඒවා නම්

  • ලෝහ සේවක සංගමය
  • ස්වීඩන් ජාතික විදුලි සේවක සංගමය
  • මහ නගර සභා සේවක සංගමය

මෙම කම්කරු සංවිධානයේ ප්‍රධාන අරමුණු  වන්නේ “රැකියා” “හොඳ රැකියා” බවට පත්කිරීම හා රැකියා අවස්ථා වර්ධනය කිරීමයි. වර්තමානයේ කම්කරු සමිති සාමාජිකත්වය වැඩිම අනුපාත ඇත්තේ  ස්කැන්ඩිනේවියානු රටවල් වල වේ. එය 2010 වාර්තා වලට අනුව ස්වීඩනයේ 68.3% ක්ද, නොර්වේ 54.8%ක්ද, අයර්ලන්තයේ 34,9% ක් සහ ජර්මනියේ 18.4% ද විය.

ඇමරිකා එක්සත් ජනපදය

bbc.com

වෘත්තීය සමිති නීතිමය වශයෙන් එක්සත් ජනපදය තුල බොහෝ කර්මාන්ත කම්කරුවන් පිළිගනු ලබයි. ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ප්‍රධාන අවධානය ලබාදෙන්නේ වැටුප්, දීමනා, සාමාජිකත්වය සඳහා අදාල කොන්දේසි මත සාමූහික කේවල් කිරීමේ අයිතිය, ගිවිසුම් විධිවිධාන උල්ලංඝණය, ආදී කරුණු මතයි. 2010 වසරේ ඇමරිකානු කම්කරු සංවිධාන නියෝජ්‍යත්වය 11.4% විය. රාජ්‍ය අංශයේ කැපී පෙනෙන කම්කරු සංවිධාන ලෙස ගුරු සංගම්, පොලිස් නිලධාරීන්ගේ සංගම්, ප්‍රාන්ත හා මහ නගර සභා සේවක සංගම් දැක්විය හැක. ජෝසප් ස්ටිග්ලිට්ස් නමැති ආර්ථික විද්‍යාඥයාට අනුව ශක්තිමත් වෘත්තීය සමිති අසමානතාව අඩු කිරීමට උපකාර වන අතර දුර්වල වෘත්තීය සමිති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ අරමුණු ඉටු කරගැනීම පහසු කිරීම කරයි.

කැනඩාව

mybusinessstudies.com

1800 මුල් කාලයේ සිට සිට කම්කරු වෘත්තීය සමිති කැනඩාවේ පැවතී තිබේ. කැනේඩියානු කම්කරු සමිතිවාදය බ්‍රිතාන්‍ය සමග මුල් සබඳතා පැවතිණි. බ්‍රිතාන්‍යයේ සිට පැමිණි වෙළෙඳුන් බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති ව්‍යාපාර සම්ප්‍රදායන් කැනඩාවට ගෙන ගොස් ඇති අතර බොහෝ බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති වල ශාඛා කැනඩාවේ පිහිටුවා තිබුණි. කැනඩාවේ ප්‍රථම වැඩ වර්ජනය කිරීම 1945දී ඔන්ටාරියෝ ප්‍රදේශයේ පිහිටි ජෙනරල් මෝටර්ස් බලාගාරයේ එක්සත් මෝටර් රථ කම්කරු සංවිධානය විසින් සිදුකර ඇත. වර්තමානයේ කැනඩාවේ පවතින ප්‍රධාන කම්කරු සංවිධාන ලෙස කැනේඩියානු තැපැල් සේවක සංගමය, කැනේඩියානු රාජ්‍ය සේවක සංගමය, කැනේඩියානු එක්සත් මෝටර් රථ කම්කරු හා එක්සත් වානේ කම්කරු සංවිධාන දැක්විය හැක.

වර්තමානයේ ලංකාවේ වෘත්තිය සමිති ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියලු රටවැසියන්ට වෘත්තිය සමිතියකට සම්බන්ධ වීමේ අයිතිය ලබා දී ඇත. මෑත කාලයේ සිට ශ්‍රී ලංකාව තුල වෘත්තිය සමිති ක්‍රියාකාරකම් සක්‍රිය මට්ටමක පවතී. එයට ඇති කදිම නිදසුන වන්නේ සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිතිය(FUTA) මගින් මීට වසර කීපයකට පෙර සංවිධානය කර තිබු අඛණ්ඩ වැඩ වර්ජනයි. මොවුන්ගේ ප්‍රධාන අරමුණු වුයේ තම වැටුප් ඉහළ නංවා ගැනීම හා දල ජාතික නිශ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රතිශතය ඉහළ දැමීමයි. සාර්ථක ලෙස නිමවූ මෙම වැඩ වර්ජනය සදහා රට පුරා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහභාගී විය. අද වන විට පවතින තවත් එක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වන්නේ වෛද්‍ය වරුන්ගේ කඩින් කඩ පවත්නා වැඩ වර්ජනයි. SAITM නමැති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කරගනිමින් ආරම්භ වුනු මෙම බලවේගයට අදවන විට රටේ තවත් බොහෝ වෘත්තිය සමිති ඒකාබද්ධ වී ඇත.

විවේචන

links.org.au

  • වෘත්තිය සමිති පිහිටුවීම රැකියා විරහිත බව වර්ධනය කිරීමක් ලෙස දැක්වේ. මෙයට හේතුව වන්නේ එම සංගම් තුලින් දැනට සේවයේ යෙදෙන සේවකයන්ට වැඩි වැටුප් ඉල්ලීම නිසා කර්මාන්ත ශාලාවලට බඳවාගත හැකි සේවක ප්‍රමාණය පහල වැටීමයි.
  • වෘත්තිය සමිති වලට බැඳී නොමැති සේවකයන්ට හානිකාරී තත්වයක් උද්ගත වේ. වෘත්තිය සමිති වල ඇති සේවකයින් නිසා කිසියම් ආයතනයක කටයුතු අඩපණ වුවහොත් එය වෘත්තිය සමිතිවලට බැඳී නොමැති එම ආයතනයේ කටයුතු කරන අනෙකුත් සේවකයන්ටද බලපායි.
  • වෘත්තිය සමිති යනු වෙළද පල ආර්ථිකයට හානි කරන ප්‍රධාන සාධකයක් ලෙස සැලකේ.

කවරයේ පින්තුරය – imperial.ac.uk

මුලාශ්‍ර

  1. Wikipedia
  2. nidirect.gov.uk
  3. whatishumanresource.com
  4. dailymirror.lk

Related Articles