Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජ ජාල වෙබ් අඩවියක් හරහා මරු කැඳවූ ක්‍රීඩාව: බ්ලූ වේල්

ශ්‍රී ලංකාව වගේම බොහොමයක් අනෙකුත් රටවලත් ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ ෆේස්බුක්. ඒත් රුසියාවේ නම් ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ ෆේස්බුක් නොව, ‘Vkontakte’ නම් සමාජ ජාල වෙබ් අඩවියක්. ඒ වගේම ලෝකයේ දෙවෙනියට වැඩිම පරිශීලකයන් සිටින වෙබ් අඩවිය වන්නේද මෙයයි. එයට හේතුව වන්නේ බ්ලූ වේල් නමැති අන්තර්ජාල ක්‍රීඩාව මෙමෙමඟින් හඳුන්වා දීමයි.

මාරක ක්‍රීඩාවේ නිර්මාණය හා ආරම්භය

Buzzingtrends.in (ක්‍රීඩාවේ නිර්මාතෘ පිලිප් බුඩෙයිකින්)

ෆේස්බුක්, පුවත්පත් ආදී දේවල් වලින් මේ දිනවල කතාබහට ලක් වෙන මාතෘකාවක් ලෙස බ්ලූ වේල් (Blue whale) නමැති අන්තර්ජාල ක්‍රීඩාව හඳුන්වන්නට පුළුවන්. මෙම ක්‍රීඩාවේ නිර්මාතෘ වන්නේ පිලිප් බුඩෙයිකින් (Philipp Budeikin) නම් තැනැත්තෙක්. ඔහු මනෝවිද්‍යාව හැදෑරූ සිසුවෙක් වගේම විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවෙක්.

මෙය අන්තර්ජාලයේ ක්‍රීඩාවක් ලෙස ආරම්භ වුණේ කුමන ආකාරයට ද හා කුමන වකවානු වලද  යන්න ගැන ප්‍රකාශ කරනවා නම් ඒ 2013 වසරේදී පමණයි. රුසියාවේ Vkontakte කියන සමාජ වෙබ් අඩවියක් මෙය ක්‍රියාත්මක කරනු ලබනවා. රහස් කණ්ඩායමක් ආකාරයෙනුයි මොවුන් ක්‍රියාත්මක වුණේ. අනතුරුව අන්තර්ජාල ක්‍රීඩාවක් විදිහට, එසේත් නැතිනම් online game එකක් ආකාරයට ආරම්භ වීම සිදු වුණා. බ්ලූ වේල් ක්‍රීඩාවේ එන F57 යනුවෙන් හඳුන්වන්නේ අභියෝග 50ක් අතරින් පළමු අභියෝගයයි. එනම් F57 යනුවෙන් අතේ කොටා ගැනීමයි. මේ ආකාරයටයි  රුසියාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය බවට Vkontakte සමාජ වෙබ් අඩවිය පත් වී තිබෙන්නේ.

ක්‍රීඩාවේ ස්වභාවය

Hindustantimes.com ( බ්ලු වේල් ලාංජනය අතේ කොටාගෙන තිබෙන අයුරු)

මෙම ක්‍රීඩාව මාරක ක්‍රීඩාවක් ලෙස හැඳින්වීමට හේතුව වන්නේ මේ වන විට පුද්ගල මරණ 150ක් පමණ වාර්තා වී තිබෙන බව දැක්වීම හේතුවෙන්. ඒ අනුව මෙහි ස්වභාවය වන්නේ බ්ලු වේල් හි නියුතු වන එක් එක් ක්‍රීඩකයන්ට දින 50ක් ඇතුලත සම්පුර්ණ කල යුතු අන්දමේ විවිධ රාජකාරි 50ක් පැවරීමක් සිදු කරන බව වාර්තා වෙනවා. ඒ වගේම මෙය නිර්ක්ෂණය කිරීම උදෙසා නිරික්ෂකයෙකුද වෙන් කරන බවක් සඳහන් වෙනවා.

මෙම ක්‍රීඩාව download කර ගැනීමට හෝ software එකක් ලෙස ලබා ගැනීමටද නොහැකි අතරම, අන්තර්ජාල රහස් කණ්ඩායම මඟින් නවා සාමාජිකයින්ව සමාජ ජාල වෙබ් අඩවි කණ්ඩායම් වලට ඇතුළු කරනු ලබනවා.

මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ඉහත සඳහන් කළ පවරන ලද කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කිරීම උදෙසා ජායාරුපයක් අන්තර්ජාලයට ඇතුලත් කළ යුතු වීමයි. ඒ වගේම ආරම්භයේදී පැවරෙන්නේ ඉතාමත් සරල ක්‍රියාකාරකම්. උදාහරණයක් ලෙස හොල්මන් චිත්‍රපටියක් බැලීම, අවේලාවන්හි අවදි වීම ආදිය දැක්විය හැකියි. නමුත් අවසානය වන විට තරමක් අපහසු අභියෝගාත්මක දේවල් හිමි වෙනවා. පාලමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, ඉඳි කටුවක් කෙලින් තබා ඒ මත හිට ගැනීම අභියෝගාත්මක පැවරුම් අතර වන බව දැක්වෙනවා.

මෙහි අවසානය ගැන සඳහන් කරනවානම් පවරන ලද කාර්යය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් බ්ලු වේල් ලාංජනය තම බාහුවක කොටා ගැනීම කළ යුතු වනවා. එමෙන්ම මෙහි තිබෙන තවත් භයානක දෙයක් වන්නේ මෙසේ කොටා ගැනීම සිදු කළ යුතු වන්නේ ලේ වලින් වීමයි. තමන්ටම හිංසා කර ගැනීමට පෙළඹවීමක්, තමන්ගේම ලේ සෙලවීමක්  මෙමගින් සිදු කරනවා. මෙම online game එකේ අවසානම අභියෝගය වන්නේ සිය දිවි හානි කර ගැනීමේ අභියෝගයයි. ඒ වගේම තමන් සියදිවි හානි කර ගන්නා බවත්, එසේ සියදිවි හානි කර ගන්නා ආකාරයත් අන්තර්ජාලයට මුදා හරිමින් ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩකයා මිය යාමට පෙළඹවීමක් සිදු කරන බව සඳහන් වෙනවා.

ක්‍රීඩාවේ ව්‍යාප්තිය හා සමාජමය බලපෑම

Hawkeyz.com – පිලිප් බුඩෙයිකින් අත්අඩංගුවට ගැනීම

මෙම ක්‍රීඩාව සඳහා තෝරා ගනු ලබන ක්‍රීඩකයන් මානසික වශයෙන් දුර්වල අය බවද දැක්වෙනවා. සමාජ ජාල හරහා ක්‍රියාත්මක වන බැවින් පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ පහසුවද තිබෙනවා. තරුණ පිරිස් අභියෝග වලට ප්‍රමුඛ තාවයක් දක්වන හෙයින් අභියෝග 49කින් අනතුරුව සියදිවි හානි කර ගැනීමේ අභියෝගයට කැමති වීමක් එම මානසික මට්ටමත් සමඟම සිදු වෙනවා.

මේ වන විට මෙම ක්‍රීඩාව නිසා මරණ 150ක් පමණ වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මෙහි නිර්මාතෘ පිලිප් බුඩෙයිකින් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ මගින් කටයුතු කර තිබෙනවා. ඒ වගේම වසර තුනක සිර දඬුවමක් නියම කිරීමටත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ පිලිප් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය සමාජ සත්කාරයක් බවයි. ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නොමැති ජීවින් මෙලොවින් තුරන් කොට ලෝකය වැඩක් ඇති තැනක් බවට පත් කිරීමට ඔහු උත්සාහ කරන බවද දක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව දැක්වෙනවා. එහි වාර්තා වූ නවතම සියදිවි හානි කර ගැනීම් අනුව ඔවුන් තරුණ පිරිස් බවත්, අන්තර්ජාලයට ඇබ්බැහි වූ සමාජ ආශ්‍රය අඩු අය බවත් දැක්වෙනවා.

19 හැවිරිදි විග්නේෂ් නමැති තරුණයෙකු පසුගියදා තමිල්නාඩුවේ දී සිය දිවි හානි කරගත්තා ඔහු සිය නිවසේ සිවිලිමේ එල්ලී මෙසේ මියගොස් තිබෙන අතර, ඔහුගේ මේසය මත තිබුණ ලියුමක සඳහන්ව තිබුණේ “You can enter it. But you can not exit the game” (ඔබට ක්‍රීඩාවට සම්බන්ධ විය හැකි නමුත් එයින් ඉවත්විය නොහැක) යනුවෙන් බවත් දැක්වෙනවා. ඒ වගේම ඔහුගේ එක අතක නිල් තල්මසකුගේ රුවක් කොටා තිබූ බවත් පැවසෙනවා. ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතන ප්‍රකාශ කර තිබෙන්නේ මේ බ්ලු වේල් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවයි.

gadgets.ndtv.com

ව්‍යාප්තිය වැළක්වීමට ගෙන ඇති පියවර

indianforensicexpert.com( ඉන්දියාවේ බ්ලු වේල් තහනම් කරමින්)

අද වන විට රුසියාවේ මේ සම්බන්ධව නව නීති සම්පාදනය කිරීමක් පවා සිදු කර තිබෙනවා. එමෙන්ම ඉන්දීය බුද්ධි අංශ හා තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ද ඔවුන්ගේ අවධානය යොමු මේ වෙත කර තිබෙන බව සඳහන්. ඒ වගේම එරට රජය විසින් අන්තර්ජාල සැකසුම් කරුවන් වන ෆේස්බුක්, ගුගල්, යාහූ, මයික්‍රොසොෆ්ට් ආදී සමාජ ජාල වලට මෙම ක්‍රීඩාවට අවතීර්ණ වීමට නොහැකි වන ලෙස ආරක්ෂා කිරීම් සිදු කරන ලෙසද දැනුම් දී තිබෙන බව දැක්වෙනවා.

මනෝ විශේෂඥවරුන් මේ සම්බන්දයෙන් පවසන්නේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් මේ ගැන දැනුවත් වීම වැදගත් බවයි. මෙයට හේතුව මානසික ශක්තිය අඩු පුද්ගලයන් වැඩි වශයෙන් මෙයට යොමු වීම හේතුවෙන්.

මෙම ක්‍රීඩාවට සම්බන්ධ වුවන් ලංකාවෙන් වාර්තා වී නොමැති බවත් දැනුවත් වීමක් සිදු කර නොමැති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කර තිබෙන බවත් දැක්වෙනවා.

කවරයේ පින්තුරය: TheTechy

Related Articles