Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොළ එකතු කරන මොළ කෞතුකාගාර

මිනිස්සු එක එක දේවල් එකතු කරනවා. සමහරු ඒවා එකතූන් විදියට අනිත් අයටත් බලන්න පුළුවන් විදියට කෞතුකාගාර වල, එහෙම නැත්නම් විශේෂ තැන්වල ප්‍රදර්ශනය කරනවා. අද අපි මේ කියන්න යන්නේ අන්න ඒ විදියේ, කවුරුත් සාමාන්‍යයෙන් එකතු කරන්න නොහිතන දෙයක් ගැන. ශරීර කොටස් සංරක්ෂණය කිරීමේ තාක්ෂණික ක්‍රම දියුණු වීමත් සමඟම 19 වන සියවසේ මැද භාගයේ  සිට මනුෂ්‍ය මොළ එකතු කිරීම ආරම්භ වී තිබෙනවා. වාසනාවකට මෙන් ලොව වැදගත්ම ලෙස සැලකූ මොළ එකතුවක් අද මහජනතාවට දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේවායින් සමහරක් අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරනවා.

අද අපි ඔබට කියන්න යන්නේ ඒ ආකාරයෙන් මොළ එකතු කරන, ලොව ප්‍රසිද්ධම එකතූන් කිහිපයක් ගැන තොරතුරුයි.

විල්ඩර් මොළ එකතුව

මෙම මොළ එකතුව 19 වන සියවස අග භාගය වන විට නිව් යෝර්ක් නුවර කොර්නෙල් විශ්ව විද්‍යාලයෙහි දී ආරම්භ කර ඇත්තේ වෛද්‍ය බර්ට් ග්‍රීන් විල්ඩර් විසිනුයි.

මෙහි මුල් එකතුවේ මොළ 600ක් පමණ  තිබූ බව සැලකෙනවා. නමුත් ඔවුන්ගේ නොසැලකිල්ල හා ඔවුන් සතුව තිබූ අවම පහසුකම් යන කරුණු මත ඒවායින් විශාල ප්‍රමාණයක් විනාශ වී ගොසින්.මෙහි ප්‍රතඵපලයක් ලෙස ඉතා වැදගත් මොළ විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. අද වනවිට මෙම එකතුවේ තිබෙන්නේ මොළ 70ක් පමණයි. මෙහිදී ඔවුන් විසින් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මොළ ලබා ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒවා අතර කාන්තා ඡන්ද බලය සැමට ලබා දීම වෙනුවෙන් සටන් කල හෙලන් හැමිල්ටන්ගේ මොළයත් ඇතුලත්. ඈ විසින් ඇයගේ මොළය 1925 දී මෙයට ලබා දීමට කැමැත්ත පළකර තිබෙන්නේ කාන්තාවගේ මොළය පිරිමි මොළයකට වඩා පහත් එකක් නොවන බවට ඔප්පු කිරීමට බවයි කියවෙන්නේ. එමෙන්ම මිනීමැරුම් ගණනාවකට වරදකරුවෙකුව එල්ලා මරණ ලද කුප්‍රකට මිනීමරුවෙකු වූ එඩ්වර්ඩ් රුලොෆ් විසින්, 1871 ඔහුගේ මරණයෙන් පසුව තම මොළය මෙම ස්ථානයට ලබා දීමට කැමැත්ත පළකර තිබෙනවා. ඊට අමතරව මෙම එකතුව ආරම්භ කල වෛද්‍ය බර්ට් ග්‍රීන් විල්ඩර් ගේ මොළයත් ඒ අතර වනවා. ඉහත සඳහන් කළ මොළ දෙකත් ඇතුළුව මොළ අටක් කොර්නල් විශ්ව විද්‍යාලයේ යූරිස් ශාලාවේත්, ඉතිරි මොළ 62 එම විශ්ව විද්‍යාලයේම පහත මහලේත් ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

කොර්නල් මොළ එකතුවෙන් කොටසක් –  4.bp.blogspot.com

කුෂින් මොළ එකතුව

කුෂින් මොළ එකතුවේ මොළ සියගණනක් වූ ප්‍රදර්ශන කුටි තුළ ඉතා අලංකාරව ස්ථානගත කර තිබෙනවා. මෙය ආරම්භ කර ඇත්තේ 20 වන සියවස ආරම්භයේදී වන අතර, ඒ විශිෂ්ඨ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා වූ හාර්වේ කුෂින් විසිනුයි. මෙහි මොළ 400ක් පමණ ප්‍රදර්ශනයට තබා තිබෙන අතර තවත් 150ක් සංරක්ෂණය කරමින් පවතිනවා. මෙය එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිව් හෙවන් හී යේල් වෛද්‍ය විද්‍යාලයේ විශේෂිත කුටියක්  තුල ස්ථාපිත කර තිබෙනවා.

මෙහි නිර්මාතෘ වෛද්‍ය හාර්වේ සම්මානලාභී වෛද්‍යවරයෙකු පමණක්ම නොවෙයි. ඔහු සම්මානනීය ලේඛකයෙක්, පළමු ලෝක යුද්ධයට සහභාගී වූ අයෙක් හා කලාකරුවෙක් ලෙස ද සැලකෙනවා. ඔහුගේ අධ්‍යයන හා වෘත්තිමය ජීවිතයෙන් වැඩි ප්‍රමාණයක් මොළය හා සම්බන්ධ අධ්‍යයන වෙනුවෙන් යොමු කර තිබෙනවා.

කුෂින්ගේ මරණයෙන් පසු 1939 දී මෙම එකතුව යේල් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබෙනවා. නමුත් මෙම නව කුටිය ඉදිකර ඇත්තේ ඉන් දශක ගණනාවකට පසු 2010 වසරේදී යි. මෙම එකතුව තුල කුෂින්ගේ ජිවිතයේ සමරු සටහන්, කොපර්නිකස් ගේ ඓතිහාසික වෛද්‍ය විද්‍යා ග්‍රන්ථ මෙන්ම ඇරිස්ටෝටල් විසින් 13 වන සියවසේ තම අතින් ලියන ලද ලිපි කිහිපයක් ද අන්තර්ගත වෙනවා.

අද වන විට මෙහි එක මොළයක් ප්‍රදර්ශනය වෙනුවෙන් සැකසීමට ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක පමණ මුදලක් වැයවෙනවා.

කුෂින් මොළ එකතුව – damnedct.com

ඇනකොන්, පේරු මොළ කෞතුකාගාරය

මිනිස් මොළ 3000කට අධික ප්‍රමාණයක් සහිත ලතින් ඇමරිකාවේ, ලීමා හී මෙම කෞතුකාගාරය සැලකෙන්නේ ලොව විශාලතම මොළ එකතුවන්ගෙන් එකක් ලෙසයි. මෙම එකතුව සඳහාරෝගී වූ මොළ එකතු කිරීමට පටන් ගෙන තිබෙන්නේ වර්ෂ 1942 දීයි. මෙහි මොළ ප්‍රදර්ශනයේ මූලික අරමුණ ලෙස පෙන්වා දෙන්නේ මොළයට ඇල්කොහොල් හා මත්ද්‍රව්‍ය වලින් සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බව පැවසෙනවා. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න මොළයකට මත්ද්‍රව්‍ය භාවිතය මගින් සිදුවන විපාක මෙමගින් පෙන්නුම් කෙරෙනවා. වසරකට මෙය නැරඹීමට 20,000 ආසන්න ජනතාවක් පැමිණෙන බවත් සදහන් වෙනවා.

ලීමා මොළ කෞතුකාරය – dailymail.co.uk

මේ ලිපියෙන් සඳහන් වන්නේ ලොව පිහිටන එවැනි මොළ කෞතුකාගාර කිහිපයක් ගැන පමණයි. මේවා බොහෝවිට භාවිතා කරනු ලබන්නේ අධ්‍යයන කටයුතු වල නිරත වන අය හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අය පමණයි. එයට හේතුව වන්නේ මේවා නැරඹීම තරමක් අප්‍රසන්න අත්දැකීමක් වීමයි. ලොව වටා මෙවැනි වෙනස් වෙනස් ආකාරයේ තේමා වලින් යුතු කෞතුකාර පිළිබඳව ඔබත් දන්නා තොරතුරු අප සමඟ බෙදාගන්න අමතක කරන්න නම් එපා.

මුලාශ්‍ර

Mentalfloss.com

Cover – patch.com

Related Articles